කොරියාවෙ පෝස්ටරයක් හිටං…

samsung

Advertisements

හාන්නේ…. චාල්ස් කුමාරයා…

මේ දවස්වල චාල්ස් කුමාරය නැගලම යනවනේ… (අශ්සය පිටේ නෙවෙයි) එයා මාර සෙලිබ්‍රිටි ඩයල් එකක් වෙලානෙ ලංකාවෙ. ඔය එයා හිටපු තැන්, කරපු ඒව, ගියපු දිහාවල්, බොග දාපු ටොයිලට් වගේ ඒව ගැන මිනිස්සු සෑහෙන්න කතාවෙනවනේ…. ජෝකර් මල්ලිත් මෙහෙම ගොන් කතා දැම්මට පට්ට හිංගල ඩෑල් එක හින්ද ඔය පර සුද්දන්ව පේන්ඩ බෑ… 😛 ඒත් ඉතිං ඔය කියන කතා අහගෙන ජෝකර් මල්ලිටත් කට පියාගෙන අත පය බැඳගෙන ඉන්න බැරුවට කරපු ග්‍රැපික් ජෝක් එක තමා මේක.

joker malli, ජෝතර් මල්ලි, jokermalli.wordpress.com

කතාකරන්න උපරිම නිදහස

ඔන්න ඇමරිකන් පොරකුයි ජෝකර් මල්ලියි දවසක් දේශපාලනේ ගැන ගැඹුරු සාකච්ඡාවක් දැම්මා.

ඇමරිකන් බුවා හෙන පොර ටෝකක් දුන්නා.

“අපේ රටේ කතා කරන්න පුදුම නිදහසක් තියෙන්නෙ. හිතන්න මම ධවල මන්දිරේ ඉස්සරහට ගිහින් ‘ඔබාමා…. ගෙදර පල’ කියල කෑ ගැහුව කියලා, මට කිසි දෙයක් වෙන්නෙ නෑ. ඒ තරමට අපේ රට නිදහස් රටක්…”

ජෝකර් මල්ලිටත් මල පැන්න ඉතිං. එයත් ඇරියෙ නෑ…

“අනේ පලයං බං යන්න.. අපේ රටෙත් එහෙම තමා….. කතා කරන්න උපරිම නිදහස… මම අරලියගහ මන්දිරේ ඉස්සරහට ගිහිං ‘ඔබාමා…. ගෙදර පල’ කියල කෑ ගැහුව කියල මටත් මුකුත් වෙන්නෙ නෑ”

ලෝකෙ මුල්ම ගෑණියි මිනිහයි ලංකාවෙ අය…!

එංගලන්තෙ පොරකුයි, ප්‍රංශෙ පොරකුයි ලංකාවෙ පොරකුයි චිත්‍ර ප්‍රදර්ශණයක් බලනවලු. එක චිත්‍රෙක ආදම්, ඒව කපල් එක ඊඩන් උයනෙ ඇපල් ගහ යට ඉන්න සීන් එකක් තිබිල තුන් දෙනාම ඒක දිහා බලං හිටියලු.

“ෂහ්… බලන්න මේ දෙන්න ඉන්න වැදගත් විධිය. නියම ජෙන්ටල් පෙනුමක් තියෙන්නෙ. මට හිතෙන්නෙ ෂුවර් එකටම මෙයාල ඉංග්‍රීසි ජාතිකයෝ”

එංගලන්තෙ පොර කිව්වලු. එතකොට ප්‍රංශෙ බුවත් කට දැම්මලු.

“පිස්සුද හලෝ… මෙයාල අමු හෙළුවෙන් ඉන්නේ කිසි ලැජ්ජාවක් නැතිව. ඒ වගේම මෙයාල කිරිගරුඩෙන් හැදුව වගේ ලස්සනයි. මෙයාල ෂුවර් එකටම ප්‍රංශ ජාතිකයො”

එතකොට ශ්‍රී ලංකාවෙ බුවා කිණ්ඩි හිනාවක් දාල ‍කිව්වලු.

“තමුසෙල දෙන්නටම පිස්සු. මේ ශ්‍රී ලංකාවෙ දෙන්නෙක්”

අනිත් දෙන්නට කුතුහලේලු.

“ඒ කොහොමද?”

“දැන් බලනවා… මේ දෙන්නට හරියට ඉන්න තැනක්, අඳින්න ඇඳුමක් නෑ… කන්න තියෙන්නෙත් එකම එක ඇපල් ගෙඩියක් විතරයි. ඒ උනාට පින්තූරෙට පේන්න සන්තෝසෙනුත් ඉන්නවා. අනික මෙයාල ඉන්නෙ පාරාදීසයෙ කියල මෙයාලව හොඳට අන්දලත් තියෙන්නෙ. ඉතිං මේ දෙන්න ලංකාවෙ ඇර වෙන කොහෙවත් වෙන්න බෑනෙ.”

