සුපර් මෑන්ගෙ රෙද්ද

සුපර් මෑන් ජෝක් සීරීස් එකේ තුන්වෙනි එක තමා මේක. අළුත් සුපර් මෑන් ෆිල්ම් එකේ එක එක අළුත් සීන් අම්බානක් තියෙනවනේ… ඒ අස්සෙ සුපර් මෑන්ගෙ රෙද්දත් තාම තියෙනවා. මේ තියෙන්නෙ ඒ රෙද්ද ගැන කතාව.

සුපර් මෑන්ගෙ ලිංගික ජීවිතේ ගැන මෙතනින් බලන්ඩ.

ජෝකර් මල්ලිගෙ ග්‍රැපික් ජෝර්ක්ස්ස් තව බලන්ඩ ඕනනං මෙතනින් යන්ඩ.

joker malli, ජෝකර් මල්ලි, jokermalli.wordpress.com

Advertisements

මට එපා වෙලා ඕයි!

මට පට්ට මහන්සියි බං. බෝරිං වෙලා… කොටින්ම කිව්වොත් විහිළුත් එපා වෙලා.. ඒකයි කාලෙකින් ජෝක් එකක් දැම්මෙත් නැත්තෙ… හෙණ මහන්සියි… සෑහෙන්න කාලෙක ඉඳන් මට ඒ මහන්සිය දැණෙන්නෙ. මම හිතුවෙ දැන් රස්සා කරන්න අරන් අර තරුණ ගතිය ටික ටික නැති වෙනවද කියලා. අනික මේ යකඩ අඩු ලේ, විටමින් අඩුකම, පරිසර දූෂණේ, බඩ එන එක, බියර් බොන එක, බීඩි සුරුට්ටු බොන එක, සීනි ප්‍රශ්ණ, කෑම ප්‍රශ්ණ, ගෑණු ප්‍රශ්ණ, රටේ ප්‍රශ්ණ, ලෝක ආර්ථික ප්‍රශ්ණ වගේ එක එක ඒව නිසා මට මහන්සි දැණෙනව කියලයි මම හිතුවෙ.

උඹ හිතනව ඇති ජෝකර් මල්ලිට පිස්සු හැදිල කියල. මෙව්වයෙ සිද්ධවෙන සීන් දැක්කම පිස්සුත් හැදෙනව තමා. හැබැයි පිස්සුව නෙවෙයි මචං සිරා සීන් එක. මට මීටර් උනා මම මහන්සියෙන් ඉන්නෙ ඇයි කියලා.

මම මහන්සියෙන් ඉන්නෙ වැඩිපුර වැඩ කරන නිසා.

නිකමට හිතපං. මේ රටේ මිනිස්සු කෝටි 2ක් ඉන්නවා. ඒකෙන් ලක්ෂ හැත්තැ හයක්ම ‍වැඩ කරන්න බැරි වයසක කට්ටිය. ඒ අය ඇරුණම ඉන්නෙ එක්කෝටි විසිහතර ලක්ෂයයි. ඒකෙන් ලක්ෂ හතලිහක්ම ඉස්කෝලෙ හරි කැම්පස් හරි යන නැත්තං එය එක එක කෝස් කරන උන්. එතකොට ඉතිරි ලක්ෂ අසූ හතරයි. රජයෙ සේවකයො ලක්ස තිස් එකක් ඉන්නව. එතකොට වැඩ කරන්න ඉතිරි ලක්ෂ පණස් තුනයි.

ඒකෙනුත් විස්සක් ඉන්නව ආමි එකේ. දැන් උන්ට හෙන වැඩනේ. එතකොට තව දාහතර ලක්ෂයක් ඔය පළාත් පාලන ආයතන නගර සභා වගේ එව්වයෙ ඉන්නවා. එතකොට තව ලක්ෂ දහ නමයයි ඉතුරු. එයිනුත් අද වෙනකොට ලක්ෂ හතක් එක එක ලෙඩ හැදිල හොස්පිටල්වල ඉන්නවලු. එතකොට ඉතිරි ලක්ෂ දොළහයි.

එතකොට ඊළඟට ඉන්නෙ ෆේස් බුක් චණ්ඩි. අපි උඹල නෙවෙයි.. දන්නැද්ද ඔය එක එක කල්ලිවලට කඩේ යන්න ඉන්න හැබෑ ජීවිතේ පට්ට නෝංජල් හැබැයි ෆේස්බුක් එකේ ගේම ඉල්ලන උන්… අන්න එහෙම උන් දසලක්ෂතුන්දහක් ඉන්නව කියල මාක් අයිය කිව්වා. වෙන්න පුළුවන්නේ… කොහොම හරි දැන් ඉතිරි එක්ලක්ෂ අනූහත්දාහයි.

