ඉරිදා ආතල් එක

ඉරිද දවසෙ ගෙදරට වෙලා ආතල් එකේ ෆිල්ම් එකක් බලන්න හිටියෙ. මේ පෝන් එක ‘ටිලිං ටිලං’ ගෑවා. නොදන්න නම්බරයක්. ඕන මගුලක් කියල උත්තර දුන්නා.

“ආ… හලෝ…. මේ ජෝකර් මල්ලිද?”

“ඔව්…”

“මේ කතා කරන්නෙ ගමේ බුල්ෂිටාරාමෙ ලොකු පූජක තුමා. මාව මතකයි නේද?”

මට ඒ මිනිහව මතක තිබුණෙ නෑ ඇත්තටම. පූජක බුවා උනාට මිනිහ ගැන එක එක කතා පැතිරිල තිබුණ නිසා ජෝකර් මල්ලි වගේ හැන්ඩ්සම් කොල්ලො බුල්ෂිටාරාමෙ පැත්ත පලාතෙ ගියෙ නෑ. ඒ උනාට බුවාව අමතකයි කියල කියන්න බෑනෙ.

“මතකයි මතකයි ලොකු පූ… ඇයි හදිසියෙන් කතා කරේ?”

“කතා කරේ ලොකු උවමනාවකට ජෝකර් මල්ලි. මට පොඩි ආසාවක් තියෙනව ඕයි.”

බුදු අම්මේ ආසාවක්?

“මොකද්ද ලොකු පූ ආසාව?”

“මට ඕන පින්තූරයක් ගන්න. අර සමහර ආගම්වල පූජක ඩයල් අරගන්න විධියෙ එකක්”

“ඒ කිව්වෙ? මට තේරුන්නෑ ලොකු පූ”

“ජෝකර් මල්ලි දැකල තියෙනව නේද ඔය පත්තරවල, පේස්බුක් එකේ… එතකොට කටවුට්වල එහෙම තියෙනවා ඔය ආගම්වල පූජකයන්ට එක එක සත්තු වැඳගෙන ඉන්න පින්තූර දාල තියෙනවා?”

“ඔව් ඔව්… අර අලි එහෙම නේ…”

“ඔව් ඔව්… අලි, හරක්, මී හරක්, එළුවො, කුකුළො, ඌරො, බල්ලො, පූසො, මිනිස්සු… නෑ නෑ මිනිස්සු අවුලක් නෑ… ඔය තිරිසන්නු වඳින සීන් තියෙනව නේද?”

“මම දැකල තියෙනව ලොකු පූ… ඉතිං මම මොනවද කරන්න ඕන”

“මටත් එහෙම පොටෝ එකක් අරන් පත්තරේ දාන්න ඕන ඕයි. දැන් ඒක තමා ට්‍රෙන්ඩ් එක. මම අපේ ආරාමෙ පොඩි පූල සෙට් එකත් එක්ක කතා කරා. පොටෝග්‍රැපර් කෙනෙකුත් හම්බඋනා. පොටෝ එක ගන්නකල් සතාව බැඳල තියෙන ලණුව පාගගෙන ඉන්නත් හයේ හතරෙ මල්ලි බබෙක්…. ඉන්නවා”

“මම හිතුවෙ මට පොටෝ ගහන්න කතා කරනව කියල. ලණුව පාගන්න පොරක් මොකටද?”

“ඒකනෙ ජෝකර් මල්ලි. ඔයා දන්නෑනෙ සීන් එක. මේ පොටෝග්‍රැපර් මල්ලි කරන්නෙ මේ වගේ වැඩ විතරයි. ඔය සත්තු වඳින පින්තූර අරගන්න ප්‍රොපෙසනල් මල්ලියෙක් මෙයා. පුදුම හම්බකිරිල්ලක් හම්බකරන්නෙ. හෙට අනිද්දා ගැම්බොගිණියක් ගන්නවලු. එයා තමා මේක කරන විධිය කිව්වෙ.”

“ඉතිං”

“ජෝකර් මල්ලි දන්නවනෙ සත්තු කවදාවත් ඇවිත් මිනිස්සුන්ට වඳින්නෙ නෑ කියල. උන්ට අපිට තරං පිස්සු නෑනෙ. ඒ නිසා සතාව බෙල්ලෙන් ගැටගහලා අල්ලලා පහතට කරලා ඒ ලණුව පාගගන්න ඕන කවුරුහරි. සතා ටික වෙලාවක් දඟලල කකුල් දෙක නමලා ඌට වේදනාව අඩු පහසු ඉරියව්වකට එනවා. ඒ වෙලාවෙ ටක් ගාල පින්තූරෙ ගන්නවා.”

