හාවුන් ගැන රුවන් වැකි

the_joker-wallpaper 500

මේක විහිළුවක්මත් නෙවෙයි. හිලරියස් ගෲප් එකේ Pradeep Jayawardana සහෝ පල කල පින්තූර විහිළුවකට ජෝකර් මල්ලි දාපු කමෙන්ට් ටිකක්. බලන්නකෝ මේවයින් හාවො ගැන දැනගන්න පුළුවන්ද කියල.

ඔරිජිනල් පෝස්ට් එක බලන්න මෙතනින් යන්න.

හාවුන් සංසර්ගයේ යෙදෙනකොට කියන්නෙ ‘හා වෙනවා‘ කියලාය.

හාවුන් මේ වගේ පෝස්ට් වලට ‘හාස්‍යජනකයි‘ කියා හිනා වෙනවාය.

චීනයේ සිටින හා රජුගේ නම ‘හාච්චිං‘ ය.

හා නෑම්බියෝ එකිනෙකා හමු වූ විට ‘හායි‘ කියා කියාගන්නවාය..

පිරිමි හාවුන් ‘හායි‘ කියන්නෙ කසාද බැඳ අම්බරුවන් මෙන් කට්ට කන විටය.

තරුණ හාවුන්ට ‘හාදයා‘ කියාද කියනවාය.

හාවුන්ගේ මුදල් ඒකකය ‘හාමනි‘ ය.

හාවුන් හවසට සෙට් වෙන්න යන්නේ ‘හාබර්‘ එකටය.

හාවුන් ටොයිලට් හෝදන්නේ ‘හාපික්‘ වලින්ය.

රතුපාට මැණික් වැනි ඇස් ඇති හාවුන් මුදු පැළඳි විට කියන්නේ ‘හාමුදුරුවන්‘ කියාය. එය පසු කලක ‘හාමු‘, ‘හාමු මහත්තයා‘ වශයෙන් කෙටි විය. මේ වර්ගයේ පෝසත් හාවුන් ‘හාලි ඩේවිඩ්සන්‘ මෝටර් සයිකල්වලට කැමතිය.

හාවුන් තම උඳුපියලිය වගාවන් පලදායී කිරීම පිණිස ‘හාක්‍රොස්‘ භාවිතා කරයි

හාවුන් හාවියන් හා හාද වී හනිමූන් ගොස් හා වේ.

හාවුන්ට ලැබෙන පිරිමි පැටවුන් ‘හාම්පුතුන්‘ වශයෙන්ද හැඳින්වේ.

හාවුන්‍ හාබර් එකේදී වෙරි වූ විට කියන ගීතය ‘හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාලු
යන්නයි. එසේ වෙරි වන්නට බී ගුටි ඇන ගත් විට හාවුන්ට ‘හාරිස්පත්තු‘ බඳින්න වෙනවාය.

හාද වෙලා යමන් පණේ‘ යනු හාවුන් කසාද බඳිනවිට ගයන ගීතයයි.

හාවුන්ගේ ලෝකයේ සිටින අග්‍රගණ්‍ය ලේඛක හාවියගේ නම ‘හාපර් ලී‘ ය. ඇය බෘස් ලීගේ ගෙදර ඇති වූ හාවෙකුගේ මී මිණිපිරියකි.

ඒ තරම් ලස්සන නැති හාවියන්ට ‘හාල් කෑලි‘ කියා කියනු ලැබේ.

හාවුන්ට පුදුමයක් ඇති වූ විට, නැතිනම් අදහසක් පහල වූ විට ‘අහා!‘ යැයි කියවේ.

හුස්ම ගැනීමට නොහැකිව හාවුන් මිය යාම ‘ඔක්සි හරණය‘ වශයෙන් හැඳින්වේ.

හාවුන් යන විශ්ව විද්‍යාලය ‘හාවඩ්‘ය.

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.

Advertisements

දිව්‍ය ලෝකෙ යන පාර

the_joker-wallpaper 500

ආගමික කේස් නිසා මේක හරි අමාරුවෙන් ගොඩ දාගත්තේ… තමන්ගෙ ආගමේ නොවෙන පූජකයෙක්ට අදාල කරගෙන රස විඳින්න. දැන් හැබැයි ඔය කෝකටත් බුල්ෂිටාගම තියෙන නිසා මේ බුල්ෂිටාගමේ පූජකයෙක් කියල හිතාගන්ට!

