මට එපා වෙලා ඕයි!

මට පට්ට මහන්සියි බං. බෝරිං වෙලා… කොටින්ම කිව්වොත් විහිළුත් එපා වෙලා.. ඒකයි කාලෙකින් ජෝක් එකක් දැම්මෙත් නැත්තෙ… හෙණ මහන්සියි… සෑහෙන්න කාලෙක ඉඳන් මට ඒ මහන්සිය දැණෙන්නෙ. මම හිතුවෙ දැන් රස්සා කරන්න අරන් අර තරුණ ගතිය ටික ටික නැති වෙනවද කියලා. අනික මේ යකඩ අඩු ලේ, විටමින් අඩුකම, පරිසර දූෂණේ, බඩ එන එක, බියර් බොන එක, බීඩි සුරුට්ටු බොන එක, සීනි ප්‍රශ්ණ, කෑම ප්‍රශ්ණ, ගෑණු ප්‍රශ්ණ, රටේ ප්‍රශ්ණ, ලෝක ආර්ථික ප්‍රශ්ණ වගේ එක එක ඒව නිසා මට මහන්සි දැණෙනව කියලයි මම හිතුවෙ.

උඹ හිතනව ඇති ජෝකර් මල්ලිට පිස්සු හැදිල කියල. මෙව්වයෙ සිද්ධවෙන සීන් දැක්කම පිස්සුත් හැදෙනව තමා. හැබැයි පිස්සුව නෙවෙයි මචං සිරා සීන් එක. මට මීටර් උනා මම මහන්සියෙන් ඉන්නෙ ඇයි කියලා.

මම මහන්සියෙන් ඉන්නෙ වැඩිපුර වැඩ කරන නිසා.

නිකමට හිතපං. මේ රටේ මිනිස්සු කෝටි 2ක් ඉන්නවා. ඒකෙන් ලක්ෂ හැත්තැ හයක්ම ‍වැඩ කරන්න බැරි වයසක කට්ටිය. ඒ අය ඇරුණම ඉන්නෙ එක්කෝටි විසිහතර ලක්ෂයයි. ඒකෙන් ලක්ෂ හතලිහක්ම ඉස්කෝලෙ හරි කැම්පස් හරි යන නැත්තං එය එක එක කෝස් කරන උන්. එතකොට ඉතිරි ලක්ෂ අසූ හතරයි. රජයෙ සේවකයො ලක්ස තිස් එකක් ඉන්නව. එතකොට වැඩ කරන්න ඉතිරි ලක්ෂ පණස් තුනයි.

ඒකෙනුත් විස්සක් ඉන්නව ආමි එකේ. දැන් උන්ට හෙන වැඩනේ. එතකොට තව දාහතර ලක්ෂයක් ඔය පළාත් පාලන ආයතන නගර සභා වගේ එව්වයෙ ඉන්නවා. එතකොට තව ලක්ෂ දහ නමයයි ඉතුරු. එයිනුත් අද වෙනකොට ලක්ෂ හතක් එක එක ලෙඩ හැදිල හොස්පිටල්වල ඉන්නවලු. එතකොට ඉතිරි ලක්ෂ දොළහයි.

එතකොට ඊළඟට ඉන්නෙ ෆේස් බුක් චණ්ඩි. අපි උඹල නෙවෙයි.. දන්නැද්ද ඔය එක එක කල්ලිවලට කඩේ යන්න ඉන්න හැබෑ ජීවිතේ පට්ට නෝංජල් හැබැයි ෆේස්බුක් එකේ ගේම ඉල්ලන උන්… අන්න එහෙම උන් දසලක්ෂතුන්දහක් ඉන්නව කියල මාක් අයිය කිව්වා. වෙන්න පුළුවන්නේ… කොහොම හරි දැන් ඉතිරි එක්ලක්ෂ අනූහත්දාහයි.

ඔයිනුත් ඔය සංස්කෘතිය රකින්න, දේශපාලුවො රකින්න පාරට බැහැල උග්ගෝෂණ කරන උන් පණස් පන්දාහක් ඉන්නව. උන්ගෙනුත් වැඩක් වෙන්නෙ නෑනෙ බං. ඉතිරි එක්ලක්ෂ හතලිස් දෙදාහෙන් ලක්ෂයක් ඉන්නෙ ආගමික පොරවල්… පූජක බුවාල. ඔය බුල්ෂිටාගමේ පූජක ඩයල් එහෙම අයිති ඔය ගොඩට. උන් බයිල ගගහ ඉන්නව මිස වැඩක් කරන උං නෙවෙයිනෙ. දැන් හතලිස් දෙදහයි ඉතුරු.

