තිංදු කීන පොදි එකී

the_joker-wallpaper 500

මේකනං මටම උන සීන් එකක මචෝලා…

අද අපේ ඔපිස් එකේ ටිකක් විධායක ලෙවල් එකේ ලොක්කෙක්ගෙ පොඩි ‍දුව ආව ඔපිස් එකට. පළවෙනි වතාවට තමා ආවෙ. අද ඒ කෙල්ල යන ඩේ කෙයාර් එක කලින් ඇරිල. ගෙදර කවුරුත් නැති නිසා ඔපිස් එකට එක්ක ඇවිත්. ඒකිට අවුරුදු 3-4ක් විතර ඇති. හැබැයි මාර හුරතල් පොඩ්ඩියක්. හැමෝගෙම හිතට වැදුණා. කැඩුණු වොයිස් එකෙන් හුරතල් කතා කිය කිය හැමෝම එක්ක හුරතල් උනා.

ඉතිං කට්ටිය කෙල්ල ගැන කතා උනා. ගොඩක්ම කතා උනේ ගෑණු කට්ටිය තමා.

“හරිම හොඳට හදල තියෙනව ළමයව”

“හොඳ පුරුදු පුරුදු කරල තියෙනව. පේනවද කෑම කන ලස්සන.”

“අර චිත්‍ර පොත අපට පෙන්නුවා. හරිම දක්ෂ කෙල්ලෙක්”

“අද කාලෙ වෙන පොඩි උන් වගේ නෙවෙයි. ළමා ගතිය තියෙනවා.”

“ඒක ඇත්ත. දැන් කාලෙ පොඩි උන් ලොකු මිනිස්සුන්ටත් වඩා පැහිලනේ.”

“ඒක තමා.. උන් එක්ක කතා කරද්දි උන් අපේ ඇඟට කඩා පණිනව”

“මේ පොඩ්ඩිනං ඒ අතිං හරිම ෂෝක්. ළමයෙක් කියල කට ඇරල කියන්න පුළුවන්.”

ඔය අතරෙ පොඩ්ඩි ආව මේ කට්ටිය ගාවට. එක්කෙනෙක් කෙල්ලට කතා කලා.

“චූටි දූ අපට සින්දුවක් කියන්නෙ නැද්ද?”

“හි හි.. අපිත අද තිංදු කීල දුංනෙ නෑනේ…”

“ඉතිං ඔයා ආස සින්දුවක් කියන්නකෝ…”

“හා… බබල නාදේ ඇසෙන මානේ ලැදෙනු මානේ තුවද මානේ”

කෙල්ල දන්න විධියට කියාගෙන ගියා.

Advertisements

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s