බෝ….. දුබල සීනා….

හායි මෙයාලා… කාලෙකින් නේ…. මේ අර අමිල සඳරුවන් අයියගෙ සින්දුවට හදපු එකක්. ගණංගන්න එපා… තව එනවා….

graphic joke 12 - booo dubala sena

ජෝකර් මල්ලිගෙ ග්‍රැපික් ජෝර්ක්ස්ස් තව බලන්ඩ ඕනනං මෙතනින් යන්ඩ.

ගෑණු පිළිමය, පිරිමි පිළිමය, දෙයියෝ සහ පරෙයි බෙටි

කරුණාකර පොඩි දරුවන්, පොඩි දරුවන් වාගේ වැඩිහිටියන්, මිථ්‍යා දෘෂ්ඨිකයන් මෙය නොබලන්න. බලා මල පැන්නොත් වගකීම භාරගනු නොලැබේ.

බුල්ෂිටාගමේ ආරාමයක් ඉස්සරහ තියෙනව ගෑණියෙක්ගෙයි පිරිමියෙක්ගෙයි ගල් පිළිම දෙකක්. මේ දෙක හැම වෙලේම පරෙයි බෙටිවලින් නෑවිල තමා තියෙන්නෙ. ඉතිං දවසක් බුල්ෂිටානෝ දෙයියන්ට දුක හිතිල මේ පිළිම දෙකට නිවාඩුවක් දෙන්න තීරණය කලාලු. දෙයියො ඇවිත් පිලිම දෙක හම්බ උනාලු.

“ඔය ළමයි දෙන්න සියවස් ගාණක් මේ ආරාමෙ දොරටුව මුර කලා. ඔයාලගෙ සේවය නිසා මම පැහැදුණා. මම දෙන්නටම පැය 24ක නිවාඩුවක් දෙනවා”

දෙයියො එහෙම කියල ආරාමෙ ඇතුලට ගියාලු. ටිකකින් උන්නාන්සෙ දැක්කලු පිලිම දෙක කැලෑව පැත්තට යනවා. තව ටිකකින් දැක්කලු කැලෑවෙ ගස් එහෙ මෙහෙ වැනෙනවා, පඳුරු හෙල වෙනවා. හෙන කෙඳිරි සද්ද එනවා.

දෙයියො හිතාගත්තලු වැඩේ. අනෙ අම්මපා මුන් මේක කරගන්න විධියක් නැතිව කොයි තරං දුකෙන්ද ඉන්න ඇත්තෙ කියල උන්නාන්සෙට හිතුනලු. තමන් පිළිම දෙකට නිවාඩුවක් දීපු එක ගැන දෙයියන්ගෙ ඇස්වලට සතුටු කඳුළු ඉනුවලු.

ඔන්න පැය 12කට විතර පස්සෙ පිලිම දෙකම කැලෙන් එළියට ඇවිත් දෙයියො හම්බ උනාලු.

“හා… ඇයි මේ කලින්? තව පැය 12ක්ම තියෙනවනෙ ඔය ළමයින්ට”

දෙයියො කිව්වලු. එතකොට ගෑණු පිළිමෙ පිරිමි පිළිමෙ දිහා බැලුවලු හෙන සන්තෝසෙන්.

“එහෙනං මේ පාර උඹ පරෙයියො අල්ලගෙන හිටපං. මම උංගෙ ඇඟට බොග දාන්නං”

බැරි වෙලාවත් ඩිවෝස් වෙන්න හිතුණොත්?

ඔන්න කසාද බඳින්න හිතාගෙන හිටපු කපල් එකක් වෙඩින් එකට සතියක් විතර තියෙද්දි ජෝකර් මල්ලිගෙ බොස්ගෙ කාර් එකේ හැප්පිලා ඇක්සිඩන්ට් වෙලා මළාලු. මුන් දෙන්න බුල්ෂිටාගමේ හෙන භක්තිමත් ඩයල් නිසා කෙලින්ම ගිහින් නැවතුනෙ දිව්‍ය ලෝකෙලු. දිව්‍ය ලෝකෙට ගිහින් මෙයාල දෙන්න එහෙ චීෆ් දේව ධූත් පොරක් හම්බඋනාලු.

