බැරි වෙලාවත් ඩිවෝස් වෙන්න හිතුණොත්?

ඔන්න කසාද බඳින්න හිතාගෙන හිටපු කපල් එකක් වෙඩින් එකට සතියක් විතර තියෙද්දි ජෝකර් මල්ලිගෙ බොස්ගෙ කාර් එකේ හැප්පිලා ඇක්සිඩන්ට් වෙලා මළාලු. මුන් දෙන්න බුල්ෂිටාගමේ හෙන භක්තිමත් ඩයල් නිසා කෙලින්ම ගිහින් නැවතුනෙ දිව්‍ය ලෝකෙලු. දිව්‍ය ලෝකෙට ගිහින් මෙයාල දෙන්න එහෙ චීෆ් දේව ධූත් පොරක් හම්බඋනාලු.

“දේව ධුතයියෙ… අපි මැරි කරන්න හිටියෙ. ඒ උනාට මැරුණනේ. අපට බැරිද මෙහෙදි කසාද බඳින්න”

“කවුරුත් මීට කලින් එහෙම ඉල්ලල නෑ. මම අපේ දෙයියන්නාස්සෙට කියල බලන්නං. මේව ලේසියෙන් කරන්න පුළුවන් වැඩත් නෙවෙයිනේ”

ඔන්න කපල් එක දිව්‍ය ලෝකෙ තනි කුටියකට වෙලා මාසයක් දෙකක් ඉඳල බැරි තැන ආයෙත් දේව ධූත් පොර ගාවට ගිහින් විස්තරේ කිව්වලු. දේව ධූත් ලොක්ක ඔළුව කහ කහ උත්තර දුන්නලු.

“හරි හරි මම මේ ගැන දැනටමත් කතා කරල තියෙන්නෙ. මෙහෙ කවුරුවත් කසාද බඳින්නෙ නැති නිසා වැඩේ කරන විධිය කවුරුත් වැඩිය දන්නෙ නෑ… මම සේරම සෙට් කරල ඔයාලට කියන්නං. මාසයක් දෙකක් විතර යයි හැබැයි”

ඔන්න මාසයක් දෙකක් යද්දි අර කපල් එකට දේව ධූත් පොරගෙන් පණිවිඩයක් ආවලු. දෙන්න ගියාලු බුවාව සෙට් වෙන්න.

“ඔන්න කියපු විධියටම තිතට වැඩේ කරා. ඔයාලට හෙටම බඳින්න පුළුවන්”

“හැබැයි ධූතයියෙ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. බැරි වෙලාවත් අපි දෙන්නට පස්සෙ දවසක ඩිවෝස් වෙන්න හිතුණොත් එහෙම මොකද වෙන්නේ?”

දේව ධූත් බුවා ඔළුවෙ අත ගහගත්තලු.

“අනෙ අම්මේ… මේ… පිස්සුනං කෙලින්ඩ එපා… මම තමුසෙලව කසාද බන්දන්න දිව්‍ය ලෝකෙං ධර්ම බුවෙක් සෙට් කරගත්තෙ මාස ගාණක් කට්ට කාල පට්ට අමාරුවෙන්. ඩිවෝස් වෙන්න ලෝයර්ලනං මේ කපේදි හොයන්න වෙන්නෙ නෑ”

Advertisements

දූපතක තනිවුණ ගැහැණු සහ පිරිමි

ඔන්න මචංලා සංචාරක නැවක් කුණාටුවකට අහු වෙලා කාත් කවුරුවත් නැති පාළු දූපතකට ගියාලු.

මේ නැවේ හිටියලු මෙන්න මෙහෙම කට්ටිය.

ඉතාලි පිරිමි 2 ගෑණු 1
ප්‍රංශ පිරිමි 2 ගෑණු 1
ජර්මන් පිරිමි 2 ගෑණු 1
ග්‍රීක පිරිමි 2 ගෑණු 1
ලැත්වියන් පිරිමි 2 ගෑණු 1
ජපන් පිරිමි 2 ගෑණු 1
චීන පිරිමි 2 ගෑණු 1
ඔස්ට්‍රේලියන් පිරිමි 2 ගෑණු 1
අයර්ලන්ත පිරිමි 2 ගෑණු 1
එංගලන්තෙ පිරිමි 2 ගෑණු 1
ලංකාවෙ පිරිමි 2 ගෑණු 1

මාසෙකට පස්සෙ මෙන්න මේකලු සීන් කෝන් එක…

එක ඉතාලි පොරක් අනිත් ඉතාලිකාරයව මරල ඉතාලි ගෑණිත් එක්ක ඉන්නවලු.

