කටයි පුකයි අලවගන්න

graphic joke 1 - chogm

ජෝකර් මල්ලිගේ පළමු ග්‍රැපික් ජෝක් එක මේකයි. සුදු වෑන් නං එවන්ට එපා දෙයියො…

යෝගට් කමු නේද?

හොරු දෙන්නෙක් මහ රෑ බැංකුවක් කැඩුවලු. අමාරුවෙන් සේප්පුවක් ඇරගත්තලු. ඒ උනාට ඒකෙ සල්ලි තිබුණෙ නෑලු. හැබැයි පොඩි පොඩි කප්වල දාල යෝගට් වගයක් තිබුණලු. ඩබල ‍ටිකක් කෑවලු. ඒ තරම්ම රසත් නැහැලු.

තව සෙප්පුවක් ඇරියලු. ඒකෙත් යෝගට්ලු. හැබැයි ඒව ටිකක් විතර කලින්ට වඩා හොඳයිලු. ටිකක් වැඩිපුර කෑවලු. තව සෙප්පුවක් ඇරල බැලුවම ඒකෙත් යෝගට්මලු.

“මොන රෙද්දක්ද බං මේ… පළයං ගිහින් බෝඩ් එක බලල වරෙං. මේක ඇත්තටම බැංකුවක්ද කියලා”

බැරිම තැන ලොකු හොරා පොඩි හොරාට කිව්වලු. පොඩි හොරා එළියට ගිහිං බලාගෙන ආවලු.

“බැංකුවක් තමයි බං. බෝඩ් එකේ ගහලම තිබුණා”

“මොනව කියලද තිබුණේ”

“ඈස්ලන්ත ශුක්‍රාණු බැංකුව කියලා”

ඈස්ලන්තෙ පේස්බුක් තහනම

ඔන්න එක රටක් තිබුණා… අපි ඕනනං ලේසියට මේකට ඈස්ලන්තෙ කියල කීමුකො. මේ රටේ රජතුමෙක් හිටියා. මේ රජතුමාගෙ පාලනේ කොයිතරං ෂෝයිද කියනවනං රටේ මිනිස්සු උන්දැට නොකීපු වල් කතාවක් නැති තරං.

සේරටම වඩා ඈස්ලන්තෙ කොල්ලො කොල්ලො ඔය පේස්බුක්, ටුවිටර් වගේ වෙබ් සයිට්වලින් රජතුමාටයි එතුමගෙ හෙන්චයියන්ටයි මඩ ගහන්න පටන් අරං තිබුණා. උන්දැගෙ පින්තූරෙ දාල විහිළු කෑලි හදල ෂෙයා කරා. එතුමට පට්ට ජෝකර් කෙනෙක් කරා. උන්දැගෙ ඒ විහිළුවලට ජෝකර් මල්ලිත් හෙල්ලිල ගිය වාර අනන්තයි අප්‍රමාණයි. කොහොම හරි මේකත් එතුමට මාර හිසරදයක් වෙලා තිබුණෙ. මේ ගැන කල්පනා කරල එතුමගෙ ඇස් යට කළු වෙන්නත් අරන් තිබුණෙ.

ඔන්න දවසක් එතුමගෙ පුත් කුමරුවා ආව එතුමව හොයාගෙන…

“තාත්තී….”

“ආ ගල්මල් කුමරු… මොකෝ අද ජොගිං ගියෙ නැද්ද?”

“නෑ තාත්ති… ජොගිං හෙට උනත් යන්න බැරුවයැ… මට මාර අයිඩියාවක් ආව උදේ ටොයිලට් එකේදි අයි පෑඩ් එකෙන් ජෝකර් මල්ලිගෙ බ්ලොග්එක බලද්දි..”

“ඒ මොකක්ද?”

