නෝනගෙ කලින් සීන්

the_joker-wallpaper 500

ක්‍රිකට් පාලක මණ්ඩලේ සභාපතියි එයාගෙ නෝනයි තමන්ගෙ කසාද ජීවිතේ අවුරුදු 50 සමරන්න ලොකු පාටියක් දැම්මලු. එදා දවසෙ රාත්‍රිය මාර රොමෑන්ටික්ලු.

“මාලා… ඩාලිං… මට මේක දවස් කීපයක ඉඳන් හිතට වද දෙන එකක්… මට දැනගන්න ඕන ඔයා කී වතාවක් වෙන පිරිමි එක්ක ඉඳල තියෙනවද කියලා?”

“අනේ එඩී… ඇයි ඔයා එහෙම ප්‍රශ්ණයක් ඇහුවේ? මේ රාත්‍රිය විනාස කරන්නද ඔයා හදන්නේ? එහෙම අහන්න එපා…”

“නෑ රත්තරං මං වරදක් හිතන්නෙ නෑ… තරහ ගන්නෙත් නෑ… අනේ කියන්නකො මට”

“තරහ ගන්නෙ නැත්තං කියන්නං… තුන් වතාවයි”

“තුන් පාරයි? කොයි කාලෙද ඒව උනේ?”

“හ්ම්… මතකද ඔයාට අවුරුදු 35දි අපේ බිස්නස් එක පටන්ගන්න සල්ලි නැතුව හිටියා. ලෝන් එකක් පාස් කරගන්න බැරුව ගොඩක් දුකෙන් ඔයා හිටියෙ. මතකද එතකොට බැංකුවෙ මැනේජර් ගෙදරටම ඇවිත් ඔයාට ලක්ෂ 50ක ලෝන් එක පාස් කරල දුන්නා?”

“හානේ… ඔයා නිසාද ඒ ලෝන් එක පාස් උනේ? ෂහ්… මම ඔයාට ගරු කරනව මදි රත්තරං. ඔයා මම වෙනුවෙන් කොයි තරම් දේවල් කරලද? ඒක එහෙම නොවුණනං අද අපට මෙහෙම ඉන්න බෑනෙ නේද? ඉතිං දෙවෙනි වතාවෙ උනේ කොහොමද?”

“හ්ම්… ඔයාට මතකද ඔයා හොඳටම අසනීප වුණා? හාට් ඔපරේෂන් එකක් කරන්න තිබුණා. ඒක ගොඩක් අමාරු, රිස්කි එකක් නිසා දොස්තරල එක්කෙනෙක්වත් කැමති උනේ නැහැනේ… ඒත් මතකද ඩොක්ටර් පෙරේර එකපාරම කැමති වෙලා ඔපරේෂන් එක කලා? ඔයාට සනීප වුණා…”

“හානේ ඇත්තමයි. මට අදහගන්නත් බෑ. ඔයා මගේ ජීවිතේ බේරගන්න මොනතරං පරිත්‍යාගයක්ද කරල තියෙන්නේ? ඔයානං මුළු ලෝකෙටම ආදර්ශමත් බිරිඳක් මාලා… මම ඔයාට කවදාටත් වඩා ආදරෙයි පැටියෝ… ඉතිං…. තුන් වෙනි වතාවෙදි ඒක උනේ අර මගේ ඇහේ සුද අයින් කරපු ඔපරේෂන් එක කරපු ඩොක්ටර් සිල්වා එක්කද?”

“නෑ නෑ ඩාලිං.. මතකද ඔයාට ක්‍රිකට් බෝඩ් එකේ සභාපති වෙන්න ඕන උනා… හැබැයි ඔයාට ඡන්ද 17ක් අඩුවෙන් තිබුණා?”

Advertisements

10 thoughts on “නෝනගෙ කලින් සීන්

  1. හ්ම්, 17 පැකෙට් එකම ෆෝ සින්ගල් පර්පස් නෙ කම්ක් නෑ නේද.
    එතකොට කව්ද මේ මාලයි එඩියි දෙන්න . මට ටියුබ් ලයිට්ද

  2. Really a good one. Thanks.

  3. හුටා යකෝ 17 ම එකසැරේ ….?

    • දවසට දෙතුන් දෙනා ගානෙ සතියක් ඇතුලත ඡන්ද බාගන්න ඇති.

  4. 1,.. 2,……….. 19,
    නෝනට සලකනව මදි ලොක්කා?

    • ලොක්ක තව ලොක්කෙක් උනාම සැලකිල්ල වැඩි වෙයි කියල හිතන්න ඇති නේද?

  5. එතකොට මුන්ට ළමයි හිටිය නම් ඒකිට උස්ස උස්ස ඉන්නව ඇර වෙන වැඩක් නැහැනෙ.

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s