ඉරිදා ආතල් එක

ඉරිද දවසෙ ගෙදරට වෙලා ආතල් එකේ ෆිල්ම් එකක් බලන්න හිටියෙ. මේ පෝන් එක ‘ටිලිං ටිලං’ ගෑවා. නොදන්න නම්බරයක්. ඕන මගුලක් කියල උත්තර දුන්නා.

“ආ… හලෝ…. මේ ජෝකර් මල්ලිද?”

“ඔව්…”

“මේ කතා කරන්නෙ ගමේ බුල්ෂිටාරාමෙ ලොකු පූජක තුමා. මාව මතකයි නේද?”

මට ඒ මිනිහව මතක තිබුණෙ නෑ ඇත්තටම. පූජක බුවා උනාට මිනිහ ගැන එක එක කතා පැතිරිල තිබුණ නිසා ජෝකර් මල්ලි වගේ හැන්ඩ්සම් කොල්ලො බුල්ෂිටාරාමෙ පැත්ත පලාතෙ ගියෙ නෑ. ඒ උනාට බුවාව අමතකයි කියල කියන්න බෑනෙ.

“මතකයි මතකයි ලොකු පූ… ඇයි හදිසියෙන් කතා කරේ?”

“කතා කරේ ලොකු උවමනාවකට ජෝකර් මල්ලි. මට පොඩි ආසාවක් තියෙනව ඕයි.”

බුදු අම්මේ ආසාවක්?

“මොකද්ද ලොකු පූ ආසාව?”

“මට ඕන පින්තූරයක් ගන්න. අර සමහර ආගම්වල පූජක ඩයල් අරගන්න විධියෙ එකක්”

“ඒ කිව්වෙ? මට තේරුන්නෑ ලොකු පූ”

“ජෝකර් මල්ලි දැකල තියෙනව නේද ඔය පත්තරවල, පේස්බුක් එකේ… එතකොට කටවුට්වල එහෙම තියෙනවා ඔය ආගම්වල පූජකයන්ට එක එක සත්තු වැඳගෙන ඉන්න පින්තූර දාල තියෙනවා?”

“ඔව් ඔව්… අර අලි එහෙම නේ…”

“ඔව් ඔව්… අලි, හරක්, මී හරක්, එළුවො, කුකුළො, ඌරො, බල්ලො, පූසො, මිනිස්සු… නෑ නෑ මිනිස්සු අවුලක් නෑ… ඔය තිරිසන්නු වඳින සීන් තියෙනව නේද?”

“මම දැකල තියෙනව ලොකු පූ… ඉතිං මම මොනවද කරන්න ඕන”

“මටත් එහෙම පොටෝ එකක් අරන් පත්තරේ දාන්න ඕන ඕයි. දැන් ඒක තමා ට්‍රෙන්ඩ් එක. මම අපේ ආරාමෙ පොඩි පූල සෙට් එකත් එක්ක කතා කරා. පොටෝග්‍රැපර් කෙනෙකුත් හම්බඋනා. පොටෝ එක ගන්නකල් සතාව බැඳල තියෙන ලණුව පාගගෙන ඉන්නත් හයේ හතරෙ මල්ලි බබෙක්…. ඉන්නවා”

“මම හිතුවෙ මට පොටෝ ගහන්න කතා කරනව කියල. ලණුව පාගන්න පොරක් මොකටද?”

“ඒකනෙ ජෝකර් මල්ලි. ඔයා දන්නෑනෙ සීන් එක. මේ පොටෝග්‍රැපර් මල්ලි කරන්නෙ මේ වගේ වැඩ විතරයි. ඔය සත්තු වඳින පින්තූර අරගන්න ප්‍රොපෙසනල් මල්ලියෙක් මෙයා. පුදුම හම්බකිරිල්ලක් හම්බකරන්නෙ. හෙට අනිද්දා ගැම්බොගිණියක් ගන්නවලු. එයා තමා මේක කරන විධිය කිව්වෙ.”