අවුරුදු 8ක විතර කොල්ලෙක් අම්ම එක්ක කාගිල්ස් එකට ගියාලු. අම්ම බඩු තෝරනකල් මූ එළියට වෙලා අයිස් ක්‍රීම් එකක් කකා හිටියලු. එතනට ආවලු අමුතු ඇඳුමක් ඇඳගත්තු මනුස්සයෙක්.

“පුතා…. මට කියනවද තැපැල් කන්තෝරුව තියෙන්නෙ කොහෙද කියලා?”

“ම්….. දකුණු පැත්තට ටික දුරක් ගිහින් අර පේන හන්දියෙන් දකුණට හැරුණම හරි අංකල්…”

කොල්ලගෙ උත්තරෙන් මනුස්සයට සතුටු හිතුණලු.

“බොහොම ස්තූතියි පුතා… හරි ෂෝක් කොළු පොඩ්ඩෙක්නේ…. ඔයා දන්නවද? මම තමයි මේ පැත්තට අළුතෙන් ආපු පූජකතුමා. ඔයා ඉරිදට ආරාමෙට ආවොත් මම ඔයාට දිව්‍ය ලෝකෙ යන විධිය කියල දෙන්නං”

කොල්ල කිව්වලු…

“අනේ මේ යන්න අංකල් යන්න. ඔයා තැපැල් කන්තෝරුව තියෙන තැනවත් දන්නෙ නෑ..”

ළමයි හැදුව වගේ නෙවෙයි

the_joker-wallpaper 500

අළුත බැඳපු තරුණ ජෝඩුවක් දවසක් බම්බලපිටියෙ රෙස්ටුරන්ට් එකකින් හොඳ චයිනීස් පාරක් දැම්මලු. කාල කාල එළියට ඇවිත් බලනකොට උන් දෙන්නගෙ කාර් එක උස්සලලු. හොඳටම කලබල වෙලා බම්බලපිටියෙ පොලීසියට ගිහින් පැමිණිල්ලකුත් දැම්මලු. වැඩේ උන තැන ගැන විස්තර ගන්නත් එක්කල පොලිස් කාරයෙක් එක්ක ආපහු රෙස්ටුරන්ට් එක ගාවට එද්දි මෙන්න වාහනේ තියෙනවලු එතනම. ලියුම් කවරයක් වීදුරුවෙ අලවල තියෙනවලු. ඒකෙ අස්සෙ නෙළුම් පොකුණෙ තිබුණ වික්ටර්ගෙ අන්තිම ‘ස’ ප්‍රසංගෙ ටිකට් දෙකක් එක්ක ලියුමක් තිබුණලු.

“සිදු වූ වැරැද්දට සමාව දෙන්න. “ස” ප්‍රසංගය බලන්න එන අතරේ හදිසියේ මගේ ගර්භනී බිරිඳට දරුවා ලැබෙන්න ළං උන නිසා මම ඔබේ වාහනය පණ ගන්වලා එයාව රිජ්වේ එකට අරං ගියා. අපට පුතෙක් ලැබුණා. ඔබට බොහොම ස්තූතියි. අපේ ටිකට් දෙක ඔබලාට දෙනවා. ප්‍රසංගය හොඳට රස විඳින්න – ස්තූතියි”

තරුණ යුවලට සෑහෙන්න සතුටුයිලු. ලොකු පිණක් කරගත්තා කියල හිතාගෙන දෙන්න “ස” බලන්න ගියාලු. ඒක ඉවර වෙලා රෑ වෙල ගෙදර එද්දි ගෙදරට හොරු පැනලලු. වටින කියන බඩු සේරම හොරකං කරලලු. ගෙදර දොරේ අලවල තිබුණ ලියුම් කවරයක් ඇතුලෙ තව ලියුමක්ලු.

