අයිස් ක්‍රීම් පැකට් එක!

18+ බැවින් බබාලා නොබලන්න!

එක පොරක් ප්‍රොෆෙෂනල් නංගි කෙනෙක්ව ගෙදර එක්ක ගිහින් සැප ගන්නවලු. දෙතුන්වතාවක් සැප ගත්තට පස්සෙ එක පාරම නංගි නැගිටලා බාත් රූම් එකට ගියාලු. ඒ වෙලාවෙ අපේ පොර දාගෙන හිටපු කොන්ඩම් එක ගලවලා ජනේලෙන එලියට දැම්මලු. පොරට ආයෙ සීන් එක අවශ්‍ය නෑ වගේලු. හැබැයි නංගි බාත්රූම් එකේ ඉඳන් ඇවිත් ආයෙත් පටංගමු කිව්වලු. හැබැයි දැං කොන්ඩමයක් නෑනෙ. ඉතිං පොර ෂෝටක් දාගෙන එලියට ගියාලු අර විසි කරපු එක හොයන්න. බැලින්නං පොඩි කොල්ලෙක් ඒක අතේ තියාගෙන ඉන්නවලු. මිනිහ කොල්ලට කතා කරාලු.

“ඒයි පොඩි එකා… ඕක මගේ… මෙහෙ දියං.”

“බෑ.. බෑ… මමනෙ ඉස්සෙල්ල හොයාගත්තෙ. ‍මේක මට”

“හරි හරි මම රුපියල් දහයක් දෙන්නං.”

“බෑ බෑ… මට රුපියල් සීයක් දුන්නොත් දෙන්නං”

“හා හා දියං ඉක්මනට”

ඔන්න පොර රුපියල් සීයක් දීල කොන්ඩමේ ආපහු ගත්තලු.

කොල්ල සන්තෝසෙන් ගෙදර දුවල අම්ම ගාවට ගියාලු.

“අම්මි අම්මි… මට අද වැටිල තිබිල අයිස් පැකට් එකක් හම්බ උනා. අර පාර අයිනෙ ගෙදර මිනිහ මට රුපියල් සීයක් දීල ඒක ගත්ත. හැබැයි ඒ වෙද්දි ඒකෙ අයිස් ක්‍රීම් තිබුණෙ නෑ… ඒ මිනිහ පව් නේ…”

Advertisements

අවිස්වාසවන්ත බිරිඳ

දවසක් බාර් එකේදි සුරායි ජෝකර් මල්ලියි සෙට් උනා.

“වැඩක් නෑ ජෝකර් මල්ලි ජීවිතේ… මට එපා උනා ඕයි”

“අර මොකෝ සුරා? මොකද සීන් එක?”

“අපේ ගෑණි මහ බොරුකාරියක් බං…. අද මගෙ අතටම අහු උනා”

“ඈ…? ඇයි මොකද උනේ…”

“ගෑණි ගෙදර ආවෙ අද උදේ නමයට විතර… ඊයෙ රෑ කොහෙද හිටියෙ කියල මම ඇහුවම එයා කියනව එයා එයාගෙ නංගිව බලන්න නංගිගෙ එපාට්මන්ට් එකට ගියා කියල”

“ඉතිං?”

“ඉතිං කියන්නෙ? මමත් ඊයෙ හිටියෙ එයාගෙ නංගිගෙ එපාට්මන්ට් එකේනෙ බං…”

නාන ස්නෝවයිට් සහ අහක බලං ඉන්න කුරුමිට්ටෝ

දන්නවනේ ස්නෝවයිට් සහ කුරුමිට්ටො 7 දෙනාගෙ කතාව. ජෝකර් මල්ලිනං පොඩි කාලෙ ඉඳන් වර්ෂන් ගොඩක් අහල තීනවා. ඔයාල අහල නැත්තං මේක මෙතනින් එහාට කියවන්නම එපා.

ඔන්න මෙයාල කැලේ බොහොම කාලයක් සන්තෝසෙන් හිටියලුනේ. ඒ කාලෙ දවසක් මේ කට්ටිය ගියා එක් දින චාරිකාවක්. ඔහොම යද්දි ලාක්ෂණ පොකුණක් හම්බ උනා. මේක දැක්කගමන් ස්නෝවයිට්ට නාන්න ඕන උනා.

“මම ඇඳුම් අයින් කලනකල් ඔයාල අනිත් පැත්ත හැලෙන්න….“

ස්නෝවයිට් තො‍ඳොල් වෙලා කුරුමිට්ටන්ට කිව්වා.

