ලොකු ඒව විතරයි හරියන්නේ

සමන් දවසක් කුස්සියෙ උළුවස්සට හේත්තු වෙලා නෝන උයනව බලාගෙන හිටියලු. මේ සමන් ජෝකර් මල්ලිගෙ යාළුවෙක් හො‍ඳේ. ඔන්න ඉතිං ටික වෙලාවක් බලං ඉඳල කටහඬ අවදි කලාලු.

“ඔයාගෙ පස්ස පැත්ත සෑහෙන්න ලොකු වෙලානෙ බබා…”

නෝන සමන් දිහා හැරිල බලල කිණ්ඩි හිනාවක් දාල ආයෙත් උයන වැඩේට බැස්සලු.

“සිරාවටම කියන්නෙ… ඔයාගෙ නන්ස්ටික් තාච්චියටත් වඩා ලොකු ඇති”

නෝන ඒ පාරත් සමන්ගෙ මූණ බලල ආයෙත් වැඩ කරන්න ගත්තලු.

සමන් නෝනගෙ මහන මැෂිමෙ ලාච්චුවෙන් ටේප් එකත් අරන් ඇවිත් කුස්සියෙ එල්ලල තිබුණ නන්ස්ටික් තාච්චියෙ වටේ මැන්නලු. ඊට පස්සෙ නෝනගෙ උකුල වටේත් මැන්නලු.

“ඔව්මයි… මේ බලන්න. ඔයාගෙ පස්ස පැත්ත තාච්චියට වඩා අඟල් හතරක් වැඩියි”

නෝන ඒත් වැඩිය ගණං ගත්තෙ නෑලු.

ඔන්න රෑ වෙලා දෙන්න කාල බීල නිදාගන්න ගියාම සමන්ට ආදර හැඟුම් පහල වෙලාලු. පොර දැන් නෝනවත් අවුස්සගන්න එහෙන් මෙහෙන් එක එක වැඩ දානවලු. ඇඟිල්ලෙන් අනිනවලු. නොනගෙ කණට එක එක ‘ආදරේට කියන කතා’ කොඳුරනවලු. මේක නෝනට මළ වදයක් වෙලාලු දැන්. මළ පැනලා සමන් දිහාට හැරුණලු.

“මේ හලෝ…. මේක ලොකු තාච්චියක්… ඔය පොඩි සොසේජ් මේකෙ බදින්නෙ නෑ”

කියල අනිත් පැත්තට හැරුණලු.

හිලේ කතාව මෙතනින්

Advertisements

14 thoughts on “ලොකු ඒව විතරයි හරියන්නේ

  1. එහෙනම් අල්ලපු ගෙදර එකාගෙ වම්බොට්ට වෙන්න ඇති පුළුවන් ඇත්තෙ.

  2. අම්මපා මේ ගැනුන්ට ශරිර වර්නනාවක් තේරෙන්නේ නැති හැට්යක්

  3. ඒ උනාට පොඩි තාච්චියෙ ලොකු සොසෙජස් බදිනකොට තාච්චියටත් අමාරුයි සොසේජස් එක රහත් නෑ

  4. පොර ඉල්ලන්නෙ කාලා තියෙන්නෙ.

  5. පවු පොඩි සොසේජ් එක ඉන් පස්සෙ පොඩි තාච්චියක් හොයාගෙන යන්න ඇති..

  6. පවු බං සමන් බුවා.. ඌටත් ඉතින් ලොකු සොසේජ් එකක් හදා ගන්න තියෙන්නේ..

  7. තාච්චිය අනිත් පැත්ත හරවලා ෆිට් එකේ බැදගන්න තිබුනා

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s