“මේකයි…. තාත්ති කියල තිබුණනෙ පේස්බුක් තහනං කරනව කියල.. ඔන්න ඒක තමයි මේ දවස්වල නිව්ස් වෙබ් සයිට්වල නැගලම යන මාතෘකාව”

“කිව්වට ඕක කරන්න අදහසක් නෑ පුතා… මාත් හෙට අනිද්දම එකවුන්ට් එකක් පටංගන්නව. ඒක මාර ආතල්ලුනේ… ලෝකෙ අනිත් නා‍යකයො ඔක්කොම ඉන්නව කියන්නෙ ඒකෙ…”

“පිස්සුද තාත්ති… තාත්ති කොහොමත් දැන් පේස් බුක් ගියා කියල වැඩක් වෙන්නෙ නෑ. අනික තාත්තිගෙ පැලෑන මාව ඊළඟ රජතුමා කරන එකනේ…”

“මගේ පැලෑන? කවුද කියන්නේ…..? හුම් හුම්… හා හා… ඉතිං කියමුකෝ…”

“මේකයි… තාත්තිට කොහොමත් තව අවුරුදු කීපයයිනෙ තියෙන්නෙ බලේ ඉන්න…”

“ඉතිං…”

“තාත්ති ඕනනං පේස් බුක් ගිහින් ඒකෙ ආතලුත් අරන් ඊළඟ රජවරණෙට මාස හයක් විතර තියලා ඒක තහනං කරන්න…”

“එතකොට?”

“මමනෙ ඊළඟ රාජාපේක්ෂකයා… මම කරන්නෙ බලේට ආපු ගමන් පේස්බුක් තහනම ඉවත් කරනව කියල ඡන්ද පොරොන්දුවක් දෙන එක…”

“හෑ….?”

“ඔව් ඔව්… ඔය පළවෙනි පාර ඡන්දෙ දාන එවුන්ගෙ ඉඳන් රටේම ඡන්ද ටික මට ගන්න පුළුවන් ඒ විධියට… කෝමද ටිකිරි මොළේ….”

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.

ජාතික සමගිය ඇති කරන්න සර්වාගමික කමිටුවක්

දැන් ආගම් බෙදිලා මරාගන්න යන නිසා ආණ්ඩුවෙ නියමයෙන් ජාතික සමගිය ඇති කරන්න කියල හැම ඉරිදම සර්වාගමික පූජකයො ටීවී එකේ සාකච්ඡා කරනවලු. හැබැයි මෙයාල ජාතික සමගික කෙසේ වෙතත් එකට එකතු වෙලා වැඩිපුර මිනිස්සුන්ගෙන් සල්ලි ගසාකන්නෙ කොහොමද කියලලු වැඩිපුරම සාකච්ඡා කළේ.

ඉතිං අද දවසෙත් කතා කරන්නෙ ආගම සහ මුදල් පරිපාලනය පිළිබඳවලු. මේක මෙහෙයවන්නෙ අර මානසික වෛද්‍ය ඉන්ටවිව් එක කරපු බුවාම තමා.

මේ මුදල් පරිපාලනය ගැන ප්‍රශ්ණෙට ප්‍රසිද්ධ ආගම්වල පූජ්‍ය පක්ෂයේ අය දුන්න උත්තර සේරම ටිකක් එක වගේ.

එක කට්ටියත් සල්ලි කැටේ සලකුණක් දාල ඒ සලකුණට පහල තියෙන ටික තමන් බෙදාගන්නවා. අනිත් ටික එයාලගෙ ආගමේ නාමෙන් දුප්පතුන්ට දෙනවා.

තව කට්ටියක් සල්ලි ටික සේරම ගොඩවල් පහකට වෙන් කරල එක ගොඩක් දුප්පතුන්ට සහ තව ගොඩක් ආගමික ස්ථානයේ දියුණුවට යොදාගෙන ඉතිරි ටික පූජකයො බෙදාගන්නවා.

තව ආගමක පූජ්‍ය කට්ටියක් ලැබෙන සේරම සල්ලිවලින් හතරෙන් එකක් දන්න අඳුණන දුප්පතුන්ටයි (ඒ කියන්නෙ පවුල්වල අයට) තව හතරෙන් එකක් දෙවියන්ටයි දීල ඉතිරි ටික තමන් තියාගන්නවා.

හැබැයි බුල්ෂිටාගමේපූජකය දුන්න උත්තරෙන් අනිත් හැමෝම කොර වෙලා ගියා.