“ඇඳුම් අයින් කල්ල මම වතුරට පනිනවා. එතකොට ආයෙ මේ පැත්ත හැල්නට කමක් නෑ“

ඔන්න කුරුමිට්ටො ටික අනිත් පැත්ත හැරුණලු. ස්නෝවයිට් කුමාරි ඇඳුම් ගලවල වතුරට පනින්න සෙට් උනාලු. හැබැයි එයා වතුරට පනින්න කලින් පැත්තක හිටපු ගෙඹි කුමාර (ඒ කියන්නෙ සයිස් ගෙම්බෙක්) වතුරට පැන්නලු ‘ජබොස්‘ ගාලා.

මේක ඇහුණගමන් කුරුමිට්ටො හත් දෙනා හිතුවෙ කුමාරි වතුරට පැන්නා කියලලු. ඉතිං එයාල පොකුණ පැත්තට හැරුණලු. හැරුණ ගමන් ස්නෝවයිට් කුමාරිගෙ කිරිගරුඩෙන් හැදුව ඉටි රූපයක් වගේ දිස්නෙ දුන්න ලක්ෂණ නිරුවත් රූපෙලු දැක්කේ.

හරි.. කතාව ඉවරයි. දැං මේවට ජෝකර් මල්ලි හෙම වගකියන්නෙ නෑ ඕං. හැබැයි පස්සෙ කාලෙක මේ ඓතිහාසික අවස්ථාව බීම වර්ගයක් වෙනුවෙන් පාවිච්චි උනා.

ඒකෙ නම තමයි ‘සෙවන් අප්‘

දූපතක තනිවුණ ගැහැණු සහ පිරිමි

ඔන්න මචංලා සංචාරක නැවක් කුණාටුවකට අහු වෙලා කාත් කවුරුවත් නැති පාළු දූපතකට ගියාලු.

මේ නැවේ හිටියලු මෙන්න මෙහෙම කට්ටිය.

ඉතාලි පිරිමි 2 ගෑණු 1
ප්‍රංශ පිරිමි 2 ගෑණු 1
ජර්මන් පිරිමි 2 ගෑණු 1
ග්‍රීක පිරිමි 2 ගෑණු 1
ලැත්වියන් පිරිමි 2 ගෑණු 1
ජපන් පිරිමි 2 ගෑණු 1
චීන පිරිමි 2 ගෑණු 1
ඔස්ට්‍රේලියන් පිරිමි 2 ගෑණු 1
අයර්ලන්ත පිරිමි 2 ගෑණු 1
එංගලන්තෙ පිරිමි 2 ගෑණු 1
ලංකාවෙ පිරිමි 2 ගෑණු 1

මාසෙකට පස්සෙ මෙන්න මේකලු සීන් කෝන් එක…

එක ඉතාලි පොරක් අනිත් ඉතාලිකාරයව මරල ඉතාලි ගෑණිත් එක්ක ඉන්නවලු.

ප්‍රංශ කාරයො දෙන්නම ප්‍රංශ ගෑණිත් එක්ක ත්‍රීසම් ක්‍රමේට පවුල් කමින් සංතෝසෙන් ඉන්නවලු.

ජර්මන් කාරයො දෙන්න සතියෙන් සතිය ගෑණිව බුක් කරගෙන සන්තෝසෙන් ඉන්නවලු.

ග්‍රීක් කාරයො දෙන්නට ගෑණි වගක්වත් නෑලු. උන් දෙන්න සම ආතල් ගන්නවලු. ගෑණි උන් දෙන්නට කන්න බොන්න හදල දෙනවලු.

ලැත්වියන් පිරිමි දෙන්න මුහුද දිහා පැයක් විතර බලාගෙන හිටියලු. ඊට පස්සෙ ගෑණි දිහා එක පාරක් බැලුවලු. පස්සෙ මූදට පැනල පීනන්න ගත්තලු.

ජපන් ඩයල් දෙක තත්ත්වය කියලා උපදෙස් ඉල්ලලා ටෝකියෝ නුවරට රේඩියෝ පණිවිඩයක් යැව්වලු.

චීනකාරයො දෙන්න ෆාමසියක් දැම්මලු. තව.. බාර් එකක්, රෙස්ටුරන්ට් එකක්, ලොන්ඩ්‍රියක්, සිල්ලර කඩයක් දැම්මලු. ගෑණි පුළුවන් තරං ඉක්මනට ගැබ්බර කලාලු. මොකද උන්ට උන්ගෙ කඩවල වැඩ කරන්න ජනතාව එපැයි.