දූපතක තනිවුණ ගැහැණු සහ පිරිමි

ඔන්න මචංලා සංචාරක නැවක් කුණාටුවකට අහු වෙලා කාත් කවුරුවත් නැති පාළු දූපතකට ගියාලු.

මේ නැවේ හිටියලු මෙන්න මෙහෙම කට්ටිය.

ඉතාලි පිරිමි 2 ගෑණු 1
ප්‍රංශ පිරිමි 2 ගෑණු 1
ජර්මන් පිරිමි 2 ගෑණු 1
ග්‍රීක පිරිමි 2 ගෑණු 1
ලැත්වියන් පිරිමි 2 ගෑණු 1
ජපන් පිරිමි 2 ගෑණු 1
චීන පිරිමි 2 ගෑණු 1
ඔස්ට්‍රේලියන් පිරිමි 2 ගෑණු 1
අයර්ලන්ත පිරිමි 2 ගෑණු 1
එංගලන්තෙ පිරිමි 2 ගෑණු 1
ලංකාවෙ පිරිමි 2 ගෑණු 1

මාසෙකට පස්සෙ මෙන්න මේකලු සීන් කෝන් එක…

එක ඉතාලි පොරක් අනිත් ඉතාලිකාරයව මරල ඉතාලි ගෑණිත් එක්ක ඉන්නවලු.

ප්‍රංශ කාරයො දෙන්නම ප්‍රංශ ගෑණිත් එක්ක ත්‍රීසම් ක්‍රමේට පවුල් කමින් සංතෝසෙන් ඉන්නවලු.

ජර්මන් කාරයො දෙන්න සතියෙන් සතිය ගෑණිව බුක් කරගෙන සන්තෝසෙන් ඉන්නවලු.

ග්‍රීක් කාරයො දෙන්නට ගෑණි වගක්වත් නෑලු. උන් දෙන්න සම ආතල් ගන්නවලු. ගෑණි උන් දෙන්නට කන්න බොන්න හදල දෙනවලු.

ලැත්වියන් පිරිමි දෙන්න මුහුද දිහා පැයක් විතර බලාගෙන හිටියලු. ඊට පස්සෙ ගෑණි දිහා එක පාරක් බැලුවලු. පස්සෙ මූදට පැනල පීනන්න ගත්තලු.

ජපන් ඩයල් දෙක තත්ත්වය කියලා උපදෙස් ඉල්ලලා ටෝකියෝ නුවරට රේඩියෝ පණිවිඩයක් යැව්වලු.

චීනකාරයො දෙන්න ෆාමසියක් දැම්මලු. තව.. බාර් එකක්, රෙස්ටුරන්ට් එකක්, ලොන්ඩ්‍රියක්, සිල්ලර කඩයක් දැම්මලු. ගෑණි පුළුවන් තරං ඉක්මනට ගැබ්බර කලාලු. මොකද උන්ට උන්ගෙ කඩවල වැඩ කරන්න ජනතාව එපැයි.

ඔස්ට්‍රේලියන් බුවාල දිවි නහගන්නලු කල්පනාව. මොකද ගෑණිගෙන් මළ කන්දොස්කිරියාවලු. ඒකිගෙ බොඩි ෂේප් එක, කාන්තා ලාලිත්‍ය ගැන කයිවාරුව, පිරිමි එක්ක සම තැන ඉල්ලීම, අව්වෙ ඉන්නකොට කළු වෙන එක, කෑම හදද්දි අත්වල දැලි ගෑවෙන එක, අම්මව මතක් වෙන එක, අන්තිමට හිටපු කොල්ල එයාව කොච්චර හොඳට බලාගත්තද කියන එක වගේ එක එක ඒව ගැන මා….ර කන්දොස්කිරියාවලු ඒකිගෙන්.

අයර්ලන්ත පොරවල් දෙන්න දූපත උතුරු සහ දකුණු කියල බෙදාගත්තලු. විස්කු පෙරන්න ගත්තලු. ෂොට් එකක දැම්මම සේරම බොඳ වෙලා ගෑණියෙක් ඉන්නව කියල අමතක වෙනවලු. එංගලන්ත කාරයො දෙන්න කිසි ආතල් එකක් නැතිව ඉන්න එකම උන් දෙන්නට සන්තෝසෙන් ඉන්න හේතුවක්ලු.

එතකොට ඇයි එංගලන්තෙ ඩබල අසන්තෝසෙන් ඉන්නේ?

උන් දෙන්න තාම ඉන්නවලු කවුරු හරි තමන්ව අර එංගලන්ත ගෑණිට සම්මත විධියට අඳුන්වල දෙයි කියල බලාගෙන.