ඔයිනුත් ඔය සංස්කෘතිය රකින්න, දේශපාලුවො රකින්න පාරට බැහැල උග්ගෝෂණ කරන උන් පණස් පන්දාහක් ඉන්නව. උන්ගෙනුත් වැඩක් වෙන්නෙ නෑනෙ බං. ඉතිරි එක්ලක්ෂ හතලිස් දෙදාහෙන් ලක්ෂයක් ඉන්නෙ ආගමික පොරවල්… පූජක බුවාල. ඔය බුල්ෂිටාගමේ පූජක ඩයල් එහෙම අයිති ඔය ගොඩට. උන් බයිල ගගහ ඉන්නව මිස වැඩක් කරන උං නෙවෙයිනෙ. දැන් හතලිස් දෙදහයි ඉතුරු.

ඕකෙන් ඉන්නව අර හැම දේටම විරුද්ධවෙන මෙලෝ වැඩක් නොකර ලිප්ටන් වට රවුමෙම ඉන්න උන් විසිදාහක්… උන් ගැනත් වැඩක් නෑ කියලා.. එතකොට ඉතිරි විසි දෙදහෙන් ඔය පෝස්ටර් ගහන ඩයල් දහදාහක් ඉන්නවලු. උනුත් බත් පැකට් එකටයි අරක්කු කාලටයි පෝස්ටර් ගහන මොලෝ වැඩක් නැති උන්… දැන් දොළොස්දාහක් ඉතුරුයි.

ගේමක් දීල ඇතුලට ගිය අපේ ඉරාජ් අයිය පහුගිය දවසක හිරෙන් නිදහස් වෙලා ආවනෙ. මිනිහ කිව්ව දැන් එකොලොස්දාස් නමසිය අනූ අට දෙනෙක් හිරේ ඉන්නව කියල. එතකොට ඉතිරි දෙන්නයි.

ඉතිං හරිනෙ… ඒ උඹයි ජෝකර් මල්ලියි. උඹත් පුක උඩදාගෙන විහිළු කතා බල බල ඉන්නව මිස වැඩක් කරන්නෙ නෑනෙ.

ඉතිං මට පට්ට මහන්සි වෙන එක අහන්නත් දෙයක්ද?

කොන කැපීම

මේක කවුරුත් දන්න කතාවක ජෝකර් මල්ලිගෙ වර්ෂන් එක ඈ…

දන්නවනෙ ඇම්ඩන්ගෙ ක්‍රියාකලාපෙ ගැන. කට ඇරියොත් විනාසයි. කුණුහරුප විමානෙ. මේක ඇම්ඩන්ගෙ ටීචර්ට මළ වදයක් වෙලා තිබුණෙ. ඉතිං දවසක් ටීචර් ඇම්ඩන්ගෙ අම්මට එන්න කිව්වලු මේ ගැන කතා කරන්න.

ඇම්ඩන්ගෙ අම්ම එතකොට ගැබිණි මාතාවක්. එයා ඉතිං හෙමින් හෙමින් පංතියට ආවා. අම්ම දැක්ක විතරයි ඇම්ඩ පුටුව උඩ නැගගෙන අම්ම දිහාට ඇඟිල්ල දික් කරගෙන කෑ ගැහුවා.

“‍මෙන්න බලන්න මගේ වැඩ.. චීචර් දැක්කද මගේ වැඩ. කෝමද මගෙ වැඩ”

ඇම්ඩගෙ අම්ම අන්දුන්කුන්දුන්ලු. ටීචර් අම්ම ගාවට ගියාලු.

“පේනව නේද පුතාගෙ කෙරුවාව. කිසි කමකට නෑ. මේක කියන්නයි මම ඔයාට එන්න කිව්වෙ. ඇම්ඩන් මෙහෙ එනව. මොනවද මේ අම්මට ඇඟිල්ල දික් කරල කිව්වෙ”

ඇම්ඩ කුකුළ වගේ ඔළුව සාක්කුවෙ දාගෙන අම්මයි ටීචරුයි ගාවට ගියාලු.

“චීච… මේක මගේ වැඩක් කීල කිව්වෙ”

“කොහොමද මේක ඔයාගෙ වැඩක් වෙන්නෙ. නරක කතා කියන්න එපා ඇම්ඩන්…”

“නෑ නෑ චීච ඇත්තමයි. මම තමයි තාත්තිගෙ කොන්ඩංවල කොන කැපුවෙ”

ශබ්ද ලිංගිකත්වය

ඔන්න එක ගෑණු කෙනෙක් ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න ගියාලු.

