අප්පච්චි සහ කුඩප්පච්චි

හිටං බලන්න බැරිනං ඉඳං බලන්න!

appachchi and kudappachchi

බෝ….. දුබල සීනා….

හායි මෙයාලා… කාලෙකින් නේ…. මේ අර අමිල සඳරුවන් අයියගෙ සින්දුවට හදපු එකක්. ගණංගන්න එපා… තව එනවා….

graphic joke 12 - booo dubala sena

ජෝකර් මල්ලිගෙ ග්‍රැපික් ජෝර්ක්ස්ස් තව බලන්ඩ ඕනනං මෙතනින් යන්ඩ.

කාර් එකක් ගත්ත ඕයි…

කාර් ගන්න හිතං ඉන්න හැමෝටමත් දහ අතේ ණය වෙලා කාර් ගත්තු හැමෝටමත් මේක වැදගත්.
ජෝකර් මල්ලිගෙම ග්‍රැපික් ජොකෙක්

joker malli, ජෝකර් මල්ලි, jokermalli.wordpress.com

තව ග්‍රැපික් ජෝක් බලන්න මෙතනින් යන්ඩ.

සුපර් මෑන්ගෙ සෙක්ස් ලයිෆ් එක ගැන කලින් දාපු කතාව මෙතනිං…

හිට්ලර්ට පතුරු යනකල් බණිමු

18 + අයට විතරක් තේරෙයි ඈ… මේක ගැන මුකුත් නොකියා ඉන්න තරමට හොඳයි.
joker malli, ජෝකර් මල්ලි, jokermalli.wordpress.com

කියන්න අතමක වුණා. මේ ජෝකර් මල්ලිගෙ තවත් ග්‍රැපික් ජොකෙක්

මට එපා වෙලා ඕයි!

මට පට්ට මහන්සියි බං. බෝරිං වෙලා… කොටින්ම කිව්වොත් විහිළුත් එපා වෙලා.. ඒකයි කාලෙකින් ජෝක් එකක් දැම්මෙත් නැත්තෙ… හෙණ මහන්සියි… සෑහෙන්න කාලෙක ඉඳන් මට ඒ මහන්සිය දැණෙන්නෙ. මම හිතුවෙ දැන් රස්සා කරන්න අරන් අර තරුණ ගතිය ටික ටික නැති වෙනවද කියලා. අනික මේ යකඩ අඩු ලේ, විටමින් අඩුකම, පරිසර දූෂණේ, බඩ එන එක, බියර් බොන එක, බීඩි සුරුට්ටු බොන එක, සීනි ප්‍රශ්ණ, කෑම ප්‍රශ්ණ, ගෑණු ප්‍රශ්ණ, රටේ ප්‍රශ්ණ, ලෝක ආර්ථික ප්‍රශ්ණ වගේ එක එක ඒව නිසා මට මහන්සි දැණෙනව කියලයි මම හිතුවෙ.

උඹ හිතනව ඇති ජෝකර් මල්ලිට පිස්සු හැදිල කියල. මෙව්වයෙ සිද්ධවෙන සීන් දැක්කම පිස්සුත් හැදෙනව තමා. හැබැයි පිස්සුව නෙවෙයි මචං සිරා සීන් එක. මට මීටර් උනා මම මහන්සියෙන් ඉන්නෙ ඇයි කියලා.

මම මහන්සියෙන් ඉන්නෙ වැඩිපුර වැඩ කරන නිසා.

නිකමට හිතපං. මේ රටේ මිනිස්සු කෝටි 2ක් ඉන්නවා. ඒකෙන් ලක්ෂ හැත්තැ හයක්ම ‍වැඩ කරන්න බැරි වයසක කට්ටිය. ඒ අය ඇරුණම ඉන්නෙ එක්කෝටි විසිහතර ලක්ෂයයි. ඒකෙන් ලක්ෂ හතලිහක්ම ඉස්කෝලෙ හරි කැම්පස් හරි යන නැත්තං එය එක එක කෝස් කරන උන්. එතකොට ඉතිරි ලක්ෂ අසූ හතරයි. රජයෙ සේවකයො ලක්ස තිස් එකක් ඉන්නව. එතකොට වැඩ කරන්න ඉතිරි ලක්ෂ පණස් තුනයි.

