නාන ස්නෝවයිට් සහ අහක බලං ඉන්න කුරුමිට්ටෝ

දන්නවනේ ස්නෝවයිට් සහ කුරුමිට්ටො 7 දෙනාගෙ කතාව. ජෝකර් මල්ලිනං පොඩි කාලෙ ඉඳන් වර්ෂන් ගොඩක් අහල තීනවා. ඔයාල අහල නැත්තං මේක මෙතනින් එහාට කියවන්නම එපා.

ඔන්න මෙයාල කැලේ බොහොම කාලයක් සන්තෝසෙන් හිටියලුනේ. ඒ කාලෙ දවසක් මේ කට්ටිය ගියා එක් දින චාරිකාවක්. ඔහොම යද්දි ලාක්ෂණ පොකුණක් හම්බ උනා. මේක දැක්කගමන් ස්නෝවයිට්ට නාන්න ඕන උනා.

“මම ඇඳුම් අයින් කලනකල් ඔයාල අනිත් පැත්ත හැලෙන්න….“

ස්නෝවයිට් තො‍ඳොල් වෙලා කුරුමිට්ටන්ට කිව්වා.

“ඇඳුම් අයින් කල්ල මම වතුරට පනිනවා. එතකොට ආයෙ මේ පැත්ත හැල්නට කමක් නෑ“

ඔන්න කුරුමිට්ටො ටික අනිත් පැත්ත හැරුණලු. ස්නෝවයිට් කුමාරි ඇඳුම් ගලවල වතුරට පනින්න සෙට් උනාලු. හැබැයි එයා වතුරට පනින්න කලින් පැත්තක හිටපු ගෙඹි කුමාර (ඒ කියන්නෙ සයිස් ගෙම්බෙක්) වතුරට පැන්නලු ‘ජබොස්‘ ගාලා.

මේක ඇහුණගමන් කුරුමිට්ටො හත් දෙනා හිතුවෙ කුමාරි වතුරට පැන්නා කියලලු. ඉතිං එයාල පොකුණ පැත්තට හැරුණලු. හැරුණ ගමන් ස්නෝවයිට් කුමාරිගෙ කිරිගරුඩෙන් හැදුව ඉටි රූපයක් වගේ දිස්නෙ දුන්න ලක්ෂණ නිරුවත් රූපෙලු දැක්කේ.

හරි.. කතාව ඉවරයි. දැං මේවට ජෝකර් මල්ලි හෙම වගකියන්නෙ නෑ ඕං. හැබැයි පස්සෙ කාලෙක මේ ඓතිහාසික අවස්ථාව බීම වර්ගයක් වෙනුවෙන් පාවිච්චි උනා.

ඒකෙ නම තමයි ‘සෙවන් අප්‘

කතාකරන්න උපරිම නිදහස

ඔන්න ඇමරිකන් පොරකුයි ජෝකර් මල්ලියි දවසක් දේශපාලනේ ගැන ගැඹුරු සාකච්ඡාවක් දැම්මා.

ඇමරිකන් බුවා හෙන පොර ටෝකක් දුන්නා.

“අපේ රටේ කතා කරන්න පුදුම නිදහසක් තියෙන්නෙ. හිතන්න මම ධවල මන්දිරේ ඉස්සරහට ගිහින් ‘ඔබාමා…. ගෙදර පල’ කියල කෑ ගැහුව කියලා, මට කිසි දෙයක් වෙන්නෙ නෑ. ඒ තරමට අපේ රට නිදහස් රටක්…”

ජෝකර් මල්ලිටත් මල පැන්න ඉතිං. එයත් ඇරියෙ නෑ…

“අනේ පලයං බං යන්න.. අපේ රටෙත් එහෙම තමා….. කතා කරන්න උපරිම නිදහස… මම අරලියගහ මන්දිරේ ඉස්සරහට ගිහිං ‘ඔබාමා…. ගෙදර පල’ කියල කෑ ගැහුව කියල මටත් මුකුත් වෙන්නෙ නෑ”

ලෝකෙ මුල්ම ගෑණියි මිනිහයි ලංකාවෙ අය…!

එංගලන්තෙ පොරකුයි, ප්‍රංශෙ පොරකුයි ලංකාවෙ පොරකුයි චිත්‍ර ප්‍රදර්ශණයක් බලනවලු. එක චිත්‍රෙක ආදම්, ඒව කපල් එක ඊඩන් උයනෙ ඇපල් ගහ යට ඉන්න සීන් එකක් තිබිල තුන් දෙනාම ඒක දිහා බලං හිටියලු.