“ඉතිං එතකොට අර ලණුව පේනවනේ”

“හයියෝ… මහලොකුවට බ්ලොග් එකකුත් ලියනවලු නේද? ටෙක්නිකල් රස්සාවක්ලු නේද කරන්නේ? පොටෝසොප් ගැන දන්නෙ නැද්ද? අපට ඕන ඒව තියල ඉතිරි ඒව මකල දානවා… හරි ලේසියි”

“හා හා.. දැන්නෙ තේරුණෙ වැඩේ… ඉතිං මට මොකක්ද කරන්න තියෙන්නෙ?”

“මේකයි වැඩේ. සේරම හරි. ඒත් බූරුවෙක් හොයාගන්න තමා බැරි. ජෝකර් මල්ලි දන්න ලොකු අය ඇතිනේ… පොඩ්ඩක් විපරමක් දාල බූරුවෙක්ව හොයල දෙන්නකො මට”

“ඈ….???”

“ඈ.. කියල හරියන්නෙ නෑ. ඒක කොහොම හරි කරල දෙන්න හො‍ඳේ… බූරුවෙක් වැඳගෙන ඉන්න පොටෝ එකක් පත්තරේ ගියොත් අපෙත් කල්ල මරේ තමා… එහෙනං මම තියනවා… බා…යි…”

හපොයි බුල්ෂිටාගමේ නෑ යකුනේ… දැන් හොයාපල්ලකො බූරුවෙක්. මම කියල කොහෙන් හොයන්නද? මේක කියවන ඔයාල කවුරුහරි බූරුවන්ට සම්බන්ධයක් තියෙන කෙනෙක්නං ජෝකර් මල්ලිව දැනුවත් කරන්න.

බූරුවෙක් හොයල දීල ජෝකර් මල්ලිව මේ උගුලෙන් බේරගන්න.

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.

ෆේස්බුක් යන කෙල්ලෝ

මාස කීපෙකට කලින් හදිසි ඊ මේල් එකක් දාන්න මම ගියා සයිබර් කැෆේ එකකට. දන්නවනෙ සයිබර් කැෆේවල තියෙන මැෂින් ගැන.. තියෙන හැම සොෆ්ට්වෙයා එකම ඉන්ස්ටෝල් කරල මැෂින් එක පට්ට වේගවත් කියන්නෙ කියල වැඩක් නෑ වේගෙ. නෙට් එකත් ඒ වගේම වේගවත් නිසා මම ඉතිං මේල් එක ලෝඩ් වෙනකල් වට පිට බලබල හිටියා.

මට එහා පැත්තෙ මේසෙ කෙල්ලො දෙන්නෙක්ම තනි කොම්පියුටරයක් ඉස්සරහ ඉඳගෙන ෆේස් බුකියට ලොග් වෙල ඉන්නව. වටේ වැඩි සද්දයක් බද්දයක් නැති නිසා මුන් දෙන්න කියවන ඒව මට හොඳට ඇහෙනව. දන්නවනෙ කෙල්ලො ගැන. මෙලෝ මළදානයක් දන්නෙ නැති උනාට නොදන්න මගුලක් නෑ වගේ තමයි කතාව. එක කෙල්ලෙක්නං ෆේස් බුක් ගැන ටිකක් දන්නවා. අනිත් කෙල්ල ඒ තරම්වත් දන්නෙ නෑ.

කොල්ලෙක්ගෙ ප්‍රොෆයිල් එක දිහා බලාගෙන ඔන්න දෙන්න කරපු කතාව…

“මේ ඔයාට මෙයාව මතකද. විතාන සර්ගෙ ක්ලාස් ආවෙ…”

“ආනේ ඔව්මයි. දැන් තව සුදු වෙලා නේද? අර කැලෑ රැවුලත් කපල දාල”

“ඔව් බං… මාර ස්වීට් නේ… මාව අඳුනගෙන රික්වෙස්ට් එකක් එවල තිබුණ.”

“උඹේ පොඩි ක්‍රෂ් එකක් තිබුණ නේද ඌට”

“ඔව් බං. උඹට මතකයිනේ”

“මතකයි මතකයි… ඒ උනාට දැන්නං මූ ගැන ආයෙ හිතන්න යන්න එපා බං…”

“ඇයි?”

