ෆැමිලි ප්ලෑන් කලොත් කාර් තමයි

the_joker-wallpaper 500

මේක මේ අපේ අති උතුම් දේශපාලක මහත්තුරුන්ට අගෞරවයක් කරන්න හිතාගෙන කියනව නෙවෙයි ඕං. එතුමන්ලගේ බලුගැත්තො මේක කියෝල වලිග හෙම පාගගන්නව නෙවෙයි.

ලෝකෙ ජනගහණය ඉහල යාම හැම ප්‍රශ්ණයකටම මුල් වෙලා තියෙනව කියල දෙයියන්ට තේරුණාලු. ඉතිං උන්නාන්සෙ හිතුවලු මේකට විසඳුමක් විධියට තෑගි ක්‍රමයක් හඳුන්වල දෙන්න ඕන කියලා. අඩුවෙන් ළමයි හැදුවොත් වැඩියෙන් තෑගි. මුලින්ම මේ වැඩේට තෝරගත්තෙ අනාගතේදි ඈස්චර්ය පෑදෙනවාය කියල අනාවැකි කියල තිබුණ ලංකාවලු.

ඉතිං දෙයියො මුලින්ම ගියාලු විපක්ෂෙ රනිල් ලොක්ක ගාවට. හදපු ළමයි ගාන ඇහුවලු. උන්දැට ළමයි නැති නිසා දෙයියන්ට අදහගන්නත් බෑලු. ‘මේ තරම් ආදර්ශමත් දේශපාලකයො ‍ඉන්නවනෙ මේ රටේ’ කියල දෙයියො එතුමාට තෑගි කලාලු ලැම්බොගිණියක්.

ඊට පස්සෙ දෙයියො ගියාලු හිටපු ජනාධිපති ජයවර්ධන ලොක්ක ගාවට. ළමයි කීයක් හැදුවද කියල ඇහුවලු. එකයි කියල උත්තරේ ආවම දෙයියන්ට පට්ට හැපිලු. නියම ෆැමිලි ප්ලෑනිං කියල අළුත්ම බෙන්ස් කාර් එකක් තෑගි දුන්නලු.

තුන් වෙනියට ගියාලු ප්‍රේමදාස ලොක්ක ගාවට. උන්නැහේ දරුවො දෙන්නෙක් හැදුවයි කියල කියපු එක ගැන ඒ තරමට සතුටු නොවුන නිසා දෙයියො ප්‍රේමදාස ලොක්කට දුන්නෙ ටොයොටා කාර් එකක්ලු.

හතරවෙනියට ගියේ බණ්ඩාරනායක ලොක්ක ගාවටලු. එතුම දරුවො තුන් දෙනෙක් හැදුවනේ. ඉතිං හම්බ උනේ මරුටි කාර් එකක්ලු.

ඉතිං ඔය විධියට ලොක්කන්ට තෑගි දීගෙන දෙයියො චුත උනාලු.

ටික කාලෙකට පස්සෙ ජයවර්ධන ලොක්කයි ප්‍රේමදාස ලොක්කයි බණ්ඩාරණායක ලොක්කයි රනිල් ලොක්කයි තුන්දෙනා සෙට් වෙලා ඉන්නකොට එතනට ආවලු අපේ වර්තමාන රාජපක්ෂ ලොක්ක. උන්නැහැගෙ කකල් දෙකේ රබර් සෙරෙප්පු දෙකක්වත් නෑලු.

අර තුන්දෙනාට පුදුමයිලු.

“අඩෝ රාජා මොකෝ බං මේ. ඇයි දෙයියො උඹට මරුටියක්වත් දුන්නෙ නැද්ද?”

රාජපක්ෂ ලොක්ක මල පැනල උත්තර දුන්නලු.

“බම්බුව තමයි! දෙයියො මගෙන් ඇහුවෙවත් නෑ ඕයි. කවුද කාලකණ්නියෙක් උන්නාන්සෙට කියල මම ජාතියේ ආඩම්බරකාර තාත්ත කියල”

Advertisements

28 thoughts on “ෆැමිලි ප්ලෑන් කලොත් කාර් තමයි

  1. ඉස්සරනම් ඔය කතාව කිව්වේ එකතරා මහානායක හාමුදුරු කෙනෙකුට. හැබැයි දැන්නම් ගැලපෙන කෙනා තමයි ආඩම්බර කාර තාත්තා.

    • මේ කතාව තිබුණෙත් ඒ මහනායක උන්දැගෙ නමින් තමා. පොඩ්ඩක් අදට ගැලපෙන්න හැදුවා 😀

  2. අනිවා….. ආඩ්ම්බර සංවේදී තාත්තා.

  3. මේක නම් පට්ට රහයි යකෝ.
    ප්‍රේමදාස මැඩම් තාම යන්නෙ ඒ Toyota Crown එකේද කොහෙද.

  4. හැම කතාවම අපේ කරපන් එතකොට නැගලම යනවා… පින්තූරෙකුත් එල්ලපං මොකක් හරි.. එතකොට සින්ඩිවල පොඩි ගතියක් තියෙනවා..

    • පින්තූර දැම්මට ඒක වැටෙන්නෙ නෑ සින්ඩිවල. ඒ ෆීචර් එක සල්ලි දීල ගන්න ඕනලු වර්ඩ්ප්‍රෙස්ලගෙන්. තව ටිකක් හොයල බලන්න ඕන.

    • මොක දැම්මත් කමක් නෑ කකාට links දමන්න දෙන්නනම් එපා

  5. මචං ජෝ, ජෝ අබේවික්‍රම උඹේ සීයද

  6. චෙහ්.. මොනව වුනත් මහින්ද ලොක්කට හොඳ සැප වාහන දෙක තුනක් වත් දෙන්න තිබුනා… (තුනක් හදල නවත්තපු එකට)

  7. Don’t criticize our President. We should respect him. He is the one who stopped all wars in Srilanka. And he is a Buddhist.

    • ඈ…… යකෝ….මෙන්න සිංහල කොල්ලෙක්ගෙ නම දාගෙන පාකර් කාරයත් කොමන්ට් කොරල නොවැ.

    • ජනාධිපතිතුමත් මේක කියෝල බඩ අල්ලං හිනා වෙනවලු ඕං. ඔබතුමා කලබල වෙන්න එපා.

      • ඕස්ට්‍රේලියානු කැසිනෝ රජා ජේම්ස් පාකර්.
        ලොක්ක ඉඩම් කෑල්ලකුත් දිලාලු ලංකාවෙත් කැසිනෝ රාජධානියක් තනන්න.

      • ආ… එහෙනං එයා වෙන්න ඇති මේ 😀

  8. ජාතිය රකින්න ළමයි වැඩියෙන් හදන්න කියන අර හාමුදුරුවරුන්ට දෙයියෝ හමු උනාද​?
    මොන තෑගිද දුන්නේ?

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s