මට එපා වෙලා ඕයි!

මට පට්ට මහන්සියි බං. බෝරිං වෙලා… කොටින්ම කිව්වොත් විහිළුත් එපා වෙලා.. ඒකයි කාලෙකින් ජෝක් එකක් දැම්මෙත් නැත්තෙ… හෙණ මහන්සියි… සෑහෙන්න කාලෙක ඉඳන් මට ඒ මහන්සිය දැණෙන්නෙ. මම හිතුවෙ දැන් රස්සා කරන්න අරන් අර තරුණ ගතිය ටික ටික නැති වෙනවද කියලා. අනික මේ යකඩ අඩු ලේ, විටමින් අඩුකම, පරිසර දූෂණේ, බඩ එන එක, බියර් බොන එක, බීඩි සුරුට්ටු බොන එක, සීනි ප්‍රශ්ණ, කෑම ප්‍රශ්ණ, ගෑණු ප්‍රශ්ණ, රටේ ප්‍රශ්ණ, ලෝක ආර්ථික ප්‍රශ්ණ වගේ එක එක ඒව නිසා මට මහන්සි දැණෙනව කියලයි මම හිතුවෙ.

උඹ හිතනව ඇති ජෝකර් මල්ලිට පිස්සු හැදිල කියල. මෙව්වයෙ සිද්ධවෙන සීන් දැක්කම පිස්සුත් හැදෙනව තමා. හැබැයි පිස්සුව නෙවෙයි මචං සිරා සීන් එක. මට මීටර් උනා මම මහන්සියෙන් ඉන්නෙ ඇයි කියලා.

මම මහන්සියෙන් ඉන්නෙ වැඩිපුර වැඩ කරන නිසා.

නිකමට හිතපං. මේ රටේ මිනිස්සු කෝටි 2ක් ඉන්නවා. ඒකෙන් ලක්ෂ හැත්තැ හයක්ම ‍වැඩ කරන්න බැරි වයසක කට්ටිය. ඒ අය ඇරුණම ඉන්නෙ එක්කෝටි විසිහතර ලක්ෂයයි. ඒකෙන් ලක්ෂ හතලිහක්ම ඉස්කෝලෙ හරි කැම්පස් හරි යන නැත්තං එය එක එක කෝස් කරන උන්. එතකොට ඉතිරි ලක්ෂ අසූ හතරයි. රජයෙ සේවකයො ලක්ස තිස් එකක් ඉන්නව. එතකොට වැඩ කරන්න ඉතිරි ලක්ෂ පණස් තුනයි.

ඒකෙනුත් විස්සක් ඉන්නව ආමි එකේ. දැන් උන්ට හෙන වැඩනේ. එතකොට තව දාහතර ලක්ෂයක් ඔය පළාත් පාලන ආයතන නගර සභා වගේ එව්වයෙ ඉන්නවා. එතකොට තව ලක්ෂ දහ නමයයි ඉතුරු. එයිනුත් අද වෙනකොට ලක්ෂ හතක් එක එක ලෙඩ හැදිල හොස්පිටල්වල ඉන්නවලු. එතකොට ඉතිරි ලක්ෂ දොළහයි.

එතකොට ඊළඟට ඉන්නෙ ෆේස් බුක් චණ්ඩි. අපි උඹල නෙවෙයි.. දන්නැද්ද ඔය එක එක කල්ලිවලට කඩේ යන්න ඉන්න හැබෑ ජීවිතේ පට්ට නෝංජල් හැබැයි ෆේස්බුක් එකේ ගේම ඉල්ලන උන්… අන්න එහෙම උන් දසලක්ෂතුන්දහක් ඉන්නව කියල මාක් අයිය කිව්වා. වෙන්න පුළුවන්නේ… කොහොම හරි දැන් ඉතිරි එක්ලක්ෂ අනූහත්දාහයි.