“දේව ධුතයියෙ… අපි මැරි කරන්න හිටියෙ. ඒ උනාට මැරුණනේ. අපට බැරිද මෙහෙදි කසාද බඳින්න”

“කවුරුත් මීට කලින් එහෙම ඉල්ලල නෑ. මම අපේ දෙයියන්නාස්සෙට කියල බලන්නං. මේව ලේසියෙන් කරන්න පුළුවන් වැඩත් නෙවෙයිනේ”

ඔන්න කපල් එක දිව්‍ය ලෝකෙ තනි කුටියකට වෙලා මාසයක් දෙකක් ඉඳල බැරි තැන ආයෙත් දේව ධූත් පොර ගාවට ගිහින් විස්තරේ කිව්වලු. දේව ධූත් ලොක්ක ඔළුව කහ කහ උත්තර දුන්නලු.

“හරි හරි මම මේ ගැන දැනටමත් කතා කරල තියෙන්නෙ. මෙහෙ කවුරුවත් කසාද බඳින්නෙ නැති නිසා වැඩේ කරන විධිය කවුරුත් වැඩිය දන්නෙ නෑ… මම සේරම සෙට් කරල ඔයාලට කියන්නං. මාසයක් දෙකක් විතර යයි හැබැයි”

ඔන්න මාසයක් දෙකක් යද්දි අර කපල් එකට දේව ධූත් පොරගෙන් පණිවිඩයක් ආවලු. දෙන්න ගියාලු බුවාව සෙට් වෙන්න.

“ඔන්න කියපු විධියටම තිතට වැඩේ කරා. ඔයාලට හෙටම බඳින්න පුළුවන්”

“හැබැයි ධූතයියෙ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. බැරි වෙලාවත් අපි දෙන්නට පස්සෙ දවසක ඩිවෝස් වෙන්න හිතුණොත් එහෙම මොකද වෙන්නේ?”

දේව ධූත් බුවා ඔළුවෙ අත ගහගත්තලු.

“අනෙ අම්මේ… මේ… පිස්සුනං කෙලින්ඩ එපා… මම තමුසෙලව කසාද බන්දන්න දිව්‍ය ලෝකෙං ධර්ම බුවෙක් සෙට් කරගත්තෙ මාස ගාණක් කට්ට කාල පට්ට අමාරුවෙන්. ඩිවෝස් වෙන්න ලෝයර්ලනං මේ කපේදි හොයන්න වෙන්නෙ නෑ”

බජට් එකට කලබල වෙන්න දෙයක් නෑ!

joker malli,

මෙය ජෝකර් මල්ලි විසින්ම අමාරුවෙන් නිර්මාණය කල ග්‍රැපික් ජෝක් එකකි. කැමැත්තෝ උස්සත්වා. උස්සල ජෝකර් මල්ලිගෙන් ඉස්සුවා කියල කිව්වානං ෂුවර් එකටම බුල්ෂිටාගමේ දේව අනුහසින් ලබන ආත්මෙදිවත් මේ වගේ ගොන් කතා කියවන්න නොලැබෙන රටක ඉපදෙනව ෂුවර්…

ජාතික සමගිය ඇති කරන්න සර්වාගමික කමිටුවක්

දැන් ආගම් බෙදිලා මරාගන්න යන නිසා ආණ්ඩුවෙ නියමයෙන් ජාතික සමගිය ඇති කරන්න කියල හැම ඉරිදම සර්වාගමික පූජකයො ටීවී එකේ සාකච්ඡා කරනවලු. හැබැයි මෙයාල ජාතික සමගික කෙසේ වෙතත් එකට එකතු වෙලා වැඩිපුර මිනිස්සුන්ගෙන් සල්ලි ගසාකන්නෙ කොහොමද කියලලු වැඩිපුරම සාකච්ඡා කළේ.

ඉතිං අද දවසෙත් කතා කරන්නෙ ආගම සහ මුදල් පරිපාලනය පිළිබඳවලු. මේක මෙහෙයවන්නෙ අර මානසික වෛද්‍ය ඉන්ටවිව් එක කරපු බුවාම තමා.

