ආහාර දාමයේ මිනිසාට ඉහලින් තවත් සත්වයෙක්

ඉස්සරනං කිව්වෙ ආහාර දාමයේ මිනිසා ඉහලින් ඉන්නව කියල. ඒත් ඇත්තටම ඒක එහෙම නෑ.

modern food chain

Advertisements

හිට්ලර්ට පතුරු යනකල් බණිමු

18 + අයට විතරක් තේරෙයි ඈ… මේක ගැන මුකුත් නොකියා ඉන්න තරමට හොඳයි.
joker malli, ජෝකර් මල්ලි, jokermalli.wordpress.com

කියන්න අතමක වුණා. මේ ජෝකර් මල්ලිගෙ තවත් ග්‍රැපික් ජොකෙක්

ආශ්චර්ය උදාකරගන්න අළුත්ම යෝජනාවක්!

අවුරුදුගාණක් තිස්සෙ උදාවෙනකල් බලං හිටියට තාම එයා එන්නෙ නෑ වගේ. පාර්ලිමේන්තුවේ උත්තමයොත් වැහි වැහැල හිටියට ඒ ගාණත් මදි වගේ ඒ වැඩේට. ලබන අවුරුද්දදෙ තව විසි තිස්දෙනෙක්වත් පත් කරගෙන ආශ්චර්යා උදාකරයිද කියල ෂුවර් නෑ. ඒ මදිවට ඊයෙ පෙරේද වෙද්දි ආපු අළුත් ණය රිපෝට් එක්ක බලද්දි ආශ්චර්යා කවදාවත් තනි තනියෙන් ගෙන්නගන්න වෙන්නෙ නෑ කියල තමා ජෝකර් මල්ලිට හිතුණෙ. අපි හැමෝම එකතු වෙන්න ඕන මේ වැඩේට. මේ ග්‍රැපික් ජෝක්කුව බලලා අද හෙටම සල්ලි එකතු කරන්න පටංගන්න.

joker malli, ජෝකර් මල්ලි, jokermalli.wordpress.com

බජට් එකට කලබල වෙන්න දෙයක් නෑ!

joker malli,

මෙය ජෝකර් මල්ලි විසින්ම අමාරුවෙන් නිර්මාණය කල ග්‍රැපික් ජෝක් එකකි. කැමැත්තෝ උස්සත්වා. උස්සල ජෝකර් මල්ලිගෙන් ඉස්සුවා කියල කිව්වානං ෂුවර් එකටම බුල්ෂිටාගමේ දේව අනුහසින් ලබන ආත්මෙදිවත් මේ වගේ ගොන් කතා කියවන්න නොලැබෙන රටක ඉපදෙනව ෂුවර්…

කොන කැපීම

මේක කවුරුත් දන්න කතාවක ජෝකර් මල්ලිගෙ වර්ෂන් එක ඈ…

දන්නවනෙ ඇම්ඩන්ගෙ ක්‍රියාකලාපෙ ගැන. කට ඇරියොත් විනාසයි. කුණුහරුප විමානෙ. මේක ඇම්ඩන්ගෙ ටීචර්ට මළ වදයක් වෙලා තිබුණෙ. ඉතිං දවසක් ටීචර් ඇම්ඩන්ගෙ අම්මට එන්න කිව්වලු මේ ගැන කතා කරන්න.

ඇම්ඩන්ගෙ අම්ම එතකොට ගැබිණි මාතාවක්. එයා ඉතිං හෙමින් හෙමින් පංතියට ආවා. අම්ම දැක්ක විතරයි ඇම්ඩ පුටුව උඩ නැගගෙන අම්ම දිහාට ඇඟිල්ල දික් කරගෙන කෑ ගැහුවා.

“‍මෙන්න බලන්න මගේ වැඩ.. චීචර් දැක්කද මගේ වැඩ. කෝමද මගෙ වැඩ”

ඇම්ඩගෙ අම්ම අන්දුන්කුන්දුන්ලු. ටීචර් අම්ම ගාවට ගියාලු.

“පේනව නේද පුතාගෙ කෙරුවාව. කිසි කමකට නෑ. මේක කියන්නයි මම ඔයාට එන්න කිව්වෙ. ඇම්ඩන් මෙහෙ එනව. මොනවද මේ අම්මට ඇඟිල්ල දික් කරල කිව්වෙ”

ඇම්ඩ කුකුළ වගේ ඔළුව සාක්කුවෙ දාගෙන අම්මයි ටීචරුයි ගාවට ගියාලු.

