ආහාර දාමයේ මිනිසාට ඉහලින් තවත් සත්වයෙක්

ඉස්සරනං කිව්වෙ ආහාර දාමයේ මිනිසා ඉහලින් ඉන්නව කියල. ඒත් ඇත්තටම ඒක එහෙම නෑ.

modern food chain

ගෑණු පිළිමය, පිරිමි පිළිමය, දෙයියෝ සහ පරෙයි බෙටි

කරුණාකර පොඩි දරුවන්, පොඩි දරුවන් වාගේ වැඩිහිටියන්, මිථ්‍යා දෘෂ්ඨිකයන් මෙය නොබලන්න. බලා මල පැන්නොත් වගකීම භාරගනු නොලැබේ.

බුල්ෂිටාගමේ ආරාමයක් ඉස්සරහ තියෙනව ගෑණියෙක්ගෙයි පිරිමියෙක්ගෙයි ගල් පිළිම දෙකක්. මේ දෙක හැම වෙලේම පරෙයි බෙටිවලින් නෑවිල තමා තියෙන්නෙ. ඉතිං දවසක් බුල්ෂිටානෝ දෙයියන්ට දුක හිතිල මේ පිළිම දෙකට නිවාඩුවක් දෙන්න තීරණය කලාලු. දෙයියො ඇවිත් පිලිම දෙක හම්බ උනාලු.

“ඔය ළමයි දෙන්න සියවස් ගාණක් මේ ආරාමෙ දොරටුව මුර කලා. ඔයාලගෙ සේවය නිසා මම පැහැදුණා. මම දෙන්නටම පැය 24ක නිවාඩුවක් දෙනවා”

දෙයියො එහෙම කියල ආරාමෙ ඇතුලට ගියාලු. ටිකකින් උන්නාන්සෙ දැක්කලු පිලිම දෙක කැලෑව පැත්තට යනවා. තව ටිකකින් දැක්කලු කැලෑවෙ ගස් එහෙ මෙහෙ වැනෙනවා, පඳුරු හෙල වෙනවා. හෙන කෙඳිරි සද්ද එනවා.

දෙයියො හිතාගත්තලු වැඩේ. අනෙ අම්මපා මුන් මේක කරගන්න විධියක් නැතිව කොයි තරං දුකෙන්ද ඉන්න ඇත්තෙ කියල උන්නාන්සෙට හිතුනලු. තමන් පිළිම දෙකට නිවාඩුවක් දීපු එක ගැන දෙයියන්ගෙ ඇස්වලට සතුටු කඳුළු ඉනුවලු.

ඔන්න පැය 12කට විතර පස්සෙ පිලිම දෙකම කැලෙන් එළියට ඇවිත් දෙයියො හම්බ උනාලු.

“හා… ඇයි මේ කලින්? තව පැය 12ක්ම තියෙනවනෙ ඔය ළමයින්ට”

දෙයියො කිව්වලු. එතකොට ගෑණු පිළිමෙ පිරිමි පිළිමෙ දිහා බැලුවලු හෙන සන්තෝසෙන්.

“එහෙනං මේ පාර උඹ පරෙයියො අල්ලගෙන හිටපං. මම උංගෙ ඇඟට බොග දාන්නං”

බජට් එකට කලබල වෙන්න දෙයක් නෑ!

joker malli,

මෙය ජෝකර් මල්ලි විසින්ම අමාරුවෙන් නිර්මාණය කල ග්‍රැපික් ජෝක් එකකි. කැමැත්තෝ උස්සත්වා. උස්සල ජෝකර් මල්ලිගෙන් ඉස්සුවා කියල කිව්වානං ෂුවර් එකටම බුල්ෂිටාගමේ දේව අනුහසින් ලබන ආත්මෙදිවත් මේ වගේ ගොන් කතා කියවන්න නොලැබෙන රටක ඉපදෙනව ෂුවර්…

හොට් ඩෝග්ස්ල හදන්නෙ කෝමද මියා?

මහේෂියි මේනකායි කියල ලංකාවෙ පොෂ් නිළියො දෙන්නෙක් ඇමරිකාවෙ ගියාලු.

“මෙහෙ නැෂනල් ෆූඩ් එක බල්ලොලු ‍මියා…”

මහේෂි කිව්වලු. මේනකාත් නිකං හිටියෙ නෑලු.