“අපි නම් කරන්නෙ ලැබෙන සල්ලි සේරම දෙවියන්ට ලබාගන්න පුළුවන් වෙන්න අහසට විසි කරන එක…”

“එතකොට? ”

අනිත් අය පුදුම වෙලා ඇහුවා.

“දෙයියන්ට උවමනා ටික එයා ගන්නවා…. ඉතිරි ටික අපි බෙදාගන්නවා…”

ලොක්කන්ගෙ මාර මොලේ ඈ…..

මේ කතාව ගොඩ දෙනෙක් අහල ඇති. මේ ජෝකර් මල්ලිගෙ වර්ෂන් එක.

ඔන්න ජනාධිපතිතුමා ඉන්දියාවෙ ගියාලු නිල චාරිකාවකට. එහෙ ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහත්තයත් එක්ක තේ පැන් සංග්‍රහයක් එහෙම භුක්ති විඳින ගමන් දේශපාලන බයිල ටිකක් ගැහුවලු.

“මුකර්ජි මහත්තයො මං දැනගන්න ආසයි ඔබතුමාගෙ නායකත්වයේ රහස”

“හෙහ් හෙහ්… හරි සිම්පල්. මම මගෙ වටේ තියාගන්නෙ බුද්ධිමත් මිනිස්සු.”

“හුම්ම්… කොහොමද දැනගන්නෙ වටේ ඉන්න මිනිස්සු බුද්ධිමත්ද කියලා?”

“මම එයාලගෙන් ප්‍රශ්ණයක් දෙකක් අහනවා… පොඩ්ඩක් ඉන්නකො උදාහරණෙකින්ම පැහැදිලි කරන්නං”

මුකර්ජි මහත්තය සෙල් ෆෝන් එක අරන් ඉන්දියාවෙ අගමැති මන්මෝහන් සිං මහත්තයට කෝල් කලාලු. ලව්ඩ්ස්පීකර් මෝඩ් ඔන් කරපු නිසා ජනාධිපතිතුමාටත් සංවාදෙ ඇහෙනවලු.

“මේ මන්මෝහන්…. මට මෙන්න මේකට උත්තර දෙන්න… ඔයාගෙ අම්මට දරුවෙක් ඉන්නවා. ඔයාගෙ තාත්තටත් දරුවෙක් ඉන්නවා. හැබැයි ඒ දරුවා ඔයාගෙ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නෙවෙයි. කවුද ඒ?”

“අයියෝ සර්… ඒ මමනේ”

මන්මෝහන් ටක් ගාල උත්තරේ දුන්නලු.

“හරියට හරි. ස්තූතියි. බායි” මුකර්ජි මහත්තය කෝල් එක ඉවර කරල ජනාධිපතිතුමාට හිනා උනාලු.

“දැක්ක නේද? වැඩේ තේරුණා නේද?”

“අනේ… ඇත්තමයි මිස්ටර් මුකර්ජි. කියල වැඩක් නෑ… මට වැඩේ තිතටම අල්ල ගියා. මේ ක්‍රමේ මමත් පාවිච්චි කරනව. ස්තූති වේවා.”

. . . . .

ඔන්න ට්‍රිප් එක ගිහින් ඇවිත් ජනාධිපතිතුමා හිතුවලු අර වැඩේ කරල බලන්න ඕන කියලා. ඉස්සෙල්ලම මර්වින් ලොක්කව ටෙස්ට් කරන්න ඕන කියල හිතල එතුමා‍ව ගෙන්නුවලු අරලිය ගහ මන්දිරේට.

“මර්වින්… මේ මට ප්‍රශ්ණයක් තියෙනව. තමුසෙට පුළුවන්ද බලනව උත්තර දෙන්න”

“හයියෝ… මට විසඳන්න බැරි ප්‍රස්ණ තියෙනවද උතුමාණනි. කියන්ඩ කියන්ඩ”

“හොඳා… මේකයි… ඔයාගෙ අම්මට දරුවෙක් ඉන්නවා. ඔයාගෙ තාත්තටත් දරුවෙක් ඉන්නවා. හැබැයි ඒ දරුවා ඔයාගෙ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නෙවෙයි. කවුද ඒ?”

