සුපර්මෑන්ගෙ ලිංගික ජීවිතය

මේක සුපර් මෑන් ජෝක් සීරීස් එකක මුල් එක.

ඔන්න එක හැන්දෑවක සුපර් මෑන් ආව ජෝකර් මල්ලිව හම්බ වෙන්න.

“මචං ජෝ…. යමුද බියර් එකක් ගහන්න”

“අනේ බෑ මචං.. අද හිල් කතාවක් ලියන්න තියෙනවා. අනික උඹ බිව්වම කිසි කමකට නෑ කියල කට්ටිය කියනව බං. ගිය සතියෙත් මිනිහෙක් උඹ කිව්ව කියල පියාඹන්න ගිහින් බිල්ඩිමෙන් වැටිල මළාලු. ස්පයිඩ මෑන්ගෙන් අහල බලපං. ඌ එයි”

ජෝකර් මල්ලි කිව්වා.

ඒ පාර සුපර් මෑන් ගියා ස්පයිඩ මෑන් හම්බවෙන්න.

“හේයි.. ස්පයිඩි… යමංකො බියර් එකක් ගහන්න. තනියම යන්න කම්මැලියි බං.”

“අනේ මට බෑ බං අද. මගේ දැල් විදින ගැජට් එකේ අවුලක්. ඒක හදාගත්තෙ නැත්තං හෙට හොරු අල්ලල හමාරයි. බැට් මෑන්ගෙන් ඇහුවද?”

ඔන්න සුපර් මෑන් ගියාලු වවුල් ගුහාවට.

“ඒයි බැටී… බියර් එකක් ගහමුද?”

“අනේ මචං මගෙ බැට්කාර් එකේ ඇන්ජිමේ අවුලක්. අද හදාගත්තෙ නැත්තං අර ජෝකරයා ගොතම් ටවුමෙ යකා නටයි. උඹ තනියෙන් පලයං”

සුපර් මෑන් මොකද කරන්නෙ කියල කල්පනා කර කර අහසෙ පා වෙවී ඉන්නකොට නිකංම වොන්ඩර් වුමන් ඉන්න හෝටලේ පැත්තට පියෑඹුනාලු :P. ඈතදිම දැක්ක සීන් එකෙන් පොර අන්දුන් කුන්දුන්ලු.

වොන්ඩර් වුමන් එයාගෙ බැල්කනියෙ හාන්සි පුටුවක දිගෑදිලා සැන්දෑ හිරු රැස් තපිනවලු. ඇ‍ඟේ නූල්පටක් නෑලු. රෝස පාට නිර්වස්තරේ දැක්කගමන් සුපර් මෑන්ට ඉවසන් ඉන්න අමාරුලු. පොර දැන් තනියම හිතනවලු.

“මම සුපර් මෑන්…. මම ෆ්ලෑෂ් වගේ වේගවත්. වොන්ඩර් වුමන්ට මට තරං පවර් එකක් නෑ. වේගෙන් ගිහින් වොන්ඩර් වුමන්ට හිතාගන්නවත් බැරි තරං වේගෙන් ඒකිට වැඩේ කරල මට මාරු වෙන්න පුලුවන් වෙයි.”

ඔන්න සුපර් මෑන් ජොකාවත් ගලවගෙන විදුලි වේගෙන් “සූ….ස්” කියල වොන්ඩර් වුමන් දිහාට පියාඹල විදුලි වේගෙන් වොන්ඩර් වුමන්ට අතවරයක් කරල විදුලි වේගෙන් පියාඹල ගියාලු. වොන්ඩර් වුමන්ට හිතාගන්නවත් බෑලු උන දේ. නිකං “සූ…” සද්දෙ විතරලු ඇහුනෙ.

“ඒ මොකක්ද ඒ?”

වොන්ඩර් වුමන් ඇහුවලු.