“ඔව් මියා… මාත් හාල තීනව. උණුවෙන් බල්ලොලු අනේ මියාල ඊට් කරන්නෙ. අපිත් හම්බඋනොත් කමු නීද මියා…”

ඔන්න දෙන්න නිව්යෝක් හන්දියෙන් හැරිල එද්දි ජෝකර් මල්ලි පාරෙ කරත්තයක් තියාගෙන උණු බල්ලො විකුණනවලු.

“Hot Dogs… Hot Dogs… Cheap… Cheap… Hot Dogs”

ඔන්න නිළියො දෙන්නත් ඒවයින් දෙකක් ගත්තලු.

ඒව තිබුණෙ ඇළුමිනියම් ෆොයිල් එකකින් වහල කාඩ් බෝඩ් පෙට්ටියක දාලලු. ඉතිං දෙන්නත් එක්ක ඒකත් අරන් පාක් එකකට ගිහින් කන්න ගත්තලු. දෙන්නම කෑවෙ මූණ රතු කරගෙනලු. කාල ඉවර උනාට පස්සෙ මේනකා මහේෂිගෙන් ඇහුවලු.

“මී… උයාට හම්බඋනේ බල්ලගෙ මොන පාට් එකද?”

———————–
ප.ලි.
පස්සෙ කාලෙක මේ දෙන්න තරහ උනා. දෙන්න දෙන්නගෙ රහස් එලි කරනව කියල එකිනෙකාට තර්ජනය කරනව. ඇත්තටම ඕක තමා රහස 😛

හිලේ කතාව මෙතනින්

ද බොස්

දවසක් ජෝකර් මල්ලි ගියා සත්තු විකුණන කඩේකට. ඕන උනේ ගිරවෙක්. පොඩි එකෙක්ට තෑග්ගකට දෙන්න.

“කොහොමද මුදලාලි ගිරව්?“

“ගිරව් ඉන්නව සර්… ඕන ගාණකට ඉන්නව. අර දකුණු පැත්තෙ ඉන්න එකා රුපියල් දෙදහයි“

“දෙදහක්? එච්චර ගණං මොකෝ?“

“මේකනෙ මහත්තය…. මූට කොම්පියුටරේ පාවිච්චි කරන්න පුළුවන්නේ“

“ආ… එහෙමද? අර අනිත් එකා කෙහොමද?“

“ඌ නං රුපියල් තුන්දාහක් වෙනව“

“හෑ….?“

“ඔව් මහත්තය. ඒක ලිනක්ස් කියන එක පාවිච්චි කරන්න දන්නවලු“

“මාරයිනෙ මුදලාලි. මමවත් දන්නෙ නෑ ඒක… අර අතන ඉන්න තඩි එකා කීයද?“

“හප්පා… ඒකා රුපියල් හත්දාහයි මහත්තය“

“අම්මෝ…. ඒ මොකෝ එච්චර ගණං? ඒකා ප්‍රෝග්‍රැමිංවත් කරනවද?“

“අයියෝ නෑ මහත්තය. ඌ දවස පුරාම කක බිබී නිකං ඉන්න එක තමා කරන්නෙ. හැබැයි අනිත් ගිරව් දෙන්නම මූට කතා කරන්නෙ බොස් කියලා“

ජෝකර් මල්ලිගෙ ටීචර්

“හොඳයි ජෝකර් පුතා කියන්න මේ ප්‍රශ්ණෙට උත්තරේ”

ටීචර් එහෙම කියාගෙන මගෙ ගාවට ආවා.

“හිතන්න අත්තක කුරුල්ලො 5 දෙනෙක් ඉන්නවා. ඔයා ගලක් අරන් එකෙක්ට ගහනවා බිම වැටෙන්න. දැන් අත්ත උඩ කී දෙනෙක් ඉතිරිද?”

“එකෙක්වත් නෑ”

මම කිව්වා…

“හෑ.. එහෙම වෙන්නෙ කොහෙමෙද? ආයෙත් ප්‍රශ්ණෙ පැහැදිලිව අහගන්න. ඔන්න අත්තක කුරුල්ලො 5 දෙනෙක් ඉන්නවා. ඔයා ගලක් අරන් එකෙක්ට ගහනවා. දැන් අත්ත උඩ කී දෙනෙක් ඉතිරිද?”

“එකෙක්වත් නෑ ටීචර්”

ටීචර්ට අවුල්. ඒත් මම දන්නව මම කිව්ව උත්තරේ හරි කියලා.

“හරි… අපි වෙන විධියකට බලමු. ඔයා ගාව කෙසෙල් ගෙඩි 5ක් තියෙනවා. මම එකක් ඉල්ලගන්නවා. ඔයා ගාව දැන් කීයක ඉතිරිද?”

