මට එපා වෙලා ඕයි!

මට පට්ට මහන්සියි බං. බෝරිං වෙලා… කොටින්ම කිව්වොත් විහිළුත් එපා වෙලා.. ඒකයි කාලෙකින් ජෝක් එකක් දැම්මෙත් නැත්තෙ… හෙණ මහන්සියි… සෑහෙන්න කාලෙක ඉඳන් මට ඒ මහන්සිය දැණෙන්නෙ. මම හිතුවෙ දැන් රස්සා කරන්න අරන් අර තරුණ ගතිය ටික ටික නැති වෙනවද කියලා. අනික මේ යකඩ අඩු ලේ, විටමින් අඩුකම, පරිසර දූෂණේ, බඩ එන එක, බියර් බොන එක, බීඩි සුරුට්ටු බොන එක, සීනි ප්‍රශ්ණ, කෑම ප්‍රශ්ණ, ගෑණු ප්‍රශ්ණ, රටේ ප්‍රශ්ණ, ලෝක ආර්ථික ප්‍රශ්ණ වගේ එක එක ඒව නිසා මට මහන්සි දැණෙනව කියලයි මම හිතුවෙ.

උඹ හිතනව ඇති ජෝකර් මල්ලිට පිස්සු හැදිල කියල. මෙව්වයෙ සිද්ධවෙන සීන් දැක්කම පිස්සුත් හැදෙනව තමා. හැබැයි පිස්සුව නෙවෙයි මචං සිරා සීන් එක. මට මීටර් උනා මම මහන්සියෙන් ඉන්නෙ ඇයි කියලා.

මම මහන්සියෙන් ඉන්නෙ වැඩිපුර වැඩ කරන නිසා.

නිකමට හිතපං. මේ රටේ මිනිස්සු කෝටි 2ක් ඉන්නවා. ඒකෙන් ලක්ෂ හැත්තැ හයක්ම ‍වැඩ කරන්න බැරි වයසක කට්ටිය. ඒ අය ඇරුණම ඉන්නෙ එක්කෝටි විසිහතර ලක්ෂයයි. ඒකෙන් ලක්ෂ හතලිහක්ම ඉස්කෝලෙ හරි කැම්පස් හරි යන නැත්තං එය එක එක කෝස් කරන උන්. එතකොට ඉතිරි ලක්ෂ අසූ හතරයි. රජයෙ සේවකයො ලක්ස තිස් එකක් ඉන්නව. එතකොට වැඩ කරන්න ඉතිරි ලක්ෂ පණස් තුනයි.

ඒකෙනුත් විස්සක් ඉන්නව ආමි එකේ. දැන් උන්ට හෙන වැඩනේ. එතකොට තව දාහතර ලක්ෂයක් ඔය පළාත් පාලන ආයතන නගර සභා වගේ එව්වයෙ ඉන්නවා. එතකොට තව ලක්ෂ දහ නමයයි ඉතුරු. එයිනුත් අද වෙනකොට ලක්ෂ හතක් එක එක ලෙඩ හැදිල හොස්පිටල්වල ඉන්නවලු. එතකොට ඉතිරි ලක්ෂ දොළහයි.

එතකොට ඊළඟට ඉන්නෙ ෆේස් බුක් චණ්ඩි. අපි උඹල නෙවෙයි.. දන්නැද්ද ඔය එක එක කල්ලිවලට කඩේ යන්න ඉන්න හැබෑ ජීවිතේ පට්ට නෝංජල් හැබැයි ෆේස්බුක් එකේ ගේම ඉල්ලන උන්… අන්න එහෙම උන් දසලක්ෂතුන්දහක් ඉන්නව කියල මාක් අයිය කිව්වා. වෙන්න පුළුවන්නේ… කොහොම හරි දැන් ඉතිරි එක්ලක්ෂ අනූහත්දාහයි.