ඔස්ට්‍රේලියන් බුවාල දිවි නහගන්නලු කල්පනාව. මොකද ගෑණිගෙන් මළ කන්දොස්කිරියාවලු. ඒකිගෙ බොඩි ෂේප් එක, කාන්තා ලාලිත්‍ය ගැන කයිවාරුව, පිරිමි එක්ක සම තැන ඉල්ලීම, අව්වෙ ඉන්නකොට කළු වෙන එක, කෑම හදද්දි අත්වල දැලි ගෑවෙන එක, අම්මව මතක් වෙන එක, අන්තිමට හිටපු කොල්ල එයාව කොච්චර හොඳට බලාගත්තද කියන එක වගේ එක එක ඒව ගැන මා….ර කන්දොස්කිරියාවලු ඒකිගෙන්.

අයර්ලන්ත පොරවල් දෙන්න දූපත උතුරු සහ දකුණු කියල බෙදාගත්තලු. විස්කු පෙරන්න ගත්තලු. ෂොට් එකක දැම්මම සේරම බොඳ වෙලා ගෑණියෙක් ඉන්නව කියල අමතක වෙනවලු. එංගලන්ත කාරයො දෙන්න කිසි ආතල් එකක් නැතිව ඉන්න එකම උන් දෙන්නට සන්තෝසෙන් ඉන්න හේතුවක්ලු.

එතකොට ඇයි එංගලන්තෙ ඩබල අසන්තෝසෙන් ඉන්නේ?

උන් දෙන්න තාම ඉන්නවලු කවුරු හරි තමන්ව අර එංගලන්ත ගෑණිට සම්මත විධියට අඳුන්වල දෙයි කියල බලාගෙන.

එතකොට ලංකාවෙ ඩයල්?

උන් මොනව කරනව ඇද්ද හොඳයි?

හනිමූන් යද්දි පරීක්ෂාකාරී වන්න

මේක මචංලා ටිකක් පරණ කතාවක්. අර කඩේ යන මහින්ද මාම ආගිය කතාවක ලියපු එකක්.

ඔන්න ජෝකර් මල්ලිගෙ යාළු පොරක් හිටිය සුරංග කියලා. පොරගෙ විනෝදාංශෙ තමයි වෙඩිං කපල්ස් රැග් කරන එක. බුවා ඒකට කොයි තරම් ප්‍රො‍ෆෙෂනල්ද කිව්වොත් යාළුවො ඇවිත් මූට කිසිම අදාලත්වයක නැති වෙඩිංවලට පවා මූව එක්ක යනවා රැග් කරන්න.

මුගෙ යාළුවො සේරටමත් මූ කඳුළු පනින්න රැග් දුන්නා. ජීවිතේ ලස්සනම දවස එපා කරපු විධියට ගෙවන්න සිද්ධ උනා මුගෙ යාළුවන්ට. ඒ තරමට මූ දෙන රැග් ඉවසන්න අමාරුයි.

ඔහොම ඔහොම ගිහින් සුරංගයගෙ කසාදෙත් සෙටල් උනා. වෙඩිමට දින තීරණය උන දවසෙ ඉඳන් පොර බයේ හිටියෙ වෙඩිමෙදි යාළුවන්ගෙන් හම්බවෙන රැග් එක මතක් වෙලා. වෙඩිම කිට්ටු වෙද්දි බය ඒකට අනුලෝමව වැඩි වෙනව.

පොර යාළුවන්ට ‘වැඩිය රැග් කරන්න එපා බං’ කිය කිය පිංසෙන්ඩු උනා අන්තිම දවස්වලදි.

ඔහොම ගිහින් වෙඩිං දවස උදා උනා. පෝරුවෙ වැඩ ඉවර වෙලා අනිත් වැඩ සිද්ධ වුණා කිසි අවුලක් නැතිව. කිසිම රැග් එකක් නෑ. සුරංගට පුදුමයිත් එක්ක. අන්තිමට කපල් එක පිටත් වෙන්න යද්දි ආයෙ පොර වෙව්ලුවා රැග් වදියි කියලා. ඒත් ම්හු… කිසි රැග් එකක් දෙන පාටක් නෑ. යාළුවො සෙට් එක පැත්තකට වෙලා හොඳට බොනවා උන්ගෙ පාඩුවේ.

අන්තිමේ සුරංග තමන්ගෙ මනමාලිත් එක්ක හනිමූන් ගියා හරිම සන්තෝසෙන්. ඒත් හෝටලේට කිට්ටු වෙද්දි පොර ආයෙමත් ගැහෙන්න ගත්තා රැග් එක එතනදි දෙයිද කියලා. ඒ උනාට හෝටලේ අය ඇරුණම දන්න කියන කවුරුවත් හිටියෙ නෑ. සුරංගට පට්ට සතුටුයි.