ප්‍රංශ කාරයො දෙන්නම ප්‍රංශ ගෑණිත් එක්ක ත්‍රීසම් ක්‍රමේට පවුල් කමින් සංතෝසෙන් ඉන්නවලු.

ජර්මන් කාරයො දෙන්න සතියෙන් සතිය ගෑණිව බුක් කරගෙන සන්තෝසෙන් ඉන්නවලු.

ග්‍රීක් කාරයො දෙන්නට ගෑණි වගක්වත් නෑලු. උන් දෙන්න සම ආතල් ගන්නවලු. ගෑණි උන් දෙන්නට කන්න බොන්න හදල දෙනවලු.

ලැත්වියන් පිරිමි දෙන්න මුහුද දිහා පැයක් විතර බලාගෙන හිටියලු. ඊට පස්සෙ ගෑණි දිහා එක පාරක් බැලුවලු. පස්සෙ මූදට පැනල පීනන්න ගත්තලු.

ජපන් ඩයල් දෙක තත්ත්වය කියලා උපදෙස් ඉල්ලලා ටෝකියෝ නුවරට රේඩියෝ පණිවිඩයක් යැව්වලු.

චීනකාරයො දෙන්න ෆාමසියක් දැම්මලු. තව.. බාර් එකක්, රෙස්ටුරන්ට් එකක්, ලොන්ඩ්‍රියක්, සිල්ලර කඩයක් දැම්මලු. ගෑණි පුළුවන් තරං ඉක්මනට ගැබ්බර කලාලු. මොකද උන්ට උන්ගෙ කඩවල වැඩ කරන්න ජනතාව එපැයි.

ඔස්ට්‍රේලියන් බුවාල දිවි නහගන්නලු කල්පනාව. මොකද ගෑණිගෙන් මළ කන්දොස්කිරියාවලු. ඒකිගෙ බොඩි ෂේප් එක, කාන්තා ලාලිත්‍ය ගැන කයිවාරුව, පිරිමි එක්ක සම තැන ඉල්ලීම, අව්වෙ ඉන්නකොට කළු වෙන එක, කෑම හදද්දි අත්වල දැලි ගෑවෙන එක, අම්මව මතක් වෙන එක, අන්තිමට හිටපු කොල්ල එයාව කොච්චර හොඳට බලාගත්තද කියන එක වගේ එක එක ඒව ගැන මා….ර කන්දොස්කිරියාවලු ඒකිගෙන්.

අයර්ලන්ත පොරවල් දෙන්න දූපත උතුරු සහ දකුණු කියල බෙදාගත්තලු. විස්කු පෙරන්න ගත්තලු. ෂොට් එකක දැම්මම සේරම බොඳ වෙලා ගෑණියෙක් ඉන්නව කියල අමතක වෙනවලු. එංගලන්ත කාරයො දෙන්න කිසි ආතල් එකක් නැතිව ඉන්න එකම උන් දෙන්නට සන්තෝසෙන් ඉන්න හේතුවක්ලු.

එතකොට ඇයි එංගලන්තෙ ඩබල අසන්තෝසෙන් ඉන්නේ?

උන් දෙන්න තාම ඉන්නවලු කවුරු හරි තමන්ව අර එංගලන්ත ගෑණිට සම්මත විධියට අඳුන්වල දෙයි කියල බලාගෙන.

එතකොට ලංකාවෙ ඩයල්?

උන් මොනව කරනව ඇද්ද හොඳයි?