එතකොට වොන්ඩර් වුමන්ගෙ ඇඟ උඩ නැගල හිටපු ඉන්විසිබල් මෑන් අමාරුවෙන් මෙහෙම කිව්වලු…

“ඒ මොකක්ද කියලනං මං දන්නෙ නෑ… හැබැයි මගේ පුක නං අම්බානක රිදෙනව ඕයි…”

දූපතක තනිවුණ ගැහැණු සහ පිරිමි

ඔන්න මචංලා සංචාරක නැවක් කුණාටුවකට අහු වෙලා කාත් කවුරුවත් නැති පාළු දූපතකට ගියාලු.

මේ නැවේ හිටියලු මෙන්න මෙහෙම කට්ටිය.

ඉතාලි පිරිමි 2 ගෑණු 1
ප්‍රංශ පිරිමි 2 ගෑණු 1
ජර්මන් පිරිමි 2 ගෑණු 1
ග්‍රීක පිරිමි 2 ගෑණු 1
ලැත්වියන් පිරිමි 2 ගෑණු 1
ජපන් පිරිමි 2 ගෑණු 1
චීන පිරිමි 2 ගෑණු 1
ඔස්ට්‍රේලියන් පිරිමි 2 ගෑණු 1
අයර්ලන්ත පිරිමි 2 ගෑණු 1
එංගලන්තෙ පිරිමි 2 ගෑණු 1
ලංකාවෙ පිරිමි 2 ගෑණු 1

මාසෙකට පස්සෙ මෙන්න මේකලු සීන් කෝන් එක…

එක ඉතාලි පොරක් අනිත් ඉතාලිකාරයව මරල ඉතාලි ගෑණිත් එක්ක ඉන්නවලු.

ප්‍රංශ කාරයො දෙන්නම ප්‍රංශ ගෑණිත් එක්ක ත්‍රීසම් ක්‍රමේට පවුල් කමින් සංතෝසෙන් ඉන්නවලු.

ජර්මන් කාරයො දෙන්න සතියෙන් සතිය ගෑණිව බුක් කරගෙන සන්තෝසෙන් ඉන්නවලු.

ග්‍රීක් කාරයො දෙන්නට ගෑණි වගක්වත් නෑලු. උන් දෙන්න සම ආතල් ගන්නවලු. ගෑණි උන් දෙන්නට කන්න බොන්න හදල දෙනවලු.

ලැත්වියන් පිරිමි දෙන්න මුහුද දිහා පැයක් විතර බලාගෙන හිටියලු. ඊට පස්සෙ ගෑණි දිහා එක පාරක් බැලුවලු. පස්සෙ මූදට පැනල පීනන්න ගත්තලු.

ජපන් ඩයල් දෙක තත්ත්වය කියලා උපදෙස් ඉල්ලලා ටෝකියෝ නුවරට රේඩියෝ පණිවිඩයක් යැව්වලු.

චීනකාරයො දෙන්න ෆාමසියක් දැම්මලු. තව.. බාර් එකක්, රෙස්ටුරන්ට් එකක්, ලොන්ඩ්‍රියක්, සිල්ලර කඩයක් දැම්මලු. ගෑණි පුළුවන් තරං ඉක්මනට ගැබ්බර කලාලු. මොකද උන්ට උන්ගෙ කඩවල වැඩ කරන්න ජනතාව එපැයි.

ඔස්ට්‍රේලියන් බුවාල දිවි නහගන්නලු කල්පනාව. මොකද ගෑණිගෙන් මළ කන්දොස්කිරියාවලු. ඒකිගෙ බොඩි ෂේප් එක, කාන්තා ලාලිත්‍ය ගැන කයිවාරුව, පිරිමි එක්ක සම තැන ඉල්ලීම, අව්වෙ ඉන්නකොට කළු වෙන එක, කෑම හදද්දි අත්වල දැලි ගෑවෙන එක, අම්මව මතක් වෙන එක, අන්තිමට හිටපු කොල්ල එයාව කොච්චර හොඳට බලාගත්තද කියන එක වගේ එක එක ඒව ගැන මා….ර කන්දොස්කිරියාවලු ඒකිගෙන්.