ඒ සතුටත් එක්කම පොර හනිමූන් එක හොඳට ක්‍රීඩා කලා මුළු රෑ පුරාම. පහුවදා උදේ 9 විතර වෙනකල් දෙන්න නිදාගත්තා.

9.30ට විතර රූම් සර්විස් එකට කතා කලා උදේ කෑම ඕඩර් කරන්න. ඔන්න පොරක් ඇවිත් බෙල් එක ගැහුවා. සුරංග නාන්න ඇඳපු තුවාය පිටින් ගිහින් දොර ඇරියා. වේටර් පොරක් ඉන්නව දොර ගාව.

“ඔව් සර්… ගුඩ් මෝනිං… මොනවද උදේ කෑමට ගේන්න ඕන සර්…”

“ගුඩ් මෝනිං…මෙනවද තියෙන්නේ?”

“ඉඳිආප්ප, බත්, පිට්ටු, නූඩ්ල්ස් තියෙනව සර්. විකන්, පෝක්, අල කරි, පොල් සම්බල්… ‍අවශ්‍යනං පේස්ට්‍රි ජාතිත් තියෙනවා. බොන්න ඔරේන්ජ් ජූස්, ඇවකාඩෝ තියෙනව සර්…”

සුරංග පස්ස හැරිලා ඇ‍ඳේ ඉඳගෙන හිටපු නෝන දිහා බැළුවා.

“මොනවද චූටි ඔයා කන්නේ? නූඩ්ල්ස් කමුද”

නෝන හා කියලා ඔළුව වැනුවා.

“අපට එහෙනං නූඩ්ල්ස් ගේන්න චිකනුයි අල කරියි එක්ක”

සුරංග වේටර්ට කිව්වා….

එතකොට ඇඳ යටින් සද්දයක් ඇහුණා.

“මචං ඊයෙ හවස ඉඳන් කෑමක් නෑ බං… අපි තුන් දෙනාටත් ඉඳි ආප්ප හැට හැත්තෑවක් ඕඩර් කරපං.”

බිරිඳද නැත්තං…

ගෙවල් නිර්මාණ ශිල්පියෙක්, කලාකාරයෙක්, කොම්පියුටර් ප්‍රෝග්‍රැමර් කෙනෙක් විධියට රස්සාවල් කරන යාළුවො තුන් දෙනෙක් සෙට් උනාලු. මේගොල්ලො කතා කරේ බිරිඳයි අනියම් බිරිඳයි ගැනලු.

ආකිටෙක්ට් මුලින් එයාගෙ මතේ කිව්වලු.

“මම කැමතියි මගෙ කසාද ගෑණිට. එයත් එක්ක ඉද්දි මම මාර ආරක්ෂිතයි කියල හිතෙනව මට. ඒ වගේම අපේ සම්බන්ධෙ ලොකු ඉමෝෂනල් ලෙවල් එකකට යනවා“

“හෙහ්… මමනම් කැමති නෑ බං ගෑණිත් එක්ක ඉන්න. මම වැඩිපුරම එන්ජෝයි කරන්නෙ මගෙ අනිත් එක්කෙනාව. එයා නිසා මම මගේ කලා ජීවිතේ සෑහෙන්න සාර්ථක කරගත්තා. මොකද එයා දන්නව එකම විධියට නැතිව එක එක විධියට ජීවිතේ රස විඳින්න“

කලාකාරයත් තමන්ගෙ අදහස කිව්වලු.

එතකොට ප්‍රෝග්‍රැමර් කිව්වලු.

“මම නම් මට ඉන්න දෙන්නටම කැමතියි“

“දෙන්නටම?“

අනිත් දෙන්න පුදුම වෙලා ඇහුවලු.

“ඔව් ඔව් දෙන්නටම… මොකද ඔය දෙන්නම හිතාගෙන ඉන්නෙ මම අනිත් එක්කෙනා එක්ක ඉන්නව කියල. මට පුළුවන් ඒ වෙලාවෙත් තව කෝඩ් ටිකක් කොටල දාන්න.“