“ළමයි හැදුව වගේ නෙවෙයිනෙ. උන්ට කවන්න පොවන්න ඉස්කෝලෙ යවන්න එහෙමත් තියෙනවනේ – ස්තූතියි”

අළුත් දේස ප්‍රේමී කිරි ජාතිය

the_joker-wallpaper 500

මිඳුල හේවාපක්ස ඈස්ලන්ත පොළොවට අඩිය තිබ්බේය. ඒ අවුරුදු බර ගාණකට පස්සේය. අප්පච්චිලාගේ සල්ලිවලින් යාන්තං ඕලෙවල් කරලා රට පැන්නේ තව ඉගෙනගන්න කියාය. එහේදී එයා කලේ ෆුඩ් ප්‍රොසෙසිං ගැන උපාධියක්ය. ඒකත් අතරමග නතර කර දැම්මත් උන්දෑ හිටියේ එයා තරං ෆුඩ් මාකට් එක ගැන දන්න බුවෙක් නැති ගානටය.

මිඳුලයා අවුරුදු ගාණකට පස්සේ රට අතෑරලා ලංකාවට ආවේ දියුණු වෙන්නය. සාමාන්‍ය‍ මිනිස්සු දියුණු වෙන්න කියා රට ගියාට මිඳුලයා සාමාන්‍ය පොරක් නෙවේය. උන්දෑගේ අප්පොච්චිලා රටේ ලොක්කාට නෑ වෙනවාය. ඒ නිසා මිඳුලයා සුවිශේෂී පොරක්ය.

“ආ….හ්…. කොල්ලා… කෝමද කෝමද… අවුරුදු කීයකින්ද ආ….”

ලොක්කා මිඳුලයාව බදාගත්තේය.

“කොල්ල මහත් වෙලා ඈ…. බය වෙන්න එපා… දැන් තව මහත් වෙන්න පුළුවං”

මිඳුලයා ලොක්කා එක්ක තේ පානය කළේය.

“දැන් පුතා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ…?”

“දන්නෙ නෑ මාමා… මාම ලොක්ක උන ගමන් එන්න හිතාගෙන හිටියෙ… ‍ඒ දවස්වල කෝස් එක කරානේ…”

“පුතා මොනවද කරා කිව්වෙ මේ… මතකත් නෑ මට…”

“ෆුඩ් ප්‍රොසෙසින්… නිව් සීලන්ඩ්නෙ හිටියේ… ඩයිරි ප්‍රඩක්ට්ස් තමයි කරේ”

“ආ.. මේ කිරි සම්බන්ධයෙන් නේද?”

“ඔව් ඔව් කිරි තමා. දොවපු කිරි, කිරිපිටි, චීස්, චොකලට්, යෝගට් ඔක්කොම තමා. ඒ ගැන මොනව හරි බිස්නස් එකක් කරන්න තමා කල්පනාව”

“එළ කොල්ලො එළ… මටත් ඔය පැත්තට බහින්න කරේමයක් නැතිව හිටියෙ. අපි පටංගමු.”

“අළුත් බ්රෑන්ඩ් එකක් ගෙන්නන්න පුළුවන්. මම ඒ ගැන එහෙ කම්පැණිය එක්ක කතා කරල ආවෙ. මාමගෙනුත් අහල ඇග්‍රිමන්ට් එක ගහන්නයි හිතුවෙ. අපිට තියෙන ඔපචුනිටීස් පෙන්නන්න ඕන උන්ට”

“හුම්… දැනටත් අපි දන්න කියන අය තමා බිස්නස් එකේ ඉන්නෙ. ඒ උනාට උන් මට අල්ලන්නෙ නෑ. මොකද උං අනිත් පැත්තටත් සපෝට්. යාළුවො උනාට පවුලෙ අය වගෙ නෑනෙ නේද පුතා.. හෑහ් හෑහ්….”

“ඒක තමා මාමෙ අපි මොකද ඒකට කරන්නෙ? දැනට ලෝකල් ප්‍රඩක්ට්ස්වලට තියෙන්නෙ අඩු මාකට් ෂෙයා එකක්. ඉම්පෝට් කරන ඒව තමා කඩාගන්න ඕන…”

“හරි පුතා…. පුතාල වෙනුවෙන් නොකර රට වෙනුවෙන් කරල වැඩක් තියේයැ… අපි ගෙන්නමු ඕක. ගේන්න කලින් අපේ මාකටින්වලිං අනිත් ඒව වට්ටමු.”