අයර්ලන්ත පොරවල් දෙන්න දූපත උතුරු සහ දකුණු කියල බෙදාගත්තලු. විස්කු පෙරන්න ගත්තලු. ෂොට් එකක දැම්මම සේරම බොඳ වෙලා ගෑණියෙක් ඉන්නව කියල අමතක වෙනවලු. එංගලන්ත කාරයො දෙන්න කිසි ආතල් එකක් නැතිව ඉන්න එකම උන් දෙන්නට සන්තෝසෙන් ඉන්න හේතුවක්ලු.

එතකොට ඇයි එංගලන්තෙ ඩබල අසන්තෝසෙන් ඉන්නේ?

උන් දෙන්න තාම ඉන්නවලු කවුරු හරි තමන්ව අර එංගලන්ත ගෑණිට සම්මත විධියට අඳුන්වල දෙයි කියල බලාගෙන.

එතකොට ලංකාවෙ ඩයල්?

උන් මොනව කරනව ඇද්ද හොඳයි?

බලු වැඩ

දන්නවනෙ ඔය බල්ලො ඇති කරන අයගෙ ක්ලබ් එහෙම තියෙනවා. ජෝකර් මල්ලිත් මේ ක්ලබ් එකක ඉන්නවා. එයාගෙ වල් බල්ල නිසා තමා ඒ චෑන්ස් එක. මේ ක්ලබ් එකක සාමාජික යාළුවො හතර දෙනෙක් දවසක් ක්ලබ් එකෙන් කරපු බලු තරගයක් ඉවර වෙලා එකෙක්ගෙ ගෙදර පොඩ්ඩක් සෙට් උනාලු. ඔය ගෙදර අයිතිකාර යාළුව ඉන්ජිනියර් කෙනෙක්ලු. තව යාළුවෙක් එකවුන්ටන් කෙනෙක්ලු. තුන්වෙනිය කෙමිස්ට්‍රි ‍ප්‍රොෆෙක්ලු. අන්තිමය රජයෙ සේවකයෙක්ලු. මෙයාලගෙ බල්ලො හතර දෙනත් ළඟ ඉන්නවලු.

පාටිය යද්දි ඉන්ජිනියර් කිව්වලු තමන්ගෙ බල්ල තමා මෙතන ඉන්න දක්ෂම එකා කියල. ඒක අහල අනිත් අය කිව්වලු ඔප්පු කරන්න කියල.

“ඒයි කොන්ක්‍රීට්… උඹේ වැඩ පෙන්නපං…”

ඉන්ජිනියර් බල්ලට කිව්වලු.

කොන්ක්‍රීට් කියන බල්ල කොලයකුයි පෑනකුයි අරන් රවුමකුයි කොටුවකුයි ත්‍රිකෝණෙකුයි ඇන්දලු නූලට! ඒක දැකපු අනිත් අය සතුටු උනාලු. ඒත් එකවුන්ටන් තමන්ගෙ බල්ල ඊට වඩා දක්ෂයි කියල ඔප්පු කරල පෙන්නනව කියල බල්ලට කතා කරාලු.

“ඒයි එක්සෙල්, කෝ… උඹේ වැඩ පෙන්නපං”

ඔන්න එක්සෙල් කියන බල්ල ගෙදර ෆ්‍රිජ් එක ඇරල බිස්කට් දුසිමක් තියෙන පැකට් එකක් ගෙනත් ඒක කඩල බිස්කට් තුන ගානෙ තියෙන ගොඩවල් 4ක් හැදුවලු.

