කෙල්ලක් මේජර්ව රිලැක්ස් කරයි

the_joker-wallpaper 500

හෙණ මැරෑටි ලුක් එකක් තියෙන ටිකක් වයස ආමි මේජර් කෙනෙක් දවසක් පාටියකට සෙට් උනාලු. මේක ටවුමෙ ඉන්න පොෂ් අයගෙ පාටියක්ලු. ලස්සන කාන්තාවො එහෙම හිටු කියලා ඇස් කරකව කව ඇවිදිනවලු. හැබැයි අපේ මේජර් කාරය හෙන සිරා මූඩ් එකෙලු. සීරුවෙන් නැති එක විතරලු.

මෙයා ගාවට ආවලු ලස්සන කෙල්ලක්.

“හලෝ මේජර්, මට පේන්නෙ ඔයා සෑහෙන්න සීරියස් කෙනෙක් වගේ… ඇයි ඔයාට මොකක් හරි ප්‍රශ්ණයක්ද?”

“නැහැ මැඩම්. මම කොහොමත් ස්වභාවයෙන්ම සීරියස්”

කෙල්ල මේජර්ගෙ නිල ඇඳුම අතගෑවලු. ඒකෙ එක එක පාට බැජ්, කලර් කෝඩ් සෑහෙන්න තියෙනවලු.

“ෂහ්… ඔයා සෑහෙන්න කැප උන ඔෆිසර් කෙනෙක් වගේ නේද?”

“ඔව් මැඩම්… මම සෑහෙන්න යුද්ධ කලා”

කෙල්ලට ඕන මිනිහ කතාවකට සෙට් කරගන්නලු. ඒත් බුවා අහන එකට උත්තර දෙනව මිස කතාව ඇදගෙන යන්නෙ නෑලු. ඒත් කෙල්ලට මිනිහව අතාරින්න හිතෙන්නෙත් නෑ.

“ඔයා දන්නවද මේජර්… ඔයා ඔහොම සීරියස් නො ඉඳ ටිකක් සැහැල්ලුවෙන් ඉන්න. ටිකක් එන්ජෝයි කරන්න.. ”

මේජර් ඒ පාර සීරියස් මූඩ් එකෙන්ම කෙල්ල දිහා කෙලින් බැලුවලු. කෙල්ල කතාව ඉවර නෑලු.

“මේකයි ‍මේජර්. මෙහෙම අහනවට මුකුත් හිතන්න එපා. ඔයා අන්තිමට සෙක්ස් කලේ කවදද?”

“1955 මැඩම්”

“ඔය ඉතිං.. ඕකනේ… ඔය නිසා තමයි ඔයා ඔහොම සීරියස් මූඩ් එකේ ඉන්නෙ. ටිකක් රිලැක්ස් වෙන්න අනේ. 1955 ඉඳන්ම සෙක්ස් කරල නෑ. අ‍නෙ අම්මෝ මෙහෙමත් මිනිහෙක්… එන්න එන්න මාත් එක්ක”

කෙල්ල මේජර්ගෙ අතින් අල්ලන් ඇතුල් කාමරේකට එක්ක ගිහින් කීප වතාවක්ම මේජර්ව රිලැක්ස් කලාලු. අන්තිමේ කෙල්ලට හතිලු හොඳටම. අමාරුවෙන් මේජර් දිහාට හැරුනලු.

“වාව්…. 1955 ඉඳන් මුකුත් නොකලට ඔයාට කිසි දෙයක් අමතක වෙලානං නෑ නේද?”

එතකොට මේජර් එයාගෙ සීරියස් වොයිස් එකෙන් මෙහෙම කිව්වලු.

“අමතක වෙන්න තරං කල් ගියෙ නෑනෙ මැඩම්. දැන් වෙලාව 2130 නේ”

Advertisements

12 thoughts on “කෙල්ලක් මේජර්ව රිලැක්ස් කරයි

  1. මේක පෙන්නන්ඩ ඕන විචාරකට

  2. අටමෝ මං තොට කිව්වා කියලා හිතාගන්.

    ජෝකර් මල්ලි. ඔබේ කතා හරිම ඉහලයි. දිගටම ලියන්න.

    • ස්තූතියි! මේව මගේ කතා නෙවෙයි. එහෙ මෙහෙ තියෙන කතා සිංහලෙන් ගලපන එක විතරයි මම කරන්නෙ 😀

  3. ශික් අපෙන් අහන්නේ නෑනෙ , කොහෙ අහන්නද අපි මෙජර්ලා යැ ?

    • මේජර්ලා උනොත් කෙල්ලො. ජෙනරල්ලා උනොත් හිරේ හො‍ඳේ 😀

  4. හොද පරිවර්තනයක්.
    ඉලක්කම් කියවිල්ල තව ටිකක් තේරුම් යන ලෙසට භාවිතා කලා නම් ගොඩක් අය රස විදියි කියල හිතුන.
    මාත් අනිත් දවසෙ පාටියකදී එහෙම ඉදල බලන්න ඕන.

    • ඒක හරි කෙන්ජි අයියා. මාත් මාර අමාරුවෙන් මේ ගානට ගොඩදාගත්තෙ.

      • කෙන්ජි, ඔතන වෙන්නේ මෙහෙමයි. හමුදාවේ වෙලාව ලියන්නේ පැය 24 ඔරලෝසු ක්‍රමයට. (මම මගේ ලිපිවල අන්තිමට දිනය සහ වෙලාව ලියලා තියන හැටි බලන්න) ඒ අනුව දවල් 12 න් පස්සේ 13 කියලා ඔයාට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැනේ. හමුදාවේ වෙලාව ලියද්දී පැය සහ විනාඩි වෙන්කරන්න තිතක් හෝ තිත් දෙකක් හෝ ඉරක් හෝ ලියන්නේ නැහැ. පස්වරු 1 පසුවී විනාඩි 1 යි කියන එක ලියන්නේ 1301 කියලයි. ඒ අනුව තමයි මේ කතාවේ 1955 කියන්නේ රාත්‍රී 7 පසුවී විනාඩි 55 යි.

      • ඔය තියෙන්නෙ දීලා 😀

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s