මේක ඇහුවම මර්වින් ලොක්කට මඤ්ඤං වගේලු. හීන් දාඩියකුත් දැම්මලු. විනාඩි දහයක් විතර තටමලා අන්තිමේ කතා කලාලු.

“ඔබ තුමා මාර ප්‍රස්ණනෙ ආන්නෙ. මේක සෑහෙන්න බොන්ඩ ඕන ප්‍රස්ණයක්. මම ගෙදර ගිහින් කල්පනා කරල ආයෙ ඇවිත් කියන්නද?”

ජනාධිපතිතුමත් හා කිව්වලු. මර්වින් බොෂ් වහාම ගිහින් ආණ්ඩු පක්ෂෙ ඇමතිල මන්ත්‍රීල සෙට් එකම ගෙන්නලා ප්‍රශ්ණෙ කිව්වලු. කාටවත් උත්තරේ කියාගන්න බෑලු. අන්තිමේදි දයාසිරි මහත්තය යෝජනාවක් ගෙනාවලු.

“මේ… අපි මේක රනිල් මහත්තයගෙන් අහල බලමුකෝ”

මර්වින් වහාම රනිල් මහත්තයට කෝල් එකක් ගත්තලු.

“රනිල් මහත්තයෝ… පොඩි ප්‍රස්ණයක් තියෙනවා… ඔයාගෙ අම්මට දරුවෙක් ඉන්නවා. ඔයාගෙ තාත්තටත් දරුවෙක් ඉන්නවා. හැබැයි ඒ දරුවා ඔයාගෙ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නෙවෙයි. කවුද ඒ?”

“හයියෝ මර්වින්… වෙන කවුද? ඒ මමනෙ බං”

රනිල් ලොක්ක පට ගාල උත්තරේ දුන්නලු. මර්වින්ට මාර සතුටුයිලු. සන්තෝසෙ වැඩිකමට ඇමතිල සෙට් එකටම තමං ගානෙ විස්කි අරන් දීල ආයෙ ගියාලු අරලිය ගහ මන්දිරේට. හම්බ උනාලු ලොක්කව.

“උතුමාණනි… මම උත්තරේ හොයාගත්තා… මම දන්නව පොර කවුද කියල. ඒ වෙන කවුරුත් නෙවෙයි. අපේ රනිල් මහත්තයා…”

ඒ උත්තරේ ඇහුව විතරයි ජනාධිපතිතුමා ඔළුවෙ අත ගහගත්තලු.

“හයියෝ…. මමත් වැඩකාරයො කියල ළඟ තියාගෙන ඉන්නෙ මුන් වගේ උන්නෙ… යකෝ උත්තරේ රනිල් නෙවෙයි බං….. මන්මෝහන් සිං…”

හිලේ කතාව මෙතනින්

වැරදීමක් උණොත්

බාබර්ට වැරදීමක් උණොත් – ඒක අළුත් ස්ටයිල් එක

ඩ්‍රයිවර්ට වැරදීමක් උණොත් – ඒක අනතුරක්

ඩොක්ටර්ට වැරදීමක් උණොත් – ඒක ඔපරේෂන් එකක්

ඉන්ජිනියර්ට වැරදීමක් උණොත් – ඒක අළුත් ස්ටයිල් එකේ බිල්ඩිමක්

දෙමව්පියන්ට වැරදීමක් උණොත් – ඒක අළුත් පරම්පරාව

දේශපාලකයන්ට වැරදීමක් උණොත් – ඒක අළුත් නීතිය

විද්‍යාඥයන්ට වැරදීමක් උණොත් – ඒක අළුත් සොයාගැනීමක්

ටේලර්ට වැරදීමක් උණොත් – ඒක අළුත් ෆැෂන් එක

ගුරුතුමාට වැරදීමක් උණොත් – ඒක අළුත් තියරියක්

ලොක්කට වැරදීමක් උණොත් – ඒක අත්වැරදීමක්

සේවකයට වැරදීමක් උණොත් – ඒක වැරදීමක්ම තමයි

කොල්ලටයි කෙල්ලටයි වැරදීමක් උණොත් – අන්න බබෙක්

ජෝකර් මල්ලිට වැරදීමක් උණොත් – ඒක ඊළඟ හිලරියස් කතාව

හිලේ කතාව මෙතනින්