පඩය ගිය සිදුර

මේක පරණ කතාවක වෙන වර්ෂන් එකක්!

දවසක් දාර්ශනිකයෙකුයි, ගණිතඥයෙකුයි, සුරායි තුන් දෙනා වාහනේක ගමනක් ගියා. වාහනේ එලෙව්වෙ සුරා කියල කියන්න ඕන නෑනේ. ඉතිං වැඩි දුර යන්න කලින් කා‍ර් එක ගහක හැප්පුණා. ඇහිපිය ගහන සැනින් තුන් දෙනා හිටියෙ දිව්‍ය ලෝකෙ ගේට්ටුව ගාව. එතන කිං සක්‍රයි කිං යමයි දෙන්නම හිටියා.

“ඔය මහත්තුරු තුන් දෙනාටම දිව්‍ය ලෝකෙට ඇතුල් වෙන්න සුදුසුකං තියෙනවා.”

කිං යම කියන්න ගත්තා.

“හැබැයි දැන් හොඳ වැඩ කරන මිනිස්සු අම්බානක් ඉන්න නිසා උං මැරිල එන්නෙම දිව්‍ය ලෝකෙට. දිව්‍යලෝකෙ පිරිල වැඩියි. යටිතල පහසුකං මදි අළුතෙන් එන අයට. ඒ නිසා හැමෝටම ඇතුලට යන්න වෙන්නෙ නෑ. ඔයාලට කරන්න තියෙන්නෙ මගෙන් ප්‍රශ්ණයක් අහන එක. ඒකට උත්තරේ මම දන්නෙ නැත්තං විතරක් ඔයාලට ඇතුලට යන්න පුළුවන්”

මුලින්ම දාර්ශනිකය ඉදිරිපත් වුණා.

“මට ඕන සොක්‍රටීස්ගෙ දර්ශණය ගැන ඉතාම පැහැදිලි විග්‍රහය”

ඒක කිව්ව විතරයි කිං යම අසුරක් ගැහුවා. (අර අතේ මාපටඟිල්ලෙනුයි මැදගිල්ලෙනුයි ‘ටක්’ ගාල සද්දෙ එන්න ගහන්නේ) ඒ එක්කම කිං යමගෙ අතේ කඩදාසි මිටියක් මැවුණා. දාර්ශනිකය ඒක කියවලා කිව්ව ඒක හරියටම හරි කියල. ඉතිං යම කිං ගහපු ඊළඟ අසුරත් එක්ක දාර්ශනිකය අපායට ඇදගෙන වැටුණා.

ඊළඟ අවස්ථාව ආවෙ ගණිතඥයට. මිනිහ කිව්වා තමන්ට ලෝකෙ තියෙන සංකීර්ණම ගණිත සමීකරණය පෙන්නන්න කියලා. යම කිං අසුරු සැණින් ඒකත් ගෙනත් දුන්නා. ගණිතඥය ඒක බලල කිව්වා ඒ තමන් කියවපු සංකීර්ණම සමීකරණය කියල. ඉතිං එයාටත් අපායට යන්න උනා.

ඊළඟ සුරා ඉදිරිපත් උනා.

“ප්‍රශ්ණෙ අහන්න කලින් මට ඕන ලී පුටුවක්… ඒකෙ ඉඳඟන්න කොටසෙ හිල් 7ක් විදල තියෙන්නත් ඕන”

සුරා කිව්වා ගමන් හිල් 7ක් තියෙන ලී පුටුවක් මැවුණා. සුරා ඒකෙ ඉඳගත්තා. හොඳට හරි බරි ගැහුණා..

“පූ………………………ක්”

පළාතම ගඳගස්සවමින් සුරා ලොකු වාතයක් ඇරියා… ඊට පස්සෙ නැගිට්ටා.

“හා කිං යම, දැන් ඔයා කියන්න බලන්න කොයි හිලෙන්ද ඒ පඩේ එලියට ගියේ…”

කිය යම ඔළුව කහ කහ විනාඩි 15ක් විතර පුටුව ඒ පැත්තට මේ පැත්තට කරකව කව කල්පනා කලත් උත්තරේ කියන්න බැරි වුණා.

“අනේ යකෝ ඒක එළියට ගියෙ මගේ පස්ස පැත්තෙ තියෙන හිලෙන්නේ…”

කිං යම පැරදුණා. සුරා සුර දූතයෙක් වුණා.

Advertisements

3 thoughts on “පඩය ගිය සිදුර

  1. ela ela sirawatama fatta

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s