වරදට සමාව දෙනවලුනේ…

පෙරේර මහත්තය‍ගෙ දුවට අවුරුදු 33යි. දැක්ක ගමන් ඇස් එළියට පනින තරං ලස්සන නැතත් ඒකි ඇහැට කනට පේන හැඩ ගෑණියක්. ඉගෙනගෙන රස්සා කලා මිස ලව් මාන්දම ගැහුවෙ නෑ… කසාද ගැන බැළුවෙ නෑ.

කේන්දරේ පට්ට අවුල් නිසා මේ සම්මතේට මිනිහෙක් සෙට් වෙන්නෙ නෑ කියල කේන්දර පොරවල් හත් අටදෙනෙක්ම කිව්වා. ඔය ටීවී එකේ, රේඩියෝ එකේ ජෝතිස් ප්‍රෝග්‍රෑං වලට එන සියල්ල දත් බුවාල දහ දොලොස් දෙනෙක්ගෙන්ම කෝල් දීල ඇහුවත් ලැබෙන්නෙ එකම උත්තරේ. කෙල්ලට විවාහ අපලෙලු. ඒ නිසා පෙරේරයි නෝනයි හිටියෙ කනස්සල්ලෙන්.

කෙල්ලත් මේකට නිතරම නෝක්කඩු කිව්වා. අම්මල තාත්තලගෙ වදේට ඉගෙනගත්ත විතරයි. රස්සාවක් තිබුණට මිනිහෙක් නැතුව හිතේ සතුටක් කොහෙද. මිනිහෙක් දිහා ඇහැක් ඇරල බලල නෑ මේ වෙනකල්. අයියෝ කරුමේ කිය කිය තමයි කෙල්ලත් හිටියෙ.

ඒ අතරෙ මිනිහෙක් නැතිව වේලෙන මේකි දිහා හන්දියෙ කොල්ලො ටිකත් හිටියෙ ඇහැ දාගෙන.

අන්තිමේ දෙමාල්ලො දෙන්න තීරණේ කලේ කකුලක් අතක් නැති කලින් බැඳපු වයසක මිනිහෙක් උනත් කමක් නෑ වෑහෙන්න සල්ලි තියෙනවනං කෙල්ල දීල දාන්න. ඔය අතරෙ තමා පත්තරේ මංගල යෝජනා එකේ පංකාදු ඇඩ් එකක් දැක්කේ.

“සිංහල, බොදු ගොවි බස්නාහිර අවු 40ක් වුවත් 35 පෙනුම ඇති, උස අඩි 5’7″ක් වන ව්‍යාපාර රැසක අයිතිය හිමි, නිවාස හා දේපළ හිමි, ඉංග්‍රීසි කතා කරන, සුළු වරදක් නිසා එකම හුරුබුහුටි දරුවකු රක්ෂා කරන එකම පුතුට, පැහැපත්, පි‍්‍රයමනාප රූ සපුවකින් යුතු, ඉංගී‍්‍රසි කථා කළ හැකි, උගත්, මනා චරිතවත්, වයස අවු. 35 ට අඩු දියණියක සොයයි. භේද නොසැලකේ. වරදට සමාව දෙනු ලැබේ.”

‍පෙරේර මහත්තය කඩිමුඩියෙ සරමත් ගැටගහගෙන දෝණියන්දැයි නෝනයි හොයාගෙන කුස්සියට දිව්වා.

“ඕං කෙල්ලට සිකුර ලබන්න යන්නේ… මේන් තියෙනව තිතට හරියන ‍යෝජනාවක්”

කෙල්ල පත්තරේ අරන් බැලුවලු. බලලා කඩිමුඩියෙ මිදුලට පැනල දුවන්න ගත්තලු. පෙරේර කෑ ගහල ඇහුවලු.

“කොහෙද බං ඒක කියෝපු ගමන් දුවන්න ගත්තේ”

කෙල්ලත් කෑ ගහල කියාගෙන දිව්වලු.

“වරදට සමාව දෙනවලුනේ…. මං හන්දියට දුවල වරදක් දෙකක් කරගෙනම එන්නාං…”

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.

Advertisements

14 thoughts on “වරදට සමාව දෙනවලුනේ…

  1. යකෝ නියමයි….නියමයි….
    පේනවා නේද කෙල්ලො ඇටෙන් පොත්තෙන් පැන්න ගමන් ගඩොල් ලෝඩ් හතරක් පහක්වත් නොබා හිටියම තියෙන තදියම.

  2. ජෝ මලේ වැරදි 12 කට විතර සමාව දෙනවා
    පුලුවන් නම් මටත් එකක් සෙට් කොරල දියන්කො

  3. එතකොට සුලු වැරද්දකින් දරුවෙක් සිටි

  4. සුළු වරදට දරුවෙක් නම්
    මහ වරදට??????

  5. හන්දියෙනුත් වරදක් කෙරුන් නැත්තං පවු.. කෙල්ල..

  6. කාලෙකට පස්සේ හිනායන කතාවක් ඇහුවා

    • මේක මේ ජෙනුයිං ජෝකර් මල්ලිගෙ කතාවක්! ඒකයි රහස 😉

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s