එකවුන්ටන්ගෙ බල්ල ගැනත් අනිත් යාළු‍වො සතුටු උනාලු. ඒ අතරෙ කෙමිස්ට්‍රි ප්‍රොෆා තමන්ගෙ බල්ලගෙ වැඩ පෙන්නන්නත් ඕන කියල හිතල ඌට කතා කරාලු.

“කෝ මේ… බීකර් පුතා…. උඹේ වැඩ පෙන්නපං කොල්ලො….”

බීකර් කියන බල්ල ගිහින් ෆ්‍රිජ් එකෙන් ස්ප්‍රයිට් බෝතලේකුයි වීදුරු 4කුයි අරන් ඇවිත් ස්ප්‍රයිට් ඉතිරි නැතිව වීදුරු 4ට වක් කෙරුවලු හරි ගාණට සමානව එක පාරින්ම. මේකටත් කට්ටිය සතුටු උනාලු.

දැන් රජයේ සේවකයගෙ වාරෙ. අනිත් තුන් දෙනා පොරට කිව්වලු එයාගෙ බල්ලගෙ දක්ෂකම් පෙන්නන්න කියල. මිනිහත් බල්ලට කතා කලාලු.

“ස්ලීපර්… මෙහෙ වරෙං කුදගහගෙන බුදියන්නැතුව… උඹේ වැඩ පෙන්නහං බලන්න”

ස්ලීපර් කියන බල්ල පැනපුගමන් අර බිස්කට් ටික කාල දැම්මලු. වීදුරු 4ම තිබුණ ස්ප්‍රයිට් ටික බීල දැම්මලු. ගෑස් ඇරියලු හෝස් ගාලා. අර කොන්ක්‍රීට් බල්ල රූප ඇඳපු කොලේ උඩ චූ කරාලු. අනිත් බල්ලන්ගෙ පිට උඩ නැගල අතවර ටිකක් කරාලු. ඒ වැඩේ කරද්දි කොන්දෙ අමාරුව හැදුණ නිසා අසතුටුදායක කාර්යාලීය පරිසරය ගැන කියල කම්කරු කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලිව්වලු. ඒකට වන්දි ඉල්ලන ෆෝම් පිරෙව්වලු. අසනීප නිවාඩු දාල ගෙදර යනව කියල චිට් එකක් ලියල ආයෙත් පැත්තකට ගිහින් බුදියගත්තලු.

හිලේ කතාව මෙතනින්

ෂොපිං නොයන, සැලොන් නොයන, ෂොට් එකක් නොදාන සුරඟනක්!

The joker malli

මල්ලිකා ෂොපිං පාරක් දාල එද්දි පාරෙදි හම්බඋනාලු අපිරිසුදු කැත ගෑණියෙක්ව. ඒ ගෑණි තරුණ උනාට හරියට මූණවත් හෝදල නෑලු. හරියට ගෙයක් දොරක් නැති අතපාල ජීවත්වෙන ගෑණු කෙනෙක්.

මේ ගෑණි මල්ලිකාගෙන් සල්ලි කීයක් හරි දෙන්න කියල ඉල්ලුවලු. මල්ලිකාට දුකත් හිතුනලු. ඒ උනාට සල්ලි දෙන එක අපතෙ ගියොත් වැඩක් නෑනෙ. මල්ලිකා රුපියල් දාහක් අතට ගත්තලු.

“මට ඔයාට සල්ලි දෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒ සල්ලිවලින් අරක්කු බොයි”

මල්ලිකා කිව්වලු.

“අනේ නෝනා… මම ඉස්සරනං බිව්වා ඔය අපෙ මනුස්සය හිරේ යන්න කලින් උන්දැ තමයි පෙරුවේ. දැන්නං කටේ ති‍යන්නෙ නෑ නෝනා. රෑ කෑමට මොනවහරි ගන්න තිවුණනං ඇති”

“ඒ උනාට ඔයා මේ සල්ලිවලින් වෙන මොනව හරි ගන්න ෂොපිං කළොත්?”