හිලේ කතාව මෙතනින්

බලු වැඩ

දන්නවනෙ ඔය බල්ලො ඇති කරන අයගෙ ක්ලබ් එහෙම තියෙනවා. ජෝකර් මල්ලිත් මේ ක්ලබ් එකක ඉන්නවා. එයාගෙ වල් බල්ල නිසා තමා ඒ චෑන්ස් එක. මේ ක්ලබ් එකක සාමාජික යාළුවො හතර දෙනෙක් දවසක් ක්ලබ් එකෙන් කරපු බලු තරගයක් ඉවර වෙලා එකෙක්ගෙ ගෙදර පොඩ්ඩක් සෙට් උනාලු. ඔය ගෙදර අයිතිකාර යාළුව ඉන්ජිනියර් කෙනෙක්ලු. තව යාළුවෙක් එකවුන්ටන් කෙනෙක්ලු. තුන්වෙනිය කෙමිස්ට්‍රි ‍ප්‍රොෆෙක්ලු. අන්තිමය රජයෙ සේවකයෙක්ලු. මෙයාලගෙ බල්ලො හතර දෙනත් ළඟ ඉන්නවලු.

පාටිය යද්දි ඉන්ජිනියර් කිව්වලු තමන්ගෙ බල්ල තමා මෙතන ඉන්න දක්ෂම එකා කියල. ඒක අහල අනිත් අය කිව්වලු ඔප්පු කරන්න කියල.

“ඒයි කොන්ක්‍රීට්… උඹේ වැඩ පෙන්නපං…”

ඉන්ජිනියර් බල්ලට කිව්වලු.

කොන්ක්‍රීට් කියන බල්ල කොලයකුයි පෑනකුයි අරන් රවුමකුයි කොටුවකුයි ත්‍රිකෝණෙකුයි ඇන්දලු නූලට! ඒක දැකපු අනිත් අය සතුටු උනාලු. ඒත් එකවුන්ටන් තමන්ගෙ බල්ල ඊට වඩා දක්ෂයි කියල ඔප්පු කරල පෙන්නනව කියල බල්ලට කතා කරාලු.

“ඒයි එක්සෙල්, කෝ… උඹේ වැඩ පෙන්නපං”

ඔන්න එක්සෙල් කියන බල්ල ගෙදර ෆ්‍රිජ් එක ඇරල බිස්කට් දුසිමක් තියෙන පැකට් එකක් ගෙනත් ඒක කඩල බිස්කට් තුන ගානෙ තියෙන ගොඩවල් 4ක් හැදුවලු.

එකවුන්ටන්ගෙ බල්ල ගැනත් අනිත් යාළු‍වො සතුටු උනාලු. ඒ අතරෙ කෙමිස්ට්‍රි ප්‍රොෆා තමන්ගෙ බල්ලගෙ වැඩ පෙන්නන්නත් ඕන කියල හිතල ඌට කතා කරාලු.

“කෝ මේ… බීකර් පුතා…. උඹේ වැඩ පෙන්නපං කොල්ලො….”

බීකර් කියන බල්ල ගිහින් ෆ්‍රිජ් එකෙන් ස්ප්‍රයිට් බෝතලේකුයි වීදුරු 4කුයි අරන් ඇවිත් ස්ප්‍රයිට් ඉතිරි නැතිව වීදුරු 4ට වක් කෙරුවලු හරි ගාණට සමානව එක පාරින්ම. මේකටත් කට්ටිය සතුටු උනාලු.

දැන් රජයේ සේවකයගෙ වාරෙ. අනිත් තුන් දෙනා පොරට කිව්වලු එයාගෙ බල්ලගෙ දක්ෂකම් පෙන්නන්න කියල. මිනිහත් බල්ලට කතා කලාලු.

“ස්ලීපර්… මෙහෙ වරෙං කුදගහගෙන බුදියන්නැතුව… උඹේ වැඩ පෙන්නහං බලන්න”

ස්ලීපර් කියන බල්ල පැනපුගමන් අර බිස්කට් ටික කාල දැම්මලු. වීදුරු 4ම තිබුණ ස්ප්‍රයිට් ටික බීල දැම්මලු. ගෑස් ඇරියලු හෝස් ගාලා. අර කොන්ක්‍රීට් බල්ල රූප ඇඳපු කොලේ උඩ චූ කරාලු. අනිත් බල්ලන්ගෙ පිට උඩ නැගල අතවර ටිකක් කරාලු. ඒ වැඩේ කරද්දි කොන්දෙ අමාරුව හැදුණ නිසා අසතුටුදායක කාර්යාලීය පරිසරය ගැන කියල කම්කරු කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලිව්වලු. ඒකට වන්දි ඉල්ලන ෆෝම් පිරෙව්වලු. අසනීප නිවාඩු දාල ගෙදර යනව කියල චිට් එකක් ලියල ආයෙත් පැත්තකට ගිහින් බුදියගත්තලු.

හිලේ කතාව මෙතනින්