“හතරයි“

“ආ.. ඔය කිව්වෙ ලස්සනට… දැන් මුල් ප්‍රශ්ණෙටත් ඒ වගේ උත්තර දෙන්නකෝ…. අත්ත උඩ කුරුල්ලො 5යි. එකෙක්ට බිම වැටෙන්න ඔයා ගලකින් ගැහුවම ඉතිරි කීයද?“

“එකෙක්වත් නෑ“

ටීචර්ට මල!

“හයියෝ මේ ළමයා… කියන දේ තේරෙන්නෙ නෑනෙ.. කොහොමද එහෙම වෙන්නේ…?“

“ඉතිං ටීචර්…. එකෙක්ට ගලකින් ගහපුගමන් අනිත් උන් ඔක්කොම ඉගිලිල යනවනේ….“

ටීචර් ටිකක් කල්පනා කරා.

“හුම්ම්… ඒකත් ඇත්ත තමයි. උත්තරේ වැරදුණාට ජෝකර් පුතා හිතන විධියට මම කැමතියි“

ටීචර් එහෙම කියල මගෙ ඔළුව අතගෑවා. ඔන්න මටත් අදහස් පහල උනා.

“ටීචර් මාත් අහන්නද ප්‍රශ්ණයක්“

“හා අහන්නකෝ බලන්න“

“ඔන්න බංකුවක් උඩ ඉඳගෙන ගෑණු කට්ටය තුන් දෙනෙක් කෝන් අයිස්ක්‍රීම් කනවා. එක්කෙනෙක් අයිස්ක්‍රීම් හපල කනවා. තව එක්කෙනෙක් චුට්ට චුට්ට උරල බොනවා. තව එක්කෙනෙක් හොඳට ලෙවකාල කනවා. මේ තුන් දෙනාගෙන් කවුද කසාද බැඳපු කෙනා.“

ටීචර් තප්පර පහක් විතර නියපොත්ත හප හප කල්පනා කරල අන්තිමේදි උත්තරයක් දුන්නා….

“මටනං හිතෙන්නෙ අර ලෙවකාල කන එක්කෙනා කියල… හරිද?“

“වැරදියි ටීචර්… බැඳපු කෙනාගෙ අතේ විතරයි වෙඩිං මුද්දක් තියෙන්නෙ.“

“හයියෝ…. ඇත්ත නේන්නං…“

ටීචර් ඔළුවෙ අත ගහගත්තා.

“කමක් නෑ ටීච උත්තරේ වැරදුනාට… ටීචර් හිතන විධියට මම කැමතියි“

මම ටීචර් දිහා හොරෙන් බලල කිව්වා.

ඉරිදා ආතල් එක

ඉරිද දවසෙ ගෙදරට වෙලා ආතල් එකේ ෆිල්ම් එකක් බලන්න හිටියෙ. මේ පෝන් එක ‘ටිලිං ටිලං’ ගෑවා. නොදන්න නම්බරයක්. ඕන මගුලක් කියල උත්තර දුන්නා.

“ආ… හලෝ…. මේ ජෝකර් මල්ලිද?”

“ඔව්…”

“මේ කතා කරන්නෙ ගමේ බුල්ෂිටාරාමෙ ලොකු පූජක තුමා. මාව මතකයි නේද?”

මට ඒ මිනිහව මතක තිබුණෙ නෑ ඇත්තටම. පූජක බුවා උනාට මිනිහ ගැන එක එක කතා පැතිරිල තිබුණ නිසා ජෝකර් මල්ලි වගේ හැන්ඩ්සම් කොල්ලො බුල්ෂිටාරාමෙ පැත්ත පලාතෙ ගියෙ නෑ. ඒ උනාට බුවාව අමතකයි කියල කියන්න බෑනෙ.

“මතකයි මතකයි ලොකු පූ… ඇයි හදිසියෙන් කතා කරේ?”

“කතා කරේ ලොකු උවමනාවකට ජෝකර් මල්ලි. මට පොඩි ආසාවක් තියෙනව ඕයි.”

බුදු අම්මේ ආසාවක්?

“මොකද්ද ලොකු පූ ආසාව?”

“මට ඕන පින්තූරයක් ගන්න. අර සමහර ආගම්වල පූජක ඩයල් අරගන්න විධියෙ එකක්”

“ඒ කිව්වෙ? මට තේරුන්නෑ ලොකු පූ”

“ජෝකර් මල්ලි දැකල තියෙනව නේද ඔය පත්තරවල, පේස්බුක් එකේ… එතකොට කටවුට්වල එහෙම තියෙනවා ඔය ආගම්වල පූජකයන්ට එක එක සත්තු වැඳගෙන ඉන්න පින්තූර දාල තියෙනවා?”