ඔයිනුත් ඔය සංස්කෘතිය රකින්න, දේශපාලුවො රකින්න පාරට බැහැල උග්ගෝෂණ කරන උන් පණස් පන්දාහක් ඉන්නව. උන්ගෙනුත් වැඩක් වෙන්නෙ නෑනෙ බං. ඉතිරි එක්ලක්ෂ හතලිස් දෙදාහෙන් ලක්ෂයක් ඉන්නෙ ආගමික පොරවල්… පූජක බුවාල. ඔය බුල්ෂිටාගමේ පූජක ඩයල් එහෙම අයිති ඔය ගොඩට. උන් බයිල ගගහ ඉන්නව මිස වැඩක් කරන උං නෙවෙයිනෙ. දැන් හතලිස් දෙදහයි ඉතුරු.

ඕකෙන් ඉන්නව අර හැම දේටම විරුද්ධවෙන මෙලෝ වැඩක් නොකර ලිප්ටන් වට රවුමෙම ඉන්න උන් විසිදාහක්… උන් ගැනත් වැඩක් නෑ කියලා.. එතකොට ඉතිරි විසි දෙදහෙන් ඔය පෝස්ටර් ගහන ඩයල් දහදාහක් ඉන්නවලු. උනුත් බත් පැකට් එකටයි අරක්කු කාලටයි පෝස්ටර් ගහන මොලෝ වැඩක් නැති උන්… දැන් දොළොස්දාහක් ඉතුරුයි.

ගේමක් දීල ඇතුලට ගිය අපේ ඉරාජ් අයිය පහුගිය දවසක හිරෙන් නිදහස් වෙලා ආවනෙ. මිනිහ කිව්ව දැන් එකොලොස්දාස් නමසිය අනූ අට දෙනෙක් හිරේ ඉන්නව කියල. එතකොට ඉතිරි දෙන්නයි.

ඉතිං හරිනෙ… ඒ උඹයි ජෝකර් මල්ලියි. උඹත් පුක උඩදාගෙන විහිළු කතා බල බල ඉන්නව මිස වැඩක් කරන්නෙ නෑනෙ.

ඉතිං මට පට්ට මහන්සි වෙන එක අහන්නත් දෙයක්ද?

Advertisements

ඇ‍ඟේ හැමතැනම කෙඳි එනවා

මේක ටික කාලෙකට කලින් උන කතාවක්. දන්වනෙ මීට අවුරුදු 40-50කට විතර කලින් කාලෙ වැඩිය ඉගෙනගන්න එකට උනන්දුවක් තිබුණෙ නෑනෙ ගොඩක් අයට. අන්න ඒ කාලෙ තමයි මේක උනේ

මේ කියන ගෑණු ළමයට ඒ හැටි වයසක් නෑ… යාන්තං ළමා විය ගෙවීගෙන යද්දිම මෙයා ඉස්කෝලෙ යන එක නතර කරලා බුරුසු හදන කොම්පැණියක රස්සාවට ගියා. මාස කීපයක් බුරුසුවලට කෙඳි හයි කරන වැඩේ කර කර ඉන්නකොට මේ ගෑණු ළමයට තේරුණා තමංගෙ ඇඟේ වෙනසක් වෙනව කියලා. එයාගෙ ඇඟේ රහස් තැන්වල කෙස් වැවෙන්න අරන් තිබුණා. මේක කෙල්ලට මාර පුදුමයක්ලු. කවදාවත් එහෙම නොවී ඇයි මේ එකපාරම මෙහෙම වෙන්නෙ කියල එයා දවල් රෑ කල්පනා කරනවලු.

අන්තිමේදි මෙයා තීරණේ කලාලු මේක මේ බුරුසු කොම්පැණියෙ වැඩ කරන නිසා හැදුන ලෙඩක් කියල. තමන් ටික ටික බුරුසුවක් වෙමින් ඉන්නව කියල එයා හිතුවලු. ඒ නිසා එයා වහාම රස්සාවෙන් අස්වෙන්න තීරණය කලාලු. එහෙම තීරණය කරල ගියාලු බොස් හම්බවෙන්න. බොසා අවුරුදු 40ක විතර බුවෙක්ලු.

ඔන්න කෙල්ල ගිහින් කිව්වලු මම රස්සාවෙන් අස් වෙනවා කියල. බොසා ඇහුවලු ඇයි හදිස්සියෙන් අස්වෙන්නෙ කියලා.