ඔයිනුත් ඔය සංස්කෘතිය රකින්න, දේශපාලුවො රකින්න පාරට බැහැල උග්ගෝෂණ කරන උන් පණස් පන්දාහක් ඉන්නව. උන්ගෙනුත් වැඩක් වෙන්නෙ නෑනෙ බං. ඉතිරි එක්ලක්ෂ හතලිස් දෙදාහෙන් ලක්ෂයක් ඉන්නෙ ආගමික පොරවල්… පූජක බුවාල. ඔය බුල්ෂිටාගමේ පූජක ඩයල් එහෙම අයිති ඔය ගොඩට. උන් බයිල ගගහ ඉන්නව මිස වැඩක් කරන උං නෙවෙයිනෙ. දැන් හතලිස් දෙදහයි ඉතුරු.

ඕකෙන් ඉන්නව අර හැම දේටම විරුද්ධවෙන මෙලෝ වැඩක් නොකර ලිප්ටන් වට රවුමෙම ඉන්න උන් විසිදාහක්… උන් ගැනත් වැඩක් නෑ කියලා.. එතකොට ඉතිරි විසි දෙදහෙන් ඔය පෝස්ටර් ගහන ඩයල් දහදාහක් ඉන්නවලු. උනුත් බත් පැකට් එකටයි අරක්කු කාලටයි පෝස්ටර් ගහන මොලෝ වැඩක් නැති උන්… දැන් දොළොස්දාහක් ඉතුරුයි.

ගේමක් දීල ඇතුලට ගිය අපේ ඉරාජ් අයිය පහුගිය දවසක හිරෙන් නිදහස් වෙලා ආවනෙ. මිනිහ කිව්ව දැන් එකොලොස්දාස් නමසිය අනූ අට දෙනෙක් හිරේ ඉන්නව කියල. එතකොට ඉතිරි දෙන්නයි.

ඉතිං හරිනෙ… ඒ උඹයි ජෝකර් මල්ලියි. උඹත් පුක උඩදාගෙන විහිළු කතා බල බල ඉන්නව මිස වැඩක් කරන්නෙ නෑනෙ.

ඉතිං මට පට්ට මහන්සි වෙන එක අහන්නත් දෙයක්ද?

හනිමූන් යද්දි පරීක්ෂාකාරී වන්න

මේක මචංලා ටිකක් පරණ කතාවක්. අර කඩේ යන මහින්ද මාම ආගිය කතාවක ලියපු එකක්.

ඔන්න ජෝකර් මල්ලිගෙ යාළු පොරක් හිටිය සුරංග කියලා. පොරගෙ විනෝදාංශෙ තමයි වෙඩිං කපල්ස් රැග් කරන එක. බුවා ඒකට කොයි තරම් ප්‍රො‍ෆෙෂනල්ද කිව්වොත් යාළුවො ඇවිත් මූට කිසිම අදාලත්වයක නැති වෙඩිංවලට පවා මූව එක්ක යනවා රැග් කරන්න.

මුගෙ යාළුවො සේරටමත් මූ කඳුළු පනින්න රැග් දුන්නා. ජීවිතේ ලස්සනම දවස එපා කරපු විධියට ගෙවන්න සිද්ධ උනා මුගෙ යාළුවන්ට. ඒ තරමට මූ දෙන රැග් ඉවසන්න අමාරුයි.

ඔහොම ඔහොම ගිහින් සුරංගයගෙ කසාදෙත් සෙටල් උනා. වෙඩිමට දින තීරණය උන දවසෙ ඉඳන් පොර බයේ හිටියෙ වෙඩිමෙදි යාළුවන්ගෙන් හම්බවෙන රැග් එක මතක් වෙලා. වෙඩිම කිට්ටු වෙද්දි බය ඒකට අනුලෝමව වැඩි වෙනව.

පොර යාළුවන්ට ‘වැඩිය රැග් කරන්න එපා බං’ කිය කිය පිංසෙන්ඩු උනා අන්තිම දවස්වලදි.

