ඔයාටත් වැඩේ හරි වගේ නේද මහත්තයෝ?

මේක උනේ ජෝකර් මල්ලි පිස්සන් කොටුවෙ ඉන්නකොට. ඔන්න දවසක් එක ටීවී පොරක් (මාධ්‍යවේදියෙක් නෙවෙයි හො‍ඳේ… එහෙම උන් නෑනෙ) අපේ මෙන්ටල් හොස්පිටල්එකට ආව විශේෂඥ දොස්තර කෙනෙක්ව ලයිව් ඉන්ටවිව් කරන්න. ඔන්න දැන් වැඩේ නැගල යනව. මාධ්‍යවේදිය ප්‍රශ්ණ අහන ගමන් තමං මාර පොරක් කියල පෙන්නන්න දොස්තර දෙන උත්තර අතරමැදින් පැනල තමංගෙ වචන කෑලි එහෙම දානව. මෙන්න මේ වගේ….

“අපිට මානසික ලෙඩක් නෑ කියල අපි දන්නව. ඒ උනාට ඒක හරියටම කියන්න අපට බෑ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වැනි සුපිරි මට්ටමේ මානසික විද්‍යාඥයින් පවා ඒක තහවුරු කරල තියෙනව. අපිට තියෙන ලෙඩේ අපි නොදන්නව වෙන්න පුළුවන්. ඒක පසුකාලීනව බිහිවුණ ලෝකයේ ජනප්‍රිය මානසික සෞඛ්‍ය පිලිබඳ වෛද්‍යවරු පවා සනාථ කරල තියෙනව. අපට කියන්න වෛද්‍යතුමනි ඔබ මේ තත්වය දකින ආකාරය. ඇත්තටම අපිට තියෙන ලෙඩේ ගැන අපි දන්නෙ නෑ නේද?”

“ඒක ඇත්ත. අපිට මානසික ලෙඩක් තියෙනව කියල අපි දන්නෙ නෑ ගොඩක් විට. මානසික වෛද්‍යවරු විධියට අපිට ඉතාම වැදගත් දෙයක් තමයි කෙනෙක් මානසිකව නිරෝගීද කියල අඳුනගන්න එක. එතනදි විශේෂයෙන්ම…..”

“සමාවෙන්න වෛද්‍යතුමනි මේ රෝහලට එන රෝගියෙක් මානසිකව නිරෝගීද කියල අඳුනගන්න ලේසි ක්‍රම තියෙනවද?”

“ඔව්. මේ රෝහලේ කාමරේක තියෙනව වතුර පුරවපු බාත් ටබ් එකක්. ඒක ගාවින් අපි තියල තියෙනව බකට් එකකුයි, පොඩි කෝප්පෙකුයි, මේස හැන්දකුයි. ලෙඩක් තියෙනවයි කියල සැක කරන රෝගියට අපි කියනව තමන්ට පුළුවන් ඉක්මනට බාත් ටබ් එක හිස් කරන්න කියල. එතකොට…..”

“හරි හරි…. මම දන්නව… අර බකට් එක අරන් බාත් ටබ් එක හිස් කරනව කියන්නෙ එයා මානසිකව නිරෝගී පුද්ගලයෙක් කියන එක නේද? හරිම අපූරුයි වෛද්‍යතුමනි…. බලන්න ප්‍රේක්ෂක හිතවතුනි ‍කොයි තරම් සාර්ථක, සරල ඒ වගේම විද්‍යාත්මක ක්‍රමයක්ද කියල.”

අපේ දොස්තර මහත්තයට කට කොණට හිනාවක් ගියා.

“ඇත්තම කිව්වොත් සාමාන්‍ය මනුස්සයෙක්නං කරන්නෙ බාත් ටබ් එකේ පතුලෙ තියෙන මූඩිය අරින එක…”

පිස්සො ටික උඩ පැන පැන හිනා උනා.

හිලේ කතාව මෙතනින්

Advertisements

24 thoughts on “ඔයාටත් වැඩේ හරි වගේ නේද මහත්තයෝ?

  1. මේක අයින් කරන්න වැරදීමකින් වැටුනේ. link ඒක විතරයි දන්නා ඕනේ උනේ

    • අදාල නෑ ‍වගේ නේද?

      • අදාලයි. . . මීඩියා නිවේදිකාවක් ගැන කතාවක් කියනවා

      • වැඩේ කියන්නෙ ඒ කෑල්ල අහන්න හෙන වෙලාවක් බලන්න වෙන එකයිනේ…

  2. // ඔන්න දවසක් එක ටීවී පොරක් (මාධ්‍යවේදියෙක් නෙවෙයි හො‍ඳේ… එහෙම උන් නෑනෙ)//

    අම්මපා ඇත්ත. ඒ කියන්නේ උඹ පිස්සන් කොටුවෙ ඉන්න කාලෙත් පිස්සු තිබිල නෑනෙ..

  3. යකෝ පට්ට….
    හීනියට ටොකු අනින ගමන් කෙටියෙන් පණිවිඩයක් දෙනව උඹේ ලිපි වලින්.
    අපේ @#!$ල පොඩි අකුරක් කොටල හරි යනව නම්,තවත් ඔබට ශක්තියක් වෙයි.
    බලමු මේකේ ඉන්න එව්වන්ට ඇඩ් එකක් දාල.
    කොමන්ට් නැතත් දිගටම ලියපං මලේ.

    • කමෙන්ට් තිබුණත් නැතත් අවුලක් නෑ කෙන්නයියා. මගෙ ආතල් එක තියෙනකල් මේක ලියයි. නැති දාක අතෑරල දායි.

  4. ඉතින් කොහොමත් දැන් ටී.වී. මාධ්‍ය වේදියෝ ඔක්කොම ඔහොමනෙ

  5. අම්මෆ ඇත්ත

  6. jkr malaya maru aaaaaaaa……. khenda bn ubata mechchara joke hambenne…. ela ela digatama liyapaaaaaannnn

  7. ජෝකර් මල්ලිට ඊ මේල් එකක් එවන්න උනොත් එවන්නේ කොහොමද?

  8. ඒ කියන්නේ ඌවත් නවත්ත ගන්න ඇති පිස්සන් කොටුවෙම..

    • එහෙම එකක් උනාම ඉතිං නෝන්ඩියටත් එක්ක නවතින්න ඇති 😀

  9. Pingback: ජෝකර් මල්ලි | ජාතික සමගිය ඇති කරන්න සර්වාගමික කමිටුවක්

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s