යෝගට් කමු නේද?

හොරු දෙන්නෙක් මහ රෑ බැංකුවක් කැඩුවලු. අමාරුවෙන් සේප්පුවක් ඇරගත්තලු. ඒ උනාට ඒකෙ සල්ලි තිබුණෙ නෑලු. හැබැයි පොඩි පොඩි කප්වල දාල යෝගට් වගයක් තිබුණලු. ඩබල ‍ටිකක් කෑවලු. ඒ තරම්ම රසත් නැහැලු.

තව සෙප්පුවක් ඇරියලු. ඒකෙත් යෝගට්ලු. හැබැයි ඒව ටිකක් විතර කලින්ට වඩා හොඳයිලු. ටිකක් වැඩිපුර කෑවලු. තව සෙප්පුවක් ඇරල බැලුවම ඒකෙත් යෝගට්මලු.

“මොන රෙද්දක්ද බං මේ… පළයං ගිහින් බෝඩ් එක බලල වරෙං. මේක ඇත්තටම බැංකුවක්ද කියලා”

බැරිම තැන ලොකු හොරා පොඩි හොරාට කිව්වලු. පොඩි හොරා එළියට ගිහිං බලාගෙන ආවලු.

“බැංකුවක් තමයි බං. බෝඩ් එකේ ගහලම තිබුණා”

“මොනව කියලද තිබුණේ”

“ඈස්ලන්ත ශුක්‍රාණු බැංකුව කියලා”

Advertisements

8 thoughts on “යෝගට් කමු නේද?

  1. ශ්‍රක්‍රානු හෝගට ්විදියට ඝන කරලා නේද? ඒකත් හොද වැඩේ.. නැත්තං නරක් වෙනවා නෙව..

  2. තනිකර බොරුනෙ මල්ලි කියන්නෙ..
    ශුක්‍රාණු බැංකු වල තියෙන්නෙ අංශක ඍණ එකසිය ගානට ෆ්‍රීස් කරලා… කාමර උෂ්ණත්‍වයේ නෑ,… එහෙම තියෙන ශුක්‍රාණු ජීවත් වෙන්නෙ නෑ,..
    තනිකර බොරු.. පට්ටපල් බොරු..

    • අපොයි මේ අක්කට/අයියට විහිළු සම්බන්ධ සීරියස් ප්‍රශ්ණයක් තියෙනව වගේ. ඕනවට වඩා සිරා හිතන්න ගියාම හිනාවෙන්න බැරි වෙනවා.

      ශ්‍රක්‍රාණු බැංකුවල වීදුරු කබඩ්වල ශ්‍රක්‍රාණු දාල තියන්න බෑ කියන එක ඕන කෙනෙක්ට තේරෙණවනේ. ඇත්තටම ඒව තියෙන්නෙ ද්‍රව නයිට්‍රජන් ටැංකිවල.

      • ජෝකර් මල්ලි විහිලූ කරනවද මන්දා. ඒවා නිකං ම නෙ තියෙන්නෙ. ඉඳලා හිටලා රෙදි කෑල්ලකින් ඔතනවා. මගෙ ගාවත් තියෙනවනෙ. ද්‍රව නයිට්‍රජන් නම් නැහැ

      • හෙහ් හෙහ්… මේ ඉන්නෙ හිනාවෙන් ඉන්න ජොලි පොරවල්… එහෙයි එහෙයි මචං… ඒවා අයිතිකාරය ගාව තියෙද්දි දුව නයිට්‍රජන් ඕන නෑ… සුවබාවික රැකවරණේ…

      • 🙂

      • 😀

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s