“ෂහ්… බලන්න මේ දෙන්න ඉන්න වැදගත් විධිය. නියම ජෙන්ටල් පෙනුමක් තියෙන්නෙ. මට හිතෙන්නෙ ෂුවර් එකටම මෙයාල ඉංග්‍රීසි ජාතිකයෝ”

එංගලන්තෙ පොර කිව්වලු. එතකොට ප්‍රංශෙ බුවත් කට දැම්මලු.

“පිස්සුද හලෝ… මෙයාල අමු හෙළුවෙන් ඉන්නේ කිසි ලැජ්ජාවක් නැතිව. ඒ වගේම මෙයාල කිරිගරුඩෙන් හැදුව වගේ ලස්සනයි. මෙයාල ෂුවර් එකටම ප්‍රංශ ජාතිකයො”

එතකොට ශ්‍රී ලංකාවෙ බුවා කිණ්ඩි හිනාවක් දාල ‍කිව්වලු.

“තමුසෙල දෙන්නටම පිස්සු. මේ ශ්‍රී ලංකාවෙ දෙන්නෙක්”

අනිත් දෙන්නට කුතුහලේලු.

“ඒ කොහොමද?”

“දැන් බලනවා… මේ දෙන්නට හරියට ඉන්න තැනක්, අඳින්න ඇඳුමක් නෑ… කන්න තියෙන්නෙත් එකම එක ඇපල් ගෙඩියක් විතරයි. ඒ උනාට පින්තූරෙට පේන්න සන්තෝසෙනුත් ඉන්නවා. අනික මෙයාල ඉන්නෙ පාරාදීසයෙ කියල මෙයාලව හොඳට අන්දලත් තියෙන්නෙ. ඉතිං මේ දෙන්න ලංකාවෙ ඇර වෙන කොහෙවත් වෙන්න බෑනෙ.”

යෝගට් කමු නේද?

හොරු දෙන්නෙක් මහ රෑ බැංකුවක් කැඩුවලු. අමාරුවෙන් සේප්පුවක් ඇරගත්තලු. ඒ උනාට ඒකෙ සල්ලි තිබුණෙ නෑලු. හැබැයි පොඩි පොඩි කප්වල දාල යෝගට් වගයක් තිබුණලු. ඩබල ‍ටිකක් කෑවලු. ඒ තරම්ම රසත් නැහැලු.

තව සෙප්පුවක් ඇරියලු. ඒකෙත් යෝගට්ලු. හැබැයි ඒව ටිකක් විතර කලින්ට වඩා හොඳයිලු. ටිකක් වැඩිපුර කෑවලු. තව සෙප්පුවක් ඇරල බැලුවම ඒකෙත් යෝගට්මලු.

“මොන රෙද්දක්ද බං මේ… පළයං ගිහින් බෝඩ් එක බලල වරෙං. මේක ඇත්තටම බැංකුවක්ද කියලා”

බැරිම තැන ලොකු හොරා පොඩි හොරාට කිව්වලු. පොඩි හොරා එළියට ගිහිං බලාගෙන ආවලු.

“බැංකුවක් තමයි බං. බෝඩ් එකේ ගහලම තිබුණා”

“මොනව කියලද තිබුණේ”

“ඈස්ලන්ත ශුක්‍රාණු බැංකුව කියලා”

දූපතක තනිවුණ ගැහැණු සහ පිරිමි

ඔන්න මචංලා සංචාරක නැවක් කුණාටුවකට අහු වෙලා කාත් කවුරුවත් නැති පාළු දූපතකට ගියාලු.

මේ නැවේ හිටියලු මෙන්න මෙහෙම කට්ටිය.

ඉතාලි පිරිමි 2 ගෑණු 1
ප්‍රංශ පිරිමි 2 ගෑණු 1
ජර්මන් පිරිමි 2 ගෑණු 1
ග්‍රීක පිරිමි 2 ගෑණු 1
ලැත්වියන් පිරිමි 2 ගෑණු 1
ජපන් පිරිමි 2 ගෑණු 1
චීන පිරිමි 2 ගෑණු 1
ඔස්ට්‍රේලියන් පිරිමි 2 ගෑණු 1
අයර්ලන්ත පිරිමි 2 ගෑණු 1
එංගලන්තෙ පිරිමි 2 ගෑණු 1
ලංකාවෙ පිරිමි 2 ගෑණු 1

මාසෙකට පස්සෙ මෙන්න මේකලු සීන් කෝන් එක…

එක ඉතාලි පොරක් අනිත් ඉතාලිකාරයව මරල ඉතාලි ගෑණිත් එක්ක ඉන්නවලු.

