සියදිවි හානිකරගන්න එපා නංගි

අළුත් මෝටර් බයික් එකක් ගත්තු ජෝකර් මල්ලිගෙ යාළුවෙක් තරුණ ජවයත් හිතට අරගෙන හිටු කියල යනවලු. ගඟක් උඩ ලොකු පාලමක් ගාවදි මෙයා දැක්කලු ලස්සන කෙල්ලෙක් පාලමේ ඇන්ද උඩට නැගල පහල ගඟ දිහා බලාගෙන ඉන්නවා. මෙයා හින්දි චිත්‍රපටියක නළුව වගේ වැඩ දාල බයික් එක නතර කලාලු. ‍කව් බෝයි අස්සයගෙන් බහිනව වගේ හැඩ දාල බැස්සලු. දකුණු අතින් කොණ්ඩෙ පස්සට දාන ගමන් අර කෙල්ල දිහාට ගියාලු.

“නංගී… ඔයා මොනවද මෙතන මේ කරන්නෙ?”

කෙල්ලත් බොඳ උන ඇස් දෙකින් කොල්ල දිහා බැලුවලු.

“මම ගඟට පැනල මැරෙනව අයියා…”

කොල්ලට බබා වෙන්න ඕන උනේ නෑලු. හැබැයි චාන්ස් එක මිස් කරගන්නත් බෑ වගේලු.

“මට තේරෙණව නංගි. මැරෙන එක ඔයාගෙ අයිතියනේ. ඒ උනාට මැරෙන්න කලින් මට එකම එක කිස් එකක් දෙන්න…”

කෙල්ලත් පැනල ඇවිත් කොල්ලව බදාගෙන විනාඩි තුන හතරක්ම කිස් කලාලු. කොල්ලට නිකං කරකවල අතෑරිය වගේලු.

“ෂා… නංගී… ඒක තමා මගෙ ජීවිතේ හොඳම කිස් එක. ඔයා මාර ටැලන්ට් කෙල්ලක්නෙ නංගි. ඔයාට හොඳ අනාගතයක් තියෙනවනේ. ඇයි මේ දිවි නහගන්න යන්නේ…”

“මං දන්නව අයියා… ඒ උනාට අපේ අම්මල කැමති නෑනෙ මං කෙල්ලෙක් වගේ ඇඳුම් අඳින එකට.”

කොල්ලා පැන්නලු පාලමෙන් ගඟට!

හිලේ කතාව මෙතනින්

18 thoughts on “සියදිවි හානිකරගන්න එපා නංගි

  1. පට්ට ඕයි

  2. සුපිරි.

  3. ඉකේයියා

  4. හයියෝ හයියෝ. පිස්සු හැදෙනවා.

  5. පට්ට පට්ට

  6. අදමයි මේ පැත්තට ආවේ පට්ට කතාව ආ … මේක මුට වෙච්ච සීන් එකක්ද මන්දා

  7. පට්ට යකෝ..
    මම නම් නංගි මල්ලි ව පාලං ගැට්ටට හේත්තු කොරල පුදනව නැට්ටෙන්.

  8. උදවු කරන්න ඕන පරිස්සමින් කියන්නේ ඇත්ත බං..

    • කෙල්ලෙක්ට උදව් කරද්දි පරෙස්සම එන්නෙ දෙවෙනි තැනටනේ 😀

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!