ලෝකෙ මුල්ම ගෑණියි මිනිහයි ලංකාවෙ අය…!

එංගලන්තෙ පොරකුයි, ප්‍රංශෙ පොරකුයි ලංකාවෙ පොරකුයි චිත්‍ර ප්‍රදර්ශණයක් බලනවලු. එක චිත්‍රෙක ආදම්, ඒව කපල් එක ඊඩන් උයනෙ ඇපල් ගහ යට ඉන්න සීන් එකක් තිබිල තුන් දෙනාම ඒක දිහා බලං හිටියලු.

“ෂහ්… බලන්න මේ දෙන්න ඉන්න වැදගත් විධිය. නියම ජෙන්ටල් පෙනුමක් තියෙන්නෙ. මට හිතෙන්නෙ ෂුවර් එකටම මෙයාල ඉංග්‍රීසි ජාතිකයෝ”

එංගලන්තෙ පොර කිව්වලු. එතකොට ප්‍රංශෙ බුවත් කට දැම්මලු.

“පිස්සුද හලෝ… මෙයාල අමු හෙළුවෙන් ඉන්නේ කිසි ලැජ්ජාවක් නැතිව. ඒ වගේම මෙයාල කිරිගරුඩෙන් හැදුව වගේ ලස්සනයි. මෙයාල ෂුවර් එකටම ප්‍රංශ ජාතිකයො”

එතකොට ශ්‍රී ලංකාවෙ බුවා කිණ්ඩි හිනාවක් දාල ‍කිව්වලු.

“තමුසෙල දෙන්නටම පිස්සු. මේ ශ්‍රී ලංකාවෙ දෙන්නෙක්”

අනිත් දෙන්නට කුතුහලේලු.

“ඒ කොහොමද?”

“දැන් බලනවා… මේ දෙන්නට හරියට ඉන්න තැනක්, අඳින්න ඇඳුමක් නෑ… කන්න තියෙන්නෙත් එකම එක ඇපල් ගෙඩියක් විතරයි. ඒ උනාට පින්තූරෙට පේන්න සන්තෝසෙනුත් ඉන්නවා. අනික මෙයාල ඉන්නෙ පාරාදීසයෙ කියල මෙයාලව හොඳට අන්දලත් තියෙන්නෙ. ඉතිං මේ දෙන්න ලංකාවෙ ඇර වෙන කොහෙවත් වෙන්න බෑනෙ.”

Advertisements

20 thoughts on “ලෝකෙ මුල්ම ගෑණියි මිනිහයි ලංකාවෙ අය…!

  1. අන්න කතාව! අනිවා සිරි ලංකාවේම තමා ජෝ

  2. හහ්.. දැන් නං ඒ කතාව ගැලපෙනවා .තමා

  3. අපි ගැන සතුටුයි. . .

  4. හිකිස්

  5. Great! Your story talks a lot!

  6. හෙහ්..හෙහ්..ඔය පින්තුරේ වැදගත් වැඩියි මල්ල දැන් ලංකාව ගැන කියන්න…
    ඔය පින්තුරවල හමයි.මසුයි නැතිව දැම්ම නම අදට ගැලපෙන්නෙ..

    • එහෙම එකක් නෑනෙ හොයාගන්න. තියෙන්නෙම සෞඛ්‍ය සම්පන්න ඒවා 😀

  7. පින්තූරෙට පේන්න සන්තෝසෙනුත් ඉන්නවා – me kella ela jo malli 😀

  8. කික්ම තමයි ජෝ මල්ලි!

  9. අනිවා එහෙනම් ලංකාවෙම තමයි.. ආයේ අහන්න දෙයක් නෑ..

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s