“සොපිං? අනේ නෝනා අපිට මොන සොපිංද? වත්තෙ පීටර් අයියගෙ කඩෙං තමා හාල් හුණ්ඩුව ගන්නේ”

“ඒ උනාට ගෑණුංගෙ හැටි මං දන්නෙ නැද්ද? ඔයා ‍මගෙ සල්ලි අරන් සැලොන් එකකට යයි”

“මේ නෝන මොනව කීනවද මන්දා… අපි ඔව්වයෙ ගිහිං මොනා කරන්නද? මූණෙ කුරුලෑ, ඔළුවෙ උකුණො, ඉස්සොරි පොඩි කාලෙ ඉඳන් අපිට හුරුයි නෝනා”

මල්ලිකාගෙ මූණෙ මල් මල් හිනාවක් පිපුණලු.

“හ්ම්ම්… ඒ උනාට මම මේ සල්ලි ඔයාට දෙන්නෙ නෑ. හැබැයි ඔයාව මම රෑ කෑමට එක්ක යනවා මමයි මගෙ මහත්තයයි එක්ක”

ගෑණි පුදුම උනාලු.

“අනේ නෝනා… මේ මාත් එක්ක? මං කැතයි. නාල නෑ සති ගාණකිං. ඇඟ පුරා ගඳයි. නෝනගෙ මහත්තය නෝනට හොඳටම බනියි නෝනා”

“ඒකට කමක් නෑ. ෂොපිං නොකරන, සැලොන් නොයන, ඉඳල හිටලවත් ෂොට් එකක් නොදාන ගෑණියෙක් මොන වගේද කියල එයාට පෙන්නන්නයි මට ඕන”

හිලේ කතාව මෙතනින්

ඔයත් පෙන් ඩ්‍රයිව් හොරෙක්ද?

the_joker-wallpaper 500

ජෙනියුඉන්ලි මට උන එකක් හො‍ඳේ…

ජෝකර් මල්ලිගෙ ඔපිස් එකේ දෙන්නෙක්ගෙ පෙන් ඩ්‍රයිව්ස් නැති උනා. කට්ටිය හැම තැනම හෙව්වා. හොයාගන්න උනේ නෑ. ඒ පෙන් ඩ්‍රයිව් වල ඔපිස් එකේ වැදගත් ලියකියවිලි තිබුණ නිසා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියල ‍ලොක්ක මාවයි තව දෙන්නෙක්වයි පත් කලා. හොයන්න පුළුවන් හැම විධියටම හෙව්වා. දරුණු ඉන්විස්ටිගේෂන් එකක් කලා. හරි ගියෙ නෑ.

මේ ගැන ජෝකර් මල්ලිටයි අනිත් උන් දෙන්නටයි සෑහෙන්න අප්සෙට්.

අපි තුන් දෙනා බාර් එකකට ගිහින් බොන්න ගත්තා මේක විසඳන්න බැරි දුකට. අනිත් පැත්තෙ මේසෙක තව කොල්ලො ටිකක් හොඳට බීල සින්දු කියන්න ගත්තා.

මුන් ජේ.ඒ. මිල්ටන් පෙරේර මහත්තයගෙ සින්දුවක් කිව්වා. අන්න අපට හම්බ උනා හොරාව. ඒ තමා අනංගයා.

සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා
ඔය අනංගයා තමයි මහා පෙන් හොරා…

 

ඕනනං මෙතන තියෙනවා සින්දුව අහන්න. ඕනනං බාගන්න. බොරුද කියල බලන්න.

හිලේ කතාව මෙතනින්

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.

ජෝකර්ට උන පජාත සීන්

the_joker-wallpaper 500

ආවා ආවා ආවා… ජෝකර් මල්ලිගේ කතා ඇතුලත් අළුත්ම පෝස්ට් එක මේන්න ආවා… මීට කලිං අහල තිබුණත් ඒ ජෝකර් මල්ලිගෙ අටමගල් නෙවෙයි. ඔබත් දැන්ම කියවන්න… ආවා ආවා ආවා…

 

1.