“බලන්න සර් මෙතන වැඩ කරල මට වෙන දේ. මම ටික ටික බුරුසුවක් වෙන්න පටන් අරං. මේ බලන්න ඇඟේ තැන් තැන්වල කෙඳි එනවා“

කෙල්ල ඇඳුම ටිකක් එහෙ මෙහෙ කරල බොසාට පෙන්නුවලු. බොසා දැනගත්තලු වැඩේ.

“ආ… ඕක ඔය වයසට සාමාන්‍ය දෙයක්නෙ දරුවා. හැමෝටම එහෙම තමයි. මේ බලන්න මගෙත් තියෙන්නේ“

ලොක්ක කලිසම පහත් කරල පෙන්නුවලු. කෙල්ල කෑ ගැහුවලු.

“ඔය ඔය මං කිව්වෙ. සර් මෙතන ලොක්ක හින්ද සර්ට බුරුසු මිටකුත් ඇවිත්“

වෙන සෙටල්මන්ට් එකකට යමු!

මිස්ටර පෙරේරා පවුල් සෞඛ්‍ය උපදෙස් ගන්න ආවලු දොස්තර කෙනෙක් ගාවට.

“බලන්න ඩොක්ටර්… බැඳල අවුරුදු කීපයක් වෙනව. කසාදෙ කිසි අවුලක් තිබුණේ නෑ. ඒත් මාස හයක විතර ඉඳන් අපේ නෝනට අර වැඩේ කරන්න උවමනාවක් නෑ… මම මාර ප්‍රශ්ණෙක පැටලිලා ඉන්නේ“

“හුම්ම්…. මේක එහෙනං නෝනත් එක්ක කතා කරන්න ඕන ප්‍රශ්ණයක්. හෙට නෝන එක්ක එන්න. එයත් එක්ක මම තනියෙන් කතා කරන්න ඕන“

පහුවදා මිස්ටර් පෙරේරා නෝනවත් එක්කගෙන ගියාලු දොස්තර ගාවට. දොස්තර පෙරේර මහත්තයට එළියෙ පුටුවක ඉන්න කියල නෝනව කාමරේට ගෙන්නගත්තලු තනියම ප්‍රශ්ණෙ කතා කරන්න.

“මොකද මිසිස් පෙරේර ඔයා මාස 6ක විතර ඉඳන් අඹුසැමි ආස්සරේ නතර කරලයි කියල මහත්තය කියන්නේ?“

“මේකනෙ ඩොක්ටර්…. ඔන්න මම උදේ වැඩට යනව ටැක්සියක… ඒකට ගෙවන්න මට සල්ලි නෑ. ඩ්‍රයිවර් අහනව ‘නෝන මොකද කියන්නෙ… පොලිසි යනවද එහෙම නැත්තං වෙන මොකක් හරි සෙටල්මන්ට් එකකට යනවද?‘ කියලා. මට පොලිසි ගානෙ රස්තියාදු වෙන්න බෑ. මම ඒ නිසා සෙටල්මන්ට් එකට යනවා. ඒකට ගිහින් වැඩට යන්න පරක්කු වෙනවා. ලොක්ක අහනව ‘එච්.ආර්. එකට කියන්නද නැත්තං වෙන මොකක් හරි සෙටල්මන්ට් එකකට යනවද?‘ කියලා… එතනදිත් මට රස්සාව නැතිකරගෙන බැරි නිසා වෙන සෙටල්මන්ට් එකකට යනවා. ආපහු ගෙදර එනකොටත් ඒ ටැක්සියෙ ඩ්‍රයිවර් එක්ක මට වෙන සෙටල්මන්ට් එකකට යන්න වෙනවා. ඔහොම දවසට තුන්පාරක් ගිහින් ගෙදර ආවම මට මහන්සියි. ඉතිං මහත්තය එක්ක ආස්‍රය කරන්න අමාරුයි…“

ඩොක්ටර් ටිකක් කල්පනා කලා…

“ඒකත් එහෙමද… දැන් අපි මේක මිස්ටර් පෙරේරට කියනවද නැත්තං වෙන සෙටල්මන්ට් එකකට යනවද?“

හිලේ කතාව මෙතනින්

බිරිඳද නැත්තං…

ගෙවල් නිර්මාණ ශිල්පියෙක්, කලාකාරයෙක්, කොම්පියුටර් ප්‍රෝග්‍රැමර් කෙනෙක් විධියට රස්සාවල් කරන යාළුවො තුන් දෙනෙක් සෙට් උනාලු. මේගොල්ලො කතා කරේ බිරිඳයි අනියම් බිරිඳයි ගැනලු.