සියදිවි හානිකරගන්න එපා නංගි

අළුත් මෝටර් බයික් එකක් ගත්තු ජෝකර් මල්ලිගෙ යාළුවෙක් තරුණ ජවයත් හිතට අරගෙන හිටු කියල යනවලු. ගඟක් උඩ ලොකු පාලමක් ගාවදි මෙයා දැක්කලු ලස්සන කෙල්ලෙක් පාලමේ ඇන්ද උඩට නැගල පහල ගඟ දිහා බලාගෙන ඉන්නවා. මෙයා හින්දි චිත්‍රපටියක නළුව වගේ වැඩ දාල බයික් එක නතර කලාලු. ‍කව් බෝයි අස්සයගෙන් බහිනව වගේ හැඩ දාල බැස්සලු. දකුණු අතින් කොණ්ඩෙ පස්සට දාන ගමන් අර කෙල්ල දිහාට ගියාලු.

“නංගී… ඔයා මොනවද මෙතන මේ කරන්නෙ?”

කෙල්ලත් බොඳ උන ඇස් දෙකින් කොල්ල දිහා බැලුවලු.

“මම ගඟට පැනල මැරෙනව අයියා…”

කොල්ලට බබා වෙන්න ඕන උනේ නෑලු. හැබැයි චාන්ස් එක මිස් කරගන්නත් බෑ වගේලු.

“මට තේරෙණව නංගි. මැරෙන එක ඔයාගෙ අයිතියනේ. ඒ උනාට මැරෙන්න කලින් මට එකම එක කිස් එකක් දෙන්න…”

කෙල්ලත් පැනල ඇවිත් කොල්ලව බදාගෙන විනාඩි තුන හතරක්ම කිස් කලාලු. කොල්ලට නිකං කරකවල අතෑරිය වගේලු.

“ෂා… නංගී… ඒක තමා මගෙ ජීවිතේ හොඳම කිස් එක. ඔයා මාර ටැලන්ට් කෙල්ලක්නෙ නංගි. ඔයාට හොඳ අනාගතයක් තියෙනවනේ. ඇයි මේ දිවි නහගන්න යන්නේ…”

“මං දන්නව අයියා… ඒ උනාට අපේ අම්මල කැමති නෑනෙ මං කෙල්ලෙක් වගේ ඇඳුම් අඳින එකට.”

කොල්ලා පැන්නලු පාලමෙන් ගඟට!

හිලේ කතාව මෙතනින්

ඩොක්ටර් හදවත කපල දායිද?

the_joker-wallpaper 500

සුරාට හාට් කේස් එකක් ඇවිත් ඔපරේෂන් එකක් කරන්න ඉස්පිරිතාලෙට ඇතුල් වුණා.

ඔපරේෂන් එකට කලින් එයාගෙ යාළුවෙක් එයාව බලන්න එද්දි සුරා ඔපරේෂන් එකට අන්දවන ඇඳුම පිටින්ම දුවගෙන එනව දැක්කා.

“මොකෝ බං මේ…. ඔපරේෂන් එක කරන්නෙ නැද්ද? උඹට හොඳයිද දැං?”

“තාම ඔපරේෂන් කරේ නෑ බං. මට දැං කරන්න ඕන නෑ වගේ. මං මේ පැනල යනවා…”

“අර මොකෝ බං?”

“බෙහෙත් සැරට සිහිය නැති වේගෙන එද්දි මට ලාවට ඇහුන නර්ස් කියනවා… ‘අපෝ ඕක ගණන් ගන්න එපා. මේක සිම්පල් ඔපරේෂන් එකක්නෙ. බය වෙන්න එපා සේරම හරි යයි‘ කියලා”

“ඉතිං බං ඕකට පැනල යන්න ඕනයැ? උඹේ හිතේ බය නැති කරන්නනෙ නර්ස් එහෙම කිව්වෙ”

“උඹ මගුලක් කතා කරනව. නර්ස් එහෙම කිව්වෙ මට නෙවෙයි යකෝ ඩොක්ටර්ට”

අවුරුද්දකට තප්පර කීයද?

the_joker-wallpaper 500

ඔන්න සිරා ඩයල් එකක් මැරුණට පස්සෙ ගියාලු දිව්‍ය ලෝකෙට. එතන ඉන්න සුර දූතයෙක් පොරව ඉන්ටවිව් කරන්න ගත්තලු.

