ඈස්ලන්තෙ පේස්බුක් තහනම

ඔන්න එක රටක් තිබුණා… අපි ඕනනං ලේසියට මේකට ඈස්ලන්තෙ කියල කීමුකො. මේ රටේ රජතුමෙක් හිටියා. මේ රජතුමාගෙ පාලනේ කොයිතරං ෂෝයිද කියනවනං රටේ මිනිස්සු උන්දැට නොකීපු වල් කතාවක් නැති තරං.

සේරටම වඩා ඈස්ලන්තෙ කොල්ලො කොල්ලො ඔය පේස්බුක්, ටුවිටර් වගේ වෙබ් සයිට්වලින් රජතුමාටයි එතුමගෙ හෙන්චයියන්ටයි මඩ ගහන්න පටන් අරං තිබුණා. උන්දැගෙ පින්තූරෙ දාල විහිළු කෑලි හදල ෂෙයා කරා. එතුමට පට්ට ජෝකර් කෙනෙක් කරා. උන්දැගෙ ඒ විහිළුවලට ජෝකර් මල්ලිත් හෙල්ලිල ගිය වාර අනන්තයි අප්‍රමාණයි. කොහොම හරි මේකත් එතුමට මාර හිසරදයක් වෙලා තිබුණෙ. මේ ගැන කල්පනා කරල එතුමගෙ ඇස් යට කළු වෙන්නත් අරන් තිබුණෙ.

ඔන්න දවසක් එතුමගෙ පුත් කුමරුවා ආව එතුමව හොයාගෙන…

“තාත්තී….”

“ආ ගල්මල් කුමරු… මොකෝ අද ජොගිං ගියෙ නැද්ද?”

“නෑ තාත්ති… ජොගිං හෙට උනත් යන්න බැරුවයැ… මට මාර අයිඩියාවක් ආව උදේ ටොයිලට් එකේදි අයි පෑඩ් එකෙන් ජෝකර් මල්ලිගෙ බ්ලොග්එක බලද්දි..”

“ඒ මොකක්ද?”

“මේකයි…. තාත්ති කියල තිබුණනෙ පේස්බුක් තහනං කරනව කියල.. ඔන්න ඒක තමයි මේ දවස්වල නිව්ස් වෙබ් සයිට්වල නැගලම යන මාතෘකාව”

“කිව්වට ඕක කරන්න අදහසක් නෑ පුතා… මාත් හෙට අනිද්දම එකවුන්ට් එකක් පටංගන්නව. ඒක මාර ආතල්ලුනේ… ලෝකෙ අනිත් නා‍යකයො ඔක්කොම ඉන්නව කියන්නෙ ඒකෙ…”

“පිස්සුද තාත්ති… තාත්ති කොහොමත් දැන් පේස් බුක් ගියා කියල වැඩක් වෙන්නෙ නෑ. අනික තාත්තිගෙ පැලෑන මාව ඊළඟ රජතුමා කරන එකනේ…”

“මගේ පැලෑන? කවුද කියන්නේ…..? හුම් හුම්… හා හා… ඉතිං කියමුකෝ…”

“මේකයි… තාත්තිට කොහොමත් තව අවුරුදු කීපයයිනෙ තියෙන්නෙ බලේ ඉන්න…”

“ඉතිං…”

“තාත්ති ඕනනං පේස් බුක් ගිහින් ඒකෙ ආතලුත් අරන් ඊළඟ රජවරණෙට මාස හයක් විතර තියලා ඒක තහනං කරන්න…”

“එතකොට?”

“මමනෙ ඊළඟ රාජාපේක්ෂකයා… මම කරන්නෙ බලේට ආපු ගමන් පේස්බුක් තහනම ඉවත් කරනව කියල ඡන්ද පොරොන්දුවක් දෙන එක…”

“හෑ….?”

“ඔව් ඔව්… ඔය පළවෙනි පාර ඡන්දෙ දාන එවුන්ගෙ ඉඳන් රටේම ඡන්ද ටික මට ගන්න පුළුවන් ඒ විධියට… කෝමද ටිකිරි මොළේ….”

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.

8 thoughts on “ඈස්ලන්තෙ පේස්බුක් තහනම

  1. නියම නිර්මාණයක්.
    ලොක්කටත් 175’000 ක් ලයික් කරල තියෙන්නෙ…

  2. ජෝ කෙලින්ම පුක්ලන්තය කිව්වනම් තව ලස්සනයි
    එතකොට ඒ රට පාලනය වෙන්නෙ පුක්තන්ත්‍රවාදය මත.
    (ප්‍රශ්නයක් නෑ ජෝ කකාට අනුව “පුක” යනු කුනුහරුපයක් නොවේ)

  3. අඩෝව් …….ජෝ සුදු වැන් එකක් එවන්ටද ? ඔය පැත්තට හරිය!

    • ඔය රෑ වෙනකල් බීලා ගෙදර යන්ට විධියක් නැතිව ඉන්න වෙලාවක එව්වනං හොඳයි…

  4. blan hitapan ubata vote denakan…..

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!