ආකිටෙක්ට් මුලින් එයාගෙ මතේ කිව්වලු.

“මම කැමතියි මගෙ කසාද ගෑණිට. එයත් එක්ක ඉද්දි මම මාර ආරක්ෂිතයි කියල හිතෙනව මට. ඒ වගේම අපේ සම්බන්ධෙ ලොකු ඉමෝෂනල් ලෙවල් එකකට යනවා“

“හෙහ්… මමනම් කැමති නෑ බං ගෑණිත් එක්ක ඉන්න. මම වැඩිපුරම එන්ජෝයි කරන්නෙ මගෙ අනිත් එක්කෙනාව. එයා නිසා මම මගේ කලා ජීවිතේ සෑහෙන්න සාර්ථක කරගත්තා. මොකද එයා දන්නව එකම විධියට නැතිව එක එක විධියට ජීවිතේ රස විඳින්න“

කලාකාරයත් තමන්ගෙ අදහස කිව්වලු.

එතකොට ප්‍රෝග්‍රැමර් කිව්වලු.

“මම නම් මට ඉන්න දෙන්නටම කැමතියි“

“දෙන්නටම?“

අනිත් දෙන්න පුදුම වෙලා ඇහුවලු.

“ඔව් ඔව් දෙන්නටම… මොකද ඔය දෙන්නම හිතාගෙන ඉන්නෙ මම අනිත් එක්කෙනා එක්ක ඉන්නව කියල. මට පුළුවන් ඒ වෙලාවෙත් තව කෝඩ් ටිකක් කොටල දාන්න.“

හිලේ කතාව මෙතනින්

බලු වැඩ

දන්නවනෙ ඔය බල්ලො ඇති කරන අයගෙ ක්ලබ් එහෙම තියෙනවා. ජෝකර් මල්ලිත් මේ ක්ලබ් එකක ඉන්නවා. එයාගෙ වල් බල්ල නිසා තමා ඒ චෑන්ස් එක. මේ ක්ලබ් එකක සාමාජික යාළුවො හතර දෙනෙක් දවසක් ක්ලබ් එකෙන් කරපු බලු තරගයක් ඉවර වෙලා එකෙක්ගෙ ගෙදර පොඩ්ඩක් සෙට් උනාලු. ඔය ගෙදර අයිතිකාර යාළුව ඉන්ජිනියර් කෙනෙක්ලු. තව යාළුවෙක් එකවුන්ටන් කෙනෙක්ලු. තුන්වෙනිය කෙමිස්ට්‍රි ‍ප්‍රොෆෙක්ලු. අන්තිමය රජයෙ සේවකයෙක්ලු. මෙයාලගෙ බල්ලො හතර දෙනත් ළඟ ඉන්නවලු.

පාටිය යද්දි ඉන්ජිනියර් කිව්වලු තමන්ගෙ බල්ල තමා මෙතන ඉන්න දක්ෂම එකා කියල. ඒක අහල අනිත් අය කිව්වලු ඔප්පු කරන්න කියල.

“ඒයි කොන්ක්‍රීට්… උඹේ වැඩ පෙන්නපං…”

ඉන්ජිනියර් බල්ලට කිව්වලු.

කොන්ක්‍රීට් කියන බල්ල කොලයකුයි පෑනකුයි අරන් රවුමකුයි කොටුවකුයි ත්‍රිකෝණෙකුයි ඇන්දලු නූලට! ඒක දැකපු අනිත් අය සතුටු උනාලු. ඒත් එකවුන්ටන් තමන්ගෙ බල්ල ඊට වඩා දක්ෂයි කියල ඔප්පු කරල පෙන්නනව කියල බල්ලට කතා කරාලු.