‘ඔයාට ප්‍රශ්ණ දෙකකට උත්තර දෙන්න වෙනව මහත්තයෝ’

‘හා අවුලක් නෑ…’

‘මේ සුද්දො හදපු ව්‍යවස්ථාව හින්ද ප්‍රශ්ණ තියෙන්නෙ ඉංගිරිස්වලින්. උත්තරේ ඕනත් ඉංගිරිස්වලින්…’

‘මං සක්විති ලොක්ක ගාව ක්ලාස් ගියේ හරි! අහන්ඩකො බලන්න’

‘හොඳයි… පළවෙනි ප්‍රශ්නෙ… Name two days of the week that begin with “T” ?’

‘සිම්පල්නේ එකක් Today, අනික Tomorrow :D’

‘හෑ…? ආ.. කමක් නෑ… එහෙනං තප්පර දෙකෙන් මේකට උත්තරේ දෙන්න පුළුවන්නං… How many seconds are there in a year?’

‘හයියෝ… හරි සිම්පල්. දොළහයි!’

‘හෑ…? ඒ කොහොමද ඕයි 12ක් වෙන්නේ’

‘ඇයි… January 2nd, February 2nd, March 2nd අන්න ඒ වගේ දොළහයි!’

ලොක්කගෙ ගෑණු දෙන්නා සහ ෆේඩ් උන ජෝක් එක

the_joker-wallpaper 500

මේක හිනායන කතාවක් නෙවෙයි. හිනායන කතාවක් ගැන කතාවක්….

ඔන්න එක මහාචාර්ය කෙනෙක් දේශනයකදි හිනායන කතාවක් කිව්වලු.

“දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා

‘මම දන්නව ඔයාගෙ ඔෆිස් එකේ වෙන දේවල්’ කියලා.

එතකොට බිරිඳ ඇහුව ‘ඒ මොනවද අනේ?’ කියල.

එතකොට හබිය කිව්ව ‘ඔයාගෙ බොස් ඔෆිස් එකේ ගෑණු දෙන්නෙක් එක්ක යාළුයි නේද?’ කියල.

වයිෆ් එතකොට ඇහුව ‘ඔයා කොහොමද ඒක දන්නෙ?’ කියල.

හස්බන්ඩ් එතකොට කියනව ‘අපි ගිය සතියෙ ගිය ඔෆිස් පාටියෙදි මිනිහ තමයි මට කිව්වෙ’ කියල.

එතකොට වයිෆ් කියනව ‘හොඳයි මම හෙට උන්දැව අල්ලගන්නංකො. ඔය අනිත් ගෑණි කවුද කියල දැනගෙන මම ඒකිව මරණව’ කියල”

මේ විහිළුව අහල දේශනේ අහන් හිටපු කට්ටියම හිනා උනාලු. ඊට පස්සෙ මහාචාර්යතුමා මෙහෙම කිව්වලු.

“මම තව විහිළුවක් කියන්නං ඔන්න දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා

‘මම දන්නව ඔයාගෙ ඔෆිස් එකේ වෙන දේවල්’ කියලා.

එතකොට බිරිඳ ඇහුව ‘ඒ මොනවද අනේ?’ කියල.

එතකොට හබිය කිව්ව ‘ඔයාගෙ බොස් ඔෆිස් එකේ ගෑණු දෙන්නෙක් එක්ක යාළුයි නේද?’ කියල.

වයිෆ් එතකොට ඇහුව ‘ඔයා කොහොමද ඒක දන්නෙ?’ කියල.

හස්බන්ඩ් එතකොට කියනව ‘අපි ගිය සතියෙ ගිය ඔෆිස් පාටියෙදි මිනිහ තමයි මට කිව්වෙ’ කියල.

එතකොට වයිෆ් කියනව ‘හොඳයි මම හෙට උන්දැව අල්ලගන්නංකො. ඔය අනිත් ගෑණි කවුද කියල දැනගෙන මම ඒකිව මරණව’ කියල”

දේශනේ අහගෙන හිටපු අය ටිකක් නොසන්සුන් වුණාලු. කීප දෙනෙක්ට හිනා ගියාලු. ගොඩ දෙනෙක් හිනා නොගිය නිසා බලෙන් හිනා උනාලු. ඒත් කවුරුවත් මුකුත් නොකිව්වෙ මහාචාර්යතුමාට ටිකක් මඤ්ඤං වෙන්න ඇති කියල හිතලලු.

