බෝ….. දුබල සීනා….

හායි මෙයාලා… කාලෙකින් නේ…. මේ අර අමිල සඳරුවන් අයියගෙ සින්දුවට හදපු එකක්. ගණංගන්න එපා… තව එනවා….

graphic joke 12 - booo dubala sena

ජෝකර් මල්ලිගෙ ග්‍රැපික් ජෝර්ක්ස්ස් තව බලන්ඩ ඕනනං මෙතනින් යන්ඩ.

මට එපා වෙලා ඕයි!

මට පට්ට මහන්සියි බං. බෝරිං වෙලා… කොටින්ම කිව්වොත් විහිළුත් එපා වෙලා.. ඒකයි කාලෙකින් ජෝක් එකක් දැම්මෙත් නැත්තෙ… හෙණ මහන්සියි… සෑහෙන්න කාලෙක ඉඳන් මට ඒ මහන්සිය දැණෙන්නෙ. මම හිතුවෙ දැන් රස්සා කරන්න අරන් අර තරුණ ගතිය ටික ටික නැති වෙනවද කියලා. අනික මේ යකඩ අඩු ලේ, විටමින් අඩුකම, පරිසර දූෂණේ, බඩ එන එක, බියර් බොන එක, බීඩි සුරුට්ටු බොන එක, සීනි ප්‍රශ්ණ, කෑම ප්‍රශ්ණ, ගෑණු ප්‍රශ්ණ, රටේ ප්‍රශ්ණ, ලෝක ආර්ථික ප්‍රශ්ණ වගේ එක එක ඒව නිසා මට මහන්සි දැණෙනව කියලයි මම හිතුවෙ.

උඹ හිතනව ඇති ජෝකර් මල්ලිට පිස්සු හැදිල කියල. මෙව්වයෙ සිද්ධවෙන සීන් දැක්කම පිස්සුත් හැදෙනව තමා. හැබැයි පිස්සුව නෙවෙයි මචං සිරා සීන් එක. මට මීටර් උනා මම මහන්සියෙන් ඉන්නෙ ඇයි කියලා.

මම මහන්සියෙන් ඉන්නෙ වැඩිපුර වැඩ කරන නිසා.

නිකමට හිතපං. මේ රටේ මිනිස්සු කෝටි 2ක් ඉන්නවා. ඒකෙන් ලක්ෂ හැත්තැ හයක්ම ‍වැඩ කරන්න බැරි වයසක කට්ටිය. ඒ අය ඇරුණම ඉන්නෙ එක්කෝටි විසිහතර ලක්ෂයයි. ඒකෙන් ලක්ෂ හතලිහක්ම ඉස්කෝලෙ හරි කැම්පස් හරි යන නැත්තං එය එක එක කෝස් කරන උන්. එතකොට ඉතිරි ලක්ෂ අසූ හතරයි. රජයෙ සේවකයො ලක්ස තිස් එකක් ඉන්නව. එතකොට වැඩ කරන්න ඉතිරි ලක්ෂ පණස් තුනයි.

ඒකෙනුත් විස්සක් ඉන්නව ආමි එකේ. දැන් උන්ට හෙන වැඩනේ. එතකොට තව දාහතර ලක්ෂයක් ඔය පළාත් පාලන ආයතන නගර සභා වගේ එව්වයෙ ඉන්නවා. එතකොට තව ලක්ෂ දහ නමයයි ඉතුරු. එයිනුත් අද වෙනකොට ලක්ෂ හතක් එක එක ලෙඩ හැදිල හොස්පිටල්වල ඉන්නවලු. එතකොට ඉතිරි ලක්ෂ දොළහයි.

එතකොට ඊළඟට ඉන්නෙ ෆේස් බුක් චණ්ඩි. අපි උඹල නෙවෙයි.. දන්නැද්ද ඔය එක එක කල්ලිවලට කඩේ යන්න ඉන්න හැබෑ ජීවිතේ පට්ට නෝංජල් හැබැයි ෆේස්බුක් එකේ ගේම ඉල්ලන උන්… අන්න එහෙම උන් දසලක්ෂතුන්දහක් ඉන්නව කියල මාක් අයිය කිව්වා. වෙන්න පුළුවන්නේ… කොහොම හරි දැන් ඉතිරි එක්ලක්ෂ අනූහත්දාහයි.

