දූපතක තනිවුණ ගැහැණු සහ පිරිමි

ඔන්න මචංලා සංචාරක නැවක් කුණාටුවකට අහු වෙලා කාත් කවුරුවත් නැති පාළු දූපතකට ගියාලු.

මේ නැවේ හිටියලු මෙන්න මෙහෙම කට්ටිය.

ඉතාලි පිරිමි 2 ගෑණු 1
ප්‍රංශ පිරිමි 2 ගෑණු 1
ජර්මන් පිරිමි 2 ගෑණු 1
ග්‍රීක පිරිමි 2 ගෑණු 1
ලැත්වියන් පිරිමි 2 ගෑණු 1
ජපන් පිරිමි 2 ගෑණු 1
චීන පිරිමි 2 ගෑණු 1
ඔස්ට්‍රේලියන් පිරිමි 2 ගෑණු 1
අයර්ලන්ත පිරිමි 2 ගෑණු 1
එංගලන්තෙ පිරිමි 2 ගෑණු 1
ලංකාවෙ පිරිමි 2 ගෑණු 1

මාසෙකට පස්සෙ මෙන්න මේකලු සීන් කෝන් එක…

එක ඉතාලි පොරක් අනිත් ඉතාලිකාරයව මරල ඉතාලි ගෑණිත් එක්ක ඉන්නවලු.

ප්‍රංශ කාරයො දෙන්නම ප්‍රංශ ගෑණිත් එක්ක ත්‍රීසම් ක්‍රමේට පවුල් කමින් සංතෝසෙන් ඉන්නවලු.

ජර්මන් කාරයො දෙන්න සතියෙන් සතිය ගෑණිව බුක් කරගෙන සන්තෝසෙන් ඉන්නවලු.

ග්‍රීක් කාරයො දෙන්නට ගෑණි වගක්වත් නෑලු. උන් දෙන්න සම ආතල් ගන්නවලු. ගෑණි උන් දෙන්නට කන්න බොන්න හදල දෙනවලු.

ලැත්වියන් පිරිමි දෙන්න මුහුද දිහා පැයක් විතර බලාගෙන හිටියලු. ඊට පස්සෙ ගෑණි දිහා එක පාරක් බැලුවලු. පස්සෙ මූදට පැනල පීනන්න ගත්තලු.

ජපන් ඩයල් දෙක තත්ත්වය කියලා උපදෙස් ඉල්ලලා ටෝකියෝ නුවරට රේඩියෝ පණිවිඩයක් යැව්වලු.

චීනකාරයො දෙන්න ෆාමසියක් දැම්මලු. තව.. බාර් එකක්, රෙස්ටුරන්ට් එකක්, ලොන්ඩ්‍රියක්, සිල්ලර කඩයක් දැම්මලු. ගෑණි පුළුවන් තරං ඉක්මනට ගැබ්බර කලාලු. මොකද උන්ට උන්ගෙ කඩවල වැඩ කරන්න ජනතාව එපැයි.

ඔස්ට්‍රේලියන් බුවාල දිවි නහගන්නලු කල්පනාව. මොකද ගෑණිගෙන් මළ කන්දොස්කිරියාවලු. ඒකිගෙ බොඩි ෂේප් එක, කාන්තා ලාලිත්‍ය ගැන කයිවාරුව, පිරිමි එක්ක සම තැන ඉල්ලීම, අව්වෙ ඉන්නකොට කළු වෙන එක, කෑම හදද්දි අත්වල දැලි ගෑවෙන එක, අම්මව මතක් වෙන එක, අන්තිමට හිටපු කොල්ල එයාව කොච්චර හොඳට බලාගත්තද කියන එක වගේ එක එක ඒව ගැන මා….ර කන්දොස්කිරියාවලු ඒකිගෙන්.

අයර්ලන්ත පොරවල් දෙන්න දූපත උතුරු සහ දකුණු කියල බෙදාගත්තලු. විස්කු පෙරන්න ගත්තලු. ෂොට් එකක දැම්මම සේරම බොඳ වෙලා ගෑණියෙක් ඉන්නව කියල අමතක වෙනවලු. එංගලන්ත කාරයො දෙන්න කිසි ආතල් එකක් නැතිව ඉන්න එකම උන් දෙන්නට සන්තෝසෙන් ඉන්න හේතුවක්ලු.

එතකොට ඇයි එංගලන්තෙ ඩබල අසන්තෝසෙන් ඉන්නේ?

උන් දෙන්න තාම ඉන්නවලු කවුරු හරි තමන්ව අර එංගලන්ත ගෑණිට සම්මත විධියට අඳුන්වල දෙයි කියල බලාගෙන.

එතකොට ලංකාවෙ ඩයල්?

උන් මොනව කරනව ඇද්ද හොඳයි?

Advertisements

12 thoughts on “දූපතක තනිවුණ ගැහැණු සහ පිරිමි

  1. ඔය ඉන්න හැම ගෑනිත් එක්කම චක්කරම් පනින්න ඇති

  2. ලංකාවෙ උන් දෙන්නම අතේ ගහනව ඇති

  3. ගෑනි එකෙකුට හොරෙන් තව එකෙක් එක්ක ඉන්න ගමන් කියනව ඇති “මන් ඉන්නේ ඔයා එක්ක විතරමයි,අරූව මට පෙන්න බෑ ” කියලා දෙන්නටම

  4. උන් දෙන්නා අනිත් ඔක්කොම රටවල ගෑනුන්ට කොටු පැන පැන ඇති.

  5. ලංකාවේ ගෑණි කිව්වලු- තව පස් දෙනෙක් ආවොත් එක ගෙයි කන්න පුළුවන් කියලා

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s