ඒකෙනුත් විස්සක් ඉන්නව ආමි එකේ. දැන් උන්ට හෙන වැඩනේ. එතකොට තව දාහතර ලක්ෂයක් ඔය පළාත් පාලන ආයතන නගර සභා වගේ එව්වයෙ ඉන්නවා. එතකොට තව ලක්ෂ දහ නමයයි ඉතුරු. එයිනුත් අද වෙනකොට ලක්ෂ හතක් එක එක ලෙඩ හැදිල හොස්පිටල්වල ඉන්නවලු. එතකොට ඉතිරි ලක්ෂ දොළහයි.

එතකොට ඊළඟට ඉන්නෙ ෆේස් බුක් චණ්ඩි. අපි උඹල නෙවෙයි.. දන්නැද්ද ඔය එක එක කල්ලිවලට කඩේ යන්න ඉන්න හැබෑ ජීවිතේ පට්ට නෝංජල් හැබැයි ෆේස්බුක් එකේ ගේම ඉල්ලන උන්… අන්න එහෙම උන් දසලක්ෂතුන්දහක් ඉන්නව කියල මාක් අයිය කිව්වා. වෙන්න පුළුවන්නේ… කොහොම හරි දැන් ඉතිරි එක්ලක්ෂ අනූහත්දාහයි.

ඔයිනුත් ඔය සංස්කෘතිය රකින්න, දේශපාලුවො රකින්න පාරට බැහැල උග්ගෝෂණ කරන උන් පණස් පන්දාහක් ඉන්නව. උන්ගෙනුත් වැඩක් වෙන්නෙ නෑනෙ බං. ඉතිරි එක්ලක්ෂ හතලිස් දෙදාහෙන් ලක්ෂයක් ඉන්නෙ ආගමික පොරවල්… පූජක බුවාල. ඔය බුල්ෂිටාගමේ පූජක ඩයල් එහෙම අයිති ඔය ගොඩට. උන් බයිල ගගහ ඉන්නව මිස වැඩක් කරන උං නෙවෙයිනෙ. දැන් හතලිස් දෙදහයි ඉතුරු.

ඕකෙන් ඉන්නව අර හැම දේටම විරුද්ධවෙන මෙලෝ වැඩක් නොකර ලිප්ටන් වට රවුමෙම ඉන්න උන් විසිදාහක්… උන් ගැනත් වැඩක් නෑ කියලා.. එතකොට ඉතිරි විසි දෙදහෙන් ඔය පෝස්ටර් ගහන ඩයල් දහදාහක් ඉන්නවලු. උනුත් බත් පැකට් එකටයි අරක්කු කාලටයි පෝස්ටර් ගහන මොලෝ වැඩක් නැති උන්… දැන් දොළොස්දාහක් ඉතුරුයි.

ගේමක් දීල ඇතුලට ගිය අපේ ඉරාජ් අයිය පහුගිය දවසක හිරෙන් නිදහස් වෙලා ආවනෙ. මිනිහ කිව්ව දැන් එකොලොස්දාස් නමසිය අනූ අට දෙනෙක් හිරේ ඉන්නව කියල. එතකොට ඉතිරි දෙන්නයි.

ඉතිං හරිනෙ… ඒ උඹයි ජෝකර් මල්ලියි. උඹත් පුක උඩදාගෙන විහිළු කතා බල බල ඉන්නව මිස වැඩක් කරන්නෙ නෑනෙ.

ඉතිං මට පට්ට මහන්සි වෙන එක අහන්නත් දෙයක්ද?