බැරි වෙලාවත් ඩිවෝස් වෙන්න හිතුණොත්?

ඔන්න කසාද බඳින්න හිතාගෙන හිටපු කපල් එකක් වෙඩින් එකට සතියක් විතර තියෙද්දි ජෝකර් මල්ලිගෙ බොස්ගෙ කාර් එකේ හැප්පිලා ඇක්සිඩන්ට් වෙලා මළාලු. මුන් දෙන්න බුල්ෂිටාගමේ හෙන භක්තිමත් ඩයල් නිසා කෙලින්ම ගිහින් නැවතුනෙ දිව්‍ය ලෝකෙලු. දිව්‍ය ලෝකෙට ගිහින් මෙයාල දෙන්න එහෙ චීෆ් දේව ධූත් පොරක් හම්බඋනාලු.

“දේව ධුතයියෙ… අපි මැරි කරන්න හිටියෙ. ඒ උනාට මැරුණනේ. අපට බැරිද මෙහෙදි කසාද බඳින්න”

“කවුරුත් මීට කලින් එහෙම ඉල්ලල නෑ. මම අපේ දෙයියන්නාස්සෙට කියල බලන්නං. මේව ලේසියෙන් කරන්න පුළුවන් වැඩත් නෙවෙයිනේ”

ඔන්න කපල් එක දිව්‍ය ලෝකෙ තනි කුටියකට වෙලා මාසයක් දෙකක් ඉඳල බැරි තැන ආයෙත් දේව ධූත් පොර ගාවට ගිහින් විස්තරේ කිව්වලු. දේව ධූත් ලොක්ක ඔළුව කහ කහ උත්තර දුන්නලු.

“හරි හරි මම මේ ගැන දැනටමත් කතා කරල තියෙන්නෙ. මෙහෙ කවුරුවත් කසාද බඳින්නෙ නැති නිසා වැඩේ කරන විධිය කවුරුත් වැඩිය දන්නෙ නෑ… මම සේරම සෙට් කරල ඔයාලට කියන්නං. මාසයක් දෙකක් විතර යයි හැබැයි”

ඔන්න මාසයක් දෙකක් යද්දි අර කපල් එකට දේව ධූත් පොරගෙන් පණිවිඩයක් ආවලු. දෙන්න ගියාලු බුවාව සෙට් වෙන්න.

“ඔන්න කියපු විධියටම තිතට වැඩේ කරා. ඔයාලට හෙටම බඳින්න පුළුවන්”

“හැබැයි ධූතයියෙ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. බැරි වෙලාවත් අපි දෙන්නට පස්සෙ දවසක ඩිවෝස් වෙන්න හිතුණොත් එහෙම මොකද වෙන්නේ?”

දේව ධූත් බුවා ඔළුවෙ අත ගහගත්තලු.

“අනෙ අම්මේ… මේ… පිස්සුනං කෙලින්ඩ එපා… මම තමුසෙලව කසාද බන්දන්න දිව්‍ය ලෝකෙං ධර්ම බුවෙක් සෙට් කරගත්තෙ මාස ගාණක් කට්ට කාල පට්ට අමාරුවෙන්. ඩිවෝස් වෙන්න ලෝයර්ලනං මේ කපේදි හොයන්න වෙන්නෙ නෑ”

Advertisements

4 thoughts on “බැරි වෙලාවත් ඩිවෝස් වෙන්න හිතුණොත්?

  1. බැන්දම මොකෝ නැතුවම මොකෝ එකට සොමියේ ඉන්නවනම් ඒ ඇතිනේ.

  2. ඔය වැඩෙත් අපායට ගියා වගේ නිසා අපායට ගියොත් කර ගන්න පුළුවන් වෙයි ද?

    • අපායෙ නං ධර්ම ඩයල් සහ පූජක ඩයල් සේරම ඕන තරං ඇති.

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s