ප්‍රංශ කාරයො දෙන්නම ප්‍රංශ ගෑණිත් එක්ක ත්‍රීසම් ක්‍රමේට පවුල් කමින් සංතෝසෙන් ඉන්නවලු.

ජර්මන් කාරයො දෙන්න සතියෙන් සතිය ගෑණිව බුක් කරගෙන සන්තෝසෙන් ඉන්නවලු.

ග්‍රීක් කාරයො දෙන්නට ගෑණි වගක්වත් නෑලු. උන් දෙන්න සම ආතල් ගන්නවලු. ගෑණි උන් දෙන්නට කන්න බොන්න හදල දෙනවලු.

ලැත්වියන් පිරිමි දෙන්න මුහුද දිහා පැයක් විතර බලාගෙන හිටියලු. ඊට පස්සෙ ගෑණි දිහා එක පාරක් බැලුවලු. පස්සෙ මූදට පැනල පීනන්න ගත්තලු.

ජපන් ඩයල් දෙක තත්ත්වය කියලා උපදෙස් ඉල්ලලා ටෝකියෝ නුවරට රේඩියෝ පණිවිඩයක් යැව්වලු.

චීනකාරයො දෙන්න ෆාමසියක් දැම්මලු. තව.. බාර් එකක්, රෙස්ටුරන්ට් එකක්, ලොන්ඩ්‍රියක්, සිල්ලර කඩයක් දැම්මලු. ගෑණි පුළුවන් තරං ඉක්මනට ගැබ්බර කලාලු. මොකද උන්ට උන්ගෙ කඩවල වැඩ කරන්න ජනතාව එපැයි.

ඔස්ට්‍රේලියන් බුවාල දිවි නහගන්නලු කල්පනාව. මොකද ගෑණිගෙන් මළ කන්දොස්කිරියාවලු. ඒකිගෙ බොඩි ෂේප් එක, කාන්තා ලාලිත්‍ය ගැන කයිවාරුව, පිරිමි එක්ක සම තැන ඉල්ලීම, අව්වෙ ඉන්නකොට කළු වෙන එක, කෑම හදද්දි අත්වල දැලි ගෑවෙන එක, අම්මව මතක් වෙන එක, අන්තිමට හිටපු කොල්ල එයාව කොච්චර හොඳට බලාගත්තද කියන එක වගේ එක එක ඒව ගැන මා….ර කන්දොස්කිරියාවලු ඒකිගෙන්.

අයර්ලන්ත පොරවල් දෙන්න දූපත උතුරු සහ දකුණු කියල බෙදාගත්තලු. විස්කු පෙරන්න ගත්තලු. ෂොට් එකක දැම්මම සේරම බොඳ වෙලා ගෑණියෙක් ඉන්නව කියල අමතක වෙනවලු. එංගලන්ත කාරයො දෙන්න කිසි ආතල් එකක් නැතිව ඉන්න එකම උන් දෙන්නට සන්තෝසෙන් ඉන්න හේතුවක්ලු.

එතකොට ඇයි එංගලන්තෙ ඩබල අසන්තෝසෙන් ඉන්නේ?

උන් දෙන්න තාම ඉන්නවලු කවුරු හරි තමන්ව අර එංගලන්ත ගෑණිට සම්මත විධියට අඳුන්වල දෙයි කියල බලාගෙන.

එතකොට ලංකාවෙ ඩයල්?

උන් මොනව කරනව ඇද්ද හොඳයි?

පියයුරු පිළිකා මාරයාගෙන් ගැලවෙන්න (තරුණියන්ට පමණයි)

මේක ජෝකර් මල්ලි බස් එකේ යන ගමන් දැක්කේ…

——————————–

පියයුරු පිළිකා

 

තරුණියනි,
ඔබේ තාරුණ්‍යය විනාශ කරන
පියයුරු පිළිකා මාරයාගෙන් ගැලවෙන්න
පියයුරු පිළිකාවක් තිබේදැයි
දැන්ම පරීක්ෂා කරවාගන්න

—————————

එක් පියයරුරක් පරීක්ෂා කිරීමට
මුදල් ගෙවූ පසු අනෙක් පියයුර
පරීක්ෂාව නොමිලේ

—————————

පියයුරු පිළිකා විශේෂඥ
වෛද්‍ය එස්. ලක්මාල් (ඇම්බිබිඑස්)

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.

හනිමූන් යද්දි පරීක්ෂාකාරී වන්න

මේක මචංලා ටිකක් පරණ කතාවක්. අර කඩේ යන මහින්ද මාම ආගිය කතාවක ලියපු එකක්.

