ප්‍රමාදය නෝණ්ඩියට හේතු වේ…

අවුරුදු තිහක් විතර මිනිස්සුන්ව යහමගට ගේන්න කටයුතු කරපු බුල්ෂිටාගමේ පූජකවරයෙක් තමන්ගෙ ආරාමෙ වැඩ කටයුතුවලින් විශ්‍රාම අරන් විවේකීව ආගමික වැඩ කරගෙන ඉන්න තීරණය කලාලු. මෙතුමා විශ්‍රාම ගන්න දවසෙදි ගමේ මිනිස්සු එකතු වෙලා පොඩි සමුගැනීමේ සාදයක් තිබ්බලු. මේකට ගමෙන් ඡන්දෙ ඉල්ලල දැන් මංත්‍රී කෙනෙක් වෙලා ඉන්න දේශපාලකයෙක්ටත් ආරාධනා කලාලු පොඩි ස්තූති කතාවකට.

කොහොම උනත් මේ පොර සුපුරුදු විධියටම කියපු වෙලාවට ආවෙ නැහැලු. බලං ඉන්න බැරි නිසා කට්ටිය උත්සවේ පටංගත්තලු. මුලින්ම පූජකතුමා පොඩි කතාවක් කලාලු.

“බුල්ෂිට් මහ සභාවෙන් මාව මේ ගමේ බුල්ෂිටාරාමෙට එවපු එක ගැන මම මුලින් සතුටු උනේ නෑ. මට හොඳට මතකයි මම අහපු පලවෙනි පාපොච්චාරණය. ඒ තමයි මගේ ජීවිතේටම මම අහපු භයානකම එක. ඒක කරපු තරුණ මනුස්සයා ටීවී එකක් හොරකං කරල තිබුණා. පොලීසියට බොරු කියල තිබුණා. දෙමාපියන්ගෙන් සල්ලි හොරකං කරල තිබුණා. එයාගෙ බොස්ගෙ නෝනත් එක්ක අනියම් සම්බන්ධෙකුත් පවත්වල තිබුණා. මත්ද්‍රව්‍ය අරන් තිබුණා. ගෑණු අයට කරදර කරල තිබුණ. කරන්න පුළුවන් හැම නරක වැඩක්ම කරල තිබුණ. ලොකුම මදාවියෙක්. මං ඇත්තටම බය වුණා.

ඒත් ගමේ අනිත් මිනිස්සු අඳුණගනිද්දි මට හිතුණා මේ ගම තරම් සුන්දර මිනිස්සු ඉන්න ගමක් ලෝකෙ කොහෙවත් නෑ කියල. ගමේ හැමෝම මට කැමති උනා. හැමෝම මගෙන් දේව බුල්ෂිටාශිර්වාද ගත්තා. හැමෝම වගේ හොඳ මිනිස්සු බව මට තේරුණා. ඉතිං මම බොහොම සතුටුයි මගේ සේවය ගමේ මිනිස්සුන්ට ලබා දෙන්න පුළුවන් වීම ගැන. ඉතිං මේ හැමෝටම…..”

ඔහොම කියාගෙන ගිහින් පූජකතුමා කතාව ඉවර කරද්දිම අර පරක්කු උන දේශපාලකයා ආවා. ආපු ගමන් කතාව කරන්න ගත්තා..

“සමාවෙන්න පරක්කු උනාට. අවසරයි හැමෝගෙන්ම. මං කෙලින්ම කතාවට යන්නං. මට කවදාවත් අමතක වෙන කෙනෙක් නෙවෙයි මේ පූජකතුමා. එතුමා තමයි අපේ ගම හැදුවෙ. මට හොඳට මතකයි එතුමා මේ ගමට ආපු මුල්ම දවස. ඒ කාලෙ මම ගොඩක් තරුණයි. අපි එකතුවෙලා තමයි මෙතුමාව පිළිගත්තෙ. විශ්වාස කරන්න. මෙතුමාට පාපොච්චාරණය කරන්න මුලින්ම ගියෙ මමයි. මටයි ඒ ගෞරවය හම්බ උනේ…”

මේක ආදර්ශමත් කතාවක් ආදර්ශෙ තමයි… කවදාවත්, කවමදාවත්, ප්‍රමාද වෙන්න එපා.

Advertisements

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s