ඔහොම ගිහින් වෙඩිං දවස උදා උනා. පෝරුවෙ වැඩ ඉවර වෙලා අනිත් වැඩ සිද්ධ වුණා කිසි අවුලක් නැතිව. කිසිම රැග් එකක් නෑ. සුරංගට පුදුමයිත් එක්ක. අන්තිමට කපල් එක පිටත් වෙන්න යද්දි ආයෙ පොර වෙව්ලුවා රැග් වදියි කියලා. ඒත් ම්හු… කිසි රැග් එකක් දෙන පාටක් නෑ. යාළුවො සෙට් එක පැත්තකට වෙලා හොඳට බොනවා උන්ගෙ පාඩුවේ.

අන්තිමේ සුරංග තමන්ගෙ මනමාලිත් එක්ක හනිමූන් ගියා හරිම සන්තෝසෙන්. ඒත් හෝටලේට කිට්ටු වෙද්දි පොර ආයෙමත් ගැහෙන්න ගත්තා රැග් එක එතනදි දෙයිද කියලා. ඒ උනාට හෝටලේ අය ඇරුණම දන්න කියන කවුරුවත් හිටියෙ නෑ. සුරංගට පට්ට සතුටුයි.

ඒ සතුටත් එක්කම පොර හනිමූන් එක හොඳට ක්‍රීඩා කලා මුළු රෑ පුරාම. පහුවදා උදේ 9 විතර වෙනකල් දෙන්න නිදාගත්තා.

9.30ට විතර රූම් සර්විස් එකට කතා කලා උදේ කෑම ඕඩර් කරන්න. ඔන්න පොරක් ඇවිත් බෙල් එක ගැහුවා. සුරංග නාන්න ඇඳපු තුවාය පිටින් ගිහින් දොර ඇරියා. වේටර් පොරක් ඉන්නව දොර ගාව.

“ඔව් සර්… ගුඩ් මෝනිං… මොනවද උදේ කෑමට ගේන්න ඕන සර්…”

“ගුඩ් මෝනිං…මෙනවද තියෙන්නේ?”

“ඉඳිආප්ප, බත්, පිට්ටු, නූඩ්ල්ස් තියෙනව සර්. විකන්, පෝක්, අල කරි, පොල් සම්බල්… ‍අවශ්‍යනං පේස්ට්‍රි ජාතිත් තියෙනවා. බොන්න ඔරේන්ජ් ජූස්, ඇවකාඩෝ තියෙනව සර්…”

සුරංග පස්ස හැරිලා ඇ‍ඳේ ඉඳගෙන හිටපු නෝන දිහා බැළුවා.

“මොනවද චූටි ඔයා කන්නේ? නූඩ්ල්ස් කමුද”

නෝන හා කියලා ඔළුව වැනුවා.

“අපට එහෙනං නූඩ්ල්ස් ගේන්න චිකනුයි අල කරියි එක්ක”

සුරංග වේටර්ට කිව්වා….

එතකොට ඇඳ යටින් සද්දයක් ඇහුණා.

“මචං ඊයෙ හවස ඉඳන් කෑමක් නෑ බං… අපි තුන් දෙනාටත් ඉඳි ආප්ප හැට හැත්තෑවක් ඕඩර් කරපං.”

බිරිඳද නැත්තං…

ගෙවල් නිර්මාණ ශිල්පියෙක්, කලාකාරයෙක්, කොම්පියුටර් ප්‍රෝග්‍රැමර් කෙනෙක් විධියට රස්සාවල් කරන යාළුවො තුන් දෙනෙක් සෙට් උනාලු. මේගොල්ලො කතා කරේ බිරිඳයි අනියම් බිරිඳයි ගැනලු.

ආකිටෙක්ට් මුලින් එයාගෙ මතේ කිව්වලු.