ඕකෙන් ඉන්නව අර හැම දේටම විරුද්ධවෙන මෙලෝ වැඩක් නොකර ලිප්ටන් වට රවුමෙම ඉන්න උන් විසිදාහක්… උන් ගැනත් වැඩක් නෑ කියලා.. එතකොට ඉතිරි විසි දෙදහෙන් ඔය පෝස්ටර් ගහන ඩයල් දහදාහක් ඉන්නවලු. උනුත් බත් පැකට් එකටයි අරක්කු කාලටයි පෝස්ටර් ගහන මොලෝ වැඩක් නැති උන්… දැන් දොළොස්දාහක් ඉතුරුයි.

ගේමක් දීල ඇතුලට ගිය අපේ ඉරාජ් අයිය පහුගිය දවසක හිරෙන් නිදහස් වෙලා ආවනෙ. මිනිහ කිව්ව දැන් එකොලොස්දාස් නමසිය අනූ අට දෙනෙක් හිරේ ඉන්නව කියල. එතකොට ඉතිරි දෙන්නයි.

ඉතිං හරිනෙ… ඒ උඹයි ජෝකර් මල්ලියි. උඹත් පුක උඩදාගෙන විහිළු කතා බල බල ඉන්නව මිස වැඩක් කරන්නෙ නෑනෙ.

ඉතිං මට පට්ට මහන්සි වෙන එක අහන්නත් දෙයක්ද?

යෝගට් කමු නේද?

හොරු දෙන්නෙක් මහ රෑ බැංකුවක් කැඩුවලු. අමාරුවෙන් සේප්පුවක් ඇරගත්තලු. ඒ උනාට ඒකෙ සල්ලි තිබුණෙ නෑලු. හැබැයි පොඩි පොඩි කප්වල දාල යෝගට් වගයක් තිබුණලු. ඩබල ‍ටිකක් කෑවලු. ඒ තරම්ම රසත් නැහැලු.

තව සෙප්පුවක් ඇරියලු. ඒකෙත් යෝගට්ලු. හැබැයි ඒව ටිකක් විතර කලින්ට වඩා හොඳයිලු. ටිකක් වැඩිපුර කෑවලු. තව සෙප්පුවක් ඇරල බැලුවම ඒකෙත් යෝගට්මලු.

“මොන රෙද්දක්ද බං මේ… පළයං ගිහින් බෝඩ් එක බලල වරෙං. මේක ඇත්තටම බැංකුවක්ද කියලා”

බැරිම තැන ලොකු හොරා පොඩි හොරාට කිව්වලු. පොඩි හොරා එළියට ගිහිං බලාගෙන ආවලු.

“බැංකුවක් තමයි බං. බෝඩ් එකේ ගහලම තිබුණා”

“මොනව කියලද තිබුණේ”

“ඈස්ලන්ත ශුක්‍රාණු බැංකුව කියලා”

සෙක්ස් නිසා උන අලකලංචි!

නිව්යෝක්වල පදිංචිකරුවෙකු ජෝකර් මල්ලි බ්ලොග් ‍එකේ පල කිරීම සඳහා ජෝකර් මල්ලි වෙත එවන ලද කතාවකි.

සෙක්ස් නිසා මට උණ දේවල් නිමක් නෑ ජෝකර් මල්ලි. උඹට සිංහලෙන් කතාව කිව්වට මේක උණේ ඉංගිරිසි සෙක්ස් නිසා. හැම එකම සිංහලෙන් කියන්න ගියොත් අදහස එන්නෙ නැති නිසා අදාල තැන්වලදි ඉංගිරිසි දානව. එහෙනං අහන්නකො කතා ටික.

මම වෙනස් පොරක් කියල උඹ දන්නවනේ ජෝකර් මල්ලි. මම හැම තිස්සෙම හදන්නෙ වෙනසක් කරන්න. ඒ ගතිය මගෙ ජීවිතේ පුරාම තියෙනවා. සාමාන්‍යයෙන් උඹලනං බල්ලන්ට දාන්නෙ ටොමී, මැක්සි, රෝවර්, මේකර් වගේ නම් නේ. මට ඒව හරියන්නෙ නෑ. මම මගෙ බල්ලට නම් දැම්මෙ ‘සෙක්ස්’ කියල. ඒ වුණාට සෙක්ස් නිසා මම හැම වෙලේම නෝන්ඩි උණා.