“මට ලොකු ප්‍රශ්ණයක් තියෙනව ඩොක්ට. මායි හස්බනුයි ඇ‍ඳේ ඉන්න වෙලාවලදි එයාට උපරිමේට එද්දි ගොඩක් හයියෙන් කෑ ගහනවනෙ”

“නෝනා.. ඒක ප්‍රශ්ණයක් නෙවෙයි. සාමාන්‍ය ස්වභාවික දෙයක් ඒක…”

“ඒක හරි.. ඒත් ප්‍රශ්ණෙ කියන්නෙ එතකොට මට ඇහැරෙනවනේ…”

ඇ‍ඟේ හැමතැනම කෙඳි එනවා

මේක ටික කාලෙකට කලින් උන කතාවක්. දන්වනෙ මීට අවුරුදු 40-50කට විතර කලින් කාලෙ වැඩිය ඉගෙනගන්න එකට උනන්දුවක් තිබුණෙ නෑනෙ ගොඩක් අයට. අන්න ඒ කාලෙ තමයි මේක උනේ

මේ කියන ගෑණු ළමයට ඒ හැටි වයසක් නෑ… යාන්තං ළමා විය ගෙවීගෙන යද්දිම මෙයා ඉස්කෝලෙ යන එක නතර කරලා බුරුසු හදන කොම්පැණියක රස්සාවට ගියා. මාස කීපයක් බුරුසුවලට කෙඳි හයි කරන වැඩේ කර කර ඉන්නකොට මේ ගෑණු ළමයට තේරුණා තමංගෙ ඇඟේ වෙනසක් වෙනව කියලා. එයාගෙ ඇඟේ රහස් තැන්වල කෙස් වැවෙන්න අරන් තිබුණා. මේක කෙල්ලට මාර පුදුමයක්ලු. කවදාවත් එහෙම නොවී ඇයි මේ එකපාරම මෙහෙම වෙන්නෙ කියල එයා දවල් රෑ කල්පනා කරනවලු.

අන්තිමේදි මෙයා තීරණේ කලාලු මේක මේ බුරුසු කොම්පැණියෙ වැඩ කරන නිසා හැදුන ලෙඩක් කියල. තමන් ටික ටික බුරුසුවක් වෙමින් ඉන්නව කියල එයා හිතුවලු. ඒ නිසා එයා වහාම රස්සාවෙන් අස්වෙන්න තීරණය කලාලු. එහෙම තීරණය කරල ගියාලු බොස් හම්බවෙන්න. බොසා අවුරුදු 40ක විතර බුවෙක්ලු.

ඔන්න කෙල්ල ගිහින් කිව්වලු මම රස්සාවෙන් අස් වෙනවා කියල. බොසා ඇහුවලු ඇයි හදිස්සියෙන් අස්වෙන්නෙ කියලා.

“බලන්න සර් මෙතන වැඩ කරල මට වෙන දේ. මම ටික ටික බුරුසුවක් වෙන්න පටන් අරං. මේ බලන්න ඇඟේ තැන් තැන්වල කෙඳි එනවා“

කෙල්ල ඇඳුම ටිකක් එහෙ මෙහෙ කරල බොසාට පෙන්නුවලු. බොසා දැනගත්තලු වැඩේ.

“ආ… ඕක ඔය වයසට සාමාන්‍ය දෙයක්නෙ දරුවා. හැමෝටම එහෙම තමයි. මේ බලන්න මගෙත් තියෙන්නේ“

ලොක්ක කලිසම පහත් කරල පෙන්නුවලු. කෙල්ල කෑ ගැහුවලු.

“ඔය ඔය මං කිව්වෙ. සර් මෙතන ලොක්ක හින්ද සර්ට බුරුසු මිටකුත් ඇවිත්“

ව්‍යාකූල ලිංගිකත්වය

Source -http://madmikesamerica.com/2011/11/12-signs-of-a-depressed-man/

ඔන්න එක මනුස්සයෙක් ජෝකර් මල්ලිගෙ බොස්ගෙ කාර් එකේ හැප්පිලා ඇක්සිඩන්ට් උනාලු. වැඩේ කියන්නෙ එයාගෙ පුරුෂ ලිංගය සම්පූර්ණයෙන්ම නැති උනාලු.

ඔපරේෂන් කරපු ඩොක්ට මෙයාට කතා කලාලු.

“මිස්ටර් ඔයා බය වෙන්න එපා. දැන් වෛද්‍ය විද්‍යාව දියුණුයි. අපට පුළුවන් ඔයාට අළුත් එකක් බද්ධ කරන්න හැබැයි ගාණ ටිකක් සැරයි”

“කීයද ඩොක්ටර් ගාණ?”