“මම කැමතියි මගෙ කසාද ගෑණිට. එයත් එක්ක ඉද්දි මම මාර ආරක්ෂිතයි කියල හිතෙනව මට. ඒ වගේම අපේ සම්බන්ධෙ ලොකු ඉමෝෂනල් ලෙවල් එකකට යනවා“

“හෙහ්… මමනම් කැමති නෑ බං ගෑණිත් එක්ක ඉන්න. මම වැඩිපුරම එන්ජෝයි කරන්නෙ මගෙ අනිත් එක්කෙනාව. එයා නිසා මම මගේ කලා ජීවිතේ සෑහෙන්න සාර්ථක කරගත්තා. මොකද එයා දන්නව එකම විධියට නැතිව එක එක විධියට ජීවිතේ රස විඳින්න“

කලාකාරයත් තමන්ගෙ අදහස කිව්වලු.

එතකොට ප්‍රෝග්‍රැමර් කිව්වලු.

“මම නම් මට ඉන්න දෙන්නටම කැමතියි“

“දෙන්නටම?“

අනිත් දෙන්න පුදුම වෙලා ඇහුවලු.

“ඔව් ඔව් දෙන්නටම… මොකද ඔය දෙන්නම හිතාගෙන ඉන්නෙ මම අනිත් එක්කෙනා එක්ක ඉන්නව කියල. මට පුළුවන් ඒ වෙලාවෙත් තව කෝඩ් ටිකක් කොටල දාන්න.“

හිලේ කතාව මෙතනින්

බැල්ලිව එළියට දැමීම

The joker malli

අකිලයි සුරංගියි එදා ලෑස්ති උනේ පාටියකට යන්න. එයාලගෙ වාහනේ රෙපෙයාර්වලට දාල නිසා අකිල නැනෝ කැබ් එකකට කතා කලා. එයාලගෙ ගෙදර බැල්ලියෙකුයි ගිරවෙකුයි ඉන්නවා. එයාල නැති වෙලාවට බැල්ලිව ගෙදර එලියට දැම්මෙ නැත්තං ඌ ගිරවව හපන්න යනවා. ඒ නිසා අකිල කලින්ම බැල්ලිව මිදුලට දැම්මා.

කැබ් එක ඇවිත් හෝන් කලාම දෙන්න එළියට ගියා. ඒත් ගෙදර දොර අරිද්දි බැල්ලි ඇතුලට පනිනව අකිල දැක්කා. ඒ නිසා සුරංගිට කැබ් එකට නගින්න කියල අකිල ආයෙත් බැල්ලිව හොයන්න ගේ ඇතුලට ගියා.

සුරංගි කැබ් එකට නැග්ගා. විනාඩි කීපයක් ගියත් අකිල නෑ තාම. ඩ්‍රයිවරුත් නොසන්සුන්.

“ඇයි නෝනා… මහත්තය තාම නැත්තෙ මොකද?”

සුරංගිට ඕන උනේ නෑ එයාල පාටියට ගියාම ගෙදර කවුරුත් නෑ කියල කියන්න. මේ දවස්වල මිනිස්සු විශ්වාස නෑනේ.

“ආ… හස්බන්ඩ් එයාගෙ අම්මට යන්නම් කියල එන්නයි ඇතුලට ගියෙ. ඉක්මනට එයි.”

සුරංගි බොරුවක් කිව්වා. ටික වෙලාවකින් අකිල දාඩිය දාගෙන ඇවිත් වාහනේට නැග්ගා.

“මොකද අනේ ඔච්චර වෙලා ගියේ?”

සුරංගි ඇහුවා.

“අර පිස්සු බැල්ලි මට දස වදයක් දුන්නෙ. ඒකි ගිහින් ඇඳ යට හැංගුනානෙ. මං කොස්ස දාල ඇදල ගත්තෙ. එලියට ගත්ත විතරයි දඟලන්න ගත්තා. මං බෙල්ලෙන් අල්ලා බ්ලැන්කට් එකක එතුවා. පස්ස පැත්තෙන් තල්ලු කරගෙන ඇවිත් එලියට දැම්මෙ. මල පැනල හොඳටම. එළවලු පාත්තියෙ කක්ක දැම්මෙ නැත්තං හොඳයි.”