ඔන්න ජෝකර් මල්ලිගෙ යාළු පොරක් හිටිය සුරංග කියලා. පොරගෙ විනෝදාංශෙ තමයි වෙඩිං කපල්ස් රැග් කරන එක. බුවා ඒකට කොයි තරම් ප්‍රො‍ෆෙෂනල්ද කිව්වොත් යාළුවො ඇවිත් මූට කිසිම අදාලත්වයක නැති වෙඩිංවලට පවා මූව එක්ක යනවා රැග් කරන්න.

මුගෙ යාළුවො සේරටමත් මූ කඳුළු පනින්න රැග් දුන්නා. ජීවිතේ ලස්සනම දවස එපා කරපු විධියට ගෙවන්න සිද්ධ උනා මුගෙ යාළුවන්ට. ඒ තරමට මූ දෙන රැග් ඉවසන්න අමාරුයි.

ඔහොම ඔහොම ගිහින් සුරංගයගෙ කසාදෙත් සෙටල් උනා. වෙඩිමට දින තීරණය උන දවසෙ ඉඳන් පොර බයේ හිටියෙ වෙඩිමෙදි යාළුවන්ගෙන් හම්බවෙන රැග් එක මතක් වෙලා. වෙඩිම කිට්ටු වෙද්දි බය ඒකට අනුලෝමව වැඩි වෙනව.

පොර යාළුවන්ට ‘වැඩිය රැග් කරන්න එපා බං’ කිය කිය පිංසෙන්ඩු උනා අන්තිම දවස්වලදි.

ඔහොම ගිහින් වෙඩිං දවස උදා උනා. පෝරුවෙ වැඩ ඉවර වෙලා අනිත් වැඩ සිද්ධ වුණා කිසි අවුලක් නැතිව. කිසිම රැග් එකක් නෑ. සුරංගට පුදුමයිත් එක්ක. අන්තිමට කපල් එක පිටත් වෙන්න යද්දි ආයෙ පොර වෙව්ලුවා රැග් වදියි කියලා. ඒත් ම්හු… කිසි රැග් එකක් දෙන පාටක් නෑ. යාළුවො සෙට් එක පැත්තකට වෙලා හොඳට බොනවා උන්ගෙ පාඩුවේ.

අන්තිමේ සුරංග තමන්ගෙ මනමාලිත් එක්ක හනිමූන් ගියා හරිම සන්තෝසෙන්. ඒත් හෝටලේට කිට්ටු වෙද්දි පොර ආයෙමත් ගැහෙන්න ගත්තා රැග් එක එතනදි දෙයිද කියලා. ඒ උනාට හෝටලේ අය ඇරුණම දන්න කියන කවුරුවත් හිටියෙ නෑ. සුරංගට පට්ට සතුටුයි.

ඒ සතුටත් එක්කම පොර හනිමූන් එක හොඳට ක්‍රීඩා කලා මුළු රෑ පුරාම. පහුවදා උදේ 9 විතර වෙනකල් දෙන්න නිදාගත්තා.

9.30ට විතර රූම් සර්විස් එකට කතා කලා උදේ කෑම ඕඩර් කරන්න. ඔන්න පොරක් ඇවිත් බෙල් එක ගැහුවා. සුරංග නාන්න ඇඳපු තුවාය පිටින් ගිහින් දොර ඇරියා. වේටර් පොරක් ඉන්නව දොර ගාව.

“ඔව් සර්… ගුඩ් මෝනිං… මොනවද උදේ කෑමට ගේන්න ඕන සර්…”

“ගුඩ් මෝනිං…මෙනවද තියෙන්නේ?”

“ඉඳිආප්ප, බත්, පිට්ටු, නූඩ්ල්ස් තියෙනව සර්. විකන්, පෝක්, අල කරි, පොල් සම්බල්… ‍අවශ්‍යනං පේස්ට්‍රි ජාතිත් තියෙනවා. බොන්න ඔරේන්ජ් ජූස්, ඇවකාඩෝ තියෙනව සර්…”

සුරංග පස්ස හැරිලා ඇ‍ඳේ ඉඳගෙන හිටපු නෝන දිහා බැළුවා.

“මොනවද චූටි ඔයා කන්නේ? නූඩ්ල්ස් කමුද”

නෝන හා කියලා ඔළුව වැනුවා.

“අපට එහෙනං නූඩ්ල්ස් ගේන්න චිකනුයි අල කරියි එක්ක”

සුරංග වේටර්ට කිව්වා….

එතකොට ඇඳ යටින් සද්දයක් ඇහුණා.

“මචං ඊයෙ හවස ඉඳන් කෑමක් නෑ බං… අපි තුන් දෙනාටත් ඉඳි ආප්ප හැට හැත්තෑවක් ඕඩර් කරපං.”