ඩොක්ටර් හදවත කපල දායිද?

the_joker-wallpaper 500

සුරාට හාට් කේස් එකක් ඇවිත් ඔපරේෂන් එකක් කරන්න ඉස්පිරිතාලෙට ඇතුල් වුණා.

ඔපරේෂන් එකට කලින් එයාගෙ යාළුවෙක් එයාව බලන්න එද්දි සුරා ඔපරේෂන් එකට අන්දවන ඇඳුම පිටින්ම දුවගෙන එනව දැක්කා.

“මොකෝ බං මේ…. ඔපරේෂන් එක කරන්නෙ නැද්ද? උඹට හොඳයිද දැං?”

“තාම ඔපරේෂන් කරේ නෑ බං. මට දැං කරන්න ඕන නෑ වගේ. මං මේ පැනල යනවා…”

“අර මොකෝ බං?”

“බෙහෙත් සැරට සිහිය නැති වේගෙන එද්දි මට ලාවට ඇහුන නර්ස් කියනවා… ‘අපෝ ඕක ගණන් ගන්න එපා. මේක සිම්පල් ඔපරේෂන් එකක්නෙ. බය වෙන්න එපා සේරම හරි යයි‘ කියලා”

“ඉතිං බං ඕකට පැනල යන්න ඕනයැ? උඹේ හිතේ බය නැති කරන්නනෙ නර්ස් එහෙම කිව්වෙ”

“උඹ මගුලක් කතා කරනව. නර්ස් එහෙම කිව්වෙ මට නෙවෙයි යකෝ ඩොක්ටර්ට”

6 thoughts on “ඩොක්ටර් හදවත කපල දායිද?

  1. එල එල …….

  2. ජොකෝ අපි බලලා හිනාවෙලා යනවා.කමෙන්ට් එකක් වත් දාන්නේ නැහැ.සමාවෙයන්.

  3. මට තේරුනේ නැහැ ජෝක් එක..

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!