“චීච… මේක මගේ වැඩක් කීල කිව්වෙ”

“කොහොමද මේක ඔයාගෙ වැඩක් වෙන්නෙ. නරක කතා කියන්න එපා ඇම්ඩන්…”

“නෑ නෑ චීච ඇත්තමයි. මම තමයි තාත්තිගෙ කොන්ඩංවල කොන කැපුවෙ”

අර වගේ එකක් තිබුණද?

Source -http://metalasfukk.wordpress.com/2013/07/18/metal-as-fukk-reality-tv-shows-that-never-aired/

“ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා”

‍මේ සින්දුව මේ දවස්වල නැගලම යන එකක්නේ… ඔය මගේ නොවෙන මගේම සීන් එකේ කෑල්ල හින්ද තමා සින්දුව ටොපේම හිට් උනේ…

ඔය සින්දුවට ආස අය ඉස්සර ආස කරපු තව සින්දුවක් තිබුණා…

හිතන්න බලන්න…

බෑ නේද…

මෙන්න මේක තමා ඒ….

“සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
ළංව ඉන්නට බෑ ‍ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ”

—————————
මේක ජෝකර් මල්ලිගෙ ඔරිමජිනල් ජෝක් එකකි. උපහාසාත්මක/අපහාසාත්මක හිනාවක් ගියේ නැත්නම් සමාවෙන සේක්වා.

ඇ‍ඟේ හැමතැනම කෙඳි එනවා

මේක ටික කාලෙකට කලින් උන කතාවක්. දන්වනෙ මීට අවුරුදු 40-50කට විතර කලින් කාලෙ වැඩිය ඉගෙනගන්න එකට උනන්දුවක් තිබුණෙ නෑනෙ ගොඩක් අයට. අන්න ඒ කාලෙ තමයි මේක උනේ

මේ කියන ගෑණු ළමයට ඒ හැටි වයසක් නෑ… යාන්තං ළමා විය ගෙවීගෙන යද්දිම මෙයා ඉස්කෝලෙ යන එක නතර කරලා බුරුසු හදන කොම්පැණියක රස්සාවට ගියා. මාස කීපයක් බුරුසුවලට කෙඳි හයි කරන වැඩේ කර කර ඉන්නකොට මේ ගෑණු ළමයට තේරුණා තමංගෙ ඇඟේ වෙනසක් වෙනව කියලා. එයාගෙ ඇඟේ රහස් තැන්වල කෙස් වැවෙන්න අරන් තිබුණා. මේක කෙල්ලට මාර පුදුමයක්ලු. කවදාවත් එහෙම නොවී ඇයි මේ එකපාරම මෙහෙම වෙන්නෙ කියල එයා දවල් රෑ කල්පනා කරනවලු.

අන්තිමේදි මෙයා තීරණේ කලාලු මේක මේ බුරුසු කොම්පැණියෙ වැඩ කරන නිසා හැදුන ලෙඩක් කියල. තමන් ටික ටික බුරුසුවක් වෙමින් ඉන්නව කියල එයා හිතුවලු. ඒ නිසා එයා වහාම රස්සාවෙන් අස්වෙන්න තීරණය කලාලු. එහෙම තීරණය කරල ගියාලු බොස් හම්බවෙන්න. බොසා අවුරුදු 40ක විතර බුවෙක්ලු.

ඔන්න කෙල්ල ගිහින් කිව්වලු මම රස්සාවෙන් අස් වෙනවා කියල. බොසා ඇහුවලු ඇයි හදිස්සියෙන් අස්වෙන්නෙ කියලා.

“බලන්න සර් මෙතන වැඩ කරල මට වෙන දේ. මම ටික ටික බුරුසුවක් වෙන්න පටන් අරං. මේ බලන්න ඇඟේ තැන් තැන්වල කෙඳි එනවා“

කෙල්ල ඇඳුම ටිකක් එහෙ මෙහෙ කරල බොසාට පෙන්නුවලු. බොසා දැනගත්තලු වැඩේ.

“ආ… ඕක ඔය වයසට සාමාන්‍ය දෙයක්නෙ දරුවා. හැමෝටම එහෙම තමයි. මේ බලන්න මගෙත් තියෙන්නේ“

ලොක්ක කලිසම පහත් කරල පෙන්නුවලු. කෙල්ල කෑ ගැහුවලු.

“ඔය ඔය මං කිව්වෙ. සර් මෙතන ලොක්ක හින්ද සර්ට බුරුසු මිටකුත් ඇවිත්“