එතකොට ලංකාවෙ ඩයල්?

උන් මොනව කරනව ඇද්ද හොඳයි?

හොට් ඩෝග්ස්ල හදන්නෙ කෝමද මියා?

මහේෂියි මේනකායි කියල ලංකාවෙ පොෂ් නිළියො දෙන්නෙක් ඇමරිකාවෙ ගියාලු.

“මෙහෙ නැෂනල් ෆූඩ් එක බල්ලොලු ‍මියා…”

මහේෂි කිව්වලු. මේනකාත් නිකං හිටියෙ නෑලු.

“ඔව් මියා… මාත් හාල තීනව. උණුවෙන් බල්ලොලු අනේ මියාල ඊට් කරන්නෙ. අපිත් හම්බඋනොත් කමු නීද මියා…”

ඔන්න දෙන්න නිව්යෝක් හන්දියෙන් හැරිල එද්දි ජෝකර් මල්ලි පාරෙ කරත්තයක් තියාගෙන උණු බල්ලො විකුණනවලු.

“Hot Dogs… Hot Dogs… Cheap… Cheap… Hot Dogs”

ඔන්න නිළියො දෙන්නත් ඒවයින් දෙකක් ගත්තලු.

ඒව තිබුණෙ ඇළුමිනියම් ෆොයිල් එකකින් වහල කාඩ් බෝඩ් පෙට්ටියක දාලලු. ඉතිං දෙන්නත් එක්ක ඒකත් අරන් පාක් එකකට ගිහින් කන්න ගත්තලු. දෙන්නම කෑවෙ මූණ රතු කරගෙනලු. කාල ඉවර උනාට පස්සෙ මේනකා මහේෂිගෙන් ඇහුවලු.

“මී… උයාට හම්බඋනේ බල්ලගෙ මොන පාට් එකද?”

———————–
ප.ලි.
පස්සෙ කාලෙක මේ දෙන්න තරහ උනා. දෙන්න දෙන්නගෙ රහස් එලි කරනව කියල එකිනෙකාට තර්ජනය කරනව. ඇත්තටම ඕක තමා රහස 😛

හිලේ කතාව මෙතනින්

වතුර උඩ ඇවිදිමුද?

මේක මේ ජෝකර් මල්ලි සුද්දංගෙ රටේ ඉන්න කාලෙ ආරංචි උන වැඩක්.

පීටර් කියන්නෙ ජෝකර් මල්ලිගෙ යාළුවෙක්. ඔන්න පීටර්ගෙ 18 වෙනි උපන් දිනෙ එනවලු. මේ පීටර්ලගෙ පවුලෙ පිරිමි අයගෙ විශේෂ ලක්ෂණයක් තිබුණලු. එයාලගෙ 18 වෙනි උපන් දිනේදි එයාලට වතුරෙ ඇවිදින්න පුළුවන් වෙනවලු. පීටර්ගෙ තාත්ත, අත්තා (සීයා) සහ මුත්තා තුන් දෙනාම තමන්ගෙ 18 වෙනි උපන් දිනේදි ගමේ තියෙන වි‍ල උඩ ඒ විධියට ඇවිදගෙන එහා පැත්තෙ බාර් එකට ගිහින් නිල වශයෙන් මුල්ම බියර් එක ගහනවලු.

පීටරුත් උපන් දිනේ එනකල් බලං හිටියෙ වතුරෙ ඇවිදින්නලු. ඔන්න උපන් දිනේ දවසෙදි මිනිහ යාළුවෙක් එක්ක විලට ගිහින් ලකුණු දාගන්නත් එක්ක ගැඹුරු තැනකින් වතුරට බැස්සලු. ඇවිදිල්ල කොහොම උනත් පොර හොඳටම ගිලිල නොමැරී බේරුණෙ අනූ නමයෙන්ලු.

සිහිය ආවට පස්සෙ මිනිහට හොඳටම මල පැනල ගියාලු ආච්චි හම්බ වෙන්න.

“මගෙ නෑයො ඔක්කොම මාව රැවැට්ටුවා. අපේ තාත්ත, අත්ත, මුත්ත තුන් දෙනාම 18 වෙනි උපන් දිනේදි වතුර උඩ ඇවිද්දලු. මම විතරයි ගිලුනෙ. සේරම බොරු කාරයො. ආච්චිත් මට බොරු කිව්වා”

ආච්චිටත් මල පැන්නලු.

“අනේ බූරුවො. තෝ උපන්නෙ ජූලි මාසෙනෙ බං. තොගෙ තාත්තයි, මයෙ මිනිහයි, උන්දැගෙ මහ මිනිහයි තුන් දෙනාම ඉපදුනෙ දෙසැම්බර් මාසෙ. ඒ කාලෙට විලේ වතුර මිදෙනවනේ ගොනෝ….”