දන්නවනෙ ජෝකර් මෙහෙ බල්ලන්ට ලයිසන් ගන්න ඕන කියල. ඔන්න මම සෙක්ස් අරන් ටවුමෙ බල්ලන්ට ලයිසන් දෙන ඔෆිස් එකට ගියා. එතන කවුන්ටරේ ඉන්න බුවාට මම කතා කලා.

“Hello sir, I’d like to have a license for Sex”

බුවාට මඤ්ඤං වගේ….

“හෙහ් හෙහ්… මටත් ආසයි ඕයි එහෙම ලයිසන් එකක් ගන්න”

මිනිහ කිව්වා…

“ඒ උනාට මේ බල්ලෙක්නේ මහත්තයො”

“ඒකට අවුලක් නෑ. ලයිසන් ගත්තම බල්ලො පූසො කියල සීමාවක් නෑනෙ. හිලක් තියෙන ඕන එකක් වලංගුයි”

“ඔයාට තේරෙන්නෙ නෑ මහත්තයා. මම කියන්නෙ මට අවුරුදු නමයෙදි ලැබුණ සෙක්ස් ගැන”

“පුහ්… ඇත්තට? අවුරුදු 9 ඉඳන්? ඔයා එළ කොල්ලෙක්නෙ”

* * * * * * * *

ඔය එක කතාවක්…

ඔන්න මම කසාද බැඳල හනිමූන් ගියා. සෙක්ස් නැතිව යන්න මට බැරි උණා. හෝටලේ බුවාට මම කතා කලා.

“මටයි වයිෆ්ටයි කාමරයක් ඕන”

“හරි සර්… මුහුද හොඳට පේන බැල්කනියක් තියෙන කාමරයක් දෙන්නං”

“නියමයි… තව අපට ඕන සෙක්ස් දාන්න කාමරයක්…”

“හෙහ් හෙහ්… ඕන කාමරේක ඒක පුළුවන් සර්. ජනෙල්වලට කර්ටන් තියෙනවා. දාගත්තම හරි. කාටවත් පේන්නෙ නෑ….”

“ඔහෙට තේරෙන්නෙ නෑනෙ. සෙක්ස් නිසා මට මුළු රෑම නිදාගන්න වෙන එකක් නෑ…”

“හෙහ් හෙහ්… සර් මොනව කියනවද මන්දා… හනිමූන් කපල් ඉන්න දාට මටත් එහෙම තමයි ඉතිං”

* * * * * * * *

ඔන්න බලු තරග තියෙනව කියල පෝස්ටරයක් දැක්ක මම දවසක්. ඉතිං මම සෙක්ස් දැම්මා තර‍ඟෙට. ඒත් තරගෙ පටන්ගන්න කලින් මූ පැනල දිව්වා. මම අන්දමන්ද වෙලා බලං හිටිය. හෙණ ගාණක් දීල ඒකෙ ටිකට් එක ගත්තෙ. එතකොට එතනට ආව තවත් බලු අයිතිකාරයෙක්.

“ඔහේ මොකෝ මේ කැරකි කැරකි. ඔයාට බල්ලෙක් නැතෙයි?”

“ඒකනේ… බලනව අයිසෙ මම ප්ලෑන් කලේ ඊලඟ තරගෙට සෙක්ස් දාන්නම කියලා”

“හනේ… චීය.. මෙයාට ලැජ්ජ නෑ… ඒක ටීවි එකෙත් යන තරගයක්නෙ..”

“ඔයාට තේරෙන්නෙ නෑනෙ කියන දේ. මට ටීවි එකෙන් සෙක්ස් පෙන්නන්නයි ඕන උනේ.”

අර මිනිහ මගෙ දිහා හැරි හැරි බල බල යන්න ගියා.

* * * * * * * *

මගෙ කසාදෙ හරි ගියේ නෑ. අපි දික් කසාද වෙන්න තීරණේ කලා. ඒත් වයිෆ් සෙක්ස් ඉල්ලුවා. මට සෙක්ස් දෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. ඒ නිසා අපි උසාවි ගියා. මම නඩුකාරයට කතා කලා.

“සර්… මට සෙක්ස් ලැබුණෙ කසාද බඳින්නත් කලින් ඉඳන්”

“ඔහේ පිරිමියෙක් නේද? ඒක සාමාන්‍ය දෙයක් කියල දන්නෙ නැද්ද? මේ මටත් එහෙමයි.”