“එහෙම කරන්න පුලුවංද?”

“හයියු… ඕවද අපි නොකරන්නේ… අපිට ඕන මිනිස්සු තියාගන්නයි ඕන නැති අය කපල දාන්නයි අපි දන්නවා. ටීවී චැනල් ටිකයි පත්තර ටිකයි තිබුණම ඇති. පුතා බය නැතිව ඉන්ඩකෝ”

“ඒ උනාට මට අරුන්ට පෟව් කරන්න එපැයි මාමා”

“ඉන්නඩකො පුතා… අපි ටික ටික කතාවක් හදමු. වැඩි ඒව ඕන නෑ. පොඩි පොයිසන් කේස් එකක් පබ්ලික් කරමු. මිනිස්සු දැන් ඕන ලණුවක් කනවා. ඔය ඩොක්කු දෙතුන් දෙනෙක්ට කීයක් හරි දීල ටීවී එකෙන් කතා කරවමු. පත්තරවල උන්ටනං කියන්න දෙයක් නෑ. උන් තමා මුලින්ම ඉල්ලගෙනම ලණුව ගිලින්නේ. ඔය පී.එච්.අයි.ල දාල චෙක් කරල කඩවල් දෙක තුනක් කුඩු කරමු. අපෝ… කොරන්ඩ දේවල්ද නැත්තෙ පුතා…”

ලොක්කා කතා කරගෙන ගියේය.

මිඳුලයාට හරි සන්තෝස හිතුණේය.

කිව්වා වාගේම වැඩේ උනේය.

ඌ මාසෙකට විතර පස්සෙ අළුත් කිරි නිෂ්පාදන පෙළක් හඳුන්වාදුන්නේය.

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.

රටේ අභිමානය නැංවූ බේබද්දා

the_joker-wallpaper 500

වයස අවුරුදු 110ක සීය කෙනෙක් හිටියලු. මිනිහගෙ වයස ගියාට හෙන ෆිට් බුවාලු. පොර ගැන ආරංචි උනාලු නයිටීඑන් එකේ හසන්ත පුතාට. පොර අටපට්ටමේ සෙට් එකත් එක්ක ගිහින් සීයගෙ ගෙදර මිදුලෙ පොල් කොටයක් උඩ ඉඳන් ඔන්න මේ සීයව ඉන්ටවිව් කරනවලු.

“අද අපි ඇවිත් ඉන්නෙ අපේ රටේ ශ්‍රේෂ්ඨ අභිමානය ඔප්නංවපු ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් හොයාගෙන. ඒ තමයි අප්පුහාමි සීයා. මෙතුමා අපේ රට බත බුලතින් සාරවත් කරපු, කරන හොඳ ගොවියෙක්. මෙතුමගෙ විශිෂ්ඨත්වය තමයි එතුමා අවුරුදු 110ක් ආයු වලඳලා තවමත් බොහොම හොඳින් වාසය කිරීම. අපි එතුමත් එක්ක කතා කරමු. ඉතිං අප්පුහාමි සීයෙ. කොහොමෙයි?”

“හොඳිං ඉන්නව හසන්ත මහත්තයෝ…”

“අපිට කියන්නකො මේ තරම් කාලයක් අපේ රට වෙනුවෙන්, රටේ සමෘද්ධිය වෙනුවෙන් ජීවත්වෙන්න පුළුවන් උන රහස..”

“මේකනේ හසන්ත මහත්තයෝ… මම ඔය වැරදි වැඩ කලේ නෑනෙ. තරුණ කාලෙවත් අරක්කු සිගරට් බීඩි මුකුත් බීල නෑ. අපේ නෝන ඇර වෙන ළමිස්සියො දිහා ඇහැක් ඇරල බලල නෑ. මං හිතන්නෙ එහෙම ජීවත් උන එකම වෙන්න ඕන මයෙ රහස.”

ඔහොම ඉන්ටවිව් එක යනවලු.. ඒ අතරෙ සීයගෙ ගෙදර හෙණ ගාල ගෝට්ටියක්ලු. තව වයසක සීය කෙනෙක් මිදුලට පැනල කෑ ගහනවලු.

