වෙන සෙටල්මන්ට් එකකට යමු!

මිස්ටර පෙරේරා පවුල් සෞඛ්‍ය උපදෙස් ගන්න ආවලු දොස්තර කෙනෙක් ගාවට.

“බලන්න ඩොක්ටර්… බැඳල අවුරුදු කීපයක් වෙනව. කසාදෙ කිසි අවුලක් තිබුණේ නෑ. ඒත් මාස හයක විතර ඉඳන් අපේ නෝනට අර වැඩේ කරන්න උවමනාවක් නෑ… මම මාර ප්‍රශ්ණෙක පැටලිලා ඉන්නේ“

“හුම්ම්…. මේක එහෙනං නෝනත් එක්ක කතා කරන්න ඕන ප්‍රශ්ණයක්. හෙට නෝන එක්ක එන්න. එයත් එක්ක මම තනියෙන් කතා කරන්න ඕන“

පහුවදා මිස්ටර් පෙරේරා නෝනවත් එක්කගෙන ගියාලු දොස්තර ගාවට. දොස්තර පෙරේර මහත්තයට එළියෙ පුටුවක ඉන්න කියල නෝනව කාමරේට ගෙන්නගත්තලු තනියම ප්‍රශ්ණෙ කතා කරන්න.

“මොකද මිසිස් පෙරේර ඔයා මාස 6ක විතර ඉඳන් අඹුසැමි ආස්සරේ නතර කරලයි කියල මහත්තය කියන්නේ?“

“මේකනෙ ඩොක්ටර්…. ඔන්න මම උදේ වැඩට යනව ටැක්සියක… ඒකට ගෙවන්න මට සල්ලි නෑ. ඩ්‍රයිවර් අහනව ‘නෝන මොකද කියන්නෙ… පොලිසි යනවද එහෙම නැත්තං වෙන මොකක් හරි සෙටල්මන්ට් එකකට යනවද?‘ කියලා. මට පොලිසි ගානෙ රස්තියාදු වෙන්න බෑ. මම ඒ නිසා සෙටල්මන්ට් එකට යනවා. ඒකට ගිහින් වැඩට යන්න පරක්කු වෙනවා. ලොක්ක අහනව ‘එච්.ආර්. එකට කියන්නද නැත්තං වෙන මොකක් හරි සෙටල්මන්ට් එකකට යනවද?‘ කියලා… එතනදිත් මට රස්සාව නැතිකරගෙන බැරි නිසා වෙන සෙටල්මන්ට් එකකට යනවා. ආපහු ගෙදර එනකොටත් ඒ ටැක්සියෙ ඩ්‍රයිවර් එක්ක මට වෙන සෙටල්මන්ට් එකකට යන්න වෙනවා. ඔහොම දවසට තුන්පාරක් ගිහින් ගෙදර ආවම මට මහන්සියි. ඉතිං මහත්තය එක්ක ආස්‍රය කරන්න අමාරුයි…“

ඩොක්ටර් ටිකක් කල්පනා කලා…

“ඒකත් එහෙමද… දැන් අපි මේක මිස්ටර් පෙරේරට කියනවද නැත්තං වෙන සෙටල්මන්ට් එකකට යනවද?“

හිලේ කතාව මෙතනින්

Advertisements

10 thoughts on “වෙන සෙටල්මන්ට් එකකට යමු!

  1. අයියෝ පෙරෙයිරාහ්

  2. දැන් අපි මේකට කමෙන්ට් කරන්නද වෙන සෙට්ල්මන්ට් එකකට යන්නද?? 😀 😀

  3. සෙට්ල්මන්ට් කිව්වාමත් හිරිවැටෙන සයිස් එකක් තියෙන්නේ. එතකොට ඔය මහවැලියේ හෙම… හපොයි.

  4. ඇයි යකෝ මම එක එකීලට දෙන ටෝක ගෙඩි පිටින්ම දැම්මෙ…
    තෝව නයාම දෂ්ට කරපිය…..:):):).

  5. හෙහ්, පෙරේරාටත් වෙන සෙටල්මන්ට් එකක් තමයි හොයා ගන්න වෙන්නේ..

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s