ලොක්කන්ගෙ මාර මොලේ ඈ…..

මේ කතාව ගොඩ දෙනෙක් අහල ඇති. මේ ජෝකර් මල්ලිගෙ වර්ෂන් එක.

ඔන්න ජනාධිපතිතුමා ඉන්දියාවෙ ගියාලු නිල චාරිකාවකට. එහෙ ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහත්තයත් එක්ක තේ පැන් සංග්‍රහයක් එහෙම භුක්ති විඳින ගමන් දේශපාලන බයිල ටිකක් ගැහුවලු.

“මුකර්ජි මහත්තයො මං දැනගන්න ආසයි ඔබතුමාගෙ නායකත්වයේ රහස”

“හෙහ් හෙහ්… හරි සිම්පල්. මම මගෙ වටේ තියාගන්නෙ බුද්ධිමත් මිනිස්සු.”

“හුම්ම්… කොහොමද දැනගන්නෙ වටේ ඉන්න මිනිස්සු බුද්ධිමත්ද කියලා?”

“මම එයාලගෙන් ප්‍රශ්ණයක් දෙකක් අහනවා… පොඩ්ඩක් ඉන්නකො උදාහරණෙකින්ම පැහැදිලි කරන්නං”

මුකර්ජි මහත්තය සෙල් ෆෝන් එක අරන් ඉන්දියාවෙ අගමැති මන්මෝහන් සිං මහත්තයට කෝල් කලාලු. ලව්ඩ්ස්පීකර් මෝඩ් ඔන් කරපු නිසා ජනාධිපතිතුමාටත් සංවාදෙ ඇහෙනවලු.

“මේ මන්මෝහන්…. මට මෙන්න මේකට උත්තර දෙන්න… ඔයාගෙ අම්මට දරුවෙක් ඉන්නවා. ඔයාගෙ තාත්තටත් දරුවෙක් ඉන්නවා. හැබැයි ඒ දරුවා ඔයාගෙ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නෙවෙයි. කවුද ඒ?”

“අයියෝ සර්… ඒ මමනේ”

මන්මෝහන් ටක් ගාල උත්තරේ දුන්නලු.

“හරියට හරි. ස්තූතියි. බායි” මුකර්ජි මහත්තය කෝල් එක ඉවර කරල ජනාධිපතිතුමාට හිනා උනාලු.

“දැක්ක නේද? වැඩේ තේරුණා නේද?”

“අනේ… ඇත්තමයි මිස්ටර් මුකර්ජි. කියල වැඩක් නෑ… මට වැඩේ තිතටම අල්ල ගියා. මේ ක්‍රමේ මමත් පාවිච්චි කරනව. ස්තූති වේවා.”

. . . . .

ඔන්න ට්‍රිප් එක ගිහින් ඇවිත් ජනාධිපතිතුමා හිතුවලු අර වැඩේ කරල බලන්න ඕන කියලා. ඉස්සෙල්ලම මර්වින් ලොක්කව ටෙස්ට් කරන්න ඕන කියල හිතල එතුමා‍ව ගෙන්නුවලු අරලිය ගහ මන්දිරේට.

“මර්වින්… මේ මට ප්‍රශ්ණයක් තියෙනව. තමුසෙට පුළුවන්ද බලනව උත්තර දෙන්න”

“හයියෝ… මට විසඳන්න බැරි ප්‍රස්ණ තියෙනවද උතුමාණනි. කියන්ඩ කියන්ඩ”

“හොඳා… මේකයි… ඔයාගෙ අම්මට දරුවෙක් ඉන්නවා. ඔයාගෙ තාත්තටත් දරුවෙක් ඉන්නවා. හැබැයි ඒ දරුවා ඔයාගෙ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නෙවෙයි. කවුද ඒ?”

මේක ඇහුවම මර්වින් ලොක්කට මඤ්ඤං වගේලු. හීන් දාඩියකුත් දැම්මලු. විනාඩි දහයක් විතර තටමලා අන්තිමේ කතා කලාලු.

“ඔබ තුමා මාර ප්‍රස්ණනෙ ආන්නෙ. මේක සෑහෙන්න බොන්ඩ ඕන ප්‍රස්ණයක්. මම ගෙදර ගිහින් කල්පනා කරල ආයෙ ඇවිත් කියන්නද?”

ජනාධිපතිතුමත් හා කිව්වලු. මර්වින් බොෂ් වහාම ගිහින් ආණ්ඩු පක්ෂෙ ඇමතිල මන්ත්‍රීල සෙට් එකම ගෙන්නලා ප්‍රශ්ණෙ කිව්වලු. කාටවත් උත්තරේ කියාගන්න බෑලු. අන්තිමේදි දයාසිරි මහත්තය යෝජනාවක් ගෙනාවලු.

“මේ… අපි මේක රනිල් මහත්තයගෙන් අහල බලමුකෝ”

මර්වින් වහාම රනිල් මහත්තයට කෝල් එකක් ගත්තලු.

“රනිල් මහත්තයෝ… පොඩි ප්‍රස්ණයක් තියෙනවා… ඔයාගෙ අම්මට දරුවෙක් ඉන්නවා. ඔයාගෙ තාත්තටත් දරුවෙක් ඉන්නවා. හැබැයි ඒ දරුවා ඔයාගෙ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නෙවෙයි. කවුද ඒ?”

“හයියෝ මර්වින්… වෙන කවුද? ඒ මමනෙ බං”

රනිල් ලොක්ක පට ගාල උත්තරේ දුන්නලු. මර්වින්ට මාර සතුටුයිලු. සන්තෝසෙ වැඩිකමට ඇමතිල සෙට් එකටම තමං ගානෙ විස්කි අරන් දීල ආයෙ ගියාලු අරලිය ගහ මන්දිරේට. හම්බ උනාලු ලොක්කව.

“උතුමාණනි… මම උත්තරේ හොයාගත්තා… මම දන්නව පොර කවුද කියල. ඒ වෙන කවුරුත් නෙවෙයි. අපේ රනිල් මහත්තයා…”

ඒ උත්තරේ ඇහුව විතරයි ජනාධිපතිතුමා ඔළුවෙ අත ගහගත්තලු.

“හයියෝ…. මමත් වැඩකාරයො කියල ළඟ තියාගෙන ඉන්නෙ මුන් වගේ උන්නෙ… යකෝ උත්තරේ රනිල් නෙවෙයි බං….. මන්මෝහන් සිං…”

හිලේ කතාව මෙතනින්

Advertisements

12 thoughts on “ලොක්කන්ගෙ මාර මොලේ ඈ…..

  1. බලපුවාම ඔක්කෝම හෙන මොලකාරයෝ. . . .

  2. PARANA KATHAWATA WADA MEKA ADVANCED

  3. ඇඟට නොදැනෙන්න රනිල් වැඩකාරයා කියලා කියුවා නේද ? හෙක් හෙක්

    • ඔය ඔය ඉතිං… දයාසිරිනෙ ඒක කිව්වෙ. බොරුවට මාව අහු කරනවා..

  4. ඕක එක එක තාලෙට අහල තිබුනට,
    කාලයේ තාලයට සුපිරියට රස විදින්න පුළුවන් විදියට උඹ ලියල.
    නියමයි….!

    • හැමදාම ඇවිත් සප් එක දෙනවට කෙන්ජයියට මාගෙ බලවත් ස්තූතිය හො‍ඳේ… 😀

  5. කට්ටියගේ මොළේ තරම තමයි ඉතින්..

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s