“ඒයි එක්සෙල්, කෝ… උඹේ වැඩ පෙන්නපං”

ඔන්න එක්සෙල් කියන බල්ල ගෙදර ෆ්‍රිජ් එක ඇරල බිස්කට් දුසිමක් තියෙන පැකට් එකක් ගෙනත් ඒක කඩල බිස්කට් තුන ගානෙ තියෙන ගොඩවල් 4ක් හැදුවලු.

එකවුන්ටන්ගෙ බල්ල ගැනත් අනිත් යාළු‍වො සතුටු උනාලු. ඒ අතරෙ කෙමිස්ට්‍රි ප්‍රොෆා තමන්ගෙ බල්ලගෙ වැඩ පෙන්නන්නත් ඕන කියල හිතල ඌට කතා කරාලු.

“කෝ මේ… බීකර් පුතා…. උඹේ වැඩ පෙන්නපං කොල්ලො….”

බීකර් කියන බල්ල ගිහින් ෆ්‍රිජ් එකෙන් ස්ප්‍රයිට් බෝතලේකුයි වීදුරු 4කුයි අරන් ඇවිත් ස්ප්‍රයිට් ඉතිරි නැතිව වීදුරු 4ට වක් කෙරුවලු හරි ගාණට සමානව එක පාරින්ම. මේකටත් කට්ටිය සතුටු උනාලු.

දැන් රජයේ සේවකයගෙ වාරෙ. අනිත් තුන් දෙනා පොරට කිව්වලු එයාගෙ බල්ලගෙ දක්ෂකම් පෙන්නන්න කියල. මිනිහත් බල්ලට කතා කලාලු.

“ස්ලීපර්… මෙහෙ වරෙං කුදගහගෙන බුදියන්නැතුව… උඹේ වැඩ පෙන්නහං බලන්න”

ස්ලීපර් කියන බල්ල පැනපුගමන් අර බිස්කට් ටික කාල දැම්මලු. වීදුරු 4ම තිබුණ ස්ප්‍රයිට් ටික බීල දැම්මලු. ගෑස් ඇරියලු හෝස් ගාලා. අර කොන්ක්‍රීට් බල්ල රූප ඇඳපු කොලේ උඩ චූ කරාලු. අනිත් බල්ලන්ගෙ පිට උඩ නැගල අතවර ටිකක් කරාලු. ඒ වැඩේ කරද්දි කොන්දෙ අමාරුව හැදුණ නිසා අසතුටුදායක කාර්යාලීය පරිසරය ගැන කියල කම්කරු කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලිව්වලු. ඒකට වන්දි ඉල්ලන ෆෝම් පිරෙව්වලු. අසනීප නිවාඩු දාල ගෙදර යනව කියල චිට් එකක් ලියල ආයෙත් පැත්තකට ගිහින් බුදියගත්තලු.

හිලේ කතාව මෙතනින්

දහයට එන්න හො‍ඳේ…

පොරක් ගියාලු ජොබක ඉන්ටවිව් එකකට. මෙයා ජෝකර් මල්ලිට කිසිම සම්බන්ධයක් නෑ හො‍ඳේ. ඔන්න ඉතිං එතන හිටපු ලොක්ක මිනිහගෙන් ප්‍රශ්ණ අහනවලු.

“ඔයාට මොනවට හරි ඇලජික් එකක් එහෙම තියෙනවද?”

“එහෙමමත් නෑ… හැබැයි ප්ලේන්ටි බිව්වම බඩේ ගෑස් එනවා… ඒ නිසා ප්ලේන්ටි බොන්නෙ නෑ මම”

“හුම්ම්… එතකොට… ඔයා කලින් කොහෙද වැඩ කරේ?”

“හෙහ් හෙහ්… හමුදාවෙනෙ සර්… මේම හිටියට රණ විරුවෙත් තමා… ඒ කාලෙ ඉරාකෙ මානුෂික මෙහෙයුම කරේ අපිනෙ.”

“ෂා නියමයි. අන්න එහෙම දක්ෂ කෙනෙක් තමා අපි හොයන්නෙ. ඇයි ඉතිං අයින් උනේ? පෙන්ෂන් ගියාද?”

“ඒකනෙ සර්… දැන් අපේ උන් කරන වැඩවල හැටියට අයින් උන එක ගැන දුකයි. ඒ උනාට කලින් පෙන්ෂන් යන්න උනා.”

