කෝච්චියේ නිකං යෑම

the_joker-wallpaper 500

මේක මට ඇහුනෙ රේඩියෝ චැනල් එකක යද්දි.

ඔන්න එක දවසක් එකවුන්ටන්ල දෙන්නෙකුයි ඉන්ජිනේරුවො දෙන්නෙකුයි කෝච්චියෙන් ගමනක් යන්න ගියාලු. එකවුන්ටන්ල දෙන්න ටිකට් දෙකක් ගත්තලු. හැබැයි ඉන්ජිනේරුවො දෙන්න ගත්තෙ එක ටිකට් එකයිලු. මේකට එකවුන්ටන්ලට හෙන අවුල්ලු.

“තමුසෙල දෙන්න එක ටිකට් එකෙන් කොහොමද යන්නේ? මගදි ටික්කො පැනල ටිකට් චෙක් කරනවනේ”

“හි හි… තමුසෙල බලං ඉන්නවකො අපි යන හැටි”

ඉන්ජිනේරුවො දෙන්න කිව්වලු.

කට්ටියම කෝච්චියට නැග්ගලු. මගට යද්දි ටික්කො ටිකට් චෙක් කරගෙන එනවලු. ඉන්ජිනේරුවො දෙන්න ටක් ගාල ටොයිලට් එක අස්සට රිංගුවලු. ටික්කො ටිකට් චෙක් කරගෙන ඇවිත් ටොයිලට් එකේ දොරට තට්ටු කලාලු.

“ටිකට් ටිකට්”

ටොයිලට් එකේ දොර ටිකක් ඇරිල අතක් එලියට ආවලු ටිකට් එකක් එක්ක. ටික්කො ඒක පන්ච් කරල ආපහු දුන්නම අත ඇතුලට ගිහින් දොර වැහුණලු. මේක බලං හිටපු එකවුන්ටන්ල දෙන්න මූණෙන් මූණ බලාගත්තලු.

ආපහු එන ගමනෙදි එකවුන්ටන්ල දෙන්න ගත්තෙ ටිකට් එකයිලු. හබැයි ඉන්ජිනේරුවො දෙන්න ටිකට් එකක්වත් ගත්තෙ නෑලු.

“තමුසෙල දෙන්න ඒ පාර ටිකට් නැතුවම යන්නද යන්නේ?”

ඇකෝල දෙන්න ඇහුවලු.

“බලනවකෝ අපි යන හැටි”

ඉන්ජිනේරුවො දෙන්න කිව්වලු.

ඔන්න ඒ පාරත් ටික්කො එහා පෙට්ටියෙ ඉඳන් ටිකට් චෙක් කරගෙන එනකොටම එකවුන්ටන්ල දෙන්න ටොයිලට් එකට ගිහින් දොර වහගත්තලු. දැන් දෙන්න ඉන්නවලු ටික්කො ඇවිත් දොරට තට්ටු කරනකල්.

මේ අතර අර ඉන්ජිනේරුවන්ගෙන් එකෙක් නැගිටල ගිහින් එකවුන්ටන්ල ගිය ටොයිලට් එකේ දොරට තට්ටු කලාලු.

“ටිකට් ටිකට්”

ඔන්න ටොයිලට් එකේ දොර ඇරිල අතක් ආවලු ටිකට් එක එක්ක. ඉන්ජිනේරුවො දෙන්න ඒ ටිකට් එකත් අරන් කෝච්චි පෙට්ටියෙ තියෙන අනිත් ටොයිලට් එකට රිංගුවලු.

Advertisements

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s