අවුරුදු කීපෙකට කලින් දවසක් ජෝකර් මල්ලිගෙ යාළුවෙක්ට ජෝකර් මල්ලිගෙන් කෝල් එකක් ආවලු.

“මචං අකිල, මම මේ ජෝකර් මල්ලි කතා කරන්නෙ. මගෙ මොබයිල් නම්බර් එක වෙනස් උනා බං. කලින් තිබුණෙ නොකියා 3310නේ. දැන් නම්බරේ නොකියා 6610. සේව් කරගනිං හො‍ඳේ. මං අනිත් උන් සෙට් එකටත් කිව්වා.”

2.

ජෝකර් මල්ලිගෙ අප්පොච්ච දවසක් එයාගෙ යාළුවෙක් එක්ක කයියක්ලු.

“බලහං අප්පුහාමි, අපේ ජෝකර් කොලුව ගැන මං හිතාන උන්නෙ වැරදියට බොලං. ඒක කොහොම හරි දොස්තර කොලීජියට ගියානෙ ඉතිං”

“හැබෑට? ඒක එහෙ ගිහිං මොනවැයි ඉගෙන ගන්නේ?”

“ඌ ඉගෙනගන්න ලබ්බක් නෑ බං. ඒකෙ ඉන්න අනික් උං අපේ කොලුවව පරීක්සන කොරලලු ඉ‍ගෙනගන්නෙ”

3.

ජෝකර් මල්ලි පොඩි කාලෙ දවසක් සුරංග එක්ක ගහක අත්තක ඉඳගෙන සින්දු කියනවලු. එක දිගට සින්දු 4ක් කියපු ජෝකර් මල්ලි ඊට පස්සෙ කකුල් දෙක අත්ත උඩින් දාල කකුල් දෙකෙන් ගහේ එල්ලිලා පැද්දි පැද්දි ආයෙ සින්දු කියන්න ගත්තලු. සුරංගට මේක හෙන අවුල්ලු.

සුරංග ඇහුවලු

“ඇයි බං ඔය අනිත් පැත්තට එල්ලිලා සින්දු කියන්නේ??”

ජෝකර් මල්ලි උත්තර දුන්නලු.

“නෑ බං දැං කියන්නෙ තැටියෙ අනිත් පැත්තෙ සින්දු”

(‍ජෝකර් මල්ලිට පස්ට වයස බැවින් මේ කියා ඇත්තේ ග්‍රැමෆෝන් තැටි ගැන බව කාරුණිකව වටහාගන්න)

4.

ජෝකර් මල්ලි දවසක් යාළුවො ටිකක් එක්ක සෙට් උනාලු. බුවා විදුරුවක් විතර ගහල වෙරි වෙලා ඕං කියවනවලු…

“අඩෝව්… තොපි දන්නෙ නෑ යකෝ… මාව දෙයියො කියල සලකන මිනිස්සු ඉන්නව ඩෝ…”

යාළුවො පොරව බයිට් කලාලු.

“අනේ පල ජෝකර් මල්ලි නිකං පච කියවන්නෙ නැතිව”

“පල? තෝ මට පල කිව්වනේ… මං යනව තමයි යකෝ. තොපි හිතන්නෙ මං බොරු කියනව කියලද. මං දැං ගිහිං ෆේස් බුක් ලොග් වෙලා හිලරියස් ගෲප් එකේ පෝස්ට් එකක් දානව. අන්න බලපං එතකොට අපේ කොල්ලො කෙල්ලො මට සලකන විදිය”

“කොහොමද දෙයියන්ට වගේ සලකනවද?”