“මේව දැනට සයිස් තුනකින් එනවා. පොඩි එකක් ලක්ෂ තුනයි. මීඩියම් එකක් ලක්ෂ පහයි. ලාජ් සයිස් එකක් ලක්ෂ අටක් වෙනව”

“මේකයි ඩොක්ට.. මම මේ ගැන වයිෆ් එක්කත් කතා කරල බලන්න ඕන. මට විනාඩි පහක් දෙන්න”

ඩොක්ටර් පැත්තකට ගියාලු. ඔන්න අපේ පොර වයිෆ්ට කෝල් එකක් ගත්තලු. විනාඩි කීපෙකට පස්සෙ ඩොක්ටර් ආවලු.

“හරිද? තීරණයක් ගත්තද?”

“ඔව් ඩොක්ටර්… අපි දෙන්න මේ ගැන කතා කරා. නෝන කියනව ඒකට වියදං කරල වැඩක් නෑ… ඒ සල්ලිවලින් කුස්සියට අළුත් පැන්ට්‍රි කබඩ් සෙට් එකක් හයි කරමු කියලා…”

බබි ආච්චිගෙ මීටරේ

මේක වැඩිහිටි නිවාසෙක උන සීන් එකක්. වයසක උදවිය වැඩිය කලබල වෙන්න ඕන නෑ. තරුණ ගැටිස්සියො ඉන්නවනං මේ වගේ කතාවලින් ආදර්ශ ගන්න එක ඉලන්දාරින්ගෙ වාසනාව.

මේ වැඩිහිටි නිවාසෙ හිටපු ඒබරන් සීයගෙ වයස අවුරුදු 99යි. මේක ගැන එයා මාර ලෙවල් එකෙන් හිටියෙ. අවුරුදු 99ක් වෙලත් තමන්ගෙ සෞඛ්‍ය තත්වෙ හොඳට තියෙන නිසා ඒ ගැන ලොකු සීන් එකේ තමා හිටියෙ. දවසට හත් අටවතාවක් තමංගෙ වයස ගැන පම්පෝරියකුත් ගහනවා. ඔන්න දවසක් ඒබරන් සීය වැඩිහිටි නිවාසෙ ඉන්න අර්නෝලිස් සීය ගාවට ගියා.

“අරේ උඹ දන්නවද මගෙ වයස?“

“හරියට කියන්ට බෑ බං… 85ක්?“

“99යි බං. කියන්නවත් බෑ නේද?“

ඔන්න ඊළඟට ගියාලු මර්තේලිස් සීය ගාවට.

“මරේ මගෙ වයස කීයක් විතර ඇද්ද උඹට හිතෙන විධියට?“

“මටත් 80යිනෙ බං. උඹට 90ක් විතර ඇති“

“99යි මස්සිනා වයස. එච්චර පේන්නෙ නෑ නේද?“

ඊළඟට ඒබරං සීය ගිරිගෝරිස් සීය ගාවට ගියාලු.

“මේ ගිරා… මගෙ වයස කීයයිද කියල කියපං බලන්න“

“උඹෙ වයස මම දන්වයැ… ඒත් මට හිතෙන්නෙ 87-88ක් වගේ ඇති“

“පිස්සුද බං… 99යි මට වයස.. ඒත් තාම කොල්ල වගේ ඈ…“

ඔන්න ඊළඟට සීය කිට්ටු කලේ බබි ආච්චි ගාවටලු. බබි ආච්චි ඔය පිරිමි රොත්තටම වඩා කපටි ගෑණි.

“බබී ඩලා… මගෙ වයස කීයක් විතර ඇද්ද?“

“හුම්ම්… වයස නේද? ඒක එහෙම කියන්න බෑ… පොඩ්ඩක් ළං වෙන්න“

ඒබරං සීයත් ළං උනාලු. බබි ආච්චි සරම ඇතුලට අත දාල සීයගෙ උපාංග ටිකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කලාලු.

“ඔහොම පොඩ්ඩක් හි‍ටිං කියන්ට… ම්… ආ…. හරි… ඒබරං, උඹේ වයස 99යි“

ඒබරංට පුදුමයිලු…

“හෑ…. ඒ කොහොමද බං හරියට කිව්වෙ? මේ ඉලව්ව අල්ලල වයස කියන්ඩත් පුළුවන්ද ගෑණුන්ට?“

බබි ආච්චි ගාණක් නැතිව කියල දැම්මලු මෙහෙම.

“එව්ව අල්ලල වයස කියන්ට පුළුහං නං මදෑ… මට ඇහුණ උඹ අනිත් උන්ට වයස කියනවා…“