“ඒ කියන්නෙ මොකක් හරි අනතුරක් උනාද?”

“ඔව්නෙ සර්… බෝම්බයක් පිපිරිල මගෙ ඇට දෙකම බ්ලාස්ට් උනානෙ…”

“හහ් හා… එහෙනං තමුසෙ තමයි ජොබ් එකට කියාපු බඩුව. හෙට ඉඳන් වැඩට එනව. අපි සාමාන්‍යයෙන් උදේ 8 ඉඳන් හවස 4 වෙනකල් වැඩ. හැබැයි තමුසෙ උදේ 10ට ආවට කමක් නෑ.”

“ඈ…? ඇයි සර් 10ට? මට උදේ 8ට වැඩට එන්න පුළුවන්. කිසි ප්‍රශ්ණයක් නෑ”

“මේකනෙ අයිසෙ. මේක රජයෙ තැනක්නෙ. අපි කොහොමත් උදේ 8 ඉඳන් 10 වගේ වෙනකල් ඇට කහ කහ ප්ලේන්ටි ගහන ගමන් බයිල කියවන එක තමා කරන්නෙ. තමුසෙ උදේ 8ට ආවට වැඩක් නෑනෙ ඉතිං”

හිලේ කතාව මෙතනින්

ෆේස්බුක් යන කෙල්ලෝ

මාස කීපෙකට කලින් හදිසි ඊ මේල් එකක් දාන්න මම ගියා සයිබර් කැෆේ එකකට. දන්නවනෙ සයිබර් කැෆේවල තියෙන මැෂින් ගැන.. තියෙන හැම සොෆ්ට්වෙයා එකම ඉන්ස්ටෝල් කරල මැෂින් එක පට්ට වේගවත් කියන්නෙ කියල වැඩක් නෑ වේගෙ. නෙට් එකත් ඒ වගේම වේගවත් නිසා මම ඉතිං මේල් එක ලෝඩ් වෙනකල් වට පිට බලබල හිටියා.

මට එහා පැත්තෙ මේසෙ කෙල්ලො දෙන්නෙක්ම තනි කොම්පියුටරයක් ඉස්සරහ ඉඳගෙන ෆේස් බුකියට ලොග් වෙල ඉන්නව. වටේ වැඩි සද්දයක් බද්දයක් නැති නිසා මුන් දෙන්න කියවන ඒව මට හොඳට ඇහෙනව. දන්නවනෙ කෙල්ලො ගැන. මෙලෝ මළදානයක් දන්නෙ නැති උනාට නොදන්න මගුලක් නෑ වගේ තමයි කතාව. එක කෙල්ලෙක්නං ෆේස් බුක් ගැන ටිකක් දන්නවා. අනිත් කෙල්ල ඒ තරම්වත් දන්නෙ නෑ.

කොල්ලෙක්ගෙ ප්‍රොෆයිල් එක දිහා බලාගෙන ඔන්න දෙන්න කරපු කතාව…

“මේ ඔයාට මෙයාව මතකද. විතාන සර්ගෙ ක්ලාස් ආවෙ…”

“ආනේ ඔව්මයි. දැන් තව සුදු වෙලා නේද? අර කැලෑ රැවුලත් කපල දාල”

“ඔව් බං… මාර ස්වීට් නේ… මාව අඳුනගෙන රික්වෙස්ට් එකක් එවල තිබුණ.”

“උඹේ පොඩි ක්‍රෂ් එකක් තිබුණ නේද ඌට”

“ඔව් බං. උඹට මතකයිනේ”

“මතකයි මතකයි… ඒ උනාට දැන්නං මූ ගැන ආයෙ හිතන්න යන්න එපා බං…”

“ඇයි?”

“ඇයි අහන්නෙ? පේන්නෙ නැද්ද Followed by 132 people කියල තියෙන්නෙ… ඔතනින් බාගෙකට වඩා කෙල්ලො වෙන්න ඇති. එච්චර ගාණක් උගෙ පස්සෙ ගියා කියන්නෙ ඉතිං ඌ හොඳ මිනිහෙක් වෙන්න බෑනෙ බං”

හිලේ කතාව මෙතනින්

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.