“ඇයි අහන්නෙ? පේන්නෙ නැද්ද Followed by 132 people කියල තියෙන්නෙ… ඔතනින් බාගෙකට වඩා කෙල්ලො වෙන්න ඇති. එච්චර ගාණක් උගෙ පස්සෙ ගියා කියන්නෙ ඉතිං ඌ හොඳ මිනිහෙක් වෙන්න බෑනෙ බං”

හිලේ කතාව මෙතනින්

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.

ජෝකර්ට උන පජාත සීන්

the_joker-wallpaper 500

ආවා ආවා ආවා… ජෝකර් මල්ලිගේ කතා ඇතුලත් අළුත්ම පෝස්ට් එක මේන්න ආවා… මීට කලිං අහල තිබුණත් ඒ ජෝකර් මල්ලිගෙ අටමගල් නෙවෙයි. ඔබත් දැන්ම කියවන්න… ආවා ආවා ආවා…

 

1.

අවුරුදු කීපෙකට කලින් දවසක් ජෝකර් මල්ලිගෙ යාළුවෙක්ට ජෝකර් මල්ලිගෙන් කෝල් එකක් ආවලු.

“මචං අකිල, මම මේ ජෝකර් මල්ලි කතා කරන්නෙ. මගෙ මොබයිල් නම්බර් එක වෙනස් උනා බං. කලින් තිබුණෙ නොකියා 3310නේ. දැන් නම්බරේ නොකියා 6610. සේව් කරගනිං හො‍ඳේ. මං අනිත් උන් සෙට් එකටත් කිව්වා.”

2.

ජෝකර් මල්ලිගෙ අප්පොච්ච දවසක් එයාගෙ යාළුවෙක් එක්ක කයියක්ලු.

“බලහං අප්පුහාමි, අපේ ජෝකර් කොලුව ගැන මං හිතාන උන්නෙ වැරදියට බොලං. ඒක කොහොම හරි දොස්තර කොලීජියට ගියානෙ ඉතිං”

“හැබෑට? ඒක එහෙ ගිහිං මොනවැයි ඉගෙන ගන්නේ?”

“ඌ ඉගෙනගන්න ලබ්බක් නෑ බං. ඒකෙ ඉන්න අනික් උං අපේ කොලුවව පරීක්සන කොරලලු ඉ‍ගෙනගන්නෙ”

3.

ජෝකර් මල්ලි පොඩි කාලෙ දවසක් සුරංග එක්ක ගහක අත්තක ඉඳගෙන සින්දු කියනවලු. එක දිගට සින්දු 4ක් කියපු ජෝකර් මල්ලි ඊට පස්සෙ කකුල් දෙක අත්ත උඩින් දාල කකුල් දෙකෙන් ගහේ එල්ලිලා පැද්දි පැද්දි ආයෙ සින්දු කියන්න ගත්තලු. සුරංගට මේක හෙන අවුල්ලු.

සුරංග ඇහුවලු

“ඇයි බං ඔය අනිත් පැත්තට එල්ලිලා සින්දු කියන්නේ??”

ජෝකර් මල්ලි උත්තර දුන්නලු.

“නෑ බං දැං කියන්නෙ තැටියෙ අනිත් පැත්තෙ සින්දු”

(‍ජෝකර් මල්ලිට පස්ට වයස බැවින් මේ කියා ඇත්තේ ග්‍රැමෆෝන් තැටි ගැන බව කාරුණිකව වටහාගන්න)

4.

ජෝකර් මල්ලි දවසක් යාළුවො ටිකක් එක්ක සෙට් උනාලු. බුවා විදුරුවක් විතර ගහල වෙරි වෙලා ඕං කියවනවලු…

“අඩෝව්… තොපි දන්නෙ නෑ යකෝ… මාව දෙයියො කියල සලකන මිනිස්සු ඉන්නව ඩෝ…”

යාළුවො පොරව බයිට් කලාලු.

“අනේ පල ජෝකර් මල්ලි නිකං පච කියවන්නෙ නැතිව”

“පල? තෝ මට පල කිව්වනේ… මං යනව තමයි යකෝ. තොපි හිතන්නෙ මං බොරු කියනව කියලද. මං දැං ගිහිං ෆේස් බුක් ලොග් වෙලා හිලරියස් ගෲප් එකේ පෝස්ට් එකක් දානව. අන්න බලපං එතකොට අපේ කොල්ලො කෙල්ලො මට සලකන විදිය”

“කොහොමද දෙයියන්ට වගේ සලකනවද?”