“නැතුව? උං සේරම අහනව මගෙං ‘අපොයි දෙයියනේ උඹ ආයෙත් ආවද?’ කියල. අන්න බලහං සැලකිල්ල”

හාවුන් ගැන රුවන් වැකි

the_joker-wallpaper 500

මේක විහිළුවක්මත් නෙවෙයි. හිලරියස් ගෲප් එකේ Pradeep Jayawardana සහෝ පල කල පින්තූර විහිළුවකට ජෝකර් මල්ලි දාපු කමෙන්ට් ටිකක්. බලන්නකෝ මේවයින් හාවො ගැන දැනගන්න පුළුවන්ද කියල.

ඔරිජිනල් පෝස්ට් එක බලන්න මෙතනින් යන්න.

හාවුන් සංසර්ගයේ යෙදෙනකොට කියන්නෙ ‘හා වෙනවා‘ කියලාය.

හාවුන් මේ වගේ පෝස්ට් වලට ‘හාස්‍යජනකයි‘ කියා හිනා වෙනවාය.

චීනයේ සිටින හා රජුගේ නම ‘හාච්චිං‘ ය.

හා නෑම්බියෝ එකිනෙකා හමු වූ විට ‘හායි‘ කියා කියාගන්නවාය..

පිරිමි හාවුන් ‘හායි‘ කියන්නෙ කසාද බැඳ අම්බරුවන් මෙන් කට්ට කන විටය.

තරුණ හාවුන්ට ‘හාදයා‘ කියාද කියනවාය.

හාවුන්ගේ මුදල් ඒකකය ‘හාමනි‘ ය.

හාවුන් හවසට සෙට් වෙන්න යන්නේ ‘හාබර්‘ එකටය.

හාවුන් ටොයිලට් හෝදන්නේ ‘හාපික්‘ වලින්ය.

රතුපාට මැණික් වැනි ඇස් ඇති හාවුන් මුදු පැළඳි විට කියන්නේ ‘හාමුදුරුවන්‘ කියාය. එය පසු කලක ‘හාමු‘, ‘හාමු මහත්තයා‘ වශයෙන් කෙටි විය. මේ වර්ගයේ පෝසත් හාවුන් ‘හාලි ඩේවිඩ්සන්‘ මෝටර් සයිකල්වලට කැමතිය.

හාවුන් තම උඳුපියලිය වගාවන් පලදායී කිරීම පිණිස ‘හාක්‍රොස්‘ භාවිතා කරයි

හාවුන් හාවියන් හා හාද වී හනිමූන් ගොස් හා වේ.

හාවුන්ට ලැබෙන පිරිමි පැටවුන් ‘හාම්පුතුන්‘ වශයෙන්ද හැඳින්වේ.

හාවුන්‍ හාබර් එකේදී වෙරි වූ විට කියන ගීතය ‘හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාලු
යන්නයි. එසේ වෙරි වන්නට බී ගුටි ඇන ගත් විට හාවුන්ට ‘හාරිස්පත්තු‘ බඳින්න වෙනවාය.

හාද වෙලා යමන් පණේ‘ යනු හාවුන් කසාද බඳිනවිට ගයන ගීතයයි.

හාවුන්ගේ ලෝකයේ සිටින අග්‍රගණ්‍ය ලේඛක හාවියගේ නම ‘හාපර් ලී‘ ය. ඇය බෘස් ලීගේ ගෙදර ඇති වූ හාවෙකුගේ මී මිණිපිරියකි.

ඒ තරම් ලස්සන නැති හාවියන්ට ‘හාල් කෑලි‘ කියා කියනු ලැබේ.

හාවුන්ට පුදුමයක් ඇති වූ විට, නැතිනම් අදහසක් පහල වූ විට ‘අහා!‘ යැයි කියවේ.

හුස්ම ගැනීමට නොහැකිව හාවුන් මිය යාම ‘ඔක්සි හරණය‘ වශයෙන් හැඳින්වේ.

හාවුන් යන විශ්ව විද්‍යාලය ‘හාවඩ්‘ය.

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.