චූ කරන නිවැරදි ක්‍රමේ

the_joker-wallpaper 500

කැම්පස් තුනකිං අවුට් උන ඩයල් තුනක් එකම කොම්පැනියෙ වැඩ කරනවලු. තුන්දෙනාම දවසක් එකම වෙලාවෙ අර පිරිමි අයට චූ කරන්න තියෙන චූ කොමඩ්වල චූ කරන්න සෙට් වුණාලු.

මුලින්ම පේරාදෙණියෙ බුවා වැඩේ ඉවර කලාලු. මිනිහ වොෂ් බේසින් එක ගාවට ගිහින් හොඳට අත් හෝදගත්තලු. කඩදාසි තුවා 3ක්ම පාවිච්චි කරල අත්වල එක වතුර පොදක්වත් නැතිවෙන්න සම්පූර්ණයෙන්ම පිහිදන ගමන් මිනිහ ජපුර බුවාට හෙහෙම කිව්වලු.

“මම පේරාදෙණියෙන්නෙ අවුට් උනේ… එහෙදි අපිට ඉගැන්නුවෙ කිසි අඩුවක් නැතිව හැම අතින්ම සම්පූර්ණ වෙන්න”

ජපුරෙ බුවත් වැඩේ ඉවර කරල අත් දෙක හෝදගත්තලු. මිනිහත් එක වතුර පොදක්වත් නැති වෙන්න අත් දෙක පිහිදගත්තලු. හැබැයි මිනිහට ඒකට ගියෙ කඩදාසි තුවා එකයිලු. බුවා ඒ තුවායෙ හැම තැනක්ම පාවිච්චි කරලලු අත් පිහිදගත්තේ.

“මම අවුට් උනේ ජපුරෙන්… එහෙදි අපිට කාර්යක්ෂම වෙන විධියත් ඉගැන්නුවා…”

අන්තිමට වැඩේ ඉවර කලේ කොළඹ කැම්පස් එකේ බුවාලු. මිනිහ වැඩේ ඉවර කරල සිප් එක දාගෙන කෙලින්ම ‍එලියට යන්න ගියාලු. දොර ගාවදි ආපහු හැරිලා මෙහෙම කිව්වලු.

“මම අවුට් උනේ කොළඹින්….. අපි එහෙදි අත්වල ගාගන්නෙ නැතිව චූ කරන්න ඉගෙනගත්තා”

Advertisements

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s