ඔයිනුත් ඔය සංස්කෘතිය රකින්න, දේශපාලුවො රකින්න පාරට බැහැල උග්ගෝෂණ කරන උන් පණස් පන්දාහක් ඉන්නව. උන්ගෙනුත් වැඩක් වෙන්නෙ නෑනෙ බං. ඉතිරි එක්ලක්ෂ හතලිස් දෙදාහෙන් ලක්ෂයක් ඉන්නෙ ආගමික පොරවල්… පූජක බුවාල. ඔය බුල්ෂිටාගමේ පූජක ඩයල් එහෙම අයිති ඔය ගොඩට. උන් බයිල ගගහ ඉන්නව මිස වැඩක් කරන උං නෙවෙයිනෙ. දැන් හතලිස් දෙදහයි ඉතුරු.

ඕකෙන් ඉන්නව අර හැම දේටම විරුද්ධවෙන මෙලෝ වැඩක් නොකර ලිප්ටන් වට රවුමෙම ඉන්න උන් විසිදාහක්… උන් ගැනත් වැඩක් නෑ කියලා.. එතකොට ඉතිරි විසි දෙදහෙන් ඔය පෝස්ටර් ගහන ඩයල් දහදාහක් ඉන්නවලු. උනුත් බත් පැකට් එකටයි අරක්කු කාලටයි පෝස්ටර් ගහන මොලෝ වැඩක් නැති උන්… දැන් දොළොස්දාහක් ඉතුරුයි.

ගේමක් දීල ඇතුලට ගිය අපේ ඉරාජ් අයිය පහුගිය දවසක හිරෙන් නිදහස් වෙලා ආවනෙ. මිනිහ කිව්ව දැන් එකොලොස්දාස් නමසිය අනූ අට දෙනෙක් හිරේ ඉන්නව කියල. එතකොට ඉතිරි දෙන්නයි.

ඉතිං හරිනෙ… ඒ උඹයි ජෝකර් මල්ලියි. උඹත් පුක උඩදාගෙන විහිළු කතා බල බල ඉන්නව මිස වැඩක් කරන්නෙ නෑනෙ.

ඉතිං මට පට්ට මහන්සි වෙන එක අහන්නත් දෙයක්ද?

FB ස්ටේටස් එක

සමහරු දාන FB ස්ටේටස් දැක්කම තමා මේක මකත් උනේ… ඒ අයව නෝන්ඩි කරනව නෙවෙයි… ඒත් අපිත් හිනාවෙන්න එපැයි නේද?

joker malli, sinking man

මේක ජෝකර් මල්ලිගෙ දෙවෙනි ග්‍රැපික් ජෝක් එක. වැඩේ නැගල යයි වගේ 😀

අර වගේ එකක් තිබුණද?

Source -http://metalasfukk.wordpress.com/2013/07/18/metal-as-fukk-reality-tv-shows-that-never-aired/

“ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා”

‍මේ සින්දුව මේ දවස්වල නැගලම යන එකක්නේ… ඔය මගේ නොවෙන මගේම සීන් එකේ කෑල්ල හින්ද තමා සින්දුව ටොපේම හිට් උනේ…

ඔය සින්දුවට ආස අය ඉස්සර ආස කරපු තව සින්දුවක් තිබුණා…

හිතන්න බලන්න…

බෑ නේද…

මෙන්න මේක තමා ඒ….

“සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
ළංව ඉන්නට බෑ ‍ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ”

—————————
මේක ජෝකර් මල්ලිගෙ ඔරිමජිනල් ජෝක් එකකි. උපහාසාත්මක/අපහාසාත්මක හිනාවක් ගියේ නැත්නම් සමාවෙන සේක්වා.