“නැතුව? උං සේරම අහනව මගෙං ‘අපොයි දෙයියනේ උඹ ආයෙත් ආවද?’ කියල. අන්න බලහං සැලකිල්ල”

ලොක්කගෙ ගෑණු දෙන්නා සහ ෆේඩ් උන ජෝක් එක

the_joker-wallpaper 500

මේක හිනායන කතාවක් නෙවෙයි. හිනායන කතාවක් ගැන කතාවක්….

ඔන්න එක මහාචාර්ය කෙනෙක් දේශනයකදි හිනායන කතාවක් කිව්වලු.

“දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා

‘මම දන්නව ඔයාගෙ ඔෆිස් එකේ වෙන දේවල්’ කියලා.

එතකොට බිරිඳ ඇහුව ‘ඒ මොනවද අනේ?’ කියල.

එතකොට හබිය කිව්ව ‘ඔයාගෙ බොස් ඔෆිස් එකේ ගෑණු දෙන්නෙක් එක්ක යාළුයි නේද?’ කියල.

වයිෆ් එතකොට ඇහුව ‘ඔයා කොහොමද ඒක දන්නෙ?’ කියල.

හස්බන්ඩ් එතකොට කියනව ‘අපි ගිය සතියෙ ගිය ඔෆිස් පාටියෙදි මිනිහ තමයි මට කිව්වෙ’ කියල.

එතකොට වයිෆ් කියනව ‘හොඳයි මම හෙට උන්දැව අල්ලගන්නංකො. ඔය අනිත් ගෑණි කවුද කියල දැනගෙන මම ඒකිව මරණව’ කියල”

මේ විහිළුව අහල දේශනේ අහන් හිටපු කට්ටියම හිනා උනාලු. ඊට පස්සෙ මහාචාර්යතුමා මෙහෙම කිව්වලු.

“මම තව විහිළුවක් කියන්නං ඔන්න දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා

‘මම දන්නව ඔයාගෙ ඔෆිස් එකේ වෙන දේවල්’ කියලා.

එතකොට බිරිඳ ඇහුව ‘ඒ මොනවද අනේ?’ කියල.

එතකොට හබිය කිව්ව ‘ඔයාගෙ බොස් ඔෆිස් එකේ ගෑණු දෙන්නෙක් එක්ක යාළුයි නේද?’ කියල.

වයිෆ් එතකොට ඇහුව ‘ඔයා කොහොමද ඒක දන්නෙ?’ කියල.

හස්බන්ඩ් එතකොට කියනව ‘අපි ගිය සතියෙ ගිය ඔෆිස් පාටියෙදි මිනිහ තමයි මට කිව්වෙ’ කියල.

එතකොට වයිෆ් කියනව ‘හොඳයි මම හෙට උන්දැව අල්ලගන්නංකො. ඔය අනිත් ගෑණි කවුද කියල දැනගෙන මම ඒකිව මරණව’ කියල”

දේශනේ අහගෙන හිටපු අය ටිකක් නොසන්සුන් වුණාලු. කීප දෙනෙක්ට හිනා ගියාලු. ගොඩ දෙනෙක් හිනා නොගිය නිසා බලෙන් හිනා උනාලු. ඒත් කවුරුවත් මුකුත් නොකිව්වෙ මහාචාර්යතුමාට ටිකක් මඤ්ඤං වෙන්න ඇති කියල හිතලලු.

ඒත් මහාචාර්යතුමාට ගාණක් නෑලු. එතුමා ආයෙත් කතා කරනවලු.

“මම දන්න තව කතාවක් තියෙනවා…. ඔන්න එක දවසක් දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා….”

මහාචාර්යතුමා අර කතාවම ආයෙත් කිව්වලු. ඒකට කවුරුවත් හිනා උනේ නෑලු. එතකොට මහාචාර්යතුමා කිව්වලු.