ඒත් මහාචාර්යතුමාට ගාණක් නෑලු. එතුමා ආයෙත් කතා කරනවලු.

“මම දන්න තව කතාවක් තියෙනවා…. ඔන්න එක දවසක් දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා….”

මහාචාර්යතුමා අර කතාවම ආයෙත් කිව්වලු. ඒකට කවුරුවත් හිනා උනේ නෑලු. එතකොට මහාචාර්යතුමා කිව්වලු.

“දැක්ක නේද? කොයිතරං හිනා යන විහිළුවක් උනත් දෙතුන් වතාවක් රිපීට් වෙද්දි හිනා යන්නෙ නෑ… ”

කතාව ඉවරයි…

දැන් උඹලට මාර ප්‍රශ්ණෙ මේකෙ මොකටද හිනා යන්නෙ කියල නේ…

අනේ යකුනේ දැන් ඔය ආමි එක දම්මලා වෙඩි තියන කතාවලට හිනා යන්නෙ නැ බොලව්. බලපං තව දෙතුන් වතාවක් වෙඩි තිබ්බට පස්සෙ අපට ඒක නිකං කොටස් වෙළඳපොලේ මිල දර්ශකය වගේ වෙන්නෙ නැද්ද කියලා 😛

 

සැ.යු. – මේ ජෝක් එක පබ්ලිෂ් උනේ හිලේරියස් රසකතා ගෲපය තුල ආමි එකෙන් වෙඩි තබන්නන් බහුල වූ කාලයකදී බව සලකන්න

රතුපස්වල සීඩී/ඩීවීඩී

the_joker-wallpaper 500

රාජකාරි කටයුත්තක් සඳහා මාතර බලා යන්නට මම පිටකොටුව පෞද්ගලික බස් නැවතුමේ බසයකට නැග සිටියෙමි. බස් රථය පණගන්වා තිබුණු අතර පිටත්වීමට විනාඩි 15ක පමණ කාලයක් ඉතිරිව තිබිණ. කාන්සියෙන් පෙලුන බැවින් නිදිමතක්ද දැණෙමින් පැවති අතර කොන්දොස්තරගෙන් ටිකට් පත මිලදී ගැනීමෙන් පසු නිදාගැනීමට බලාපොරොත්තුවෙන් පසු වීමි. එබැවින් කොන්දොස්තර ටිකට්පත් නිකුත් නොකර බසයට සෙනග පැටවීමට කෑ ගසමින් සිටීම පිලිබඳ මා සිටියේ නොරිස්සුම් සිතිනි.

ඒ අතර බස් රථවලට නැග වෙළඳාම් කරන පුද්ගලයන් කීප දෙනෙකු සිසිල් කල ජල බෝතල්, දොඩම්, රඹුටන් සහ රිදී මාල ආදිය විකුණමින් බසය තුල ගමන් ගත්‍ අතර මා ඒ පිළිබඳ උනන්දු වූයේ නැත. මා ජනේලයෙන් පිටත බලා කල්පනාවකට යොමු වී සිටියෙමි.

එහෙත් බසයට නැගි එක් වෙළෙන්දෙකු හේතුවෙන් මාගේ කල්පනාව බිඳුණි. ඒ වෙළෙන්දා විකිණූයේ සංගත වීඩියෝ තැටිය.

දුර ගමනක් යන්න බස් එකේ නැගල ඉන්න මහත්තුරු නෝනල හැමෝටම දෙවියන්ගෙ රැකවරණය ලැබෙන්න, අදහන බුදුන් දෙවියන්ගෙ ආරස්සාව ලැබෙන්න කිව්වා… මෙන්න නෝනලා මහත්තුරු අළුත්ම වැඩේ අරගෙන ආවා.

