ජෝකර් මල්ලිගෙ ටීචර්

“හොඳයි ජෝකර් පුතා කියන්න මේ ප්‍රශ්ණෙට උත්තරේ”

ටීචර් එහෙම කියාගෙන මගෙ ගාවට ආවා.

“හිතන්න අත්තක කුරුල්ලො 5 දෙනෙක් ඉන්නවා. ඔයා ගලක් අරන් එකෙක්ට ගහනවා බිම වැටෙන්න. දැන් අත්ත උඩ කී දෙනෙක් ඉතිරිද?”

“එකෙක්වත් නෑ”

මම කිව්වා…

“හෑ.. එහෙම වෙන්නෙ කොහෙමෙද? ආයෙත් ප්‍රශ්ණෙ පැහැදිලිව අහගන්න. ඔන්න අත්තක කුරුල්ලො 5 දෙනෙක් ඉන්නවා. ඔයා ගලක් අරන් එකෙක්ට ගහනවා. දැන් අත්ත උඩ කී දෙනෙක් ඉතිරිද?”

“එකෙක්වත් නෑ ටීචර්”

ටීචර්ට අවුල්. ඒත් මම දන්නව මම කිව්ව උත්තරේ හරි කියලා.

“හරි… අපි වෙන විධියකට බලමු. ඔයා ගාව කෙසෙල් ගෙඩි 5ක් තියෙනවා. මම එකක් ඉල්ලගන්නවා. ඔයා ගාව දැන් කීයක ඉතිරිද?”

“හතරයි“

“ආ.. ඔය කිව්වෙ ලස්සනට… දැන් මුල් ප්‍රශ්ණෙටත් ඒ වගේ උත්තර දෙන්නකෝ…. අත්ත උඩ කුරුල්ලො 5යි. එකෙක්ට බිම වැටෙන්න ඔයා ගලකින් ගැහුවම ඉතිරි කීයද?“

“එකෙක්වත් නෑ“

ටීචර්ට මල!

“හයියෝ මේ ළමයා… කියන දේ තේරෙන්නෙ නෑනෙ.. කොහොමද එහෙම වෙන්නේ…?“

“ඉතිං ටීචර්…. එකෙක්ට ගලකින් ගහපුගමන් අනිත් උන් ඔක්කොම ඉගිලිල යනවනේ….“

ටීචර් ටිකක් කල්පනා කරා.

“හුම්ම්… ඒකත් ඇත්ත තමයි. උත්තරේ වැරදුණාට ජෝකර් පුතා හිතන විධියට මම කැමතියි“

ටීචර් එහෙම කියල මගෙ ඔළුව අතගෑවා. ඔන්න මටත් අදහස් පහල උනා.

“ටීචර් මාත් අහන්නද ප්‍රශ්ණයක්“

“හා අහන්නකෝ බලන්න“

“ඔන්න බංකුවක් උඩ ඉඳගෙන ගෑණු කට්ටය තුන් දෙනෙක් කෝන් අයිස්ක්‍රීම් කනවා. එක්කෙනෙක් අයිස්ක්‍රීම් හපල කනවා. තව එක්කෙනෙක් චුට්ට චුට්ට උරල බොනවා. තව එක්කෙනෙක් හොඳට ලෙවකාල කනවා. මේ තුන් දෙනාගෙන් කවුද කසාද බැඳපු කෙනා.“

ටීචර් තප්පර පහක් විතර නියපොත්ත හප හප කල්පනා කරල අන්තිමේදි උත්තරයක් දුන්නා….

“මටනං හිතෙන්නෙ අර ලෙවකාල කන එක්කෙනා කියල… හරිද?“

“වැරදියි ටීචර්… බැඳපු කෙනාගෙ අතේ විතරයි වෙඩිං මුද්දක් තියෙන්නෙ.“

“හයියෝ…. ඇත්ත නේන්නං…“

ටීචර් ඔළුවෙ අත ගහගත්තා.

“කමක් නෑ ටීච උත්තරේ වැරදුනාට… ටීචර් හිතන විධියට මම කැමතියි“

මම ටීචර් දිහා හොරෙන් බලල කිව්වා.

Advertisements

16 thoughts on “ජෝකර් මල්ලිගෙ ටීචර්

  1. ඇම්ඩගේ එවා වර්ශන් වෙනස් කරලා.අද නම් අජුතයි මචන්

  2. ජෝකර් මල්ලිගෙ පිටුවට ලයික් එකක් දැම්මොත් මීට කලින් අහපු නැති අළුත්ම කතා නිව්ස් ෆීඩ් එකටම ගෙන්නගන්න පුළුවන්.(එහෙමයි කියලා තියෙන්නේ)

    • හැම කතාවම අළුත් එකක් වෙන්නෙ නෑ මචං ඉතිං. අද කතාවක් තිබුණෙ නෑ දාන්න. ඒ නිසා හිලට ටයිප් කරල පබ්ලිෂ් නොවුන එකක් දැම්මා. අහපු නැති උන් ඇතිනේ 😀

  3. ගල් මුල් සේරම එක වගේ පිලිගන්න පුරුදුවෙයන් මගේ පුතා දිග ගමනක් හෙමින් යන්න පුලුවන් එත්කොට ජයවේවා! අලුත්ම කතා ලැබේවා!!!

    • ගල් මුල් ඩප්පි ටැංකි මල්ටි බැරල් සේරම කිසි අවුලක් නෑ 😀

  4. මමත් ඒ කාලෙ ටීචැර් ල දිහා බැලුවෙම ඔය බැල්මෙන්.
    පොඩි කාලෙ ඉදන්ම වල් සිත නිසා.

    • මාත් එහෙම තමා. ගොඩක් දෙනෙක් පිළිගන්න අකමැති උනාට හැම කොල්ලෙක්ගෙම මුල්ම සීන් එක ටීචර් කෙනෙක් 😀

  5. මට වෙඩින් මුද්ද තේරුන් නැහැ..

  6. ටීචර් ඊට පස්සේ මුකුත්ම කිවුවේ නැද්ද බං.

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s