පාටියට යනකල් ගමන ගොඩක් නිහඬ එකක් උනේ ඇයි කියල අකිලට හිතාගන්න බැරි උනා.

හිලේ කතාව මෙතනින්

කෙල්ලක් මේජර්ව රිලැක්ස් කරයි

the_joker-wallpaper 500

හෙණ මැරෑටි ලුක් එකක් තියෙන ටිකක් වයස ආමි මේජර් කෙනෙක් දවසක් පාටියකට සෙට් උනාලු. මේක ටවුමෙ ඉන්න පොෂ් අයගෙ පාටියක්ලු. ලස්සන කාන්තාවො එහෙම හිටු කියලා ඇස් කරකව කව ඇවිදිනවලු. හැබැයි අපේ මේජර් කාරය හෙන සිරා මූඩ් එකෙලු. සීරුවෙන් නැති එක විතරලු.

මෙයා ගාවට ආවලු ලස්සන කෙල්ලක්.

“හලෝ මේජර්, මට පේන්නෙ ඔයා සෑහෙන්න සීරියස් කෙනෙක් වගේ… ඇයි ඔයාට මොකක් හරි ප්‍රශ්ණයක්ද?”

“නැහැ මැඩම්. මම කොහොමත් ස්වභාවයෙන්ම සීරියස්”

කෙල්ල මේජර්ගෙ නිල ඇඳුම අතගෑවලු. ඒකෙ එක එක පාට බැජ්, කලර් කෝඩ් සෑහෙන්න තියෙනවලු.

“ෂහ්… ඔයා සෑහෙන්න කැප උන ඔෆිසර් කෙනෙක් වගේ නේද?”

“ඔව් මැඩම්… මම සෑහෙන්න යුද්ධ කලා”

කෙල්ලට ඕන මිනිහ කතාවකට සෙට් කරගන්නලු. ඒත් බුවා අහන එකට උත්තර දෙනව මිස කතාව ඇදගෙන යන්නෙ නෑලු. ඒත් කෙල්ලට මිනිහව අතාරින්න හිතෙන්නෙත් නෑ.

“ඔයා දන්නවද මේජර්… ඔයා ඔහොම සීරියස් නො ඉඳ ටිකක් සැහැල්ලුවෙන් ඉන්න. ටිකක් එන්ජෝයි කරන්න.. ”

මේජර් ඒ පාර සීරියස් මූඩ් එකෙන්ම කෙල්ල දිහා කෙලින් බැලුවලු. කෙල්ල කතාව ඉවර නෑලු.

“මේකයි ‍මේජර්. මෙහෙම අහනවට මුකුත් හිතන්න එපා. ඔයා අන්තිමට සෙක්ස් කලේ කවදද?”

“1955 මැඩම්”

“ඔය ඉතිං.. ඕකනේ… ඔය නිසා තමයි ඔයා ඔහොම සීරියස් මූඩ් එකේ ඉන්නෙ. ටිකක් රිලැක්ස් වෙන්න අනේ. 1955 ඉඳන්ම සෙක්ස් කරල නෑ. අ‍නෙ අම්මෝ මෙහෙමත් මිනිහෙක්… එන්න එන්න මාත් එක්ක”

කෙල්ල මේජර්ගෙ අතින් අල්ලන් ඇතුල් කාමරේකට එක්ක ගිහින් කීප වතාවක්ම මේජර්ව රිලැක්ස් කලාලු. අන්තිමේ කෙල්ලට හතිලු හොඳටම. අමාරුවෙන් මේජර් දිහාට හැරුනලු.

“වාව්…. 1955 ඉඳන් මුකුත් නොකලට ඔයාට කිසි දෙයක් අමතක වෙලානං නෑ නේද?”