“ඔව් ඔව්… අර අලි එහෙම නේ…”

“ඔව් ඔව්… අලි, හරක්, මී හරක්, එළුවො, කුකුළො, ඌරො, බල්ලො, පූසො, මිනිස්සු… නෑ නෑ මිනිස්සු අවුලක් නෑ… ඔය තිරිසන්නු වඳින සීන් තියෙනව නේද?”

“මම දැකල තියෙනව ලොකු පූ… ඉතිං මම මොනවද කරන්න ඕන”

“මටත් එහෙම පොටෝ එකක් අරන් පත්තරේ දාන්න ඕන ඕයි. දැන් ඒක තමා ට්‍රෙන්ඩ් එක. මම අපේ ආරාමෙ පොඩි පූල සෙට් එකත් එක්ක කතා කරා. පොටෝග්‍රැපර් කෙනෙකුත් හම්බඋනා. පොටෝ එක ගන්නකල් සතාව බැඳල තියෙන ලණුව පාගගෙන ඉන්නත් හයේ හතරෙ මල්ලි බබෙක්…. ඉන්නවා”

“මම හිතුවෙ මට පොටෝ ගහන්න කතා කරනව කියල. ලණුව පාගන්න පොරක් මොකටද?”

“ඒකනෙ ජෝකර් මල්ලි. ඔයා දන්නෑනෙ සීන් එක. මේ පොටෝග්‍රැපර් මල්ලි කරන්නෙ මේ වගේ වැඩ විතරයි. ඔය සත්තු වඳින පින්තූර අරගන්න ප්‍රොපෙසනල් මල්ලියෙක් මෙයා. පුදුම හම්බකිරිල්ලක් හම්බකරන්නෙ. හෙට අනිද්දා ගැම්බොගිණියක් ගන්නවලු. එයා තමා මේක කරන විධිය කිව්වෙ.”

“ඉතිං”

“ජෝකර් මල්ලි දන්නවනෙ සත්තු කවදාවත් ඇවිත් මිනිස්සුන්ට වඳින්නෙ නෑ කියල. උන්ට අපිට තරං පිස්සු නෑනෙ. ඒ නිසා සතාව බෙල්ලෙන් ගැටගහලා අල්ලලා පහතට කරලා ඒ ලණුව පාගගන්න ඕන කවුරුහරි. සතා ටික වෙලාවක් දඟලල කකුල් දෙක නමලා ඌට වේදනාව අඩු පහසු ඉරියව්වකට එනවා. ඒ වෙලාවෙ ටක් ගාල පින්තූරෙ ගන්නවා.”

“ඉතිං එතකොට අර ලණුව පේනවනේ”

“හයියෝ… මහලොකුවට බ්ලොග් එකකුත් ලියනවලු නේද? ටෙක්නිකල් රස්සාවක්ලු නේද කරන්නේ? පොටෝසොප් ගැන දන්නෙ නැද්ද? අපට ඕන ඒව තියල ඉතිරි ඒව මකල දානවා… හරි ලේසියි”

“හා හා.. දැන්නෙ තේරුණෙ වැඩේ… ඉතිං මට මොකක්ද කරන්න තියෙන්නෙ?”

“මේකයි වැඩේ. සේරම හරි. ඒත් බූරුවෙක් හොයාගන්න තමා බැරි. ජෝකර් මල්ලි දන්න ලොකු අය ඇතිනේ… පොඩ්ඩක් විපරමක් දාල බූරුවෙක්ව හොයල දෙන්නකො මට”

“ඈ….???”

“ඈ.. කියල හරියන්නෙ නෑ. ඒක කොහොම හරි කරල දෙන්න හො‍ඳේ… බූරුවෙක් වැඳගෙන ඉන්න පොටෝ එකක් පත්තරේ ගියොත් අපෙත් කල්ල මරේ තමා… එහෙනං මම තියනවා… බා…යි…”

හපොයි බුල්ෂිටාගමේ නෑ යකුනේ… දැන් හොයාපල්ලකො බූරුවෙක්. මම කියල කොහෙන් හොයන්නද? මේක කියවන ඔයාල කවුරුහරි බූරුවන්ට සම්බන්ධයක් තියෙන කෙනෙක්නං ජෝකර් මල්ලිව දැනුවත් කරන්න.

බූරුවෙක් හොයල දීල ජෝකර් මල්ලිව මේ උගුලෙන් බේරගන්න.

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.