වයින් ටේස්ටර්

the_joker-wallpaper 500

වයින් හදන කොම්පැණියක වයින් රස බලන මනුස්සය මැරුණා. අළුත් කෙනෙක් ගන්න පත්තරේ ඇඩ් එකක් දැම්මා. හොඳ බෙබේ කෙනෙක් කියල බැලූ බැල්මට පේන ඩයල් එකක් ආවා. මිනිහ හරියට ඇඳලත් නෑ, නාලත් නෑ. වැඩට ගන්න හිතෙන එකෙක් නෙවෙයි. ඉතිං කොම්පැණියෙ ලොක්කට ඕන උනා පොරව එලවන්න ක්‍රමයක්.

මිනිහව ටෙස්ට් කරන්න කියල මුලින්ම දුන්න වයින් වීදුරුවක්. මිනිහ ඒක බිව්වලු.

“මේ මස්කට් කියන වර්ගයේ රතු වයින්. අවුරුදු 3ක් පරණයි. උතුරු පැත්තෙ බෑවුම්වල හැදෙන මිදිවලින් පෙරන්නෙ. පදං කරන්නෙ වානේ බැරල්වල”

“පුහ්… හරිනේ…”

ලොක්ක පුදුම උණා. තව වයින් වීදුරුවක් දුන්නා. මිනිහ ඒකත් තොල ගෑවා.

“මේ රතු වයින් එක කාබනෙට් වර්ගයේ. අවුරුදු 8ක් පරණයි. නිරිත පැත්තෙ බැවුම්වල තමයි ඒ මිදි හැදෙන්නෙ. ඕක් ලීයෙන් හදපු බැරල්වල තමයි පදං කරන්නෙ”

“හරිනෙ ඕයි.”

ලොක්කට දැන් හොඳටම සතුටුයි. ඒත් තවත් හොඳට චෙක් කරන්න ඕන කියලා හිතලා එතන හිටපු සෙකට්‍රි නංගිට ඇහැක් ගහල සංඥාවක් කලාලු. සෙකට්‍රි නංගි ඔ‍ෆිස් එකෙන් එලියට ගිහින් ටිකකින් ආපහු ආවලු තව වීදුරුවක් එක්ක. හැබැයි ඒකෙ තිබුණෙ වයින් නෙවෙයි. අර මිනිහ ඒකෙත් රස බැලුවා.

“හුම්…. මේ කොණ්ඩෙ තඹ පාට ගෑනියෙක්ගෙ. අවුරුදු 26ක් වයසයි. බඩට මාස තුනයි. වැඩේ උනේ ඔෆිස් එක ඇතුලෙදිමයි. ඔයාල මට රස්සාව දෙන්නෙ නැත්තං මම තාත්ත කවුද කියලත් කියනව.”

ලොක්ක කලන්තෙ දාල වැටුනලු!

Advertisements

2 thoughts on “වයින් ටේස්ටර්

  1. කැබනේ කියන්නේ ප්‍රංශ හෝ ඉතාලි වචනයක් මම දන්න තරමට‍.Cabernet Sauvignon!!

    • ඒක හරි! ඔය ප්‍රංස වචන පරිවර්තනේ කරන්න ගියාම මූණ දෙන ප්‍රස්ණ පේනවනේ 😀

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s