මේ මුදල් පරිපාලනය ගැන ප්‍රශ්ණෙට ප්‍රසිද්ධ ආගම්වල පූජ්‍ය පක්ෂයේ අය දුන්න උත්තර සේරම ටිකක් එක වගේ.

එක කට්ටියත් සල්ලි කැටේ සලකුණක් දාල ඒ සලකුණට පහල තියෙන ටික තමන් බෙදාගන්නවා. අනිත් ටික එයාලගෙ ආගමේ නාමෙන් දුප්පතුන්ට දෙනවා.

තව කට්ටියක් සල්ලි ටික සේරම ගොඩවල් පහකට වෙන් කරල එක ගොඩක් දුප්පතුන්ට සහ තව ගොඩක් ආගමික ස්ථානයේ දියුණුවට යොදාගෙන ඉතිරි ටික පූජකයො බෙදාගන්නවා.

තව ආගමක පූජ්‍ය කට්ටියක් ලැබෙන සේරම සල්ලිවලින් හතරෙන් එකක් දන්න අඳුණන දුප්පතුන්ටයි (ඒ කියන්නෙ පවුල්වල අයට) තව හතරෙන් එකක් දෙවියන්ටයි දීල ඉතිරි ටික තමන් තියාගන්නවා.

හැබැයි බුල්ෂිටාගමේපූජකය දුන්න උත්තරෙන් අනිත් හැමෝම කොර වෙලා ගියා.

“අපි නම් කරන්නෙ ලැබෙන සල්ලි සේරම දෙවියන්ට ලබාගන්න පුළුවන් වෙන්න අහසට විසි කරන එක…”

“එතකොට? ”

අනිත් අය පුදුම වෙලා ඇහුවා.

“දෙයියන්ට උවමනා ටික එයා ගන්නවා…. ඉතිරි ටික අපි බෙදාගන්නවා…”

ඉරිදා ආතල් එක

ඉරිද දවසෙ ගෙදරට වෙලා ආතල් එකේ ෆිල්ම් එකක් බලන්න හිටියෙ. මේ පෝන් එක ‘ටිලිං ටිලං’ ගෑවා. නොදන්න නම්බරයක්. ඕන මගුලක් කියල උත්තර දුන්නා.

“ආ… හලෝ…. මේ ජෝකර් මල්ලිද?”

“ඔව්…”

“මේ කතා කරන්නෙ ගමේ බුල්ෂිටාරාමෙ ලොකු පූජක තුමා. මාව මතකයි නේද?”

මට ඒ මිනිහව මතක තිබුණෙ නෑ ඇත්තටම. පූජක බුවා උනාට මිනිහ ගැන එක එක කතා පැතිරිල තිබුණ නිසා ජෝකර් මල්ලි වගේ හැන්ඩ්සම් කොල්ලො බුල්ෂිටාරාමෙ පැත්ත පලාතෙ ගියෙ නෑ. ඒ උනාට බුවාව අමතකයි කියල කියන්න බෑනෙ.

“මතකයි මතකයි ලොකු පූ… ඇයි හදිසියෙන් කතා කරේ?”

“කතා කරේ ලොකු උවමනාවකට ජෝකර් මල්ලි. මට පොඩි ආසාවක් තියෙනව ඕයි.”

බුදු අම්මේ ආසාවක්?

“මොකද්ද ලොකු පූ ආසාව?”

“මට ඕන පින්තූරයක් ගන්න. අර සමහර ආගම්වල පූජක ඩයල් අරගන්න විධියෙ එකක්”

“ඒ කිව්වෙ? මට තේරුන්නෑ ලොකු පූ”

“ජෝකර් මල්ලි දැකල තියෙනව නේද ඔය පත්තරවල, පේස්බුක් එකේ… එතකොට කටවුට්වල එහෙම තියෙනවා ඔය ආගම්වල පූජකයන්ට එක එක සත්තු වැඳගෙන ඉන්න පින්තූර දාල තියෙනවා?”

“ඔව් ඔව්… අර අලි එහෙම නේ…”

“ඔව් ඔව්… අලි, හරක්, මී හරක්, එළුවො, කුකුළො, ඌරො, බල්ලො, පූසො, මිනිස්සු… නෑ නෑ මිනිස්සු අවුලක් නෑ… ඔය තිරිසන්නු වඳින සීන් තියෙනව නේද?”