ඈස්ලන්තෙ පේස්බුක් තහනම

ඔන්න එක රටක් තිබුණා… අපි ඕනනං ලේසියට මේකට ඈස්ලන්තෙ කියල කීමුකො. මේ රටේ රජතුමෙක් හිටියා. මේ රජතුමාගෙ පාලනේ කොයිතරං ෂෝයිද කියනවනං රටේ මිනිස්සු උන්දැට නොකීපු වල් කතාවක් නැති තරං.

සේරටම වඩා ඈස්ලන්තෙ කොල්ලො කොල්ලො ඔය පේස්බුක්, ටුවිටර් වගේ වෙබ් සයිට්වලින් රජතුමාටයි එතුමගෙ හෙන්චයියන්ටයි මඩ ගහන්න පටන් අරං තිබුණා. උන්දැගෙ පින්තූරෙ දාල විහිළු කෑලි හදල ෂෙයා කරා. එතුමට පට්ට ජෝකර් කෙනෙක් කරා. උන්දැගෙ ඒ විහිළුවලට ජෝකර් මල්ලිත් හෙල්ලිල ගිය වාර අනන්තයි අප්‍රමාණයි. කොහොම හරි මේකත් එතුමට මාර හිසරදයක් වෙලා තිබුණෙ. මේ ගැන කල්පනා කරල එතුමගෙ ඇස් යට කළු වෙන්නත් අරන් තිබුණෙ.

ඔන්න දවසක් එතුමගෙ පුත් කුමරුවා ආව එතුමව හොයාගෙන…

“තාත්තී….”

“ආ ගල්මල් කුමරු… මොකෝ අද ජොගිං ගියෙ නැද්ද?”

“නෑ තාත්ති… ජොගිං හෙට උනත් යන්න බැරුවයැ… මට මාර අයිඩියාවක් ආව උදේ ටොයිලට් එකේදි අයි පෑඩ් එකෙන් ජෝකර් මල්ලිගෙ බ්ලොග්එක බලද්දි..”

“ඒ මොකක්ද?”

“මේකයි…. තාත්ති කියල තිබුණනෙ පේස්බුක් තහනං කරනව කියල.. ඔන්න ඒක තමයි මේ දවස්වල නිව්ස් වෙබ් සයිට්වල නැගලම යන මාතෘකාව”

“කිව්වට ඕක කරන්න අදහසක් නෑ පුතා… මාත් හෙට අනිද්දම එකවුන්ට් එකක් පටංගන්නව. ඒක මාර ආතල්ලුනේ… ලෝකෙ අනිත් නා‍යකයො ඔක්කොම ඉන්නව කියන්නෙ ඒකෙ…”

“පිස්සුද තාත්ති… තාත්ති කොහොමත් දැන් පේස් බුක් ගියා කියල වැඩක් වෙන්නෙ නෑ. අනික තාත්තිගෙ පැලෑන මාව ඊළඟ රජතුමා කරන එකනේ…”

“මගේ පැලෑන? කවුද කියන්නේ…..? හුම් හුම්… හා හා… ඉතිං කියමුකෝ…”

“මේකයි… තාත්තිට කොහොමත් තව අවුරුදු කීපයයිනෙ තියෙන්නෙ බලේ ඉන්න…”

“ඉතිං…”

“තාත්ති ඕනනං පේස් බුක් ගිහින් ඒකෙ ආතලුත් අරන් ඊළඟ රජවරණෙට මාස හයක් විතර තියලා ඒක තහනං කරන්න…”

“එතකොට?”

“මමනෙ ඊළඟ රාජාපේක්ෂකයා… මම කරන්නෙ බලේට ආපු ගමන් පේස්බුක් තහනම ඉවත් කරනව කියල ඡන්ද පොරොන්දුවක් දෙන එක…”

“හෑ….?”

“ඔව් ඔව්… ඔය පළවෙනි පාර ඡන්දෙ දාන එවුන්ගෙ ඉඳන් රටේම ඡන්ද ටික මට ගන්න පුළුවන් ඒ විධියට… කෝමද ටිකිරි මොළේ….”

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.