“ඉතිං”

“ජෝකර් මල්ලි දන්නවනෙ සත්තු කවදාවත් ඇවිත් මිනිස්සුන්ට වඳින්නෙ නෑ කියල. උන්ට අපිට තරං පිස්සු නෑනෙ. ඒ නිසා සතාව බෙල්ලෙන් ගැටගහලා අල්ලලා පහතට කරලා ඒ ලණුව පාගගන්න ඕන කවුරුහරි. සතා ටික වෙලාවක් දඟලල කකුල් දෙක නමලා ඌට වේදනාව අඩු පහසු ඉරියව්වකට එනවා. ඒ වෙලාවෙ ටක් ගාල පින්තූරෙ ගන්නවා.”

“ඉතිං එතකොට අර ලණුව පේනවනේ”

“හයියෝ… මහලොකුවට බ්ලොග් එකකුත් ලියනවලු නේද? ටෙක්නිකල් රස්සාවක්ලු නේද කරන්නේ? පොටෝසොප් ගැන දන්නෙ නැද්ද? අපට ඕන ඒව තියල ඉතිරි ඒව මකල දානවා… හරි ලේසියි”

“හා හා.. දැන්නෙ තේරුණෙ වැඩේ… ඉතිං මට මොකක්ද කරන්න තියෙන්නෙ?”

“මේකයි වැඩේ. සේරම හරි. ඒත් බූරුවෙක් හොයාගන්න තමා බැරි. ජෝකර් මල්ලි දන්න ලොකු අය ඇතිනේ… පොඩ්ඩක් විපරමක් දාල බූරුවෙක්ව හොයල දෙන්නකො මට”

“ඈ….???”

“ඈ.. කියල හරියන්නෙ නෑ. ඒක කොහොම හරි කරල දෙන්න හො‍ඳේ… බූරුවෙක් වැඳගෙන ඉන්න පොටෝ එකක් පත්තරේ ගියොත් අපෙත් කල්ල මරේ තමා… එහෙනං මම තියනවා… බා…යි…”

හපොයි බුල්ෂිටාගමේ නෑ යකුනේ… දැන් හොයාපල්ලකො බූරුවෙක්. මම කියල කොහෙන් හොයන්නද? මේක කියවන ඔයාල කවුරුහරි බූරුවන්ට සම්බන්ධයක් තියෙන කෙනෙක්නං ජෝකර් මල්ලිව දැනුවත් කරන්න.

බූරුවෙක් හොයල දීල ජෝකර් මල්ලිව මේ උගුලෙන් බේරගන්න.

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.

Advertisements

16 thoughts on “ඉරිදා ආතල් එක

  1. බුල්ෂිටාගමේ මාර වැඩ නේ වෙන්නේ!

  2. oyatanam nivan labannama naha.

  3. නියමයි..
    බ්‍රෙසියර් හංදියේ හිටියනම්….අලුතින් 9 දෙනෙකුත් ඉන්න එකේ,
    අමාරුවක් වෙන එකක් නැහැ හොයා ගන්න.

  4. ගව ගාථනයට විරුද්ධව තමයි කස්ටිය ගොඩක් කලබල වෙන්නෙ..මගේ ප්‍රඥාප්‍රදීපයේ පහන් සිලට අසුවන පරිධි බුල්ෂිටාරාමය පිහිටා තිබිය යුත්තේ පුත්තලම කිට්ටුව විය යුතුය. පුත්තලම දිහා හරකුන්ට වඩා බූරුවන් සිටින බැවින් හිමිවරු වඩාත් සත්ව කරුණාවෙන් බූරුවන් ලවා වැදගන්නට තනනවා විය යුතුයැ.

    • අම්මෝ මාර ප්‍රදීපයක්නේ… අර නැව් වලට සිග්නල් දෙන රස්සාවක්ද කරන්නේ 😀

      පුත්තලමෙ පැත්තෙනං ලොකු පූ කාරය මට කතා කරන්නෙ නෑනෙ අයියා 😦

  5. ඉතිං උඹම පලයන්කො මට කියන්නෙ නැතිව

  6. Ekek nam innava, Elama BOORUWEK, Issara Hambanthota hitiye, Dennam Kollupitiye Mandirelu inne. Keniya gihin aapu gaman Allaganin Macho;.

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s