“ඒ උනාට සර් මට වයිෆ්ට සෙක්ස් දෙන්න බෑ…”

“හරි. නඩුව ඉවරයි. දික් කසාදෙට සාධාරණ හේතුවක් තියෙනව. ආයෙ බඳින්න ඕන නං ඉක්මනට ගිහින් දොස්තර කෙනෙක් හම්බවෙනව”

* * * * * * * *

ඊයෙ රෑ සෙක්ස් ආයෙ පැනල ගියා. මම පැය ගාණක් ‍සෙක්ස් හෙව්වා. අන්තිමේ මම මහන්සි වැඩිකමට ටවුමෙ ගර්ල්ස් ස්කූල් එකේ හොස්ටල් එක ඉස්සරහ බස් හෝල්ට් එකේ ඉඳගෙන හිටියා. එතනට ආව පොලිස් රාළහාමි කෙනෙක්.

“මහත්තයෝ.. දැන් පාන්දර 3යි වෙලාව. මේ වෙලාවට බස් නෑනෙ. මොනව කරනවද මෙතන ඉඳන්.”

“අනේ මම මේ සෙක්ස් හොයනව රාළහාමි”

* * * * * * * *

දැන් මම ඉන්නෙ පොලිස් කූඩුව ඇතුලෙ බංකුව උඩ. පොලිස්කාරයො එකෙක්වක් සෙක්ස්ගැන දන්නෙ නෑ. ජෝකර් මල්ලි උඹට සෙක්ස් හම්බ උණොත් මට කියපං හො‍ඳේ.

හිලේ කතාව මෙතනින්

රතු ලයිට් වැටිල තියෙද්දි…

the_joker-wallpaper 500

එක ඩ්‍රයිවර් කෙනෙක් රතු ලයිට් එක වැටිල තියෙද්දි වාහනේ නවත්තන්නෙ නැතිව ඉදිරියට ගියාලු. පොලිස් පොරක් අත දාල වාහනේ නතර කලාලු.

“‍මොකෝ මේ හදිස්සිය? ඇයි රතු ලයිට් එක වැටිල තියෙනව දැක්කෙ නැද්ද?”

“අනේ රාළහාමි… රතු ලයිට් එක වැටිල තියෙනවනං දැක්ක. තමුන්නාන්සෙ මෙතන ඉන්නව දැක්කෙ නෑනෙ”

ළමයි හැදුව වගේ නෙවෙයි

the_joker-wallpaper 500

අළුත බැඳපු තරුණ ජෝඩුවක් දවසක් බම්බලපිටියෙ රෙස්ටුරන්ට් එකකින් හොඳ චයිනීස් පාරක් දැම්මලු. කාල කාල එළියට ඇවිත් බලනකොට උන් දෙන්නගෙ කාර් එක උස්සලලු. හොඳටම කලබල වෙලා බම්බලපිටියෙ පොලීසියට ගිහින් පැමිණිල්ලකුත් දැම්මලු. වැඩේ උන තැන ගැන විස්තර ගන්නත් එක්කල පොලිස් කාරයෙක් එක්ක ආපහු රෙස්ටුරන්ට් එක ගාවට එද්දි මෙන්න වාහනේ තියෙනවලු එතනම. ලියුම් කවරයක් වීදුරුවෙ අලවල තියෙනවලු. ඒකෙ අස්සෙ නෙළුම් පොකුණෙ තිබුණ වික්ටර්ගෙ අන්තිම ‘ස’ ප්‍රසංගෙ ටිකට් දෙකක් එක්ක ලියුමක් තිබුණලු.

“සිදු වූ වැරැද්දට සමාව දෙන්න. “ස” ප්‍රසංගය බලන්න එන අතරේ හදිසියේ මගේ ගර්භනී බිරිඳට දරුවා ලැබෙන්න ළං උන නිසා මම ඔබේ වාහනය පණ ගන්වලා එයාව රිජ්වේ එකට අරං ගියා. අපට පුතෙක් ලැබුණා. ඔබට බොහොම ස්තූතියි. අපේ ටිකට් දෙක ඔබලාට දෙනවා. ප්‍රසංගය හොඳට රස විඳින්න – ස්තූතියි”

තරුණ යුවලට සෑහෙන්න සතුටුයිලු. ලොකු පිණක් කරගත්තා කියල හිතාගෙන දෙන්න “ස” බලන්න ගියාලු. ඒක ඉවර වෙලා රෑ වෙල ගෙදර එද්දි ගෙදරට හොරු පැනලලු. වටින කියන බඩු සේරම හොරකං කරලලු. ගෙදර දොරේ අලවල තිබුණ ලියුම් කවරයක් ඇතුලෙ තව ලියුමක්ලු.

“ළමයි හැදුව වගේ නෙවෙයිනෙ. උන්ට කවන්න පොවන්න ඉස්කෝලෙ යවන්න එහෙමත් තියෙනවනේ – ස්තූතියි”