හරියටම අවුරුදු හතර පහකට කලින් ඔය නෝනල මහත්තුරු දන්නවා අපේ රණ විරුවො අපේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගන්න මහන්සි උන විධිය. අපි හැමදාම ඒක ටීවී එකේ බැලුවා මතක ඇති. අපේ රණවිරුවො දිවි නොතකා ඔය නෝනල මහත්තුරුන්ව ආරස්සා කරන්න යුද්ද කලා මතක ඇති. අපේ දේශ ප්‍රේමී රණවිරුවො අත් පා නැති කරගෙන අපි තමුන්නා‍න්සෙල වෙනුවෙන් දුක් වින්දා මතක ඇති.

ඒ මානුෂික මෙහෙයුමේ ටීවී එකේ නොපෙන්නපු දේවල් අපි ඔය නෝනල මහත්තුරුන්ට ගෙනාවත් මතක ඇති. මම ඒ කාලෙත් බස්වල නැගල නෝනල මහත්තුරුන්ට ටීවීවල පෙන්නුවෙ නැති සීන් තියෙන සීඩී ගෙනත් දුන්නා. ඔය නෝනල මහත්තුරු ඒ දවස්වල රෑට දරු මල්ලො ළං කරගෙන බත් කන ගමන් යුද්දෙ බලන්න ඇති.

ඒ අතීතෙ මතක් කරගන්න නෝනලා මහත්තුරු… ඒ දවස්වල අපිට කෑම නැතත් යුද්දෙ ඕන උනා නේද? අපිට යුද්දෙ ගැන දැනගන්න තියෙන උවමනාව හුස්ම ගන්න එක තරංම වැදගත් උනා නේද? මැච් එකේ ස්කෝර් එක අහනව වගේ අපි පැයෙන් පැය නිවුස් ඇහුවෙ අද කී දෙනෙක් මරා දාලද කියල දැනගන්න නේද? කොටින්ම අපි දේශප්‍රේමයෙන් පපුව පුම්බගෙන අපේ රණවිරුවො ත්‍රස්තවාදියන්ව කපල දාන එක ගැන ආඩම්බර උනා නේද?

ඒ කාලෙ අමතක කරන්න එපා නෝනලා මහත්තුරු. ඒ කාලෙ අමතක වෙන්න දෙන්නෙත් නෑ අපි ඉන්නකල්. අන්න ඒ නිසා තමයි අද මං අපේ රණවිරුවන්ගෙ අළුත්ම වීරෝදාර ක්‍රියාදාම තියෙන රතුපස්වල 1 සීඩී එක ඔය නෝනල මහත්තුරුන්ට ගෙනාවෙ.

වැඩි ගාණක් නෑ රුපියල් දෙසීයයි. දෙසීයකින් අද වේලක් කන්නවත් පුළුවන්ද? බො‍හොම සුළු වියදමක්නේ. අනික රුපියල් දෙසීයට වඩා මේ සීඩී එකේ තියෙන සජීවී දර්ශන වටිනවා. අනිත් වැඩේ තමයි මේ කූපන් එක. මේක අපි දෙන්නෙ නොමිලේ. මේක ළඟ තියාගත්තොත් ඉස්සරහට එන්න තියෙන රණවිරුවන්ගෙ වීර ක්‍රියා සීඩී 5කට සීයට විස්සක වට්ටමක් ගන්න පුළුවන් ඔය නෝනල මහත්තුරුන්ට.

ගන්න ගන්න හැමෝම ගන්න නෝනලා මහත්තුරු. මේ අවස්තාව හැමෝටම නෑ. අද මම සීඩී 40ක් විකුණුවා. තව දහයයි ඉතුරු. වාසනාවන්ත දේශප්‍රේමියො දහදෙනෙක්ට අවස්තාව තියෙනවා. ගන්න මහත්තයා… නෝන ගන්නවද? අද රෑ බත් කන ගමන් දරුවො වටකරගෙන රතුපස්වල වීර ක්‍රියා බලන්න. ආ… ගන්න තව දහයයි. මොකෝ මහත්තයා නිදි? කෝ ගන්නවද?

සීඩී වෙළෙන්දා ක්‍රමයෙන් මා අසලටම විත් කෑ ගැසීය. මම එකවරම ගැස්සී ඇහැරුණෙමි.

කෝ ඔය මහත්තය කොහෙට යන්නද?

කොන්දොස්තර මා වෙත අත පාගෙන සිටී.

මාතරට!

මම පසුම්බියට අත යැවීමි.

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.