එතකොට මේජර් එයාගෙ සීරියස් වොයිස් එකෙන් මෙහෙම කිව්වලු.

“අමතක වෙන්න තරං කල් ගියෙ නෑනෙ මැඩම්. දැන් වෙලාව 2130 නේ”

නෝනගෙ කලින් සීන්

the_joker-wallpaper 500

ක්‍රිකට් පාලක මණ්ඩලේ සභාපතියි එයාගෙ නෝනයි තමන්ගෙ කසාද ජීවිතේ අවුරුදු 50 සමරන්න ලොකු පාටියක් දැම්මලු. එදා දවසෙ රාත්‍රිය මාර රොමෑන්ටික්ලු.

“මාලා… ඩාලිං… මට මේක දවස් කීපයක ඉඳන් හිතට වද දෙන එකක්… මට දැනගන්න ඕන ඔයා කී වතාවක් වෙන පිරිමි එක්ක ඉඳල තියෙනවද කියලා?”

“අනේ එඩී… ඇයි ඔයා එහෙම ප්‍රශ්ණයක් ඇහුවේ? මේ රාත්‍රිය විනාස කරන්නද ඔයා හදන්නේ? එහෙම අහන්න එපා…”

“නෑ රත්තරං මං වරදක් හිතන්නෙ නෑ… තරහ ගන්නෙත් නෑ… අනේ කියන්නකො මට”

“තරහ ගන්නෙ නැත්තං කියන්නං… තුන් වතාවයි”

“තුන් පාරයි? කොයි කාලෙද ඒව උනේ?”

“හ්ම්… මතකද ඔයාට අවුරුදු 35දි අපේ බිස්නස් එක පටන්ගන්න සල්ලි නැතුව හිටියා. ලෝන් එකක් පාස් කරගන්න බැරුව ගොඩක් දුකෙන් ඔයා හිටියෙ. මතකද එතකොට බැංකුවෙ මැනේජර් ගෙදරටම ඇවිත් ඔයාට ලක්ෂ 50ක ලෝන් එක පාස් කරල දුන්නා?”

“හානේ… ඔයා නිසාද ඒ ලෝන් එක පාස් උනේ? ෂහ්… මම ඔයාට ගරු කරනව මදි රත්තරං. ඔයා මම වෙනුවෙන් කොයි තරම් දේවල් කරලද? ඒක එහෙම නොවුණනං අද අපට මෙහෙම ඉන්න බෑනෙ නේද? ඉතිං දෙවෙනි වතාවෙ උනේ කොහොමද?”

“හ්ම්… ඔයාට මතකද ඔයා හොඳටම අසනීප වුණා? හාට් ඔපරේෂන් එකක් කරන්න තිබුණා. ඒක ගොඩක් අමාරු, රිස්කි එකක් නිසා දොස්තරල එක්කෙනෙක්වත් කැමති උනේ නැහැනේ… ඒත් මතකද ඩොක්ටර් පෙරේර එකපාරම කැමති වෙලා ඔපරේෂන් එක කලා? ඔයාට සනීප වුණා…”

“හානේ ඇත්තමයි. මට අදහගන්නත් බෑ. ඔයා මගේ ජීවිතේ බේරගන්න මොනතරං පරිත්‍යාගයක්ද කරල තියෙන්නේ? ඔයානං මුළු ලෝකෙටම ආදර්ශමත් බිරිඳක් මාලා… මම ඔයාට කවදාටත් වඩා ආදරෙයි පැටියෝ… ඉතිං…. තුන් වෙනි වතාවෙදි ඒක උනේ අර මගේ ඇහේ සුද අයින් කරපු ඔපරේෂන් එක කරපු ඩොක්ටර් සිල්වා එක්කද?”

“නෑ නෑ ඩාලිං.. මතකද ඔයාට ක්‍රිකට් බෝඩ් එකේ සභාපති වෙන්න ඕන උනා… හැබැයි ඔයාට ඡන්ද 17ක් අඩුවෙන් තිබුණා?”