“දැක්ක නේද? කොයිතරං හිනා යන විහිළුවක් උනත් දෙතුන් වතාවක් රිපීට් වෙද්දි හිනා යන්නෙ නෑ… ”

කතාව ඉවරයි…

දැන් උඹලට මාර ප්‍රශ්ණෙ මේකෙ මොකටද හිනා යන්නෙ කියල නේ…

අනේ යකුනේ දැන් ඔය ආමි එක දම්මලා වෙඩි තියන කතාවලට හිනා යන්නෙ නැ බොලව්. බලපං තව දෙතුන් වතාවක් වෙඩි තිබ්බට පස්සෙ අපට ඒක නිකං කොටස් වෙළඳපොලේ මිල දර්ශකය වගේ වෙන්නෙ නැද්ද කියලා 😛

 

සැ.යු. – මේ ජෝක් එක පබ්ලිෂ් උනේ හිලේරියස් රසකතා ගෲපය තුල ආමි එකෙන් වෙඩි තබන්නන් බහුල වූ කාලයකදී බව සලකන්න

මල්ලිලාගේ ආගමනය

අළුත් පරම්පරාව හැමවෙලේම පරණ පරම්පරාව විස්ථාපනය කරනව. ඒක දෙමාපියන් සහ දරුවන් සම්බන්ධයෙනුත් පාසලක පරණ හා අළුත් නැව් සම්බන්ධයෙනුත් ඒ වගේ පරම්පරා දෙකක් හෝ වෙනත් මට්ටම් දෙකක් ගැටෙන හැම වෙලාවකදිමත් එහෙමයි.

වෙබ් අවකාශයෙදි ඒක ඒ විධියට නොවුණත් යම් යම් විධි වලින් ඒක සිද්ධ වෙන එක වලක්වන්නම බෑ. වෙබ් අවකාශයෙදි කෙනෙක්ට රැඳිල ඉන්න තියෙන හැකියාව තීරණය වෙන්නෙ ඇත්තටම අදාල පුද්ගලයට තියෙන දක්ෂතා මත.

ඒ වුණාට ප්‍රචණ්ඩත්වය සහ සාමාන්‍ය ශිෂ්ඨ බව ඉක්මවපු කෙනෙක්ට වචන වලින් වීරයෙක් වෙලා ඕනම කෙනෙක්ට වඩා රැ‍ඳෙන්න පුළුවන්.

මේ අටුවාවෙන් කිසිම වැඩක් නෑ.

ඔන්ලයින් ජීවිතයම තමාගෙ ජීවිතය කරගත්තු මගේ මිතුරෙක් හිටියා. ඔහු පුසිද්ධ ලාංකික සමාජ අඩවියක පැරණි සාමාජිකයෙක්. මමත් ඇතුළුව තවත් මගේ සමකාලීනයන් ඒ අඩවියේ ක්‍රියාකාරීව හිටපු කාලෙ හිටපු අය දැන් නෑ. ඉන්න අය සේරම අළුත්. ඒ වගේම බොහොම දෙනෙක් හරිම ප්‍රචණ්ඩයි කියල හිතෙනවා එයාලගෙ සිග්නේචර් දැක්කම 😉

මගේ මිතුරා මෑතකදි යම් කරුණක් ගැන වාදයකට පැටලිලා (මම දන්න තරමින් ඔය ඡන්ද කේස් එකක් :P) ඔහු නොසෑහෙන්න නෝන්ඩි වුණා. (මම දන්නෙ නෑ නෝන්ඩි කියන එකට ඒ අදහසම එන වෙනත් සිංහල වචනයක්.) අපි අතරින් වරින් වර හෝ අදාල අඩවියේ රැඳුණ ඒ මිත්‍රයා එදායින් පස්සෙ නැවතුණා.

ඔහු බැණුම් ඇසුවෙ කිසිසේත්ම අදාල නොවන ආකාරයකට. එහෙම වියයුතු ‍දේවල් ඔහු කියා තිබුණෙ නෑ. ඒ වුණාට අළුත් මල්ලිලට ඒවයින් වගක් නෑ. ඔවුන්ගෙ මතය හා එකඟ නොවුණ නම් ඔවුන් අදාල මනුස්සයව කපලම දාන ක්‍රමයක් තමයි තියෙන්නෙ.

මේ පිස්සු මල්ලිල ඇවිත් දන්න මගුලකුත් නැතුව ලොකු පොරවල් වෙලා. උන්ට තාම ඡන්දෙවත් නෑ. ඒ වුණාට ඡන්දෙට මරාගන්නවා.

මගේ මිත්‍රය මට එහෙම කිව්ව.

දැන් ඔහුත් අදාල අඩවියට යන්නෙ හිනාවෙන්න විතරයි. 😀