ශිෂ්ණ රක්ෂණය

the_joker-wallpaper 500

“සර් අපේ චික්ඒයියා රක්ෂණ ක්‍රමය මෙතෙක් කාලයක් කිසිම රක්ෂණ සමාගමකින් නොකල විධියට ඔබව රක්ෂණය කරනවා. ඒ කියන්නෙ අපි ඔබේ ශරීරයේ ඕනෑම කොටසක් රක්ෂණය කරනවා. ඔබේ ශරීරයේ බාහිර කොටස් වගේම අභ්‍යන්තර කොටස් වුණත් මේ සැලසුම අනුව රක්ෂණය කරන්න පුළුවන්. සර් නිතරම ලියන්න දකුණු අත පාවිච්චි කරන නිසා යම් දවසක ඒක අකර්මණ්‍ය වෙයි කියලා බයක් තියෙනවනං ඒක විතරක් උනත් රක්ෂණය කරන්න පුළුවන් අපට! අතට මොකක් හරි අනතුරක් වුණොත් අවශ්‍යනං අපි අළුත් අතක් බද්ධ කරන සැත්කම්වලට උනත් මුදල් ගෙවනවා. අළුත් අතක් ලබාගන්න වුණත් පුළුවන් රක්ෂණ ක්‍රමයක් මේක….”

මිස්ටර් ලක්මාල්ගෙ කාර්යාලෙට ආපු රක්ෂණ නියෝජිතය කියවගෙන යනවා…

“ඕන නෑ අයිසෙ… මට මක් වෙන්නද?”

මිස්ටර් ලක්මාල් ඇඟට පතට නොදැනී කිව්වා.

“සර්… සර් හොඳට බොන බව පේනවා. ඉතිං යම් දවසක අක්මාව නරක් වුණොත් කාට කියන්නද? අපි අක්මාවට රක්ෂණයක් දාමුද? ෂිරෝසිස් හැදුණොත් අළුත් එකක් හයි කරතෑකි.”

“තමුසෙට පිස්සුද ඕයි… අපි කනව බොනව, ආස්සරේට ගෙදර රත්තරං නෝ‍න කෙනෙක් ඉන්නව. හෙට මැරුණත් දුකක් නෑ?”

රක්ෂණ බුවා ටිකක් ළං වුණා. ලක්මාල් මහත්තයගෙ කණට කිට්ටු වෙලා මෙහෙම කිව්වා…

“සර්… අපට පුළුවන් ඔබේ ශිෂ්ණය වුණත් රක්ෂණය කරන්න…”

“හෑ… මාරයිනෙ ඕයි… ඒකට මොනව හරි වුණොත් තමුසෙල එතනටත් අළුත් එකක් හයි කරල දෙනවද?”

“නෑ සර් අපට ඒක කරන්නනම් බෑ….. හැබැයි සර්ගෙ නෝනට නොමිලේ අදාල සේවාවල් සපයන වගකීම අපි භාරගන්නවා…”

Advertisements

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s