“මම දැකල තියෙනව ලොකු පූ… ඉතිං මම මොනවද කරන්න ඕන”

“මටත් එහෙම පොටෝ එකක් අරන් පත්තරේ දාන්න ඕන ඕයි. දැන් ඒක තමා ට්‍රෙන්ඩ් එක. මම අපේ ආරාමෙ පොඩි පූල සෙට් එකත් එක්ක කතා කරා. පොටෝග්‍රැපර් කෙනෙකුත් හම්බඋනා. පොටෝ එක ගන්නකල් සතාව බැඳල තියෙන ලණුව පාගගෙන ඉන්නත් හයේ හතරෙ මල්ලි බබෙක්…. ඉන්නවා”

“මම හිතුවෙ මට පොටෝ ගහන්න කතා කරනව කියල. ලණුව පාගන්න පොරක් මොකටද?”

“ඒකනෙ ජෝකර් මල්ලි. ඔයා දන්නෑනෙ සීන් එක. මේ පොටෝග්‍රැපර් මල්ලි කරන්නෙ මේ වගේ වැඩ විතරයි. ඔය සත්තු වඳින පින්තූර අරගන්න ප්‍රොපෙසනල් මල්ලියෙක් මෙයා. පුදුම හම්බකිරිල්ලක් හම්බකරන්නෙ. හෙට අනිද්දා ගැම්බොගිණියක් ගන්නවලු. එයා තමා මේක කරන විධිය කිව්වෙ.”

“ඉතිං”

“ජෝකර් මල්ලි දන්නවනෙ සත්තු කවදාවත් ඇවිත් මිනිස්සුන්ට වඳින්නෙ නෑ කියල. උන්ට අපිට තරං පිස්සු නෑනෙ. ඒ නිසා සතාව බෙල්ලෙන් ගැටගහලා අල්ලලා පහතට කරලා ඒ ලණුව පාගගන්න ඕන කවුරුහරි. සතා ටික වෙලාවක් දඟලල කකුල් දෙක නමලා ඌට වේදනාව අඩු පහසු ඉරියව්වකට එනවා. ඒ වෙලාවෙ ටක් ගාල පින්තූරෙ ගන්නවා.”

“ඉතිං එතකොට අර ලණුව පේනවනේ”

“හයියෝ… මහලොකුවට බ්ලොග් එකකුත් ලියනවලු නේද? ටෙක්නිකල් රස්සාවක්ලු නේද කරන්නේ? පොටෝසොප් ගැන දන්නෙ නැද්ද? අපට ඕන ඒව තියල ඉතිරි ඒව මකල දානවා… හරි ලේසියි”

“හා හා.. දැන්නෙ තේරුණෙ වැඩේ… ඉතිං මට මොකක්ද කරන්න තියෙන්නෙ?”

“මේකයි වැඩේ. සේරම හරි. ඒත් බූරුවෙක් හොයාගන්න තමා බැරි. ජෝකර් මල්ලි දන්න ලොකු අය ඇතිනේ… පොඩ්ඩක් විපරමක් දාල බූරුවෙක්ව හොයල දෙන්නකො මට”

“ඈ….???”

“ඈ.. කියල හරියන්නෙ නෑ. ඒක කොහොම හරි කරල දෙන්න හො‍ඳේ… බූරුවෙක් වැඳගෙන ඉන්න පොටෝ එකක් පත්තරේ ගියොත් අපෙත් කල්ල මරේ තමා… එහෙනං මම තියනවා… බා…යි…”

හපොයි බුල්ෂිටාගමේ නෑ යකුනේ… දැන් හොයාපල්ලකො බූරුවෙක්. මම කියල කොහෙන් හොයන්නද? මේක කියවන ඔයාල කවුරුහරි බූරුවන්ට සම්බන්ධයක් තියෙන කෙනෙක්නං ජෝකර් මල්ලිව දැනුවත් කරන්න.

බූරුවෙක් හොයල දීල ජෝකර් මල්ලිව මේ උගුලෙන් බේරගන්න.

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.