“ඔව් යකෝ… මම ඒකිත් එක්ක බුදියෑව තමයි. ඇයි උඹල මොනව කරන්නද? කරදඬු උස්මහත් වෙන්න හැදුව මදිවට දැං ‍තොපි කියන විධියට ඉන්ට කියලද මට කියන්නේ…”

මේක දැකපු හසන්ත මහත්තටය මාර ප්‍රශ්ණෙලු.

“කවුද අප්පුහාමි සීයෙ අර අල්ලපුගෙදර ඉඳන් කෑ ගහන්නේ?”

“ආ… ඔය අපේ අප්පුච්ච. අදත් බීගෙන ඇවිත්.”

රුපියල් සීයට චිකන් ෆ්‍රයිඩ් රයිස්

the_joker-wallpaper 500

“මම අද ඩච් හොස්පිටල් හෝටලේකින් රුපියල් 100ට කෑව ඕයි බඩ පැලෙන්න”

හිඟන්නෙක් තවත් හිඟන්නෙක්ට කිව්වා.

“ඒ කොහොමද? එච්චර ලාබෙට කොහෙද එව්වයෙ”

“අහපංකො වැඩේ… අද දවල් ගෝල්ෆේස් ඒරියා එකේදි සුද්දෙක් මට රුපියල් 100ක් දීල ගියා. මම ඒකත් අරං ඩච් හොස්පිටල් එකේ හෝටලේකට ගිහින් හොඳට කෑවා. බිල රුපියල් 2000යි. වේටර්ට මම කිව්වා සල්ලි නෑ කියලා. මිනිහ මැනේජර්ට කියලා මාව පොලිස් කාරයෙක්ට බාර දුන්නා. පොලිස් කාරය මාව ඇදගෙන එලියට ආවම මම ඌට රුපියල් 100 දීල බේරිල ආවා.”

නෝනට රත්තරනේ කියලද අමතන්නේ?

තමංගෙ 50 වෙනි විවාහ සංවත්සරේ වෙනුවෙන් වයසක ජෝඩුවක් පාටියක් තිබ්බලු. මේකට එයාලගෙ යාළුවො ගොඩක් ආවලු. ඔන්න පාටිය අතරෙ වයසක අංකල් නෝනට කතා කරන්නෙ මෙහෙමලු.

“කෝ පැටියො බත් එක ‍ෆ්‍රයි කරන්න කිව්වද?”

“මේ දෙන්න දැන් ආවෙ. මෙයාලට ඩ්‍රින්ක්ස් අල්ලන්න සුදූ”

“ඔයාගෙ යාළුව හුරතලී නංගි ආවෙ නෑ නේද චූටි?”

“ඩාලිං මෙහෙ එන්න මෙන්න මිස්ටර් සුරංගල ඇවිත්”

“කෝ මගේ මැණික? ඔයා කුස්සියෙද රත්තරං?”

“කෝ සුන්දරී අනිත් වයින් බෝතලේ?”

මේක බලං හිටපු එක යාළුවෙක්ට මාර සතුටුයිලු. මේ දෙන්න අවුරුදු 50ක් පවුල් කාලත් තාම ඒ විධියටම ආදරෙන් ඉන්නවනේ කියල හිතුනලු. මිනිහ අර අංකල් ගාවට ළං උනාලු.

“මිස්ටර් හත්නාගොඩ කොහොමද ඉතිං?”

“හලෝ හලෝ… කොහොමද පාටිය හොඳට එන්ජෝයි කරනව නේද ඔයාලා… කෝ අපේ නෝනෙව හම්බඋනාද ඔයාට?”

“ඔව් ඔව්… කතා කලා කතා කලා…. මේ ඒක නෙවෙයි. මං කල්පනා කලේ… ඔය දෙන්න තාම ගොඩක් ආදරෙන් ඉන්නවනේ. නෝනට ගොඩක් ආදරෙන්නෙ ඔයා කතා කරන්නෙ මිස්ටර් හත්නාගොඩ”

“හෙහ් හෙහ්… පොඩ්ඩක් ළං වෙනවකො කියන්න…. මේකයි දැන් අවුරුදු 10ක විතර ඉඳල මට අපෙ ගෑණිගෙ නම අමතක වෙලා ඕයි…”