කියුට් පඩය

the_joker-wallpaper 500

බුල්ෂිටාගම කියන්නෙ ගෑණු පිරිමි දෙපක්ෂෙම පූජකයො ඉන්න ආගමක්. මේකත් ඔය අනිත් ආගම් වගේම තමයි. පච ටිකක් කියවලා මිනිස්සුන්ව ටිකක් අන්දලා පූජක සෙට් එක ආතල් එකේ ඉන්නවා.

මේ ආගමේ අරාම එහෙම ඔය උණ ගස් මුල් කරගෙන මෝඩ ගඩොල්වලින් හැදෙනවලු යමරෙට.

දවසක් ඔය ආරාමෙක හිටපු චූටි කියල කාන්තා පූජකවරියක් ආරාමෙ ඇතුලෙ ඇවිදිනවලු. එයා‍ ඇඟපතිනුත් ටිකක් මහත් වෙලා වගේ නිසා ලොකු පූජකයා ඇහුවලු.

“ආ… කොහොමද චූටි පූජකතුමී…? ඔබතුමී මහත්වෙලා වගේ. ව්‍යායාමෙට ඇවිදින එක හොඳයි”

පූජකවරිය කිව්වලු…

“අනේ නෑ ලොකු පූජකතුමා… අද කාපු කෑම හරි නෑ… බඩ පිපිලා… වාතයක්”

මාසෙකට දෙකකට විතර පස්සෙ ආයෙත් අර පූජකවරිය ආරාමෙ ඇතුලෙ ඇවිදිනව ලොක්ක දැක්කලු. එයා හිටියටත් වඩා මහතයිලු.

“හා කොහොමද චූටි පූ…? ව්‍යායාමෙට ඇවිදින එක හොඳයි… ඔයා සෑහෙන්න මහත්වෙලානේ”

“අනේ ලොකු පූ… ඒක ටිකකින් හරි යයි… මේ බඩේ වාතයක්….”

තව ටික කාලෙකට පස්සෙ ලොකු පූජකයා දැක්කලු අර පූජකතුමී පොඩි ළමයි ගෙනියන ළමා කරත්තයක් තල්ලු කරගෙන යනවා. උන්නාන්සෙ ඒ කරත්තෙට එබිල බැලුවලු…

“හානේ චූටි පූ… ඔයාට කියුට් පඩයක් ගිහින්…”

Advertisements

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s